IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇප ලැබුණත් වාස් රිමාන්ඩ්

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන කරන රහස් පොලිස් නිලධරයනට බැන තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත  මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

විමර්ශන නිලධාරීන්ට හෝ සාක්කිකරුවනට බලපෑම් කළහොත් නැවත ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බව ද මහේස්ත්‍රාත් පැවසීය.

මොහොමඩ් සියාම් ඝාතනය කළැයි ද, සරත් එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත්ට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීයැයි  ද කියන නඩු දෙකක් සම්බන්ධයෙන් ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

 

 



අදහස් (0)

ඇප ලැබුණත් වාස් රිමාන්ඩ්

සුමුදු Thursday, 05 September 2013 02:30 PM

එරෙහි වන කාටත් ඔය සෙතේ තමයි.(නදී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 04 September 2013 01:17 PM

අපිත් ඉතින් පැත්තකට වෙලා නටන නාඩගම් බලාගෙන තියෙන දෙයක් කාලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ඇරනේන අපි කියලා මොනවා කරන්නද?(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 04 September 2013 01:20 PM

කව්රු කොහොම කිව්වත් ගිම්හාණිගේ කතාවේ ඇත්තක් තියෙනවා. බුදුන් වහන්සේත් දේශනා කළා සත්‍ය කවදා හෝ ජයගන්නවා කියලා.(නදී)

:       0       0

අස්මිත් Wednesday, 04 September 2013 01:23 PM

ගිම්හනිව අත්අඩංගුවට ගත්තා නම් වාස්ගේ තව වැඩ කෑලි හොයාගන්න පුළුවන් කියලා හිතෙනවා! (ස)

:       0       0

ආනන්ද Wednesday, 04 September 2013 01:25 PM

ගිම්හානි මොකද මෙයත් එක්ක ඔයත් බාගයක් බෙදා ගන්න ගේමක් දුන්නද. කොහොමත් සත්‍ය ජය ගන්නවා විතරක් නෙවෙයි කල කර්මත් පල දෙනවාමයි.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 04 September 2013 01:38 PM

ඔන්න නිල්මිණි හා ගිම්හානි අතර හොඳ තරඟයක්. (ස)

:       0       0

චාන් Wednesday, 04 September 2013 09:21 PM

ගිම්හානිගේ රෝගය හොදටම පැහැදිලි වෙනවා (දී)

:       0       0

චාන් Wednesday, 04 September 2013 09:21 PM

ගිම්හානිගේ රෝගය හොදටම පැහැදිලි වෙනවා (දී)

:       0       0

ගිම්හානි Wednesday, 04 September 2013 01:45 PM

ඔයාල මොනවා කිව්වත් මම පිළිගන්නේ නැහැ වාස් මහත්තය මේ වගේ අපරාද කාරයෙක් කියල, මේවා සැලසුම් සහගතව කරන පලිගැනීම්, මතකනේ ෆොන්සේකා මහත්තයට වෙච්ච දේ, අපේ උදවියට ඉතින් ඉක්මනටම අමතක වෙනවනේ අතීතය. (නදී)

:       0       0

වෙල් විශේර් Thursday, 05 September 2013 03:21 PM

ගිම්හානි, එතකොට වාස් මහත්තයාගේ පුතාලා, නෝනා අවි උස්සගෙන ඉන්නේ පින්තුරවල මේක ගැන ඔබගේ අදහස කුමක්ද, ඔබගේ කොමන්ට් එකේ අන්තවාදී බවක් පෙන්නුම් කරනවා ගිම්හානි.(නදී)

:       0       0

ඉරෝෂ් Wednesday, 04 September 2013 02:17 PM

ගිම්හානිව අත් අඩංගුවට ගත්තා නම් බහු විවාහය කටත් වාස් අහුවෙයි. (ස)

:       0       0

සාලිය ප්‍රභාත් Wednesday, 04 September 2013 02:19 PM

ගිම්හානි, කියන්නෙ සිව්පාවෙක්ද? නැත්නම් බබෙක්ද? (ස)

:       0       0

අසංග Thursday, 05 September 2013 11:42 AM

ගිම්හානිගේ රෝගය පද්මිණිටත් හැදිලා.මේ අය වහාම ලංකාවෙන් පිටවිය යුතුයි. (නි)

