මතුගම හොරවල පැලවත්ත පාර මාස තුනකට පමණ පෙර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කළ නමුත් සඳුදා (2) වැස්සෙන් හා කාපට් ගැලවී පාර කැඩී බිඳී ගියේය.
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ නිවස පිහිටියේ ද මෙම පාරේ ය.
ප්‍රදේශවාසීන් පවසනුයේ මහින්ද රාජපක්ෂ ජනපති මේ පළාතේ උත්සවයකට යෑමට නියමිතව සිටි නිසා මේ පාර කඩිමුඩියේ අලුත්වැඩියා කළ බවයි.
අගලවත්ත ලිහිණියාගම සම්බන්ධකරන කළුපහන පාලම ද සඳුදා ගංවතුරෙන් කැඩී ගිය පසු ගැමියෝ පොල් කොට කිහිපයක් දමා ගමන් පහසුව සලසා ගන්නට සූදානම් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර කම්කරු වැටුප් ඉතා අධික රටක පවා අධිවේගී මාර්ග කිලෝමීටර් එකක් හදන්න ලංකාවේ මුදලින් වියදම් වෙන්නේ රුපියල් මිලියන් 21 යි. සිරි ලංකාවේ එක කිලෝමීටරයකට රුපි. මිලියන් 58 ක බිලක් දානවා. චීනයත් ඉතා අධික පොලියකට ලංකාවට ණය දුන්නේ මේ ගොල්ලෝ යටි මඩි ගහන බව නොදැන නොවේ. දුන්න ණය ගෙවාගන්න බැරි උනොත් ඒ ණය සල්ලි වලින් නොවෙයි භූගෝලීය-දේශපාලන සාධක වලින් පියවා ගන්න හැටි චීනය දන්නවා. ඒකේ වන්දිය ගෙවන්න වෙන්නේ අනාගත ලංකාවේ තවම නුපන් දරුවන්ට.(නදී)
කඩි මුඩියේ කරපු වැඩේට වන්දි ගෙවන්න වෙන්නේ මහජනතාවටද ? (ස)
අර කිලෝමීටරයට මිලියන කීයක් ද වැය උනා කිව්වා පාරත් යට උනා නම් බලා ගන්න තිබුනා ප්‍රමිතිය ගැන (ස)
අලුතෙන් හදපු පාරවල් වලින් සියයට 90ක් මේ වගේ තමයි. බොරුවල කාපට් කරන්නේ ඇතුල හිස්. හරියට මේ ආණ්ඩුව වගේම තමයි. (ස)
සත්‍ය, කොහෙද අප්පේ ඔය රුපියල් මිලියන 21 ට කිලෝමීටරයක් හදන බටහිර රට තියෙන්නේ? ඒ කියන්නේ කිලෝමීටරයකට තියෙන අඩි 3300 පාරේ පළල අඩි පනහෙන් වැඩි කලොත් වර්ග අඩි 165000 එනව. ඒක ඔය රුපියල් මිලියන 21 බෙදුහම පාරේ අඩියකට වැය වෙන්නේ රුපියල් 127.00 ඩොලර් එකකටත් අඩුවෙන්. මරු රටක්නේ අප්පා ඒක! මෙහෙම පච කියන පොරවලුත් ඉන්නවනේ අප්පා. (ස)
අයියෝ සල්ලි
මෙහෙම බැලුවහම අපේ පෙර සිටි දේශපාලක උතුමන්ට මල් තියලා වැන්ඳත් මදි (නි)
ගණන් ගන්න එපා. මේ තමයි ආසියාවේ ආශ්චර්යය. (නි)
කේන්තිය වැඩිකමට වචන ගළපාගැනීමට අපහසුයි ! (නි)
කාපට් වල පතුරු යන වේගෙටත් වඩා දේශපාලකයින්ගේ පතුරු ගැලවෙන පාටයි..අනේ? කෝ අපේ බන්දුල තුමා..(නදී).
