වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ වාහනය සමග ගමන් කළ පරිවාර රථයක් දඹුල්ල ඉනාමළුව හංදියේදී පාරෙන් ඉවතට පැන පෙරලී ඇතතත් එහි සිටි දෙදනාට තුවාල සිදුවී නැත.
වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ වාහනය සමග ගමන් කළ පරිවාර රථයක් දඹුල්ල ඉනාමළුව හංදියේදී පාරෙන් ඉවතට පැන පෙරලී ඇතතත් එහි සිටි දෙදනාට තුවාල සිදුවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් මිනිස්සු ලංකාව හැර වෙන රටවල් ලෝකේ තියෙනවද කියලා දන්නෙත් නැහැ.පිටිගල හරි (නි)
දේශපාලකයෝ මොන තරම් ජනතා සාපයකට ලක් වී සිටිනවාද කියා ඉහත අදහස් වලින්ම ගම්‍ය වෙනවා.(නදී)
යුද්දයක් නැති රටක පරිවාර රථ අවශ්‍ය නොවේ.(නදී)
ලස්සන ලා බාල කාන්තාවන්ට බෙහෙවින් ප්‍රිය කරන ඉතාලියේ හිටපු අගමැති, ලෝකයේ පළමු පෙලේ ධනවතෙක් වන බේර්ලුස්කෝනි මහතා ව්‍යාපාරිකයෙකුව සිටියදී ආරක්ෂකයන් පිරිවරා ගෙන ගමන් ගිය කෙනෙක් වුවද ඔහු අගමැති වූ පසු රාජකාරී ගමන් බිමන් වලදී ලැබුනේ පොලිස් ට්‍රැෆික් බයිසිකල් දෙකක් පමණි. රෝම නගරයේ වාහන ගමනාගමනය සීමා කර ඇති පෙදෙස් වලට මොහු ගියේ එම පෙදෙසේ රාජකාරි වල නියුතු වන නාගරික පොලිස් රථයක ඉදිරි අසුනේය. රටක නායකයකු තම රටට ආදරය කල යුත්තේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. (නදී)
"හේතුව අධික වේගය" අනේ මෙච්චරද ගමගේ ලිව්වේ. දාන්න බැරි දේවල්ද ලියලා තියෙන්නේ.(නදී)
තවමත් පරිවාර රථ පිරිවරාගන යන්නේ ඇමතිවරු දන්නවා කොච්චර දුශිතද කියලා.(නදී)
පිටිගල ඔයා හරියටම හරි. ස්තුතියි ඔබට.(නදී)
හොදම වැඩේ මෙයාලා පාරෙ යන්නෙ පිස්සු බල්ලො වගේ.(නදී)
1977 ට පෙර මා දන්නා තරමින් ලංකාවේ කිසිම ඇමතිවරයකු බැකප් රියක් දැකලාවත් නැත. අනික් එක ඒ කාලයේ ඇමතිවරුන්ට බියක් තිබුනේ නැහැ මහජනයා අතරේ යන්න. දැන් ඒකේ අනික් පැත්ත. ලංකාවේ මෙහෙම වුණාට වෙන රටවල වෙන්නේ නැහැ. ඒකනේ කියන්නේ ආසියාවේ ආශ්චර්යවත් එකම රට. ජයවේවා මෙවැනි රටකට! (නි)
දෙයියනේ! ඔක්කොම හොඳ මිනිස්සුන්ටනේ කරදර වෙන්නේ (නි)
ඇමති රිය අනතුරට ලක් වුණාද? (නි)
පාරේ මිනිහෙක්ට යන්න බැරි තරම් වේගෙන් යන්නේ මේ කට්ටිය (දී)
අහිංසක මනුස්සයෙක් එහෙම අහු උනා නම් (දී)
අපොයි ! නිමල් සිරිපාල ඇමති තුමා ? (දී)
