‘‘ඇබර්ඩීන්‘‘ දිය ඇල්ල හා ඊට ඉහළින් පිහිටි පරිවාර දියඇලි පහ අවහිර වන අයුරින් යෝජිත කුඩා ජල විදුලි බලාගාරය එම ස්ථානයේ ඉදි නොකර දිය ඇලි අවහිර නොවන අයුරින් වෙනත් ස්ථානයක ඉදිකීරීමට පියවර ගන්නා ලෙස පරිසර හා පුනර්ජීව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිකිරීම් සමාගමට දන්වු බව නුවරඑළිය මහ දිසාපති ඩී. පී. ජී කුමාරසිරි මහතා පවසයි.
අඹගමුව කෝරළයේ ඇබ්ර්ඩීන් ප්‍රදේශයේ කැළණි ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය හරස් කර ඇබර්ඩීන් දිය ඇල්ල හා හා ඊට ඉහළින් පිහිටි දිය ඇලි පහක් අවහිර වන අයුරින් සහ දැඩි පාරිසරික හානියක් සිදු වන අයුරින් ඉදි කිරීමට යෝජිත කුඩා විදුලි බලාගාරයට එරෙහිව ප්‍රදේශයේ ජනතාව හා පරිසර සංවිධාන රැසක් දැඩි විරෝධය පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අගය කල යුතු පියවරක්.(ස)
එතුමා ගොඩක් රටට ආදරෙයි වගේ (නි)
ඉතාමත් බුද්ධිමත් රටට ඵලදායි වැඩක්.(නදී)
ඇබර්ඩීන් හා තවත් දිය ඇලි පහක් අවහිරවෙන විදිහට ජල විදුලි බලාගාරය සෑදීමට මුලින්ම යෝජනා කළේ කවරෙක්ද? එවැන්නන්ට මෙවැනි බාරදුර වගකීමක් පැවරුවේ කවුද? ස්ථානය වෙනස් කිරීමෙන් පසු බලාගාරයෙන් විදුලිය නිපදවිය හැකිද? එසේ කළහැකිනම් දැන දැනම දිය ඇලි අවහිරවෙන පරිදි බලාගාරය ඉදිකිරීමට යෝජනා කළ අය පිලිබඳ පරීක්ෂණයක් අරඹන්න.(නදී)
මේවගේ කරෙන්ට් බිල ගැන හිතන්න ශක්තිය ලැබේවා.(ස)
ලකාවේ සුන්දරත්වයට හානි වන එක නෙමෙයි සංවර්ධනය කියන්නේ... ඇබර්ඩීන් කියන්නේ ලංකාවේ සුන්දරම දියඇල්ල (නි)
හොඳ වැඩක්... (නි)
සුන්දර දිය ඇලී සුරකින ඇමතිතුමනි, ඔබට දිවි ඇතිතෙකම් ඔය පුටුවේ ඉන්න වාසනාව ලැබේවා! (නි)