මේ වරුසාවත් මෙයාලට ආශීර්වාදයක්. එතුමාගේ ගෙදෙර තියෙන්නේ මේ පාරේ නම්, හෙට ආයෙත් කිලෝ මීටරේට මිලියන් 100 ක් හරි වියදම් කරලා පාර හදාවි ඊ ළඟ වැස්ස එන තුරු. රූපවාහිනියෙන් අපිට පෙන්නාවි අපේ පාර දැකල චීන්නු අඬන හැටි දුකේ බැරුවා. (නදී)
මමත් මේ පාරේ නෙළුව කිට්ටුවටම ගමන් කෙනෙක්. අපි දන්නවා මෙහි ඉදිකිරීම් කරන ආකාරය (නදී)
මෙන්න නියම පාරවල්.... (නි)
නිලූ, මිනිස්සුන්ගේ පාට කන්නාඩිය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ඔය සොච්චම් වාසියකට හිස නමන පාට කන්නාඩි කාරයින්ට වැරැද්ද උනත් පෙන්නේ නිවැරැද්ද විදිහට තාර පේන්නෙත් සුදුවට නම්, මොනවද ඉතින් තවත් කතා. තමන්ගේ වැරදි නිසා ඉදිරි දරු පරම්පරාවටත් විදවන්න වෙනවා කියන එක හිතන්නත් ඉතින් මොලේ තියෙන්න ඕනනේ. (නදී)
කවුරු ආවත් ඔහොම තමයි කියල කියන කට්ටිය දැන් ටික කාලෙකට ඉස්සරනම් හිටියා දැන්නම් නෑ වගේනේ (නදී)
ඔය පාට කන්නාඩිය ගලවල ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න.කාට නැතත් තමන්ටවත් අවංක වෙන්න.ඒ ඇති. (ස)
ඇමෙරිකාවේ පාරවල්.....ඔන්න මිනිස්සු...(ස)
පාර හදන්න තියෙන බඩු ටික හොරට විකුණා ගත්තාම පාර කැඩෙන එක අරුමයක් නෙමේ ඉතින් (ස)
ගිය සතියේ මේ ඉස්සරහ පාර කාපට් කරා., මම බලා උන්නේ හරි ආශාවෙන්.., ඉස්සෙල්ලම පරණ පාර කට්ට කට්ට කපාගෙන ගියා., ඊළගට එම ගල් කුඩු දුවිල්ල අයින් කරන ගියා., ඊටත් පස්සේ කළු පාට දියරයක් (තෙල් වගේ ) පාර පුරා ඉහගෙන ගියා, ඔන්න ඊටත් පස්සේ තමයි කාපට් දැම්මේ දාල ගල් රෝල් දෙකකින් තද කරා පාර මරේ මාරු අවුරුදු ගානකට කැඩෙන්නේ නෑ බලන්නකෝ අපේ රටේ පාර හදපු හැටි කොන්ක්‍රීට් ගල් තුනී කරලා ඊට උඩින් කාපට් අතුරලා , උඩින් අදහසක් තිබුනා උඩින් ඔපේ යටින් හපේ කියල., ඇත්තම තමයි, අනේ මේවා ජනාදිපතිතුමා දකින්නේ නැද්ද..? (නදී)
අපොයි මාලු, කාපට් එක චක බ්ලාස් නේද? (නදී)
ඕන කෙනෙක්ට පේනවා පළමු ෆොටෝ එකේ කළුගල් සහ තාර විතරයි කියලා. පාර තැලුව, කළුගල් දාල තැලුවා, තාර දැම්ම ඉවරයි. මේක හදපු අය කාර්පට් පාරක් හදනවා තියා, ගුරු පාරක් හදන හැටිවත් දැකල නැ. දෙයියනේ කියල ගසාකාලා තියෙනවා මදි නොකියන්න. (නදී)
දැන් දැන් අපේ රටේ කොහොමත් කෙරෙන තරමක් වැඩ කෙරෙන්නේ පිට ඔපයට නිසා මේක පුදුමයක් නෙමෙයි. (නි)
මේවා කාගේ සල්ලිද? (නි)
