ඇමැතිවරයකුගේ බිරියක පොලිස්පතිට ලිපියක් යවමින් තමාගේ ආරක්ෂාව සලසන ලෙසත් තම සැමියාට එරෙහි අල්ලස් චෝදනා විභාග කරන ලෙසත් ඉල්ලා සිටින්නීය.
අල්ලස් හෝ දුෂණ කොමිසමට යැවුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් තම සැමියා තමා සැක කරතියි ඇය පොලීසියට කියා ඇත.
හෙළි නොකළ මහා ධනයක් ඇමැති විසින් හිමි කැර ගන්නා ළදැයි කියන ආකාරය පිළිබදව සවිස්තරව එම ලියැවිල්ලේ සදහන් වෙතියි කියති.
ඇමැති තම බිරිය ගැන සැක කරනුයේ එම ලිපියේ සදහන් කරුණුම දික්කසාද නඩුවේ කරුණු ලෙස ඇය විසින් ඉදිරිපත් කැර තිබීම නිසා යැයි කියති.
තමා අල්ලස් කොමිසමට පැමිණිලි නොකළ බව ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් අපේ තැපෑල සම්බන්ධ කෙනෙක්ද ? (ස)
මෙතුමා අලුත් කෙනෙක්ද? (ස)
අඩුම ගණනේ මේ ඇමතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයවත් මාධ්‍යයෙන් රටට කිව නොහැකිද ? එසේවුනාම අපටත් අනුමාන කළ හැකියි. අද ගෙදර නෝනටත් එපාවෙන තරමට ඇමතිවරු දූෂණයට සම්බන්ධ නම් රටේ ජනතාව කොහොම තම "මනාප"ය දක්වයිද ? යම් පෙරැළියක පෙර නිමිත්තක්ද මේ ?(දිල්)
හොද ක්‍රීඩකයෙක් වෙන්නැති ? (ස)
අපි දන්නවා කවුද කියලා (ස)
ඔව් ඔව් මමත් කියනේ ඔය ඇමති විතරක් නෙමේයි අනිත් ඇමතිලාගේත් අදායම් හෙව්වොත් නරකද ? (දිල්)
මෙයා හොද ක්‍රීඩකයෙක් වෙන්නැති (දිල්)
ඔව්, ඔව් මෙයා සීතල පැත්තේ ගණන් කාරයෙක් කියලත් ආරංචියි.(දිල්)
අපේ ජනමාධ්‍ය මේ නම කොකියන සම්ප්‍රදාය නවත්වන්න ඕනේ. ඒකෙන්ම වංචා දූෂණ සෑහෙන අඩුකරන්න පුළුවන්. දැන් කවුරුවත් දන්නේ නෑ කවුද මේ හොර ඇමතියා කියලා. (ස)
අපේ ඇමතිතුමාට අපහාස කරන එකෙක්වත් නාවලපිටිය පැත්තේ එනව එහෙම නෙවෙයි. (ස)
අපේ රටේ ඉන්න අනිත් මැති ඇමතිලාගේ නෝනලා නැතිනම් බහු නෝනලත් මේ වගේ එළියට එනවනම් මොක ද වෙන්නේ. (ස)
ඇමති වෙන්න කලින් සේල්ස් රෙප් කෙනෙක් නේ (ස)
කවුරුත් නෙමේ අලුත් එක්කෙනා. (ස)
පරණගමගේ, පොඩ්ඩක් හිතල බලල නම ගන්නකෝ (ස)
ජනමාධ්‍යයෙන් කියන්න ඕනේ නෑ මේ ඇමති කවුද කියල. රටම දන්නා සීතල පැත්තේ අලුත් එක්කෙනෙක්. (ස)
අර පිළියන්දල කෙනාට වූ ඉරණම අත්කරයි ද , අහෝ, අනේ අපොයි. (ස)
ඔය ඇමති බිරිඳට කව්ද මිනිහෙක් ගාලු මුවදොර හෝටලේදි ලේ පෙරෙන්න ගැහුවලු නේද මගුල් උත්සවයක් දවසේ. සලෙස් රේප් දැක්කේ නෑ වගේ හිටියලු නේද...... (ස)
මෙයාගේ නම ගලුතමගේ (ස)
මෙයා නුවර . (ස)
නියම තැනින් තමයි සටන පටන්ගෙන තියෙන්නේ. ජයවේවා මැතිණියනි! (නි)