:       0       0

නිලක්‍ෂි Wednesday, 04 September 2013 02:55 PM

ගිම්හනිගේ කතාව හරි. මමත් එතුමාගේ සේවය අගයනවා.කහවත්තේ මිනීමැරුම් නැවැත්තුවේ, ලොකු ලොකු අයගේ වැරදි අහුවෙන කොට එතුමාව වෙන පළාත් වලට මාරු කරේ එතුමාගේ සේවයෙන් ලොකු ලොක්කන්ගේ වැඩ අහුවෙන නිසා.කල දේවල් පල දුන්නත් මේ රටට එතුමාගෙන් ලොකු සේවයක් වුනා. (ස)

:       0       0

ගිම්හානි Thursday, 05 September 2013 11:56 AM

ඔයාල කව්රු මට මොන අපහාස කලත් මම සැලෙන්නේ නැහැ .ලංකාවේ ගොඩක් අයට ගොඩක් තැන්වල තේරුම් ගැනීමේ ශක්තිය අඩු බව පේනවා මොකද අද පාර්ලිමේන්තුව දිහා බලන්න .කව්ද ඉන්නේ .එයාලව එතෙන්ට ගෙනාවේ කව්ද ?පත්තරවලින් කියන දේවල් වලට එහා ගිය කතන්දර ගොඩක් තියෙනවා.කව්රු මොනවා කීවත් වාස් මේ මිනීමැරුමට සම්බන්ද නැත ,බුදුන්ටත් ජෙසුටත් හතුරෝ හිටිය මට ඔයාල සතුරු උනාට මම ගණන් ගන්නේ නැහැ (දී)

:       0       0

චමත් Wednesday, 04 September 2013 03:20 PM

හොඳ වැඩේ නේද? (නදී)

:       0       0

අසංග Wednesday, 04 September 2013 03:50 PM

ගිම්හානි, මෙවැනි රත්තරන් වටිනා රටකට නිකරුනේ දොස් නගන්න එපා. ලංකාව කියන්නේ ලෝකෙන්ම උතුම් රටක්. ඒ වගේ රටක ඉපදෙන්න වාසනා කරන්න ඕනා....අපි වෙනත් රටකට වෙලා ඉන්න නිසා ලංකාවේ අගය අපිට තවත් වැඩියෙන් තේරෙනවා....අනික මොනයම් කෙනෙක් වරදක් කරා නම් තරා තිරමක් නොබලා දඬුවම් ලැබිය යුතුයි. (ස)

:       0       0

නිලක්ෂි Saturday, 07 September 2013 11:33 AM

ගිම්හානි, මේවා ගැන නොදන්නා ගොන් හරක් තමා මෝඩ කමට කෑ ගහන්නේ. ඔයා ගණන් ගන්න එපා. වාස් මහත්තයව සැලසුම් සහගතව වැරදිකාරයෙක් කරලා,මේ රටේ යුක්තිය ඉටු කරන හැම අවංක නිලදාරින්ටම අන්තිමට කොහොමත් වෙන්නේ මේ දේ තමා, ඒක ලංකාවේ හැටි බුදුදහමත් වෙනස් කරන රටක් මේක.(නදී)

:       0       0

ගමරාල Wednesday, 04 September 2013 04:23 PM

ගිම්හානි වගේ අයට දෙයක් හිතන්න මොළය කලඳක් නැහැ. (නි)

:       0       0

අනුර Wednesday, 04 September 2013 04:24 PM

ගිම්හානි ගේ ඇති ගිම්හානයක් නැහැ. ලංකාවේද ඉන්නේ එහෙම නැතිනම් එංගලන්තයේද? (ස)

:       0       0

ගිම්හානි Friday, 06 September 2013 01:17 AM

මම කතා කලේ වාස් ගැන පමණි එයාගේ නෝනා හෝ පුතා ගැන නෙමෙයි .මා සමග එකග වුන සැමට ගොඩාක් ස්තූතියි. මම ඉන්නේ කොහේ උනත් මම දකින ඇත්ත මේක තමා. මෙතුමාට නඩුවක් තියෙන නිසා මම නිහඩ වෙනවා. කවද හරි මම ඇත්ත මොකක්ද කියල මට අපහාස කල ඔබ සැමට තේරේවි. එතෙක් මම නිහඩ වෙන්නම්.(නදී)