අපි නම් මොනතරම් පාරවල් කැඩුණත් ලබන පාර දෙන්නෙත් එයාලටමයි. ඕක වැස්සේ වැරැද්දක් මිසක් පාර හදපු එකේ අඩුපාඩුවක් නෙමෙයි. (නි)
මහජන මුදලින් මෙවැනි අපරාධ කරන අයට වැහි නැති හෙන ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. (ස)
ලංකාවේ අපි පවු නේද......? (නි)
කෝච්චි ප්‍රශ්නෙන් තැලිලා ඉන්න වෙල්ගම මහත්තයාට මේක නිකන් වෙඩි වැදුනා වගේ.(දී)
මේ වගේ බාගෙට වැඩකරන දේශපාලකයන්ගේ මුනත් තහඩු ගැලවිලා යන්න ඕනේ දෙවියනේ (නදී)
කොමිටියක් පත් කරමු මේ ගැන හොයන්න. (දී)
මහජනතාවගේ සල්ලි නේද මේ විනාශ කරන්නේ? (නි)
රබර් කාපට් හොදයි වගේ. (නදී)
පාර හැදු අය මේකට වගකියන්න ඕනෑ නැහැනේ (නි)
මේ වියදම් කරන්නේ දේශපාලකයන්ගේ කුඹුරෙන් එන ආදායමෙන් එන මුදල් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ වියදම් කරන්නේ දුප්පත් මිනිස්සු කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,කිරිපිටි ටිකෙන් ගහන බදු මුදල් වලින් මහජන මුදල් වලින් නිසයි ප්‍රශ්ණය (නදී) .
පොඩි නැහැ ගැහිල්ල. අඩියක් හදන්න ලක්ෂ 22 ක් යනවා කියලා හිටපු හමුදාපති චෝදනා කරලත් තිබුනා.(නදී)
පාරේ බෝඩ් එකක් ගහල නම ගහ ගන්න ඕන කමට මේවා කරලා වැඩක් නැහැ. (ස)
හරින්, ඩොලර් මිලියන 3 ක් වියදම් යන බාරකට අබේ රටේ ඩොලර් මිලියන 21 ක් ගන්නවා කියනකොට අමාරුද ? (නදී)
අපිට ඉස්සර ලැබුනේ බටහිර ආදාර . මේවා බොහෝ විට පසුකලෙක බෝල් නය ලෙස හෝ ආදාර ලෙස කපා හරිනවා. චීන ආදාර කියන්නේ ලේසි නැහැ . බෙල්ල මිරිකිලා පොළියයි ණයයි ආපහු ගන්නේ . අනික ගිනි පොලි . මෙහෙව් සල්ලි වලින් නේද මේ බාල වැඩ කරන්නේ (නදී)
ගම්පහ අපේ පැත්තේ පාරවල් හදපු පළාත් සබා සබාපති කෙනෙක් තට්ටු තුනක ගෙයක් හැදුව.පස්සේ ගමේ පාසලට ගොඩනැගිල්ලක් හදල තවත් තට්ටු 2ක ගෙයක් හැදුව.සබපතිලා මෙහෙමනම් අනික් ය ගැන කුමට කතාද? (ස)
ඉස්සර අපි ඩුබායි ඉදල එනකොට ලංකාවට ගෙනාවේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ.අද ගේන්නේ හාල් ,පිටි ,සීනි, කරවල ,පරිප්පු, තුන පහ වර්ග. ඒකෙනුත් කිරි පිටි පැකට් ගාන ගණන් කරලා බදු ගහනවා. හරියට ඉතියෝපියාවට සෝමාලියාවට,සුවාසිලන්තයට, උගන්ඩාවට,කෙන්යාවට,බංගලිදේශයට යනවා වගේ.(නදී)
උඩින් ඔපෙ යටින් හපේ. (ස)
ලංකාවේ ප්‍රමිතියට කරන්නේ හොරකමයි වංචාවයි විතරමයි..(ස)
