IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇතුගලට පරණ රස්සාවට යන්න හිතිලා

 වැලිවේරිය රතුපස්වල සිද්ධියේ දි  මාධ්‍යවේදීන්ට  පහරදීම ගැන  එම මාධ්‍යවේදියාද  ඔහු අයත්  මාධ්‍ය ආයතනද  වගකිම භාරගත යුතු බවද එම සිද්ධිය ගැන  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වගකිම බාරගත නොහැකි බවද  රජයේ ප්‍රවෘත්ති  අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ආරියරත්න ඇතුගල මහතා  මාතලේදී පැවසීය.

මෙවැනි ප්‍රහාරවලින්  දිගින් දිගටම මාධ්‍යවේදීන්  අපහසුතාවන් වලට ලක්වෙද්දී  ඔවුන් අසරණ වෙනවා නේදැයි මාධ්‍යවේදීයකු ප්‍රශ්නයක් නැගීය.

 එයට පිළිතුරු දුන්  ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කියා සිටියේ  තමන්ද නිලධාරියකු ලෙස අසරණ වන බවයි.ඇතැම්විට තමන්ට විශ්ව විද්‍යාල සේවයට යාමට සිත් පහළ වි ඇතැයි ද හේ පැවසීය.

මෙහිදී කොළඹ විශ්ව විද්‍යාලයයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කියා සිටියේ  රතුපස්වල සිද්ධියෙන් තමාද දැඩිසේ කම්පාවට පත් වු බවයි.



අදහස් (0)

ඇතුගලට පරණ රස්සාවට යන්න හිතිලා

රදිකා Friday, 02 August 2013 07:32 PM

කොකා ඉබේ ගැස්සුනා වගේ යන්තම් මතයි. (අ)

:       0       0

සුනිල් Saturday, 03 August 2013 05:46 PM

මෙහෙමත් දෙයක් (දී)

:       0       0

පටිගල. Friday, 02 August 2013 08:29 PM

තමන් අසරණයි නම් වැඩෙත් හරියට කරන්න බැරිනම් ඉතින් යන එක හැම පැත්තකින්ම හොඳයි මයේ හිතේ? අනුන් පිටි වරද පටවනවට වඩා. (ස)

:       0       0

උපුල් Saturday, 03 August 2013 09:39 AM

ඇතුගල සර් සහ ධම්ම දිසානායක සර්ලා දැන් නම් ඔය කරන්නේ පරණම රස්සාව තමයි. (නි)

:       0       0

ජයරත්න. Friday, 02 August 2013 08:44 PM

ආ මෙයා ගිහින් තියෙන්නේ පරණම රස්සාවටනේ (ස)

:       0       0

වරුණ Saturday, 03 August 2013 09:48 AM

වරප්‍රසාද තානාන්තර ලබාගත්තට පස්සේ බහුතරයකගේ කොහොමත් කටවල් වලට ඉබි යතුරු වැටෙනවා. කෙලින් කතා කරන්න බයයි. වර්තමාන දේශප්‍රේමීන් යැයි කියාගන්නා උදවියටත් ඕකම තමා වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සීල ද සිල්වා Friday, 02 August 2013 08:53 PM

නිදහස් නිර්භීත අවංක මාධ්‍යවේදීන් පාවා නොදී , අනේ අර පරණ රස්සාවටම යන්න. දැන් කඩේ ගීයා හොදටම ඇති. (ස)

:       0       0

දාස Friday, 02 August 2013 09:02 PM

ඒ රස්සාව ගොඩක් නම්බු ය ලෝකේ පරණම රස්සාවට වඩා (ස)

:       0       0

වෙනුර Friday, 02 August 2013 09:10 PM

උගන්ඩාවේ මිනිස්සුන්ට වතුර බොන්න සල්ලි දීපු කට්ටියම ලංකාවේ මිනිස්සු වතුර ඉල්ලුවහම දුන්නේ වෙඩි,ගල්,පොලු,මුගුරු ප්‍රහාර.කොහොමද සැලකීම ? අති විශිෂ්ටයි.(ස)

