IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇමැති බැකප් රිය පෙරැලේ

වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ වාහනය සමග ගමන් කළ පරිවාර රථයක් දඹුල්ල ඉනාමළුව හංදියේදී පාරෙන් ඉවතට පැන පෙරලී ඇතතත් එහි සිටි දෙදනාට තුවාල සිදුවී නැත.



අදහස් (0)

ඇමැති බැකප් රිය පෙරැලේ

සමන් Saturday, 07 September 2013 05:11 PM

ඇමති රිය අනතුරට ලක් වු‍ණාද? (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Sunday, 08 September 2013 01:21 PM

කැනඩාවේ ඇමති වරුන් යනවද එනවද කියලවත් මහජනයා දන්නේ නැහැ . මොකද ඔවුන් ගමන් කරන්නෙත් සාමාන්‍ය මිනිසුන් වගේ නිසා .මෙහෙ ඇමති මණ්ඩලය 18 ට සිමාවී තියෙන්නේ . ලංකාවේ එක ඇමතිවරයකු නඩත්තු කරන මුදලින් කැනඩාවේ මුළු ඇමති මණ්ඩලයම නඩත්තු කල හැකිය . (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 07 September 2013 06:04 PM

දේශපාලකයෝ මොන තරම් ජනතා සාපයකට ලක් වී සිටිනවාද කියා ඉහත අදහස් වලින්ම ගම්‍ය වෙනවා.(නදී)

:       0       0

නදීෂාන් Saturday, 07 September 2013 06:11 PM

යුද්දයක් නැති රටක පරිවාර රථ අවශ්‍ය නොවේ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 07 September 2013 06:23 PM

ලස්සන ලා බාල කාන්තාවන්ට බෙහෙවින් ප්‍රිය කරන ඉතාලියේ හිටපු අගමැති, ලෝකයේ පළමු පෙලේ ධනවතෙක් වන බේර්ලුස්කෝනි මහතා ව්‍යාපාරිකයෙකුව සිටියදී ආරක්ෂකයන් පිරිවරා ගෙන ගමන් ගිය කෙනෙක් වුවද ඔහු අගමැති වූ පසු රාජකාරී ගමන් බිමන් වලදී ලැබුනේ පොලිස් ට්‍රැෆික් බයිසිකල් දෙකක් පමණි. රෝම නගරයේ වාහන ගමනාගමනය සීමා කර ඇති පෙදෙස් වලට මොහු ගියේ එම පෙදෙසේ රාජකාරි වල නියුතු වන නාගරික පොලිස් රථයක ඉදිරි අසුනේය. රටක නායකයකු තම රටට ආදරය කල යුත්තේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. (නදී)

:       0       0

ගමගේ Saturday, 07 September 2013 06:37 PM

"හේතුව අධික වේගය" අනේ මෙච්චරද ගමගේ ලිව්වේ. දාන්න බැරි දේවල්ද ලියලා තියෙන්නේ.(නදී)

:       0       0

අරුණ Saturday, 07 September 2013 07:00 PM

තවමත් පරිවාර රථ පිරිවරාගන යන්නේ ඇමතිවරු දන්නවා කොච්චර දුශිතද කියලා.(නදී)

:       0       0

අප්පුහාමි Saturday, 07 September 2013 08:46 PM

පිටිගල ඔයා හරියටම හරි. ස්තුතියි ඔබට.(නදී)

:       0       0

කැනඩා දිසා Monday, 09 September 2013 06:04 AM

අනේ! (නි)

:       0       0

දම්මික පෙරේරා Sunday, 08 September 2013 04:47 PM

එංගලන්තයේ කැනඩාවේ වෙනත් රටවල එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ . අපිට ඕන තරම සල්ලි තියෙනවා . අපි ලෝක බැංකුවට අදාරත් දෙනවා . ඇමරිකාවට යුධ ආදාර දෙනවා . අපේ තාක්ෂනය ලෝකයට අපි දීල ගන්න සල්ලි වියදම් කරන්න ඇමති වරු අවශ්‍ය වෙනවා .නැතිනම් අපේ මුදල් වල වටිනා කම අඩුවෙනවා .එක නිසා මඩ නොගසන්න (දී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Saturday, 07 September 2013 12:10 PM

ඇයි පරිවාර රථයක් නැත්නම් පාර වරදිනවද ?(නදී)

:       0       0

ඩී.සී.ඩී Saturday, 07 September 2013 10:02 PM

හොදම වැඩේ මෙයාලා පාරෙ යන්නෙ පිස්සු බල්ලො වගේ.(නදී)

:       0       0

රෝහණ Saturday, 07 September 2013 12:22 PM

ඒගොල්ලෝ අනිත් අයව පැත්තකට දාල පාරේ යන විදියට ඕක පුදුමයක් නෙවෙයි.(නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Saturday, 07 September 2013 10:44 PM

