රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂ හත්සිය හැටපහක මුදලක් වංචාකිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් අවශ්‍යව සිටි ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේ කොචින් නුවර සිට යලි මෙරටට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කොළඹ ආදුරුප්පු වීදියේ පදිංචි 43 හැවිරිදි ඇගලූම් කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයෙකි. ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහස් තුන්සිය දාහතරක මුදලක් වංචාකිරීමේ පරික්ෂණයකට අදාලව මොහු අවශ්‍ය පුද්ගලයෙකු බැවින් ඔහුගේ විදේශ ගතවීම් වලක්වන ලෙස අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ඉල්ලීමකට අනුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට ලබා දී තිබූ නියෝගයක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල නියෝගය ලබා දී තිබුනේ පසුගිය 15 වෙනිදාය. කෙසේ වෙතත් ඊට එක් දිනකට පෙර එනම් පසුගිය 14 වෙනිදා සැකකරු ඉන්දියාවේ ට්‍රිචී නුවරට ගොස් ඇත.
පසුව ඊයේ ඉන්දියාවේ කොචින් නුවර සිට ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 168 දරණ ගුවන්යානයෙන් යළි මෙරටට එද්දී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය භාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරු ගුවන් තොටුපොළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර වැඩිදුර පරික්ෂන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට බාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවස් වෙද්දි කෝල් එකක් එයි නිදහස් කරලා දාන්න කියලා. බය වෙන්න දෙයක් නැහැ (නි)
කොහොමත් ලංකාවේ ඇගලුම් ව්‍යාපාරිකයන් සේවක අර්ථසාදක පඩිය වංචා කරලා තියෙන මුදල් ප්‍රමාණය දන්නවනම් ඕක සුළු වංචාවක් විතරයි.(නදී)
ලොකුම මුදලක් නෙමෙයි වංචා කරලා තියෙන්නේ , අද කරන වංචා වල විදියට. අද වංචාව රජයන කාලයක් ලංකාවේ තියෙන්නේ. ලොකු එකත් පොඩි එකත් පුළුවන් විදියට වංචාව කරලා , අපේ ලංකාවට විදේශ විනිමය දෙකම නැති කරනවා (නි)
ආගමන විගමන නිලදරුවනි, ඔබගේ සේවය අගයමි. කලින් සිටියා අවංක නිලදාරී මහතුන්. ඔබත් අවංකව රටට සේවය කරන්න. එය ඔබව බිහි කල දෙමව්පියන්ටත්, ඔබගෙන් බිහිවන දරුවන්ටත් ගෞරවයක්. (නි)