IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇමැති අධිකරණයටත් ඇඟිලි ගහයි

1997 පෙබරවාරි 13 වැනි දින රත්නපුර පලාබද්දල නිවසක් ගිනි තබා අලාභ හානි සිදුකිරීම සම්බන්ධ නඩුවේ ඇපෑලේ අංක 87/2000 දරණ නඩු ගොනුව 2008 දී අධිකරණ ලේකම් විසින් ගෙන්වාගත් පසු එය අස්ථානගතවී යැයි අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රත්නපුර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා හමුවේ පැවසුවාය.

එම නඩු ගොනුව තම ඇමැතිවරයාට කියවා බැලීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ගෙන්වාගන්නා ලදැයි මහාධිකරණයේදී කියැවිණි.

නඩු ගොනුව අස්ථානගතවීමට ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීමක් ඇද්ද යන්න ගැන බරපතල සැකයක් මතුවන බව නීතිඥ නිරෝෂ් නින්දවත්ත මහතා පැවසීය.

රටේ විශේෂ බලයක් හිමි ශිෂ්ට යයි කියන පුද්ගලයන් සිදුකරන වැරදි ක‍්‍රියා හේතුවෙන් විනිසුරුවරුන් නීතීඥවරුන් සහ සමස්ත අධිකරණ පද්ධතියම අපහසුවට පත්වනවා යයි විනිසුරු ජිනදාස මහතා පැවසුවේ ‘මේ 87 /2000  නඩුගොනුව නැතිවී ඇතිනම් එය විශේෂ අවස්ථාවක් බවයි. එසේ නම් එයට දායකව ඇත්තේ විශේෂ බලයක් ඇති අශිෂ්ට මිනිසෙක්. සාමාන්‍ය මිනිසකු කෙදිනකවත් අධිකරණය අපහසුවට පත් කරන්නේ නැහැ‘.

රත්නපුර දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය සිදුවූ දිනට පසුදින එනම් 1997 වසර පෙබරවාරි 13 දින රත්නපුර පලාබද්දල වැසියකුගේ නිවසකට ගිනිතබා එම දේපළ හානි කළැයි නව දෙනකුට එරෙහිව නීතිපති විසින් චෝදනා හතරක් මත රත්නපුර මහාධිකරණයේ නඩු පැවරිණි.

ඉන් චෝදනා දෙකකට මෙම නවදෙනා වරදකරුවන් බවට 2008 වසර ජූලි 27 දින එවක මහධිකරණ විනිසුරුවරියවූ අනෝමා විජේවර්ධන තීන්දු කළාය. වරදකරුවන්ට වසර හයක් සිර දඩුවම් නියම විය. ඊට අමතර රුපියල් 5000 බැගින් දඩ ගෙවීමටද නියම කැරිණි.

එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් නවදෙනා අභියාචනයක් ඉදිරිපත් කළ පසුව 2008 අගෝස්තු 31 දින ඔවුහු නවදෙනා ඇපමත මුදා හරිනු ලැබූහ. අතුරුදන් වී ඇත්තේ එම  නඩු ගොනුවය.

එසේ වැරදිකරුවන් වූයේ ජී.එම්.සමන් පියතිස්ස, ආර්.එල්.ගාමිණී වික්‍රමලාල්, ජී.ජී.සනත් කුමාර ගමගේ, ජේ.ඒ. කළුආරච්චි (මිය ගියා), කේ.ඒ.ඩී.ජගත් කළුආරච්චි, එන්.ප්‍රියන්ත රාජපක්ෂ, කපුවත්තේ සුනිල් ප්‍රේමරත්න, ඩී.ඒ.නිහාල් ප්‍රේමසිරි, රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු වන ඩබ්ලිව්.ඩී.සුගත් දිසානායක යන පිරිසයි.

මේ නඩු ගොනුව අතුරුදන්වීම සම්බන්ධ කරුණු දැක්වීමට අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක අධිකරණය හමුවේ පෙනිසිටියාය. එම අවස්ථාවේදී මේ පිළිබඳව අධිකරණයේ කරුණු දැක්වූ රජයේ නීතීඥ ලක්මාලි දිසානායක මහත්මිය මෙසේ කීවාය.

