හබරණ දිගම්පතහ රක්ෂිතයේ දළ ඇතාගේ ආරක්ෂාවට ඒ අවට පොලිසිවලද යුද හමුදා කඳවුරුවලද සහායෙන් ආරක්ෂාව සලසන බව වන ජීවී අමාත්‍ය විජීත් විජයමුනි සොයිසා මහතා කියයි.
මේ පුවත පළ කිරීමෙන් ලංකාදීප කළ මෙහෙය අගයන බවද ඇමැතිවරයා පවසයි.
මේ පිළිබදව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සමගද සාකච්ඡා කැර ඇතා පිළිබදව සොයා බැලීමට සීගිරිය වනජීවී කාර්යාලයයට දැනුම් දුන් බවත් නිලධාරීන්ට අවශ්‍ය සහන සලසා දෙන බවත් ඇමැතිවරයා සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්නවලට දෙනවට වඩා හොඳයි ඌව අපා ගත කිරීම.(නදී)
කව්රු ඉදිරිපත්වී හෝ මේ සතාගේ ජීවිතේ ආරක්ෂා වේවා.? ඔහුට සියලුම දෙවියන්ගේ බැල්ම වැටී ආරක්ෂා කරත්වා..? (ස)
මේ දවස් වල කට්ටිය දල කඩන්න උත්සහ කරන අවස්ථාවක මොකද ඇමතිතුමා දල තියෙන අය රකින්න උත්සහ කරන්නේ. අනේ අනිච්චන් කිව්වලු.(නදී)
කෝකටත් ඇතාට කිව්වා නම් හරි පරිස්සම් වෙලා ඉන්න කියලා. (නි)
පසු ප්‍රයෝජනය සදහා නොවනවානම් උතුම් ක්‍රියාවක් .ඒත් දේශපාලකයෙක් නම් දෙපාරක් හිතන්න ඕනෑ.මොකද අද ඉන්න හුගක් දේශපාලකයෝ මහත්වරු නෙමෙයි මහත්වූ හොරු . (නි)
ඇයි දන්නෙ නැහැ මෙච්චර ආරක්ෂා කරන්නේ? (නි)
දල දෙක නෙවෙයි සතාගේ ජීවිතයයි වටින්නේ (නි)
පින්නවල අලි අනාථාගාරය ආසියාවේ හොඳම එකක්. එය හෑල්ලුවට ලක්කරන්න එපා (නි)
මේ ඇතා වසර තුනකට පමණ පෙර මට හමුඋනා. හරිම ලස්සන දළ දෙකක් තියෙන්නේ. මා ලඟ පින්තුරත් තියනවා.(නි)
පරිස්සමින් (නි)
දැනටත් කළු පාට ඩබල් කැබ් එකක් මේ ඇතා පස්සේ කැරකෙනවාද දන්නෙ නැහැ. අන්තිමට අර දලපූට්ටුවට අත්වෙච්ච ඉරණම නම් අත් නොවේවා! (නි)
මෙවැනි සතුන් ආරක්ෂා කරන එක අප සියලු දෙනාගේම යුතුකමක්. (නි)
පිටිගල හරි. බොහොමයක් රට වල ජනමාධ්‍යයට පාලකයෝ ඇත්තටම බයයි. අකමැති වුනත් ඒවායේ විවේචන තමන්ගේ ඡන්දෙට බලපාන බව ඔවුන් දන්නවා. අපේ තවම එහෙම නැහැ. එත් ලංකාදීපේ එසැණ මගින් ලොක්කන්ගේ වැරදි රැසක්ම නිවැරදි කල බව අපි දන්නවා. ඔබතුමන් මේ ඇතාට හොඳ ආරකෂකයෙක් වෙන්න. ඔන්න දිල්රුක්ෂි, ඔබට බාරයි.(නදී)
පින්නවල අලි අනාථාගාරය තියෙනවානේ. එහාට ගෙනත් ඇරලුවා නම් ඒ ඇත්තෝ හොඳට රැකවරණය දීලා බලා ගනී නේද? (නි)
කරුණාකර ප්‍රතිචාර වලට උඩින් කිලෝ මීටරයක් විතර දිග ඇඩ් එක ටිකක් කුඩා කලොත් නරකද?(නදී)
මේ සතා ගන දෙවියන්ට දෙන්න. වෙනත් වනයකට යවන්න නිදහසේ ජිවත්වෙන්න දෙන්න.(නදී)
කෝකටත් ඇතාට කිව්වා නම් හරි පරිස්සම් වෙලා ඉන්න කියලා.(නදී)
මේ ඇතා පින්නවල ගෙනියන්න එපා. එහෙම උනොත් අර දල පුට්ටුවට උන දේ තමා මේ ඇතාටත් වෙන්නේ. නිලදාරීන් කියයි ලොරියේ තට්ටුව දිරල කඩා වැටුන කියල. (දී)
කොහී හිටියත් ඔය දල අර්තාගේ ජීවිතය තීරණය කරන්නේ කවුද කියල දන්නවා. (අ)
ඔය කියන්නේ කා ගැනද (දී)
මේ ඇතාට පිහිට උන ලංකාදීප පුවත් පත මේ වගේම මේ වටිනා සම්පත දිහා ඇහැ ගහගෙන ඉන්න. වෙන නම් පිහිටක් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ.කැලේ වගේ නිදහස් තැනක් ඇතෙකුට තවත් නැහැ. උට නිදහසේ කැලේ ඉන්න ඉඩ දෙන්න. (දී)
ඔය කැලේ හිටියොත් ඇතාව මරලා දාලා දප දෙක ගනීවි. ඇමති තුමනි හැකි ඉක්මනින් පින්නවලට ගෙන ගොස් දාන්න පියවර ගන්න.(නදී)
නරින්ට කුකුල්ලු බාර දුන්නාවගේ නේද පොලිසියට දල ඇතා බාර දුන්න එක (අ)
කොහොමත් දළ ඇතුන්ව බලාගන්න ඕනෑ (නි)
දල දෙක වටිනවා ඇති නේද උගේ? පවු. හොදින් බලාගන්න (නි)