මිනිස්සුන්වත් පරිස්සම් කරගෙන ඔබ තුමත් පරිස්සමෙන් ගමන් යන්න (දී)
දිසා,සරත්,චන්දී,රුපවති අක්කේ මොකද කියන්නේ ඇමතිගේ ඇක්සිඩන්ට් එක ගැන.මටනම් දුක රටට ගිය කල ගැන. (දී)
කැනඩාවේ ඇමති වරුන් යනවද එනවද කියලවත් මහජනයා දන්නේ නැහැ . මොකද ඔවුන් ගමන් කරන්නෙත් සාමාන්‍ය මිනිසුන් වගේ නිසා .මෙහෙ ඇමති මණ්ඩලය 18 ට සිමාවී තියෙන්නේ . ලංකාවේ එක ඇමතිවරයකු නඩත්තු කරන මුදලින් කැනඩාවේ මුළු ඇමති මණ්ඩලයම නඩත්තු කල හැකිය . (දී)
එංගලන්තයේ කැනඩාවේ වෙනත් රටවල එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ . අපිට ඕන තරම සල්ලි තියෙනවා . අපි ලෝක බැංකුවට අදාරත් දෙනවා . ඇමරිකාවට යුධ ආදාර දෙනවා . අපේ තාක්ෂනය ලෝකයට අපි දීල ගන්න සල්ලි වියදම් කරන්න ඇමති වරු අවශ්‍ය වෙනවා .නැතිනම් අපේ මුදල් වල වටිනා කම අඩුවෙනවා .එක නිසා මඩ නොගසන්න (දී)
පිටිගල මහත්තයෝ, කාලෙකට පස්සේ ඇඟට දැනෙන කතාවක් දැක්කා ඔබට තුති.(නදී)
අනේ! (නි)
පරිවාර රථ , පරිවාස ආණ්ඩු , පරිවාස කාලය, පරිවාස හා ළමාරක්ෂක, පරිවාර සේනා, පරිවාර බිරින්දන්, සම්මානනීය මිනිස්සුන්ට හුලන්.(නදී)
ඒගොල්ලෝ අනිත් අයව පැත්තකට දාල පාරේ යන විදියට ඕක පුදුමයක් නෙවෙයි.(නදී)
මහජන නියෝජිතයන් කියා ගන්න අය මෙහෙම පරිවාර රථ එක්ක ගමන් යනකොට සහ ගිහින් පෙරලා ගන්න කොට කාටද ඉතින් ආඩම්බර? (නදී)
මෙහෙ එංගලන්තයේ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට යන්නේ පයින්. තමාගේ පොඩි දරුවා මොන්ඩිසෝරියට අරන් යන්නෙත් කකුල් දෙකෙන්. අනේ අපේ රටට ගියපු කලක්.(නදී)
යන විදියට පෙරළිලා ඉතුරු උනා ඇති.(නදී)
වාරි මාර්ග ඇමතිතුමාට වාරිමාර්ග පෙන්නන්න යන්න ඇති.(නදී)
එහෙනම් ඇමතිලා පරිවාර රථයේ ගමන් කිරීම අනිවාර්ය කල යුතුයි (දී)
හිතා ගන්න පුළුවන් ගිය හැටි
හේතුව අධික වේගය (දී)
අනාගත සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් සදහා අපේ රටට හොඳ පුරවැසියන් බිහිකරන්නයි කියලා ඔය රට ගිය ඇත්තන්ගෙන් මා ඉල්ලා සිටිනවා. නැත්නම් ඉතින් අපේ දරුවන්ගෙන් ඔය රටවල් පෝෂණය වෙයි, අපේ රටට ගිය කලක් කියකියා අපට ඉන්න වෙයි.(නදී)
ඇයි පරිවාර රථයක් නැත්නම් පාර වරදිනවද ?(නදී)