1977 ට පෙර මා දන්නා තරමින් ලංකාවේ කිසිම ඇමතිවරයකු බැකප් රියක් දැකලාවත් නැත. අනික් එක ඒ කාලයේ ඇමතිවරුන්ට බියක් තිබුනේ නැහැ මහජනයා අතරේ යන්න. දැන් ඒකේ අනික් පැත්ත. ලංකාවේ මෙහෙම වුණාට වෙන රටවල වෙන්නේ නැහැ. ඒකනේ කියන්නේ ආසියාවේ ආශ්චර්යවත් එකම රට. ජයවේවා මෙවැනි රටකට! (නි)

:       0       0

ලුම්බිණි Saturday, 07 September 2013 12:59 PM

මහජන නියෝජිතයන් කියා ගන්න අය මෙහෙම පරිවාර රථ එක්ක ගමන් යනකොට සහ ගිහින් පෙරලා ගන්න කොට කාටද ඉතින් ආඩම්බර? (නදී)

:       0       0

ධර්මසේන නවර්තන Saturday, 07 September 2013 01:01 PM

මෙහෙ එංගලන්තයේ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට යන්නේ පයින්. තමාගේ පොඩි දරුවා මොන්ඩිසෝරියට අරන් යන්නෙත් කකුල් දෙකෙන්. අනේ අපේ රටට ගියපු කලක්.(නදී)

:       0       0

පවිත්‍රා ධර්මප්‍රිය Saturday, 07 September 2013 01:03 PM

යන විදියට පෙරළිලා ඉතුරු උනා ඇති.(නදී)

:       0       0

ධම්ම Saturday, 07 September 2013 01:04 PM

වාරි මාර්ග ඇමතිතුමාට වාරිමාර්ග පෙන්නන්න යන්න ඇති.(නදී)

:       0       0

ලන්කාසිරි Saturday, 07 September 2013 01:28 PM

එහෙනම් ඇමතිලා පරිවාර රථයේ ගමන් කිරීම අනිවාර්ය කල යුතුයි (දී)

:       0       0

පාලිත Saturday, 07 September 2013 01:29 PM

හිතා ගන්න පුළුවන් ගිය හැටි

:       0       0

සෙන්තිල් Sunday, 08 September 2013 01:18 AM

දෙයියනේ! ඔක්කොම හොඳ මිනිස්සුන්ටනේ කරදර වෙන්නේ (නි)

:       0       0

ගමගේ Saturday, 07 September 2013 02:12 PM

හේතුව අධික වේගය (දී)

:       0       0

ධම්ම Saturday, 07 September 2013 02:22 PM

අනාගත සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් සදහා අපේ රටට හොඳ පුරවැසියන් බිහිකරන්නයි කියලා ඔය රට ගිය ඇත්තන්ගෙන් මා ඉල්ලා සිටිනවා. නැත්නම් ඉතින් අපේ දරුවන්ගෙන් ඔය රටවල් පෝෂණය වෙයි, අපේ රටට ගිය කලක් කියකියා අපට ඉන්න වෙයි.(නදී)

:       0       0

මනෝජ් Sunday, 08 September 2013 03:37 AM

ගොඩක් මිනිස්සු ලංකාව හැර වෙන රටවල් ලෝකේ තියෙනවද කියලා දන්නෙත් නැහැ.පිටිගල හරි (නි)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Saturday, 07 September 2013 02:57 PM

පරිවාර රථ , පරිවාස ආණ්ඩු , පරිවාස කාලය, පරිවාස හා ළමාරක්ෂක, පරිවාර සේනා, පරිවාර බිරින්දන්, සම්මානනීය මිනිස්සුන්ට හුලන්.(නදී)

:       0       0

සනත් Sunday, 08 September 2013 08:08 AM

පාරේ මිනිහෙක්ට යන්න බැරි තරම් වේගෙන් යන්නේ මේ කට්ටිය (දී)

:       0       0

පිටිගල Saturday, 07 September 2013 03:04 PM

එංගලන්තේ කියන්නේ මොන හිඟන රටක්ද? අපේ රට එහෙමද? එක ඇමති කෙනෙකුට වාහන හතක් අටක් තියෙනවා අපේ රටේ. රජ කෙනෙක් යනකොට වගේ පාරේ ඉන්න ඔක්කොම අයින් කරන්න චන්ඩි ටිකක් ඉස්සරහින් යනවා. ඒගොල්ලන්ගේ අණට කීකරු වෙලා හුදී ජනයා කාණුවට බහින්න ඕන. නැත්නම් හප්පනවා. අපේ ජනතාව මේ ඇමති වරුන්ට හරි ආදරෙයි. කවදාවත් පරදින්න දෙන්නේ නැහැ. අල්ලපු ගෙදර එකා හරි තමන්ගේම සහෝදරයා මරාගෙන හරි එතුමාව බලයට පත් කරන්න දඟලනවා. පෝස්ටර් ගහනවා. හොර චන්ද දානවා.එංගලන්තේ වගේ නෙවෙයි අපේ රට. සකල සිරින් පිරි සිරි ලංකාවයි මේ. අපට තියෙන සැප සම්පත් බලනකොට අපේ ඇමති කෙනෙකුට වාහන හත අටකුත් මදි. පරිවාර රථයක් පෙරලුනා නම් ඒක විසි කරලා දල අලුත් එකක් ඕඩර් කරන්න ඕන.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 07 September 2013 03:06 PM