අර අහවලා නේද මේ? (නි)
මෙයා මොන පාසලට ගිය කෙනෙක්ද? (නි)
මෙයා බොලේ අර අහවල් ඇමතිතුමානේ (නි)
අනේ අපොයි මේ වගක් දන්නවා නම්? (නි)
ඔන්න මම නම් නෙමෙයි (නි)
ඔන්න මල්ලියෝ, මට ආයෙමත් කියන්න තියෙන්නේ පරණ කතාවමයි. දෙයියෝ තමයි මේ වරද කළේ. මනුස්සයන්ගේ මොළය ඇතුළේ ලා වැඩකට නැති දේ පිටත මැවුවා (නි)
අපි නම් දන්නවා (නි)
මේගොල්ලන්ට පිස්සුද මන්දා. මේ ඇමතිතුමා විදුලියෙන් අලුත් ගමකට ගිය ඇත්තෙක්. එහෙම ඇත්තන් අල්ලස් ගන්නේ නැහැ නොවැ. මට තියෙන පුරස්නේ, මේකෙන් අපේ ලොක්කගේ නමත් චුට්ටක් කැත වෙනවා.(ස)
ඔන්න ඔහේ ඔය නම කියල දැම්මනම් මොකද? නැත්නම් මේ ඇමතිතුමා හැර අර අනිත් අහිංසක ඇමතිවරු කියල මහජනතාව සැක හිතුවොත් ඒගොල්ලෝ පව් අප්පා...(ස)
දැන් හැමෝටම බලාගන්න පුළුවනි අල්ලස් කොමිසම නිවට නියාලු,බයාදු,විදියට හැසිරෙනවාද?නැතිනම් නීතිය සමොටම එකයි කියා ඍජුව කටයුතු කරනවාද කියා.සාමාන්යෙන් මේ වගේ සිදුවීම් වලදී සංවිධානාත්මක හොරු කණ්ඩායමක් පැමිණ වෙනත් බඩුමුට්ටු කීපයක් සමග මේ ලිපිගොනු ද අස්ථාන ගත කිරීමට බැරි කමක් නැත.නැතිනම් මීට පෙර කළුතර පැත්තේ අමතිකෙනෙකුගේ කෝටි ගණනක පරීක්ෂණ මෙහෙය වූ නිලධාරීන් අම්පාරට මාරු කර එම දත්ත ඇතුලත් පරිගණකය ඉස්සුවා වගේ දෙයක් කරන්නත් පුළුවනි.මොහු ජීවිතේට පක්ෂය නම් මාරු කරන කෙනෙක් නොවේ.බැරිවෙලාවත් එසේ කලොත් නම් මේවා දෙගුණ තෙගුණ වී සිදුවේවි. (ස)
එයා ගැන හැමෝම දන්නවා. නම නොකිවුවත් ඇමති කවුද කියලා හිතා ගන්න. මොහුගේ වත්කම් කියන්න ගියොත් මේකේ ඉඩ මදිවෙයි. (නි)
අර්ජුන රණතුංග වැනි අවංක දක්ෂ දේශපාලඥයන්ට අද තැනක් නැහැ. මොකද හොරකමට,වංචාවට කැමති නැති නිසා.ඒ අය අස්වෙලා අද නිකම්ම මන්ත්‍රීවරු. අද තැනක් තියෙන්නේ එහෙම අයට නොවෙයි (නි)
බලාගෙන යනකොට 50%ක්ම එක වගෙයිනේ (නි)
බොරුවට පළිගැනීමට ලුහුබදින්නේ නැතුව අල්ලස් කොමිසම ශාක්ෂි සහිතව අතටම අල්ලලා දී තිබෙන පුද්ගලයට වරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.එය රටේ ජනයාගේ බදු මුදලින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයක් ලෙස අල්ලස් කොමිසමේ වගකීමකි. (නි)
යන්න යනකොට යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කියන්නේ කට කහනවාටද? (නි)
ලංකාවෙ අල්ලස් කොමිසමක් තියෙනවද? අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් මට හොයලා දෙන්නකෝ (නි)
මම නම් දන්නවා කවුද කියලා ෂුවර් එකටම (නි)
අදාල පොලිසියේ අවධානය පිනිසයි (නි)