මෙම නඩුව කැඳවා ඇත්තේ මෙම අධිකරණයේ තිබූ නඩුගොනුවක් අධිකරණ අමාත්‍යංශයට ගෙන්වාගැනීමෙන් පසුව එම නඩු ගොනුව නැවත බාරදී නොමැති නිසාය. එම නඩු ගොනුව නැතිබව  ප‍්‍රකාශවීම නිසා ඊට හේතු දැක්වීමට අධිකරණ අමාත්‍යංශ ලේකම් අධිකරණයට කැඳවූ බවද ඕ කීවාය.

මෙම නඩුගොනුව නැතිවීම සම්බන්ධ තොරතුරු අනාවරණයව ඇතිබවද මේ සම්න්ධව එල්සී 18/8 දරන අංකය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇතිබවද රජයේ නීතීඥවරිය කියා සිටියාය.

අධිකරණයේදී කළ කරුණූ විමසීමේදී අතිරේක ලේකම්වරිය මෙසේ පැවසුවාය.

‘අධිකරණ අමාත්‍යංශයේදී නඩුගොනුව අස්ථාන ගතවීම පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ලේඛනාගාරයේ මුල් නඩු පිටපත් සොයා බැලූවත් හමුවූයේ නෑ. මීට කලින් එවැනි දේ සිදුවී නෑ‘ මෙය විශේෂ අවස්ථාවක්ද යන්න විනිසුරුවරයා විමසුවිට මෙය විශේෂ අවස්ථාවක් බව අතිරේක ලේකම්වරිය පැවසුවාය.

අගතියට පත් පාර්ශවයේ නීතීඥ නිරෝෂ නින්දවත්ත මහතා මෙසේ පැවුසවේය.

‘යම් නඩු ලේඛන ගොනුවක් අවශ්‍යනම් අධිකරණ අමාත්‍යවරයා එය ගෙන්වා ගැනීමට 1958 අංක 09 දරණ පනත යටතේ අමාත්‍යංශ ලේකම් මගින් ඉල්ලීමක් කළ යුතුයි. එසේ ලබාගත් නඩුගොනුව නැවත නියම දිනයේදී බාරදීම ලේකම්වරයාගේ පරම වගකීමයි. නඩු ගොනුව ආපසු බාරදිය යුතු දිනය එම ගොනුවේම සඳහන් කරනවා‘

‘මේ නඩුගොනුව දේශපාලන පසුබිමක් සහිත අපරාධ නඩුවක්‘නඩු තීන්දුව අනුව විත්තිකරුවන් සියල්ලන්ට සිර දඩුවම් නියම කැර තිබුණා. අගතියට පත් පාර්ශවයට විශාල වන්දි ගෙවීමට නියම වුණා. නමුත් එම තීන්දුව ක‍්‍රියාත්මකවී නෑ. වරදකරුවන් නිදැල්ලේ සිටිනවා. අගතියට පත් පාර්ශවය වන්දිත් ලැබී නැහැ. නඩු වාර්තා සොයා ගැනීමට හැකියාවක් නෑ. විත්තිකරුවන් ඇප කොන්දේසි අනුව පොලිසිය පැමිණ පෙනී සිටීම පවා සිදුකළ බව වාර්තාවී නෑ. මේ අගතිගාමී ක‍්‍රියාවලියට ප‍්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්මක් ඇද්ද යන්න පිළිබඳ බරපතල සැකයක් මතුව තිබෙනවා‘

විත්තිකරුවන්ට අධිකරණයේ පෙනීසිටීමට නොතීසි නිකුත් කැරිණි.

විත්තිකරුවන් ඇප කොන්දේසි කඩකර ඇද්ද යන්න පිලිබඳ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය. මේ 87/2000 නැතිවූ නඩුගොනුව හෝ එසේවීම පිළිබඳ විමසුම් වාර්තාව හෝ නොපමාව අධිකරණයට ඉදරිපත් කරන ලෙසද විනිසුරුවරයා අධිකරණ අමාත්‍යංශයේ බලධාරීන්ට නියෝග කළේය. එසේ  කළ නොහැකිනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීමට හේතු අධිකරණයට ඉදිරිපත් කළයුතු බවද මහාධිකරණ විනිසුරුවරයා ප‍්‍රකාශ කළේය.