මහවැලියට හදපු පාරවල් සමහරක් තවම කැඩිලා නෑ. සමහරක් අළුත්වැඩියා කරන්නේ වසර 25කට පස්සේ. දැන් තත්ත්වය මොන වගේද කියල පේනවා නේද? පාරවල් හදන ඒවා හොඳට බලාගෙන හිටියම පේනවා අර පරිස්සම කියන වචනය අහලවත් නෑ කියලා. රටේ මහජනතාවගේ මුදල් නිසි ලෙස කළමණාකරණය නොකර නාස්තිකාර ව්‍යාපෘති හරහා ටික දෙනෙකුගේ යහපත ක්ෂණිකව ලබාගැනීමට ක්‍රියාකිරීම අපා ගතවන අකුසලයකි. වතුර නටනතුරු හැලියේ සැප ගන්න මේ කකුළුවෝ ගැන සිතා සතුටු වියහැකි නමුත් එසේ සිතීමත් අකුසලයක් බැවින් සංවේගයෙන් බලා සිටිමි. (නදී)
මිනිස්සු බුරුතුපිටින් ගිහින් ඡන්දෙ දාන්නේ ඔය සංවර්දනයට වසීවෙලා නේද. (නදී)
බන්දුල පෙරේරා අතුරුදහන් ! (නදී)
මේකට පාර හැදූ කොන්ත්‍රාත්කරුටම බැනලා වැඩක් නැහැ. (නි)
මේවා ජාතික අපරාධ (නි)
එහෙනම් අනෙක් හරියේ තත්ත්වයත් හිතාගන්න පුලුවන් (නි)
හරේන්, මම ඉස්සර කළේ කොන්ත්‍රාත් වැඩ.මම හොඳට දන්නවා ඕවට යන වියදම් ගැන (නි)
මේක නම් ලජ්ජා විය යුතු වැඩක්. ඉන්දියන් සාගරයේ මුතු ඇටයට සහ එහි වෙසෙන අහිංසක ජනතාවට අද සිද්ධ වෙන දෙයට හොඳම උදාහරණයක් තමා මේ. (ස)
මේවා මහජනයාගේ මුදල් නේද? (නි)
මේක සිද්ධ වෙන්න තිබුනේ මේ වෙලාවේ නෙමෙයි. මීට පෙරයි. එතකොට බලාගන්න තිබුනා සමහර උදවිය කටින් බතල කොළ හිටවන්නේ කොහොමද කියලා. (නි)
අන්න ප්‍රමිතියට කරන නියම වැඩ කිව්වලු (නි)
පාරවල් හදන්න ගිනි පොළියට පිටරටින් ණය ගන්නවා. පාර හදලා මාස තුනෙන් පාර කැඩෙනවා. අපියි අපේ දරු මුණුපුරනුයි බඩේ බත් නැතුව පොළියයි ණයයි ගෙවනවා. කමක් නැහැ. එයාලා රජ සැප විඳිනවා නම් අපිට ඒ ඇති (නි)
දැන් ගැළවෙන්නේ කාපට්. හැබැයි සමහර අයගේ වෙස් මුහුණු ගැළවෙන දවස වැඩිය දුර නැහැ.මොනතරම් ජාතික අපරාධද මේ? (නි)
කමක් නැහැ, අපි තව තවත් අයිෂ්චර්යය බලා ගන්න තව තවත් උනන්දුවෙන් ඡන්දෙ දෙමු. පවුනේ...(නදී)
කව්ද මේ පාර හැදුවේ කියලත් දාන්න තිබුනා.......(නදී)
මෙන්න කොන්තරත්කාරයන්ගේ වැඩ , (ස)
ලංකාවේ පවතින "පිටින් ඔපේ යටින් හපේ" වැඩ පිළිවෙලට තව එක නිදසුනක්. (ස)
මටත් හිතෙනවා පොදු අපේක්ෂකයා වෙන්න , සල්ලි තමා කොමිස් ගහල ගොඩේ ගොඩ. (ස)
දේශපාලනයට මෙයාලව පත් කළ ජනතාවට වෙන ඉරණම.අපි කාටත් ඉදිරියේදී මේ වගේ තව පාඩම් ඉගෙන ගන්න පුළුවන්. (ස)
බලාගෙන යනකොට මොන පාරත් ඔහොම තමයි. (නි)
