වැලිවේරිය රතුපස්වල සිද්ධියේ දි මාධ්‍යවේදීන්ට පහරදීම ගැන එම මාධ්‍යවේදියාද ඔහු අයත් මාධ්‍ය ආයතනද වගකිම භාරගත යුතු බවද එම සිද්ධිය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වගකිම බාරගත නොහැකි බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා මාතලේදී පැවසීය.
මෙවැනි ප්‍රහාරවලින් දිගින් දිගටම මාධ්‍යවේදීන් අපහසුතාවන් වලට ලක්වෙද්දී ඔවුන් අසරණ වෙනවා නේදැයි මාධ්‍යවේදීයකු ප්‍රශ්නයක් නැගීය.
එයට පිළිතුරු දුන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන්ද නිලධාරියකු ලෙස අසරණ වන බවයි.ඇතැම්විට තමන්ට විශ්ව විද්‍යාල සේවයට යාමට සිත් පහළ වි ඇතැයි ද හේ පැවසීය.
මෙහිදී කොළඹ විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කියා සිටියේ රතුපස්වල සිද්ධියෙන් තමාද දැඩිසේ කම්පාවට පත් වු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වග කිව යුත්තෝ එසේ පවසයි නම්, අනේ අපේ රටේ මාධ්‍ය නිදහස ගැන කථා කළ යුත්තේම නැත
ලාංකිකයකු වීම මහත් පවක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි (නි)
මමත් පොලිසියේ රාජකාරි කළේ. ලංකාවේ නීතිය සැමටම සමානව ඉටු කරන්න ඉඩක් නැහැ.මගේ රටේ ජනතාව බණින්නේ අහිංසක පහල නිලදාරින්ට. එහෙත්...... ඇත්ත එය නොවේ. නිරායුධ දුප්පත් අහිංසක මිනිසුන්ට අද නීතියේ පිහිටක් නැහැ.ඉතින් අපි සියල්ලම එකතුවෙලා මේ වරද හදමු (නි)
ඇතුගල කොහොමද දන්නේ නැහැ මේවා කියන්නේ (නි)
ආසියාවේ ආශ්චර්යය. ඒ අනුව වෙඩිතියන එක , පොලු වලින් ගහන එක, පන්න පන්නා ගහන එක හරි. ඒක වාර්තා කරන එක තමා වැරදි. (නි)
ඇතුගල සර් සහ ධම්ම දිසානායක සර් රට පිළිගන්නා බුද්ධිමතුන්. අවශ්‍ය වෙලාවේ දුන්නු සහයෝගය අගය කළයුතුයි. රට දැන් යන විදිය ඔබතුමාලට ගැළපෙන්නේ නැහැ. දැන් පරණ රස්සාවට යන්න කාලය එළඹ තිබේ. යන්න. ගෝලයෙක් ලෙස මගෙන් සුභ පැතුම්! (නි)
ඇතුගල සර් සහ ධම්ම දිසානායක සර්ලා දැන් නම් ඔය කරන්නේ පරණම රස්සාව තමයි. (නි)
වරප්‍රසාද තානාන්තර ලබාගත්තට පස්සේ බහුතරයකගේ කොහොමත් කටවල් වලට ඉබි යතුරු වැටෙනවා. කෙලින් කතා කරන්න බයයි. වර්තමාන දේශප්‍රේමීන් යැයි කියාගන්නා උදවියටත් ඕකම තමා වෙලා තියෙන්නේ. (නි)
නිලදාරීන් ඉල්ලා අස්වීම රටක් වටිනවා .... (නි)
මාධ්‍ය වේදීන්ට පහර දුන්න එක නම් වැරදියි
පරණ රස්සාව කියද්දි මට හිතුනෙ ලෝකෙම පැරණිම රස්සාවට යන්න හිතිලා කියලා (නි)
මිනිස්සු ඉන්නේ කලකිරිලා
මෙදෙන්නටම් මේක එපාවෙලා වගේ
ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද මහත්තයෝ (දී)
අයියෝ සර් ....! (නි)
මෙහෙමත් දෙයක් (දී)