මෙන්න ආශ්චර්යවත් ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්ගේ වැඩ (නි)
අර අරයා නේද? (නි)
මම නම් දන්නවා නම (නි)
කොහේහහරි ගමකට ගිය කෙනෙක්ද? (නි)
අල්ලස් කොමිසමත් අද අසරණ වෙලා ඉන්නේ.මේවට ප්‍රමාණවත් ශාක්ෂි තිබුනත් තම රාජකාරිය අවංකව කළහොත් අම්පාරට,මඩකලපුවට වගේ පළාත් වලට මාරු කරන නිසා. මතකනේ සුදු පොළ වටලපු නිලධාරීන්ට වුණ දේ.ප්‍රබල දේශපාලකයෙකුගේ අනුමැතිය ලැබුනොත් නම් නීතිය ක්‍රියාත්මක වේවි. (නි)
කියන්නද නම? (නි)
මේ අර අපේ අැමතිතුමානේ (නි)
මේ අැමති කවුද කියලා මම දන්නවා (නි)
රට එන්න එන්නම විනාශය කරා යනවා කියලා පිට රටවල ඉන්න අපිට තේරිලා ගොඩාක් කල්. (නි)
රටේම නීතිය 'කැසිනෝ" තත්වයටම බිද වැටිලා.තවත් බිද වැටෙන්න තැනක් නැහැ.මොළේ කළදක් තියෙන ඕනෑම කෙනෙකුට තේරුම්ගන්න අපහසු නැහැ. (නි)
කියන්නද කවුද කියලා? (නි)
අර අහවල් නගරයට අල්ලපු නගරයේද ගේ තියෙන්නේ? (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
ඇය ගැන මට දුකයි (නි)
නෝනා කරදර වෙන්න අකමැතියි වගේ. (නි)
අනේ ඔය අපූරුවට ද්‍රවිඨ වෙබ් අඩවියක තියෙන්නේ කව්ද කියලා. (නදී)
දැන් හැම බිරින්දෑ කෙනෙක්ම මෙහෙම ආරක්ෂාව ඉල්ලුවොත් පොලිසියට අළුතෙන් බදවාගන්න වෙයි (නි)
පොලිස්පතිතුමාත් කොයිකටත් ප්‍රවේශමෙන්! (නි)
කියන්නකෝ මෙයා කවුද කියලා (නි)
ඇයි කවුද කියලා කියන්නේ නැත්තේ? (නි)
කියන්නද මම කවුද කියලා? (නි)
නම කියල වැඩක් නැහැ. අද කාලේ ඉන්න ඇමතියො බහුතරයම හොරු. ඒකයි තේරුම් ගන්න තියෙන්නෙ (නි)
ඔන්න, මම නෙමෙයි. හරිද? (නි)
රටේ මැද පළාතේ ඉන්න කෙනෙක් ද ? (නදී)
අද ඉන්න ඇමතිලා හුග දෙනෙක් හොරු. අනිත් එක එයාලට කොහෙද ලජ්ජා බය කියන දේවල්. ටික දවසක් යනකොට ඒක හැමෝටම අමතක වෙනවා.(නදී)
අපේ මිත්‍ර බන්දුල පෙරේරා මහතා මේ ඇමතිතුමා ගැන දන්නවා ඇති. නමුත් අදහස් නොමැත (නි)
දේශපාලනය කියන්නේ රටත් ජනතාවක් සුරා කන රැකියාවක්. ඔවුන් හැදෙනවා මිසක් ජනතාවට සේවයක් නම් වෙන්නේ නැහැ. (නි)
දන්නවා නම් මොකද නම කියන්න බැරි? (නි)
වැඩිපුරම කොමිස් ගැහුවේ මොකෙන්ද දන්නේ නැහැ නේද? (නි)
මම දන්නා විදිහට නෝනා මීට කලිනුත් නඩු දැම්මා දේපලවලට. මම හිතන කෙනාට නම් හොරකන් කරන්න දෙයක් නැ. සල්ලි තියෙනවා ඕනෑතරම්. මේවා දේපලවල ප්‍රශ්න. තණ්හාවට හා ප්‍රසිද්දියට කරන වැඩද කොහෙද ? (නදී)
ඇත්තටම දන්නේ නැති නිසයි මේ අහන්නේ? කවුද මේ ඇමති. (නදී)
අලුතින් හදපු ගම ගෙදර. (නදී)