මේසන් බාස්ල වැඩට දමල පාර හැදුවනම්, මිට වැඩිය හොඳට හදන්න ඉඩ තිබුණ. කාපට් ප්ලාස්ටරයක් දමල තියෙන්නේ. මෙම කොන්ත්‍රාත් ගන්න අය තමන් නිම කරන වැඩේ ගැන වග කියන්න ඕන කෙනෙක් ලංකාවේ නැද්ද? මෙම මාර්ග නිසි ප්‍රමිතියට නිම කර ඇති බවට අනුමත කරන කවුරු හෝ වගකිව යුතු බලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවද? මහපාරේ ප්‍රමිතිය කොමිස් කුට්ටිය මත අනුමත වෙනවද?(ස)
ඉක්මනට හදිස්සියේ පෙනුමට කරලා දාන වැඩ ඔය වගේ තමයි. (නි)
සමහරුන්ට නම් කැඩෙන තරමට හොඳයිනේ ඉතින් (නි)
අනේ අපොයි ජනතාවගේ සල්ලි .දඩි බිඩි වැඩවල ප්‍රතිපල (නදී)
ආශාවේ බෑ මෙන්නෝ ආශ්චර්යය දොරේ ගලනවා ....(නදී)
වැහි නැති හෙන පත්වෙන්න ඕන මේ වැඩ කරන අයට. මහජනයාගේ මුදල් විනාස කරනවට. (නදී)
දේශප්‍රේමී වැඩ බලාගන්න මේක හොඳම වෙලාවයි. (නදී)
තව තවත් වැස්සොත් තව තවත් බලාගන්න පුලුවන් වෙයි සුන්දර කාපට් පාරවල් වල ඇත්ත තත්ත්වය (නි)
කාපට් ගැළවීම සමහරුන්ට නම් සුන්දර පාඩමක් වේවි... (නි)
ගොඩක් ඉදිකිරීම් කරන සේවා සපයන සමාගම් හෝ ආයතන වල බිත්ති පිරෙන්න තත්ත්ව සහතික ගහලා තිබෙනවා. ඉංජිනේරුවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ නම් ඉදිරියෙන් ඉංග්‍රීසි අකුරු පුරවලා විස්තර තිබෙනවා. නමුත් ඒ සහතික වල පෙන්වා දෙන තරමට වැඩ වල නම් කිසිම් ප්‍රමිතියක් හෝ ගුණාත්මකභාවයක් නැහැ. අන්තිමයි. (නි)
කොමිස් කුට්ටිය කීයද දන්නේ නැහැ (නදී)
සමීර බන්දුල දැන් එ්වි. මල්ලත් අරගෙන රුහුණේ උද්ගෝෂණයට ගිහින් උද්ගෝෂකතුමා ලාට සයිඩ් සපෝට් එකට. (නදී)
කෝ දැන් මේ පාරවල් කැඩුනත් අපිට මෙව්වා හොඳයි කියලා අර උද්ගෝෂණය ගිය කට්ටිය (නදී)
කෝ මේ ලංකා තිලක් මහතා. මේ පාරේ කඩතොළුගැන් විශ්ලේෂණය කරමින් හරවත් නිගමනයකට එළඹිය හැකි එකම ජගතා මෙහි නැහැනේ. (නදී)
කාර්පෙට් එකේ වැරැද්ද නෙවි වැස්සේ තියන බලය. ඔය අයට පෙනෙන්නේ නැද්ද? වතුර පිරිලා හැමතැනම. එ් තැන් වලත් පාරවල් ඉවරයි (නදී)
දැන් මේ ආපදා අවස්ථාවේ කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන ලොකුම ප්‍රශ්නය ඇමතිතුමාගේ ගෙදරට යන පාරේ කාපට් ගැලවී යාම වගේ පේන්නේ. (නදී)
අපි මුලින්ම අපෙන් සිදුවන වැරදි මුළුමනින්ම නැති කරමු සියලුම දෙනා එසේ ක්‍රියා කරන විට වැරදි කෙමෙන් අඩු වී නැති වී යනු ඇත. (නදී)
ඇමතිලා ඉන්න පාරවල් මෙහෙමනම් අනෙක් පාරවල් ගැන මොන කතාද (නදී)
