පෙම්වතුන් බව කියන අවුරුදු 16 ක සිසුවකු හා 15 ක සිසුවියක රැයක් නිරාහාරව කුඹුරක පැලක සිටියදී සොයා ගත් බලන්ගොඩ පොලීසිය ඒ දෙදෙනාම උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව සිසුවා ළමා නිවාසයක රඳවා තබන ලෙස මහෙස්ත්‍රාත් ලලිත් කන්නගර මහතා නියෝග කළේය.
දැරිය පිළිබද පරිවාස වාර්තාවක් ඉදිරිපත් කරන්නැයිද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
එකට පාසල් ගොස් ඇති මේ දෙදෙනා අමතර පන්තියකට යන බව කියමින් පැලට යාමට ඇතැයි කියති.අම්මා තාත්තා නොමැති දැරිය සොහොයුරිකගේ නිවසේ නතර වී පාසල් ගිය බවද පොලීසියට වාර්තා වී ඇත.
මේ දෙදෙනා මීට පෙරද සබඳකම් පැවැත්වු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
බලංගොඩ වැඩ බලන පොලිස් පරීක්ෂක සනත් කුමාර,අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධීපති ෂෙල්ටන් උඩුවක හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ආර් පී රාජපක්ෂ මහත්මිය පරීක්ෂ පවත්වති.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධයක් නැති සමනළ වැවැ මාරතැනන්නේ බාලවයස්කරුවන් වැඩි වශයෙන් අපයෝජනයට ලක්වන බව පෙනෙතියි එහි කාන්තා කාර්යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල , ඔබේ ප්‍රකාශය 100% හරි. මේවා පාලනය කරන්න පාසලෙන් ක්‍රමානුකුල වැඩපිළිවෙලක් තිබිය යුතුයි. (නි)
අවුරුදු 12, 13 පැනලා හෝමෝන ක්‍රියාකරන්න පටන් ගත්තාම හැගීම් ඇතිවෙනවා. නොයෙක් දේ කරන්න පෙළඹෙනවා. නමුත් අනික් පැත්තෙන් වැඩිහිටි සමාජය සහ හික්මීම එහෙම දේ නොකරන්න ඔවුන් පොළඹවනවා. හිත පාලනය කරගැනීමේ හැකියාව මත මේ ලෝක දෙක අතර අඩු වැඩි වශයෙන් ඒ පැත්තට හෝ අනික් පැත්තට ඔවුන් ඇදෙනවා. හරියට තුලනයක් කරගන්න බැරි වුනාම පැළට රිංගනවා. මොනවා කරන්නද? අනුකම්පාව ලැබිය යුතු දෙන්නෙක්. (නි)
මේවට ඔයතරම් කලබල වෙන්නේ ඇයි? එයාලට නිදහසක් නැද්ද? (නි)
අවුරුදු 16 විතර වයසේදී මටත් ඔය වගේ වැඩ කරන්න හරියට හිතට අදහස් ආවා. එහෙත් මගේ හොඳ වෙලාවට ඒකට ගැහැණු ළමයෙක් හමු වුණේ නැහැ. (නි)
මේවා නවත්වන්නට යාම අතීසාරයට අමුඩ ගැසීම වගේ දෙයකි.නාලිකා හැම එකකම අද නිරුවත උලුප්පා පෙන්වමින් ලිංගිකත්වය උද්දීපනය කරන නැටුම් ගැයුම් නිතරම රගදක්වයි.අවුල් වූ පවුල්,හොර අඹුසැමි ටෙලි නාටක උදේ සිට පවුල් පිටින් එකට නරඹන තැනට පත්කළ රටක මේවා පාලනය නොකර යන්නට ඉඩදී වලිගයෙන් අල්ලා නතරකිරීමට නොහැකිය. "ආදා යවා තබා වල්පත ගත්තාසේ" කියලා පැරැන්නන් කිවුවේ මේවාටය. (නි)
මිනිසුන්ට වැරදි කරන්න පුළුවන්. නමුත් කළ වරද ඇගයීම සමස්ත සමාජයටම කරන ලොකු වරදක්. (නි)