නම දාන්නේ දෙයියෝ සාක්කි තීරුවේද? අනේ මට නිකන් කැරකිල්ල වගේ කවුරු හරි මට කියා දෙන්නකෝ මම මේ දවස්වල මෝටර් රේස් එකට ලැහැස්ති වෙනවා.(නදී)
ජීවත් වෙන්න උවමනා ගානට සාධාරණව සල්ලි හොයන අයට විතරයි සුන්දර පවුල් ජීවිත තියෙන්නේ. මහජන මුදල් හොර රහසේ පොදි බඳින කිසිවෙකුට විමුක්තියක් ලැබේවි කියලා මම නම් හිතන්නේ නැහැ.(නදී)
පින්වත් මහ රජාණනි ,ඒ අසූකෙළක් මහා ධනය රාජ සන්තක කොට,දුගී මගී යාචකයින්ට දැන් දුන මැනව.(නදී)
අහෝ ඇමතිතුමනි! (නි)
දැන් අනිත් ඇමතිවරු හැමෝම එයාලගේ නෝනලාට කවදාවත් නැති විදිහට ගරු කරනවලු. සළකනවලු. (නි)
සුමංගල ඇල්පිටිය, පිස්සු කතා කියන්න එපා (නි)
රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සාමාන්‍ය රීතියක් තියනවා ආයතන ප්‍රධානියෙකුට ලිපියක් ලැබුනහම එම ලිපියේ තම විෂය සීමාවට අදාළ දේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමත් එහි වෙනත් කරුණු ඇත්නම් ඒවා සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන ප්‍රධානියාට යොමු කිරීමත්. අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හා දුෂණ කොමිසම ක්‍රියා කිරීමට නීතියෙන් බැදී සිටී. (නි)
මෙතුමා අපේ මොන ඇමතිතුමාද? (නි)
පොඩ්ඩක් ඉවසපල්ලා දරුවනේ...උපාසක ඇත්තන්ගේ වාසගමත් එක්කම එළියට ඒවී (නි)
අර පොලිසියේ 4 දෙනාට වැඩේ බාර දෙන්න අක්කේ. (නි)
ගින්දර කැවම මළපහ කරන්න වෙන්නේ අගුරු කියන්නේ නිකන්ද? (නි)
මම නම් දන්නවා කවුද කියලා (නි)
වැරදි කරන අයගේ නම හෙළි කරන්න (නි)
ඔන්න මම නම් නෙමෙයි හොදේ (නි)
ඒක ඒ ගොල්ලන්ගේ පවුල් ප්‍රශ්නයක්. අපිට මොකද නේද? (නි)
මොනවා කළත් ඕනෑම දෙයක් කරන්න ප්‍රවේශමෙන් (නි)
මමත් නම් දන්නේ නැහැ මෙයා ගැන (ස)
මේ ඇමති වරයා අභියෝග කරන්නේ ප්‍රබලයෙකුට.ඉතින් කොහොමද මේ ඇමතිවරයාට විරුද්ධව අල්ලස් චෝදනා ගෙන එන්නේ. (ස)
කට්ටිය එන්නේ කොන්ද නමාගෙන. ඒත් යනකොට යන්නේ වෙන විදියකට (ස)
බයනතුව හොරකම් කරන්න ඇමතිතුමෝ. එක වේලක් කාලා හරි අපි ලබන පාරත් ඔයාට මනාප දෙනවා (නි)
මේ තීරයට ලියන බොහෝ දෙනෙක් කාලයාගේ ඇවෑමෙන් දේශපාලන පරිණත බවක් ලබාගෙන තිබීම සුභ ලකුණක්. කොට්ටෝරුවා හැම ගහකටම කොට කොටා ගිහිල්ලා කෙහෙල් ගහට කොටපු දාට තමයි හොට පටලවා ගන්නේ. (නි)
හරිම කෙනා හෙට වෙද්දි බලා ගනිමු (නි)
ආයේ ඕක හංගන්න ඕනෑයැ? (නි)
ඔය අසාධාරන විදිහට සල්ලි හම්බකරන අයගේ පවුල් වල මේ වගේ ප්‍රශ්න තියනවා. නීතියෙන් දඬුවම් නැතත් එක ස්වාභාවිකව වෙන දෙයක්. මේ වගේ සල්ලි වලින් දරුවන් පෝෂණය කරන්න එපා (නි)