ඇතුගල ඔහොම කිවුවට විද්‍යුත් නාලිකාවල ගිය ප්‍රවෘත්ති වලින් නම් කිවුවේ ටිකක් වෙනස් කතාවක් නේද? (නි)
ඒ වුණත් දැන් කරන එකත් එච්චර වෙනසක් නැහැ නේද (නි)
දැන්වත් ආත්ම ගෞරවය ගැන හිතපු එක ලොකු දෙයක් (නි)
ධම්ම අනේ ඔයගැන අපිට ලැජ්ජය . බලය ගැන අපිට විශ්ව විද්‍යාලයේදී දුන්න කතා කොහොමද ? දැන් බලය පස්සේ හිඟන්නෙක් වෙලා (දී)
නිදහස් නිර්භීත අවංක මාධ්‍යවේදීන් පාවා නොදී , අනේ අර පරණ රස්සාවටම යන්න. දැන් කඩේ ගීයා හොදටම ඇති. (ස)
මිනිසුන් ගැන සිතන ඔවුන්ගේ දුක කදුල වේදනාව පිලිබඳ සබැ සවේදී මාධ්‍ය කරුවනට,මෙන්ම අනෙක් වෘත්තිකයන්ටද ඒකාධිපති වියරුව සමග බද්ධ විය නොහැක.මේ සියලු දෙනාම පුනරාවලොකනය කල යුතු කාලය උදා වී ඇත. (ස)
ඇතුගල මහතා අපිට ඉගැන්නුවේ නම් මාධ්‍ය ගැන මේ විදිහට නෙමෙයි. පුංචි දුකක් තියෙනවා එතුමාගෙන් දවසක් හරි මාධ්‍ය ගැන අධ්‍යාපනයක් ලබන්න වීම ගැන.තරහට නෙමෙයි, දුකට කියන්නේ. (නි)
ඔහොම දිගටම යන්න දීලා හරියන්නේ නැහැ. (නි)
පරණම රක්සාව වගේ එකක්නේ දැනුත් කරන්නේ .......... (ස)
ඉතින් අසරණ වෙනවා කියලා අඬන්න ද එයාලා පත් වෙලා ඉන්නේ.. මේවාට විසඳුම් දෙන්න එපැයි.(අ)
ඔබ තුමාගේ නම්බුව තියාගෙන දැන්වත් මේ සැපෙන් මිදෙන්න..ගෞරවනීය මිනිහෙක් විදියට කරන්න රස්සාවක් තියෙද්දී ඇයි මේ දෙක පාස් අය වගේ කඩේ යන්නේ..දැන්වත් කොන්ද කෙලින් තියන් එලියට බහින්න... (ස)
කොකා ඉබේ ගැස්සුනා වගේ යන්තම් මතයි. (අ)
තමන් අසරණයි නම් වැඩෙත් හරියට කරන්න බැරිනම් ඉතින් යන එක හැම පැත්තකින්ම හොඳයි මයේ හිතේ? අනුන් පිටි වරද පටවනවට වඩා. (ස)
ආ මෙයා ගිහින් තියෙන්නේ පරණම රස්සාවටනේ (ස)
අය්යෝ ධම්ම මේවා කරන ආණ්ඩුවක කොටස් කාරයෙක් නේද ? (ස)
ඒ රස්සාව ගොඩක් නම්බු ය ලෝකේ පරණම රස්සාවට වඩා (ස)
උගන්ඩාවේ මිනිස්සුන්ට වතුර බොන්න සල්ලි දීපු කට්ටියම ලංකාවේ මිනිස්සු වතුර ඉල්ලුවහම දුන්නේ වෙඩි,ගල්,පොලු,මුගුරු ප්‍රහාර.කොහොමද සැලකීම ? අති විශිෂ්ටයි.(ස)
උගත්කමට නිගා දෙන්න එපා (නි)
ආරියරත්න ඇතුගල මහතාට සහ ධම්ම දිසානායක මහත්වරුන්ට තීරණයක් ගැනීමට කාලය එළඹ ඇත. (නි)
කොන්ද කෙලින් තබාගෙන රාජකාරිය කිරීමට වාතාවරණයක් නොමැති නම් ,අහන ප්‍රශ්න වලට ඍජුව උත්තර දීමට නොහැකි ලෙස කිසියම් හස්තයකට අසුවී සිටී නම්, ඔබ ඉගෙනගත් පුද්ගලයෙක් නම් , අපක්ෂපාතීව සේවය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී පවතින රටවල් බොහෝ තිබෙනවා කියා ඔබට කරුණාවෙන් මතක් කර සිටිමි. (නි)
අහෝ! ධම්ම දිසානායක, ඔබ ගැන මගේ තිබු ගෞරවය රතුපස් වලටම යට විය. (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
කොහොමද ඕවා ඔහොම කියන්නේ? (නි)