 



අදහස් (0)

ඇමැති අධිකරණයටත් ඇඟිලි ගහයි

සත්‍යයා Wednesday, 25 November 2015 04:44 PM

මට කියන්න ඕනේ දී විනිශ්චයකාර තුමාම පවසා තිබෙනවා...."විශේෂ බලයක් ඇති අශිෂ්ට මිනිසෙක්" මේ අශිෂ්ඨ මිනිසා කවරෙක් උනත් ඒ අශිෂ්ඨ මිනිසා රැකගත් ඒ යුගයේ බලවතාත් අශිෂ්ඨ වීම ඇත්තෙන්ම යුගයේ අවාසනාවක්.(රේ)

:       0       0

විජිත් Wednesday, 25 November 2015 09:36 AM

"දේශපාලුවෝ.." කියන්නේ එකනේ.මුළු රටම, මුළු දේශයම පාලු කරන්නා යන්නයි එහි අර්ථය. (බ)

:       0       0

ලාල් Wednesday, 25 November 2015 10:00 AM

පහු ගිය රජය කාලේ දිගටම සිදුවුණා දෙයක් තමයි අධිකරණයේ ස්වාධීනත්වයට දේශපාලකයෝ ඇඟිලි ගැහීම මෙතනදී වෙලා තියෙන්නේ ඊටත් එහා ගිය නඩු ලේඛන අතුරුදහන් කිරීමක් . විත්තිකරුවන් සහ නඩු ලේඛන අතුරුදහන් වීමට පුද්ගලිකව හා සාමුහිකව වගකිව යුතු සියලු නිලධාරින් අධිකරණයට ඉක්මනින් කැඳවා අගතියට පත් වූ පාර්ශවයට ඉක්මනින් සාධරණය ඉටු කිරීමට යහපාලන රජයේ වගකිව යුත්තන් කරන්නේ මොනවද කියල අපි බලමු (බ)

:       0       0

ලියොන් ගුනවර්ධන Wednesday, 25 November 2015 05:35 PM

යහපාලනය ආදර්ශයක් වනසේ අධිකරණේ ස්වධීනත්වය නොතකනවුන්ට විරුද්ධව තරාතිරම් නොතකා දඩුවම් දිය යුතුය (රේ)

:       0       0

වසන්ජය Wednesday, 25 November 2015 09:19 PM

ඔය අශිෂ්ට මිනිසාට විශේෂ බලයක් ලබාදුන්නේ ඒ පළාතේ ඔහුට ඡන්දය දුන් අයය. වරද එතනය (නි)

:       0       0

ජයසේන Thursday, 26 November 2015 02:35 AM

වෙනසක් ඇත්තේ නැති පාටයිනේ බලනකොට (නි)

:       0       0

එස් කල්පගේ Thursday, 26 November 2015 03:41 AM

කව්ද එදා ලේකම් ? දැන් එය කව්ද ? තව ලොකු තනතුරක්ද? (ම)

:       0       0

කල්පගේ Thursday, 26 November 2015 03:42 AM

එදා ලේකම් අද නීතිපති ළඟඳ? (ම)

:       0       0

පියුමි Wednesday, 25 November 2015 11:35 AM

මේක මහරජාගේ කාලේ සිද්ධ උණු දෙයක්. ඒ කාලේ නීතිය ගැන කතා කරලා වැඩක් නැහැ (අ)

:       0       0

නිහාල් Wednesday, 25 November 2015 12:27 PM

පියුමි.ඒ මහරජාගේ කාලයේ අධිකරණය බාරව හිටපු කෙනා දැන් යහපාලානේ.වෙනස එකයි. (අ)

:       0       0

සමන්ති Wednesday, 25 November 2015 01:30 PM

පයිල් එක බාස් ළඟට ගෙනිච්චද දන්නේ නැහැ? (අ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 25 November 2015 01:36 PM

නිහාල් ඔබ හරි ඒ කලේ වැරදි කරපු හුඟක් ඈයෝ දැන් යහපාලනයට සම්බන්ධ වීමේ ආනුභාවයෙන් දැහැමෙන් සෙමෙන් සැපෙන් එහෙම නැතිනම් ආතල් එකේ ඉන්නවා . මේ වෙනස නිසා එයාලට ආයිත් තමන් කැමති විදියට දුෂිත දේ කරන්න බලපත්‍රයකුත් ලැබිල තියෙනවා . (අ)

:       0       0

චන්න බුවනක Wednesday, 25 November 2015 02:23 PM

ඕනෑම තැනක පොටෝ කොපි මැෂින් තියෙනවා. ඔය ඉල්ලපු කෙනාට පොටෝ කොපියක් දුන්නා නම් හරිනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 419 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 462 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10180 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3060 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3826 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6133 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19459 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site