මෙන්න බඩුත් සමග හොරු. (නි)
මම ඉන්නේ විදේශයක. ඔය කියන විදියට ජරාව කනවා නම් නමටත් නිග්‍රහයක් නේ (නි)
අලුතෙන් ගමේ ගෙයක් මමත් දැක්කා දවසක් ගමනක් යනකොට (නි)
මෙයා තමයි අර අහවලා (නි)
ඇයි ඔයාල එයාගේ නම නොකියන්නේ? එයා ගැන විතරක් නෙමෙයි, හැමෝම ගැන හොයන්න පුළුවන් නම් හොදයි. (නි)
පරණ මිනිස්සු විදියට දේශපාලනයට එනවා.අලුත් අය විදියට ලොකු සල්ලිකාරයෝ වෙනවා.රටේ අනාගත පරපුරට දෙවියන්ගේම පිහිට වේවා (නි)
මුලදීම මොළේ ඇතුව වැඩ කළා නම් මෙවැනි චෝදනා එන්නේ නැහැනේ (නි)
අද ඇමතිලා බොහොමයක්ම මෙහෙමනේ.... (නි)
අනේ බිරිය පවු! (නි)
අනිත් ඇමතිවරුන්ගේ නෝනලාත් දික්කසාද නඩු දැම්මොත්, කාගේ කාගේත් සෙල්ලම් බලාගන්න පුළුවන්! (නි)
නෝනා මේවා කොහොමද හොඳට දන්නේ සවිස්තරාත්මකවම? (නි)
රනිල් මහත්තයා හොරකම් කරන්නේ නැති නිසා එතුමාට කවදාවත් ඡන්දයක් දිනන්න බැහැ. බහුතර ජනතාවගේ එකම බලාපොරොත්තුව හොරු සහ දුෂකයෝ. හෙට ඡන්දයක් තිබ්බොත් දුෂිත ඇමතිලා දිනුම්. ඒක තමයි යථාර්තය. (නි)
අර අහවල් ඇමැතිනේ! (නි)
මොකද නම දාන්නෙ නැත්තේ? (නි)
සැගවුන අමුත්තා අල්ලන්න වැඩි විස්තර අවශ්‍ය නැහැ (නි)
ඔහෙලාට මතකද දන්නේ නැහැ මේ කියන ඇමතිතුමා කාලයකදී උඩ පැන පැන එවකට තිබුණු රජයේ දුෂණ ගැන රුපවාහිනියේ කතා කරපු හැටි. (නි)
මෙයා කව්ද? (නදී)
එම ලිපියේ සඳහන් කරුණුම දික්කසාද නඩුවේත් තිබේ නම්, බිරිඳ අල්ලස් කොමිසමට පැමිණිලි කළෙත් නැත්නම්, ඒ කියන්නේ තෙවන පාර්ශවයක් සම්බන්ධ වී අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවද? කෙසේ නමුත් ආනන්දජනක පැමිණිලි කිරීමක්. ඇමතිතුමාට හිතෙන්නේ නැද්ද දන්නේ නැහැ "මා හින්දානේ මේ සේරම" කියලා. (නි)
මේකත් එක්තරා ක්‍රීඩාවක් වගේ තමයි (නි)
පුලුවන් නම් නම හොයාගන්න. (නි)
මේ නම් අපි හිතන කෙනා වෙන්න බැහැ නේද ?? එයා සත් ගුණවත් හොරකම් නොකරන කෙනෙක් නේ ... (නි)
මෙයා කුස ජාතකයේ කුස වගේ.(නදී)
මේ කාන්තාව සමහරවිට මරණ බියෙන් ඇති කෙනෙක් වෙන්න ඇති. ඒ නිසා මෙය ඵල නොකලා කම් කියා මට සිතෙනවා. මේ මගේ ලිපිය ඔබලා පල නොකරනු නොඅනුමානයි. ඒත් මා දන්නවා ඔබ මෙය කියවන බව. ස්තුතියි. (නදී)
මේක තවත් ක්‍රීඩාවක්ද ? (නදී)