මේ පාර කඩතොළු වුන නිසා වෙන්නැති මෙතුමාට අර ගංවතුර ගලලා විපතට පත් ජනතාව බලන්න යන්න බැරි වුනේ. ඉතින් බලන්න, සොයා නොබලා දොස් කියපු එක කොච්චර වැරදිද ? (නදී)
අපොයි නුවන්, වනේ වන හතුරෙකුටවත් ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා. ඒ අය ඒවගේ ප්‍රතිපලත් අරන්ම තමයි යන්නේ. දැන් ජනාදිපතිතුමත් මේවා පැහැදිලිව දකිනේ. අපි බලමු එතුමා ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද කියලා. (නදී)
පාර කැඩිලා නෙවෙයි පේන හැටියට, පසුගිය මැතිවරණ සමයේ කියපු බොරු වලට පොලව පැලිලා ද කොහෙද . (නදී)
පිටරටවලින් ණය අරගෙන හදන කාපට් පාරවල් වලින් සහ අනෙකුත් හැම දෙයකින්ම පේනවනේ මහජනතාව ගොනාට අන්දන තරම. මහ ජනතාව දුක් විඳිනවා. මේවා උඩ ඉන්න දෙවියන්ට පෙනේවා. ඔය හැමෝම රජ සැප විඳින්නේ පිටරටවලින් ගෙවල් අරගන්නේ අපේ ගසාකන සල්ලි .චන්දය පාවිච්චි කරන මහජනතාවනි තව දුරටත් මෙහෙම අපිව රවටන දේශ පාලුවන්ට අපේ වටිනා චන්දය දෙනවද කියල දෙවරක් නොවෙයි සිය දහස් වාරයක් හිතන්න. (ස)
මොන දේද හරියට කලේ වංචාවක් නොකර. රටේ සල්ලි කාලා පිට රට වලටත් පරම්පරා ගානක් ණය කරලා මේවද කරන්නේ. හොදක් වෙන්නේ නෑ මේ වැඩ වලට .මේවා ජාතික අපරාද නිසා.(නදී)
මෙන්න අස්චර්යය පෙන්නනවා ....ඉක්මනට බලා ගන්න ...(නදී)
කෝ මේ බන්දුල මහතා බන්දුල කියාවී ඕකට ඉතින් ආණ්ඩුවට බැනල හරියනවද කියලා (නදී)
සූනාමි අැවිල්ලවත් මේ විදියට කැඩුනේ නැහැ එක්සත් ජාතික පක්ෂෙන් හදපු පාරවල් (නදී)
අයියෝ සල්ලි (නදී)
අපේ රටේ තරම් බඩගෝස්තරවාදී දේශපාලකයන් ඉන්න රටක් මේ ලෝකේ කොහේවත් නතුව ඇති. රටේ ජනතව දේශපාලන පක්ෂ පාට අමතක කරලා හරිදේ වැරදි දේ වටහාගෙන වැඩ කරනකම් මේ රටට කවදාවත් සෙතක් වන්නේ නැහැ.(නදී)
කාලකන්නි කියන වචනේ තේරුම මෙන්න. මේවා හදන අය සහ මේවයෙන් ගසා කන අය බව තරයේ මතක තබා ගන්න (නදී)
මිනිසුනේ, මේ තමයි ආශ්චර්යයේ උදාව (නි)
ලැජ්ජාවේ බැහැ... (නි)
කෝ මේ අපේ අර උද්ඝෝෂණ වලට කැමති අය? ඔන්න තිබෙනවා රාජකාරි කටයුත්තක්. (නි)
කැඩෙන්න නෙවෙයි , මම නම් දෙවියන්ගෙන් ඉල්ලන්නේ, සාමාන්‍ය ජනතාවට කරදරයක් නොවී මේ පාර ගංවතුරෙන් අඩි 10 ක් විතර යටවෙන්න කියලා. (නදී)
නියමයි! නියමයි!! නියමයි!!! ආශ්චර්යයේ චින්තනයට එක් දහස් එක් වරක් ජයවේවා!!! (නදී)
මෙයයි සත්‍යය.... (නි)