වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙස තමන්ට දේශපාලනඥයකුගෙන් බලපෑම් එල්ල වුවත් තමන් එම බලපෑම්වලට අවනත නොවුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේ යැයි අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
අදාළ දේශපාලනඥයා තමාට බලපෑම් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.
වනාතවිල්ලුව ආයුධ ගබඩාව පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන සහරාන්ට අයිති වූවකි. පාස්කු ඉරුදින ප්‍රහාරයට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය මෙන්ම පුහුණුවීම් මෙම අවි ගබඩාව තිබූ පරිශ්‍රයේ සිදු වූ බවට තොරතුරු වාර්තා වී තිබේ. දේශපාලනඥයා බලපෑම් කර තිබෙන්නේ එබඳු බිහිසුණු අපරාධයකට සම්බන්ධ භූමියක දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙසය. එම සැකකරුවන්ගේ දායකත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු නොතිබුණා විය හැකිය. එහෙත් ‘‘බූරු ගැහුවත් එකයි - බූරු ගහන තැන සිටියත් එකයි’’ යනුවෙන් කියමනක් තිබේ. ආරක්ෂක අංශවලට බාධා නොකර එම පරීක්ෂණ විධිමත්ව සිදුකරගෙන යාමට දේශපාලනඥයන් ඉඩ දුන්නේ නම් පාස්කු ප්‍රහාරය නමින් නින්දිත කළු පැල්ලමක් ඉතිහාසයට එක්වීමට ඉඩ නොතිබුණි, යන්න සත්‍යයට වඩාත් සමීප තත්ත්වය වේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස එවකට හමුදාපතිව සිටි මහේෂ් සේනානායකට එවකට සිටි ඇමතිවරයකු බලපෑම් කළ බව එම හමුදාපතිවරයාම ප්‍රකාශ කර තිබිණි. පාස්කු ප්‍රහාරයට පෙරත් පසුත් මෙම දේශපාලනඥයන්ගේ හැසිරීම අතිශයින්ම නින්දිතය. මිනිස් කසළ මෙන් පිටුදැකිය යුතු තරම්ය.
දේශපාලනඥයාගේ වගකීම කුමක්ද? යන්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් ඇතැම් දේශපාලනඥයන්ට ඇත්තේම නැත. ප්‍රතිපත්ති සම්පාදනය, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සැකසීම, නීති සම්පාදනය කිරීම හා එම නීති සම්මත කිරීම වැනි අතිශයින් භාරදූර වගකීමක් දේශපාලනඥයා සතුය. තමන්ට එබඳු වගකීමක් ඇති බව බොහෝ දේශපාලනඥයෝ නොදනිති. ඔවුන් ‘‘චූන්’’ වන්නේ බාල සිල්ලර වැඩ කිරීමෙනි. එම බාල සිල්ලර වැඩ අතර ‘‘නීතිය නැවීමට’’ ගන්නා උත්සාහය ඉතා ප්‍රධාන වේ.
‘‘නීතිය සැමට සමානය’’ යන්න පිළිගත් ශිෂ්ට මතයකි. එහෙත් ඇතැම් දේශපාලනඥයන්ට අවශ්‍ය වන්නේ තමන් නීතියට ඉහළින් සිටින බව ප්‍රදර්ශනය කිරීමටය. තමන්ට ඇවැසි ලෙස නීතිය හැසිරවීමේ අසමාන බලයක් තමන් සතු වේ යැයි පාක්ෂිකයන්ට ඒත්තු ගැන්වීමටය. එක දුරකථන ඇමතුමකින් සියල්ල තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාකරවිය හැකි බව පෙන්නුම් කිරීමේ උද්ධච්ඡ නිහීන මානසිකත්වයෙන් මෙම දේශපාලනඥයෝ පසු වෙති. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාගේ සාක්කියෙන් ප්‍රදර්ශනය වන්නේ එබඳු අසමත් හා තමන්ගේ වගකීම් යුතුකම නොදන්නා බව නොදන්නා දේශපාලකයන්ගේ කැත හෙළුවය.
අදාළ දේශපාලනඥයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාට සැකකරුවන් දෙදෙනකු මුදා හරින ලෙස බලපෑම් කරනු ලැබුවේ එවකට සිටි ජනාධිපතිවරයා මුලසුන ගත් රැස්වීමක දී බව සාක්කියෙන් කියැවෙයි. ‘‘ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ඉහළ යැයි’’ කියමනකි. අදාළ රැස්වීමේ සිටි සියල්ලන්ට එම වැකිය මනාව ගැළපේ. හරිනම් සිදුවිය යුතුව තිබුණේ නීච දේශපාලනඥයා දෙකකුලෙන් ඇදගෙන ගොස් කූඩු කිරීමය. එහෙත් අපට නම් සිතෙන්නේ තරුපටි පැළඳි ඉහළ පොලිස් නිලධාරියා නීචයන්ට ‘‘සැලියුට්’’ ගසා ජවනිකාව හමාර කරන්නට ඇති බවය.
ඉතිහාසය යනු එක් අතකින් ඉතා යහපත් ගුරුවරයෙකි. ඒ ගුරුවරයාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. එම පාඩම් අදටත් විවෘතය. එමෙන්ම වළංගුය. එම පාඩම් ඉගෙන ගැනීම සෑම තරාතිරකම පුරවැසියන්ට ඉතා වැදගත්ය. එයිනුත් දේශපාලනඥයන්ට ඉතා වැදගත්ය.
(***)
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඇඟිලි ගැසීම්වලින් තොර පොලිසියක් කවදා එයි ද?
Hafeel Friday, 29 January 2021 06:53 AM
මේ දේශපාලකයා විටින්විට පවත්වන අනවශ්‍ය ප්‍රවෘත්ති සාකච්ඡා නිසා තමයි රටතුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නෙත්... මෙයා කොහොමද ජනාධිපතිගේ ප්‍රාධානත්වයෙන් පැවැත්වූ ආරක්ෂක රැස්වීම්වලට සහභාගි වෙන්නේ..? මාධ්‍ය ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡාව වර්ජනය කළයුතුයි. කිසිම වටිනාකමක් නැති පුද්ගලයන් ජනප්‍රිය වෙන්නේ මේ හරහා...
Perera Monday, 01 February 2021 04:13 AM
ඒ පොලීසිය මග එනවා. ටිකක් රෑ වෙයි එනකොට...