මලේ නැද්ද? (නදී)

:       0       0

සීලා Saturday, 07 September 2013 03:14 PM

කරුණ කරලා පාරේ යන අනික් වාහනයි,පාරේ ඇවිදින මිනිස්සුයි , තමන් ගිය වාහනෙයි පරෙස්සම් කොලොත් වඩා හොදයි. පරිවාරක අයට මොනවා උනත් කමක් නැහැ.(නදී)

:       0       0

රෝහණ Sunday, 08 September 2013 07:13 PM

පිටිගල මහත්තයෝ, කාලෙකට පස්සේ ඇඟට දැනෙන කතාවක් දැක්කා ඔබට තුති.(නදී)

:       0       0

නන්දිකා Saturday, 07 September 2013 03:44 PM

පරිවාර රථත් එක්ක ඇමති තුමා රන් මාල දෙන්න ගිහින්ද ?(නදී)

:       0       0

අජිත් Sunday, 08 September 2013 11:00 AM

අහිංසක මනුස්සයෙක් එහෙම අහු උනා නම් (දී)

:       0       0

ගුණේ Sunday, 08 September 2013 11:04 AM

අපොයි ! නිමල් සිරිපාල ඇමති තුමා ? (දී)

:       0       0

නිලූකා Sunday, 08 September 2013 11:11 AM

මිනිස්සුන්වත් පරිස්සම් කරගෙන ඔබ තුමත් පරිස්සමෙන් ගමන් යන්න (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 08 September 2013 11:22 AM

දිසා,සරත්,චන්දී,රුපවති අක්කේ මොකද කියන්නේ ඇමතිගේ ඇක්සිඩන්ට් එක ගැන.මටනම් දුක රටට ගිය කල ගැන. (දී)

:       0       0

දම් Saturday, 07 September 2013 04:22 PM

පිටිගල ඔබ හරියටම හරි. ලංකාවේ මිනිස්සු වැඩි හරියක් ලිදේ ඉන්න ගෙම්බෝන්ට දෙවැනි නෑ. මේ අයට එංගලන්තයේ මන්ත්‍රීලා වගේ පොදු ප්‍රවාහනය අකැපය. මෙහේ කමොරෝන් මහතාත් නිවාඩුවට යන්නේ අඩු ගාස්තු ගුවන් යානා වල , නවතින්නේ සාමාන්‍ය හොටල වල., බොන්නේ හැමෝම යන සුරා සලට-අන්න ඒකට අපේ අය. ජනයා රටත් - අනාගතයත් උලා කාගෙනම මහ දවල් ඇවිදිමින්ම වල කරා යති.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 07 September 2013 04:41 PM

අනේ හොඳයි, තව තව මේ දේවල් නොඅඩුව සිදුවේවා.(නදී)

:       0       0

දසුනි Saturday, 07 September 2013 04:48 PM

වෙන රටවල් දිහා බලද්දී අපි ඉන්නේ කොච්චර පහත් තැනකද කියල රට ඉන්න අයට තේරුනාට කරන්න දෙයක් නැහැ. ලංකාවේ අයට ඒක තේරෙන්නේ නැහැ. ඒක තමා ලොකුම අවාසනාව මම දකින විදිහට.(නදී)

:       0       0

ප්‍රියන්ත ලන්ඩන් Saturday, 07 September 2013 04:54 PM

එංගලන්තේ අගමැති ගොඩක් වෙලාවට ගමන් කරන්නේ උමං දුම්රියේ. සමහර සෙනග වැඩි වෙලාවට හිටගෙන. ඔහු නිතරම පත්තර කීපයක් අතේ තබාගෙන කියවමින් යන නිසා ගොඩක් අය මොහුව හඳුනා ගන්නේ නැහැ. නමුත් මාධ්‍ය වාර්තාකරුවො නම් මොහුව කීප විටක්ම ඡායාරූප ගතකර තිබුනා. මීට අවුරුදු කීපයකට පෙර ටෝනි බ්ලෙයාර් මහත්මිය ටිකට් ගන්න අමතක වී ගොස් දඩයකුත් ගෙව්වා. කේට් කුමරිය නිතරම තම වාහනය වැරදියට නවත්වා දඩ කන කෙනෙක්. එංගලන්තේ නීතිය සැමෝටම එකයි. ඒ වගේම හැමෝම නීතිගරුකයි. විශේෂයෙන්ම දේශපාලකයෝ. ඒකට හේතුව ඔවුන් නීති කැඩුවොත් මෙහි බුද්ධිමත් ජනයා ඔවුන්ට නැවත ඡන්දය නොදෙන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 837 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1036 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 205 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5026 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1619 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31117 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site