:       0       0

ස්වර්ණා Thursday, 05 September 2013 03:19 AM

මමත් ගිම්හානිව පිළිගන්නවා. ඔය කියන කතාව හරියටම හරි. වාස් මහතා අපේ රටට හොද සේවයක් කළා. නමුත් අද මේ මහත්තයා ඉන්නේ කොහෙද? (නි)

:       0       0

පද්මිණි Wednesday, 04 September 2013 04:53 PM

කිරි වල වස තියෙනවා කියලා අයෙත් නැහැ කියනවා. වතුර වල වස තියෙනවා කියලා අයෙත් නැහැ කියනවා. ගිම්හානි කියන දේ තමයි මටත් හිතෙන්නේ. නීතියට ඇණ ගහලා යුක්තිය වල දාපු දිනය අපි දුටුවා. (ස)

:       0       0

ප්‍රැන්සිස් Thursday, 05 September 2013 04:20 AM

කවුරු මොනවා කිවුවත් වාස් මහතා නිර්දෝෂයි. බලන්න කවුද අන්තිමට හිරගෙදර යන්නේ. තව කට්ටියක් බලාගෙන ඉන්නවාලු තව ටික දිනකින් පැටිකිරිය දිග අරින්න. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 04 September 2013 11:20 AM

ගැළවීමක් ඇත්තේම නැද්ද? (නි)

:       0       0

දම්මික Thursday, 05 September 2013 08:05 AM

ගිම්හානි කටෙන්ද කතා කරන්නේ? (දී)

:       0       0

කුසුම් Thursday, 05 September 2013 01:41 PM

ගිම්හානි, ඔබ නිවැරදියි. වාස් මහතා කළ දේවල් දැන් අපේ මිනිස්සුන්ට අමතක වෙලා. එදිනෙදා රූපවාහිනී තිරයෙන් දකින රූප මත වීරයින් තීරණය කරන සමාජයකට සත්‍ය නොවැටහීම අරුමයක් නොවේ. මෙතුමා තවමත් යම් සිදුවීමකට සැකකරුවෙක් යන්නවත් මිනිසුන්ට අවබෝධයක් නැහැ. වාස් මහතා රටේ නීතිගරුක, යුක්තිගරුක ජනතාව වෙනුවෙන් කළ අවංක සේවය අපට අමතක නැහැ. (නි)

:       0       0

ලක්මාල් Thursday, 05 September 2013 08:26 AM

මොනවා උනත් එතුමාගෙන් රටට සේවයක් උනා (දී)

:       0       0

ගිම්හානි Wednesday, 04 September 2013 11:47 AM

ලංකාවේ ඉපදුන වරදට සහ යුක්තිය ඉටු කල හැම කෙනෙකුටම මේ වගේ දඩුවම් ලැබෙන බව අපි දන්නවා ,නොසැලී ඉන්න ,සත්‍ය කවදා හෝ ජය ගන්නවා .ඔබ තුමාට දෙවි පිහිටයි.(නදී)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 12:00 PM

මේ පාර ගැලවීමක් නැහැ. මොකද පොලිසියේ වෙලත් පොලීසිය හරහට ඉන්න හින්දා.(නදී)

:       0       0

පීරිස් වේයන්ගොඩ Wednesday, 04 September 2013 12:05 PM

ගිම්හානි ඔයා කටෙන්ද කතා කරන්නේ ?(නදී)

:       0       0

පෝලෝ Thursday, 05 September 2013 09:07 AM

මෙයා අම්බලන්ගොඩ වෙරල පාරේ .කහින අය මාලු කාරයෝ වෙන්න ඕන .(අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 September 2013 02:04 PM

ගිම්හානි, තරහ නැතුව වෙන උපමාවක් ගන්නවද මෙයාට ? මොකද සරත් පොන්සේකා කියන්නේ දුටු ගැමුණු පරපුරේ හොඳ හදවතක් තියෙන මානව හිතවාදී මනුස්සයෙක් , වාස් මහතාගේ පැටිකිරිය ගැන හැමෝම දන්නවා නේද ?(නදී)