අද ලංකාවේ ආගම ධර්මය වෙනුවට ප්‍රචලිතව ඇත්තේ කුහකත්වයයි. උසස් නිලයක් හොබවන්නා සිට පැවිද්දා දක්වාත්, පාසල් වියේ තරුණයාගේ සිට මහල්ලා දක්වාත් සොයන්නේ ගුණධර්ම නොව පහත් ආශාවන් සන්තර්පණය කරන ක්‍රමයි. පොලිසියේ හා සන්නද්ධ හමුදාවල අයත් මෙයින් නිදහස් නැහැ. පොඩි ළමයි දෙන්නෙක් පැලක රාත්‍රිය ගත කරලා ඇල්ලුවහම මහා ලොකු හපන්කමක් කරපු විදිහට නිලධාරීන් හැසිරෙනවා. අපි කවදද මේ කුහකකමින් මිදෙන්නේ? (නි)
ඔය වයසට ආදර හැගීම් එන එක සාමාන්‍ය දෙයක්.වැඩිහිටියන් එය මහා වරදක් ලෙස දකින නිසා ළමයි හොර වැඩ පුරුදු වෙනවා.අපේ ළමයින්ට හරි ලිංගික අධ්‍යාපනයකුත් නැහැනේ.(අ)
මම නම් දකින්නේ මේ ගැහැනු ළමයාගේ ජිවිතේ දැන් අනාරක්ෂිතයි. දෙමාපියන් නැති ගැහැනු දරුවෙක්ව තමාගේ සොහොයුරිය බලගෙනත් මෙවන් දෙයක් සිදු වුණා නම් දැන් කී දෙනෙක් මේ දරුවට මානබලාගෙන ඇද්ද? මම හිතන්නේ පිරිමි දරුවත් එක්ක හිටියා නම් ඒ අයගේ දෙමවුපියන්ගේ හරි ආරක්ෂාව ලැබෙනවා. (නි)
මට මතකයි දැනට වසර කිහිපයකට පෙර එවකට අධිකරණ ඇමතිවරයා ගේන්න හැදුවා නීතියක් ලිංගිකව හැසිරීමේ අවම වයස අවුරුදු 13 දක්වා අඩු කිරීමට. මොකද දන්නේ නැහැ වුනේ? (නි)
මොනවා කරන්නද? මොන විදියට නීති දැම්මත් දෙවියෝ මවලා තියෙන්නේ අවුරුදු දොළහ දහතුන වෙද්දී ඇටෙන් පොත්තෙන් පනින්නනේ. එහෙම නම් ළමයි වැඩිවිය පත්වෙන එක පමාකරන්න බෙහෙත් විදින්න වෙනවා. අමාරුවේ නොවැටෙන විදිය පාසල් වලදීම ඉගැන්නුවා නම් ඉවරයි. (නි)
ඔවුන්ට එම වරද නිවැරදි කරගන්න අවස්ථාව දෙන්න. වරද ගැන කියමින් ඔවුන්ව තව තවත් වරදට යොමු කරවන්න එපා. මේ සිද්ධිය හොඳ පාඩමක් කොටගෙන ඔබේ දරුවන්ද රැකගන්න. ඔවුන්ට හොඳ නරක කියා දෙන්න. (නි)
සත්‍ය, ඕක අද අපේ රටේ තත්වයක් නොවෙයි. ඕක ලෝකයේ මිනිස්සු බිහි වුණ දවසේ ඉඳලම ලෝකයේම පවතින තත්වයක්. (නි)
ආදරය කිරීම තහනම් වුනාට ලංකාවේ දුෂණය, අපචාර තහනම් නැහැ. (නි)
එයාලා මේ ටියුෂන් පන්තියේ සර් මොබයිල් එකෙන් පෙන්නපු තියරි ප්‍රැක්ටිස් කරන්න එන්න ඇති (නි)
ගමයාගේ සහ ටෙනිසන්ගේ අදහස් වලට එකඟ වෙමි. ඔය වයසේ හැගීම් ඇතිවීම මහා අපරාධයක් ලෙස නොබලා වැඩිහිටි ඔවදන් මැද සුබ අනාගතයක් ගොඩ නඟා ගැනීම හොඳ දෙයකි. (නි)
ලංකාවෙ ලිංගිකත්වය කියන දේ පහලටම වැටිල තියෙන්නෙ. පාසල් අධ්‍යාපනයෙන්වත් ලිංගිකත්වය ගැන හරිහමන් අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නෑ.තරුණ වයසෙ ලමයි දෙන්නෙක්ට කතාකරන්න බෑ, හිනාවෙන්න බෑ බලගෙන ඉන්න මිනිස්සු පද හදනව. අඩුමගානෙ ආදරේ කරන තරුණ තරුණියන්ටවත් කතාකරන්නවත් තැනක් නෑ. අන්තිමට අපේ කෙල්ලො කොල්ලො ගන්න වැරදි තීරන නිසා එයාලගෙ මුළු ජීවිතේම විනාශ වෙන එකට වගකියන්න ඕන අපෙ රටේ වැඩිහිටි පරම්පරාව. (දී)
අපේ ලංකාවේ කොහෙද නිතියක්? (නි)
නීරෝගී දෙන්නෙක්. (නි)
වාසනාවන්!!!!! (නි)