සමහර කර්ම මේ ජීවිතයේදීම විපාක දෙනවා. ධර්මය නොදන්නා අමන මිනිස්සු බලය නිලය පාවිච්චි කරලා අහිංසක දුප්පත් අසරණ ජනතාව සුරගෙන කන්නේ ජනමාධ්‍ය විජ්ජාව පෙන්නලා ඇස් බැන්දූමෙන් රවට්ටලා මුල කරලා. අන්ත අසරණ ජනතාව දුකට පත්කර සැප විඳීමට ලජ්ජා නැතිකමේ විපාක මෙලොව පරලොව දෙකේම එකසේ ලබනු නියතය. ගාල්ලේ මහින්දෙටවත් කොළඹ ආනන්දෙටවත් ගියානම් ධර්මය ගැන ඔයිට වඩා හිතාවි. (නදී)
සමහරවිට ගෙදර නෝනත් එක්ක අම්ගම්පොර ක්‍රීඩා කරන්න යන්න ඇති. මම නම් ඔය වගේ ක්‍රීඩා කරන්නේ නැහැ. හැබැයි එන පොට හොඳ නැ. අල්ලස් එකට ලිඛිතව ගියා කියන්නේ වැඩේ අමාරුයි. (නදී)
මෙන්න රට වැසියනි, අළුක්ම ගමේ කතාව.(නදී)
රටේ යහ පාලනයට මෙවැනි දුෂිතයින් පැන්නිය යුතුය.(නදී)
මිනිපෙ, කාට හරි මරණ තර්ජනයක් තිබේ නම් ඒ බව මාධ්‍යයෙන් පල කිරීම මගින් එසේ තර්ජනය කරන පුද්ගලයන් පසු බෑමකට ලක්වන බව මගේ හැඟීමයි. ඇය පමණක් නොව අප හැමෝම ජිවිතයට ආශා බව ඇත්ත. (නදී)
රට හදන්න හිටිය එකම පුද්ගලයා වන ජෙනරාල් සරත් ෆොන්සේකාගේ වටිනා කම දිනෙන් දින ඉහළ යනවා. ඉස්සර කතා කරන්න දන්නේ නැහැ කියල අනිත් පැත්තට කතිරේ ගහපු මගේ බිරිදත් දැන් ඔහුගේ රැස්වීම් හොයනවා යන්න.(නදී)
ඔන්න පළමු වෙඩිල්ල. සදේ ලග ලග පෙරහැර එනවද කොහේදෝ නිලමේත් ඒවිද දන්නේ නැහැනේ.(නදී)
අනේ අපිත් මේ මෑතක් වෙන තෙක් මේ අය වෙනුවෙන් කඩේ ගියා. මේ අය වෙනුවෙන් පෙනී සිටියා. දැන් මේ ගොල්ලන්ගේ බිරින්දෑවරුත් මොවුන්ගේ අල්ලස්,කොමිස් ගැහිලි ,දුෂණ,පිළිබද හෙළි කරනවා නම් අපි කොහොමද තවත් ඔවුන්ව ශුද්ද කරන්නේ. දැන් නම් මමත් මේ කිසිම දේශපාලකයෙක් සැබෑ දේශප්‍රේමියෙක් කියා පිළිගන්නේ නැහැ. දැන් බලන කොට මේගොල්ලන්ට සුදු හුණු ගාන,කඩේ යන,අපියි මෝඩයෝ. (නදී)
ක්‍රීඩකයෙක් නේ. ලැජ්ජාවේ බෑ. (ස)
හිතට එකඟව කතා කිරීම ගැන මම බන්දුල පෙරේරාට මගේ උපරිම ගෞරවය හිමි වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැකීම සතුටට කරුණක්. (ස)
ආරක්ෂාවට යවනකොට හොඳ හැදී දැඩි අය යවන්න. (නදී)
මේ නියම බන්දුල පෙරේරාගේ අදහස් යයි පිලිගත නොහැකිය. මට හිතෙනා හැටියට බන්දුල ලියන්නේ නම් ඒ මෙසේය.' මේ ඇමති බිරිය දික්කසාද නඩුවක් දමා ඇති බැවින්, එන්.ජී.ඕ කාක්කලා සහ රතු මල්ලිලා ඇය භාවිතා කරමින් අරාබි වසන්තයක් වෙනුවෙන් හීන දකී. අරාබි වසන්තයේ මල් නොපිපේ' (මේ මට හිතෙන හැටිය.) (නදී)
මේ පැමිණිල්ල කරපු ඇමති බිරින්දෑ සාපරාධි අපහාස කිරීමේ චෝදනාවට වරදකාරිය වී හිරේට නියම වෙයි. ඇමතිතුමා නිදහස් වෙයි. ඔය වගේ මද වේග පන්දුවලට හයේ පහරවල් ගහන්න මෙයා හරි දක්ෂයනේ. (ස)
මට නම් හිතෙන්නෙම ආරෝග්‍යා පරමාලාභා බාරව හිටපු අපේ ඇමති තුමාද ? (නදී)