:       0       0

දහම් කවින්ද Wednesday, 04 September 2013 12:36 PM

මේ ගිම්හානි කියන මනුස්සයා පිස්සෙක්ද කොහෙද? වාස් කියන්නෙ යුක්තිය ඉටු කරපු කෙනෙක් නෙවේ. වාස්ට සල්ලි දීලා ඕනම ජරා වැඩකින් බේරෙන්න පුළුවන්.අහිංසකයන් පාතාලයන් කරලා මරලා දාපු පව්කාරයෙක්.බුදු දහම සත්‍ය නිසා දඞුවම් විදින්න වෙලා මේ ආත්මයෙදිම. (ස)

:       0       0

නිමල් Wednesday, 04 September 2013 12:38 PM

ගිම්හානි, මිනීමරුවන්ට දෙවි පිහිටි කියන්නේ..හිතන කොටත් කනගාටුයි. (ස)

:       0       0

සංජීව Wednesday, 04 September 2013 12:40 PM

ගිම්හානි, එතකොට අර මාලබේ විශ්ව විද්‍යාලයේ ළමයටත් අම්මල, තාත්තල, පුතාල, එකතුවෙලා යුක්තිය ඉටු කරන්නද ගියේ. (නදී)

:       0       0

කමල් Wednesday, 04 September 2013 12:45 PM

මිනීමරුවන් කප්පම්කරුවන් කවදාවත් සාක්කිකරුවන්ට බලපෑම් කරන්නේ නැහැ, මේ අය ලග වෙන ක්‍රම තියනවා. නීතිය තවත් වැඩි දියුණු කල යුතු වෙයි.(නදී)

:       0       0

සනත් Thursday, 05 September 2013 02:17 PM

මම ඇත්ත නැත්ත මොකද්ද කියල දන්නේ නැහැ. හැබැයි ගිම්හානි කියන දේ සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

කහදුවේ සමී Wednesday, 04 September 2013 12:53 PM

ගිම්හනිගේ නෑයෙක් වගේ මිනීමරුවන්ට කහින්නේ.මෙයත් මේවට සම්බන්ධ ඇති. (ස)

:       0       0

රූපවතී Thursday, 05 September 2013 02:20 PM

ගිම්හානිගේ පැත්තට මමත් ඉන්නවා ...? මේ සදහා මම එවූ .. කෙමෙන්ට් එක සම්පුර්ණ සත්‍ය කතාවක් නිසා මෙහි පළකර නොමැති බව වේදනාවෙන් සටහන් කරමි. ගිම්හානි අපේ මිනිසුන්ට ඇස්, කන් ,ඔලු හදවත් නැතිවයි මේ ලෝකේ ඉපදෙන්න තිබුනේ ...ඔයා සැලෙන්න එපා, ඇත්ත හැමෝටම තිත්තයි ....? (නදී)

:       0       0

ධිමල්ෂා Wednesday, 04 September 2013 01:00 PM

ගිම්හානිට ඇමරිකාවේ උපදින්න තිබුනේ . කොහොම වුනත් ගිම්හානිගේ කතාවේ ඇත්තකුත් තියෙනවා .මොකද කවදා හරි සත්‍ය ජයගන්නවා .ඒ නිසානේ දැන් ඔය විඳවන්නේ . (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 04 September 2013 01:00 PM

ගිම්හානිට අද බෙහෙත් පෙති බොන්න අමතක වෙලා වගේ.(නදී)

:       0       0

මලින්ද Wednesday, 04 September 2013 08:24 PM

ගිම්හානි වැරදි කරලා තියනවනම් වාස් නෙමේ කාට උනත් දඩුවම් ලබා දෙන්න ඕන . මම නම් හිතන්නේ වාස්ල වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕන කියලයි . (දී)

:       0       0

නිල්මිනි Wednesday, 04 September 2013 01:11 PM

රෑ හීනෙන් මට පේන්නේ ගිම්හානිව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1274 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 74 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1205 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 194 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2050 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32318 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23830 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site