:       0       0

සාලිය Sunday, 04 August 2013 10:59 AM

ධම්ම අනේ ඔයගැන අපිට ලැජ්ජය . බලය ගැන අපිට විශ්ව විද්‍යාලයේදී දුන්න කතා කොහොමද ? දැන් බලය පස්සේ හිඟන්නෙක් වෙලා (දී)

:       0       0

නසාර් Saturday, 03 August 2013 10:50 AM

නිලදාරීන් ඉල්ලා අස්වීම රටක් වටිනවා .... (නි)

:       0       0

සිසිර Friday, 02 August 2013 10:00 PM

උගත්කමට නිගා දෙන්න එපා (නි)

:       0       0

සිසිර Saturday, 03 August 2013 09:10 PM

ඇතුගල ඔහොම කිවුවට විද්‍යුත් නාලිකාවල ගිය ප්‍රවෘත්ති වලින් නම් කිවුවේ ටිකක් වෙනස් කතාවක් නේද? (නි)

:       0       0

සංඛ Friday, 02 August 2013 10:56 PM

ආරියරත්න ඇතුගල මහතාට සහ ධම්ම දිසානායක මහත්වරුන්ට තීරණයක් ගැනීමට කාලය එළඹ ඇත. (නි)

:       0       0

චානක Friday, 02 August 2013 11:00 PM

කොන්ද කෙලින් තබාගෙන රාජකාරිය කිරීමට වාතාවරණයක් නොමැති නම් ,අහන ප්‍රශ්න වලට ඍජුව උත්තර දීමට නොහැකි ලෙස කිසියම් හස්තයකට අසුවී සිටී නම්, ඔබ ඉගෙනගත් පුද්ගලයෙක් නම් , අපක්ෂපාතීව සේවය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී පවතින රටවල් බොහෝ තිබෙනවා කියා ඔබට කරුණාවෙන් මතක් කර සිටිමි. (නි)

:       0       0

කුමාර Friday, 02 August 2013 11:21 PM

අහෝ! ධම්ම දිසානායක, ඔබ ගැන මගේ තිබු ගෞරවය රතුපස් වලටම යට විය. (නි)

:       0       0

සුරංග Friday, 02 August 2013 11:27 PM

අනේ මෙහෙමත් කතා? (නි)

:       0       0

කමල් Friday, 02 August 2013 11:29 PM

කොහොමද ඕවා ඔහොම කියන්නේ? (නි)

:       0       0

ගාමිණි Saturday, 03 August 2013 12:17 PM

මාධ්‍ය වේදීන්ට පහර දුන්න එක නම් වැරදියි

:       0       0

සීල ද සිල්වා Sunday, 04 August 2013 12:59 AM

ඒ වුණත් දැන් කරන එකත් එච්චර වෙනසක් නැහැ නේද (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 03 August 2013 12:06 AM

පරණ රස්සාව කියද්දි මට හිතුනෙ ලෝකෙම පැරණිම රස්සාවට යන්න හිතිලා කියලා (නි)

:       0       0

දනුෂ්ක​ Saturday, 03 August 2013 12:10 AM

‍‍ලාංකිකයකු වීම මහත් පවක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි (නි)

:       0       0

අජිත් Saturday, 03 August 2013 01:33 AM

මමත් පොලිසියේ රාජකාරි කළේ. ලංකාවේ නීතිය සැමටම සමානව ඉටු කරන්න ඉඩක් නැහැ.මගේ රටේ ජනතාව බණින්නේ අහිංසක පහල නිලදාරින්ට. එහෙත්...... ඇත්ත එය නොවේ. නිරායුධ දුප්පත් අහිංසක මිනිසුන්ට අද නීතියේ පිහිටක් නැහැ.ඉතින් අපි සියල්ලම එකතුවෙලා මේ වරද හදමු (නි)

:       0       0

ජුඩ් සමන්ත Saturday, 03 August 2013 01:38 PM

වග කිව යුත්තෝ එසේ පවසයි නම්, අනේ අපේ රටේ මාධ්‍ය නිදහස ගැන කථා කළ යුත්තේම නැත

:       0       0

නිමල් Saturday, 03 August 2013 01:51 AM

ඇතුගල කොහොමද දන්නේ නැහැ මේවා කියන්නේ (නි)