මෙම ඇමති බිරිය තමන්ගේ පුරුෂයා අල්ලස් වලින් හම්බ කරනවා කියල අල්ලලා දෙන්නේ මොකක් හෝ වෙනත් හේතුවකට වන්නට ඕනේ . වෙනත් පුරුෂ සම්බන්ධයක් හෝ මිල මුදල් යහමින් නොලබිමක් වගේ දෙයක් . (ස)
ඇමතිතුමාට මේ අදහස් බලද්දී මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මෙයා අරයා නේද? ඉතින් දැන් ඔය අල්ලස් නඩුව විභාගයට ගනියිද? මම නම් හිතන්නේ නැහැ මෙයාට මොනවත් වෙයි කියලා. තව ටිකක් පිට්ටනි එහෙම නවීකරණය කරලා ඒකෙනුත් කීයක් හරි හම්බ කරගෙන අලුත් නෝනා කෙනෙකුත් අරගෙන හොදින් ඉදියි. (නදී)
ඇමති බිරියටත් ආරක්ෂාව නැත්නම් අපි ගැන මොන කතාද? (නි)
මෙයාගේ ලෝක වාර්තා ගොඩක් තියනවා,ගොඩක්ම ගුවන සමග සම්බන්ද ඒවා.(නදී)
මේ වෙලාවට තමයි සුනිල් අයියාගේ සිංදුව මතක් වෙන්නේ.(නදී)
අනේ මුළු කැබිනට් එකේම ඇමතිවරුන්ගේ නෝනලා මේ වගේ නම් කොච්චර හොඳද ? (ස)
කට්ටිය ඩුප්ලිකේට් එකයි ඔර්ජිනල් එකයි අදුනන බව නම් පැහැදිලියි..කොහොම උනත් තිලක් ඩුබායිට වචනයක් කියන්න ඕන ..ගිය සති අන්තේ ලංකාදීපේ දියත බලන්න..නෝනව පරිස්සම් කරගන්න.එක වේලට 1500ක් වියදම් කරන නෝනගේ තෙල් මන්ද ගැන ටිකක් පරිස්සමෙන් ඉන්න..අද දේසපාලනයේ බෝධිසත්ව වරු හොයන පතන මහත්තුරු හොඳින්ම යථාර්තය දන්නවා..මේක බිස්නස් එකක් ..අද දේසපාලනය කියන්නේ මුදල් බලය මත යැපෙන දෙයක්.මේ දේසපාලන රටාව වෙනස් කරනකම් දේසපාලකයින්ගේ වත්කම් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව වර්ධනය වීම නතර කරන්න බැහැ.රට පාලනය කරන හැම පක්ෂයකම හොරු ඉන්නවා..මෙතුවක් හැම පක්ෂයකම හොරු දුෂකයෝ කොමිස් කාක්කෝ හිටියා..අපි අහසින් එක පාරටම මේ යුගයට පත් උනේ නැහැ...මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි..මේ ගහ මරාගෙන දුක් විදලා කට්ටිය දේසපාලනේට එන්නේ අපිට ආදරේට නෙමෙයි...කට්ටිය හීන දකින සුපිරිසිදු බෝධිසත්ව දේසපාලකයෝ ඉන්නේ ඉතින් සුරඟන කතාවල තමයි..කවුරු ඔතනට ආවත් ප්‍රතිපලය ඕක තමයි..අවංකව කිව්වොත් මම ගියත් ඔච්චර තමයි...හරි ආසයි අපිටත් මේ කට්ටිය කියන කිසි දුෂණ වංචාවක් නැති සුදු ඇදගත් බෝධිසත්ව පාලකයින් ඉන්න රජයක් යටතේ පාලිතයන් වෙලා අත්දැකීමක් ලබන්න.කෝ ඉතින් එහෙම කට්ටියක් එන පාටක්වත් නැහැනේ. (ස)
මෙයා අපේ අහවල් ඇමතිතුමා නේද? (නි)
අලුත් සක්විති කෙනෙක්ද ? (නදී)
ඇමති බිරියන් ඔක්කොම එකතු වෙලා වත්කම් හෙළි කලොත් පිට රටවලට කියෙන නය ගෙවලා ඉවර කරන්න පුලුවන් වෙයි නේද? (නදී)