එංගලන්තේ කියන්නේ මොන හිඟන රටක්ද? අපේ රට එහෙමද? එක ඇමති කෙනෙකුට වාහන හතක් අටක් තියෙනවා අපේ රටේ. රජ කෙනෙක් යනකොට වගේ පාරේ ඉන්න ඔක්කොම අයින් කරන්න චන්ඩි ටිකක් ඉස්සරහින් යනවා. ඒගොල්ලන්ගේ අණට කීකරු වෙලා හුදී ජනයා කාණුවට බහින්න ඕන. නැත්නම් හප්පනවා. අපේ ජනතාව මේ ඇමති වරුන්ට හරි ආදරෙයි. කවදාවත් පරදින්න දෙන්නේ නැහැ. අල්ලපු ගෙදර එකා හරි තමන්ගේම සහෝදරයා මරාගෙන හරි එතුමාව බලයට පත් කරන්න දඟලනවා. පෝස්ටර් ගහනවා. හොර චන්ද දානවා.එංගලන්තේ වගේ නෙවෙයි අපේ රට. සකල සිරින් පිරි සිරි ලංකාවයි මේ. අපට තියෙන සැප සම්පත් බලනකොට අපේ ඇමති කෙනෙකුට වාහන හත අටකුත් මදි. පරිවාර රථයක් පෙරලුනා නම් ඒක විසි කරලා දල අලුත් එකක් ඕඩර් කරන්න ඕන.(නදී)
මලේ නැද්ද? (නදී)
කරුණ කරලා පාරේ යන අනික් වාහනයි,පාරේ ඇවිදින මිනිස්සුයි , තමන් ගිය වාහනෙයි පරෙස්සම් කොලොත් වඩා හොදයි. පරිවාරක අයට මොනවා උනත් කමක් නැහැ.(නදී)
පරිවාර රථත් එක්ක ඇමති තුමා රන් මාල දෙන්න ගිහින්ද ?(නදී)
පිටිගල ඔබ හරියටම හරි. ලංකාවේ මිනිස්සු වැඩි හරියක් ලිදේ ඉන්න ගෙම්බෝන්ට දෙවැනි නෑ. මේ අයට එංගලන්තයේ මන්ත්‍රීලා වගේ පොදු ප්‍රවාහනය අකැපය. මෙහේ කමොරෝන් මහතාත් නිවාඩුවට යන්නේ අඩු ගාස්තු ගුවන් යානා වල , නවතින්නේ සාමාන්‍ය හොටල වල., බොන්නේ හැමෝම යන සුරා සලට-අන්න ඒකට අපේ අය. ජනයා රටත් - අනාගතයත් උලා කාගෙනම මහ දවල් ඇවිදිමින්ම වල කරා යති.(නදී)
අනේ හොඳයි, තව තව මේ දේවල් නොඅඩුව සිදුවේවා.(නදී)
වෙන රටවල් දිහා බලද්දී අපි ඉන්නේ කොච්චර පහත් තැනකද කියල රට ඉන්න අයට තේරුනාට කරන්න දෙයක් නැහැ. ලංකාවේ අයට ඒක තේරෙන්නේ නැහැ. ඒක තමා ලොකුම අවාසනාව මම දකින විදිහට.(නදී)
එංගලන්තේ අගමැති ගොඩක් වෙලාවට ගමන් කරන්නේ උමං දුම්රියේ. සමහර සෙනග වැඩි වෙලාවට හිටගෙන. ඔහු නිතරම පත්තර කීපයක් අතේ තබාගෙන කියවමින් යන නිසා ගොඩක් අය මොහුව හඳුනා ගන්නේ නැහැ. නමුත් මාධ්‍ය වාර්තාකරුවො නම් මොහුව කීප විටක්ම ඡායාරූප ගතකර තිබුනා. මීට අවුරුදු කීපයකට පෙර ටෝනි බ්ලෙයාර් මහත්මිය ටිකට් ගන්න අමතක වී ගොස් දඩයකුත් ගෙව්වා. කේට් කුමරිය නිතරම තම වාහනය වැරදියට නවත්වා දඩ කන කෙනෙක්. එංගලන්තේ නීතිය සැමෝටම එකයි. ඒ වගේම හැමෝම නීතිගරුකයි. විශේෂයෙන්ම දේශපාලකයෝ. ඒකට හේතුව ඔවුන් නීති කැඩුවොත් මෙහි බුද්ධිමත් ජනයා ඔවුන්ට නැවත ඡන්දය නොදෙන නිසා. (නි)