:       0       0

චින්තක Saturday, 03 August 2013 02:03 PM

මිනිස්සු ඉන්නේ කලකිරිලා

:       0       0

සංකා Saturday, 03 August 2013 04:41 AM

ආසියාවේ ආශ්චර්යය. ඒ අනුව වෙඩිතියන එක , පොලු වලින් ගහන එක, පන්න පන්නා ගහන එක හරි. ඒක වාර්තා කරන එක තමා වැරදි. (නි)

:       0       0

සරත් ආතාවුද Saturday, 03 August 2013 02:33 PM

මෙදෙන්නටම් මේක එපාවෙලා වගේ

:       0       0

අමිල Friday, 02 August 2013 05:51 PM

අය්යෝ ධම්ම මේවා කරන ආණ්ඩුවක කොටස් කාරයෙක් නේද ? (ස)

:       0       0

අචිනි Saturday, 03 August 2013 03:55 PM

ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද මහත්තයෝ (දී)

:       0       0

දිස්සනය. Friday, 02 August 2013 06:05 PM

මිනිසුන් ගැන සිතන ඔවුන්ගේ දුක කදුල වේදනාව පිලිබඳ සබැ සවේදී මාධ්‍ය කරුවනට,මෙන්ම අනෙක් වෘත්තිකයන්ටද ඒකාධිපති වියරුව සමග බද්ධ විය නොහැක.මේ සියලු දෙනාම පුනරාවලොකනය කල යුතු කාලය උදා වී ඇත. (ස)

:       0       0

කැනඩා දිසා Sunday, 04 August 2013 09:04 AM

දැන්වත් ආත්ම ගෞරවය ගැන හිතපු එක ලොකු දෙයක් (නි)

:       0       0

නුවන් Friday, 02 August 2013 06:17 PM

ඇතුගල මහතා අපිට ඉගැන්නුවේ නම් මාධ්‍ය ගැන මේ විදිහට නෙමෙයි. පුංචි දුකක් තියෙනවා එතුමාගෙන් දවසක් හරි මාධ්‍ය ගැන අධ්‍යාපනයක් ලබන්න වීම ගැන.තරහට නෙමෙයි, දුකට කියන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 03 August 2013 07:58 AM

ඇතුගල සර් සහ ධම්ම දිසානායක සර් රට පිළිගන්නා බුද්ධිමතුන්. අවශ්‍ය වෙලාවේ දුන්නු සහයෝගය අගය කළයුතුයි. රට දැන් යන විදිය ඔබතුමාලට ගැළපෙන්නේ නැහැ. දැන් පරණ රස්සාවට යන්න කාලය එළඹ තිබේ. යන්න. ගෝලයෙක් ලෙස මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

ජනිත් Friday, 02 August 2013 06:48 PM

ඔහොම දිගටම යන්න දීලා හරියන්නේ නැහැ. (නි)

:       0       0

නදීක Friday, 02 August 2013 06:59 PM

පරණම රක්සාව වගේ එකක්නේ දැනුත් කරන්නේ .......... (ස)

:       0       0

අජිත් Friday, 02 August 2013 07:08 PM

ඉතින් අසරණ වෙනවා කියලා අඬන්න ද එයාලා පත් වෙලා ඉන්නේ.. මේවාට විසඳුම් දෙන්න එපැයි.(අ)

:       0       0

විපුල Saturday, 03 August 2013 05:17 PM

අයියෝ සර් ....! (නි)

:       0       0

සංජීව. Friday, 02 August 2013 07:18 PM

ඔබ තුමාගේ නම්බුව තියාගෙන දැන්වත් මේ සැපෙන් මිදෙන්න..ගෞරවනීය මිනිහෙක් විදියට කරන්න රස්සාවක් තියෙද්දී ඇයි මේ දෙක පාස් අය වගේ කඩේ යන්නේ..දැන්වත් කොන්ද කෙලින් තියන් එලියට බහින්න... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 62 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1116 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 207 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 438 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 359 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 604 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36775 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24299 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site