අවුරුදු 16 විතර වයසේදී මටත් ඔය වගේ වැඩ කරන්න හරියට හිතට අදහස් ආවා. එහෙත් මගේ හොඳ වෙලාවට ඒකට ගැහැණු ළමයෙක් සෙට් වුණේ නැහැ. (නි)
පැල ඔවුන් දෙදෙනාට මාළිගයක් වෙන්න ඇති (නි)
එන්න එන්නම සමාජය පිරිහෙනවා. මේවා වළක්වන්න පුළුවන් ආගමික නායකයන්ට විතරයි. හැබැයි එයාලා දැන් ගොඩක් කාර්යබහුලයි. එයාලා එක්කෝ දේශපාලනේ කරනවා, නැත්නම් අනෙත් ආගම අදහන අයගේ වැරදි හොයනවා. (නි)
අපේ කාලේ කැකුලෝ හේනක් කොටලා පැලක් තනා ගත්තේ ඔය වයසේදී තමා. ඉතින් හේනේ අස්වනු ගෙට ගන්න කාලෙට කැකුලියක් කැන්ඳන් එන එක අරුමයක් නොවෙයිනේ. "මේවට ඔයහැටි සෝලී දාන්න ඕනෑ නැහැ. මේවා මේ සුද්දා ඇවිල්ලා දාපු තහංචි මිසක්කා ඕවා අපේ සනුහරේ චාරිත්‍ර වලට නම් පුරස්නයක් නෑ ඕං." (නි)
පාසල් යන දරුවන් දෙන්නෙක් නිසා හොදයි සොයා බලා සුදුසු දෙයක් කිරීම. නැත්නම් අනිත් දරුවනුත් මේවා කරන්න පෙළබෙනවා. (නි)
ටෙලි නාට්‍ය වලින් පෙන්නන සුරඟන ලෝකය සොයාගෙන යන්න ඇති.ඕක තමයි ඉස්සර වෙලාම පොඩි උන්ගේ හිත් වලට ඉගෙන ගන්න කලින් නිදාගන්න උගැන්නුවේ (නි)
කොල්ලෝ කෙල්ලෝ කියලා නැහැ, දෙගොල්ලන්ටම ඕනෑ කාමුක ආශාව ඉටුකරගන්න (නි)
ගැටවර වයසේ ඔවැනි හැගිම් ඇතිවීම ස්වාභාවිකයි. (නි)
අපේ රටේ හැම පොඩි එකාම දැන් උත්සහ කරන්නේ ඕලෙවල් කරන්න ඉස්සෙලා කසාද බදින්න. (ස)
ප්‍රතිඵල ලැබෙයි නොබෝ කලකින්ම වාසනාවන්ත ලෙස!!!! (නි)
ගමයා හරියටම හරි. අපේ අම්මගේ ආච්චි විවාහවෙලා තියෙන්නේ වයස 14න් හෝ 15න්. ඇයට උප්පැන්න සහතිකයක් නැහැ. දරු මුණුබුරන්ගේ වයසින් තමයි වයස හදාගන්න වෙන්නේ, අපේ ආච්චිගේ පවුලේ 14 දෙනයි. ආච්චි වැඩිමලා. මගේ එක සීයා කෙනෙක් අපේ අම්මට වඩා වැඩිමහල් මාස නවයකට,14 දෙනාට අමතරව දෙදෙනෙක් කුඩා වයසේදීම නැති වෙලත් තියනවා.ඇය මිය යද්දී මට වයස 15වයි.ඒ අනුව ඇය වසර 109ක් පමණ ජීවත් වුනා,ඒ වනවිටත් ඇගේ වැඩ බොහොමයක් ඇය තනිව කරගත්තා. දෙදෙනාට දෙදෙනා ආදරෙයි නම් පවුලක් රක්ෂා කරන්න ඔහුට හැකිනම් කාටත් ඇති අමාරුව මොකක්ද? (නි)
මේ දරුවන් ගැන දෙමාපියන්ගේ අවධානය තිබිලා නැද්ද, පොලිසියෙන් හොයා ගන්න කල්.ගොඩක් දුරට දෙමාපියන්ට වෙලාවක් නැහැ දරුවන් ගැන සොයා බලන්න.සියල්ල අත් හදා බලනවා ඒකේ බරපතලකම නොදැන. (නි)
මේ දරුවන් දෙදෙනා සමහර වෙලාවට සෙල්ලම පිණිස යන්න ඇති ළඟ ඇති කැළෑවට... හේනේ පැළකට නැගීමක නිරත වුවත් නැහැ වැටිලා මුලාවක.... (නි)
ගමයා සහ ටෙනිසන් හරියටම හරි. සුද්දා දාපු වසංගත අපි නීති කරගෙන. දැන් මෙහේවත් (එංගලන්තය) ඔහොම නීති නෑ. එකට හිටියට දඬුවම් නෑ. ඕක තමයි හැඟීම් එන කාලේ. ඒත් දැන් ඒ නීතිය අපේ රටේ සංස්කෘතිය වෙලා.(නදී)
ඕක තමයි රටේ අද තත්වය.(නදී)
පොලිසියටත් නැති වැඩ එයාල දෙන්න පැලට වෙලා ලස්සන ලෝකයක් හද ගනී.(අ)
ආදරයට නිම් හිම් නැත බාධා.. (නි)