(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුදන් ද මෙම කමිටුව සඳහා පත් කරනු ලැබ තිබේ.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකා බද්ද ගැන බලන්න ජනපතිගෙන් කමිටුවක්
පම්පෝරි ජනක Thursday, 03 April 2025 12:06 PM
අර හැමදේකටම උපදෙස් දෙන රනිල් ගෙන් ඇහුවොත් නරකද මොකද කරන්නේ කියල ? නැත්නං මාසෙකට විතර පස්සේ ඇවිත් අහයි ඇයි මේවට මුකුත් කරේ නැත්තේ කියල
prasanna Thursday, 03 April 2025 12:35 PM
ලොක්කා ඇමෙරිකාවේ තානාපති පස්සෙන් ගිහින් ඉල්ලන් කෑවා ?
ලුම්බිණි Thursday, 03 April 2025 12:43 PM
බලමු අපේ එක්ස්පර්ට්ල මොනවද කියන්නේ කියල .
Amila Thursday, 03 April 2025 12:46 PM
මදෑ බුකින් ඩොට් කොම් එකට බදු ගහන්න ගියා..
de silva Thursday, 03 April 2025 01:24 PM
අමිල බුකින් ඩොට් කොම් එකට බදු ගැසීම සහ ට්‍රම්ප් සිධිය අතර කිසිම සම්බන්ධයක් නැහැ , නමුත් ආණ්ඩුව booking.com එකට බදු ගහන්න ගියොත් ඔවුන් කෙලින්ම ලංකාව සමග වැඩ කරන එක නතර කරවී , එහෙම කලොත් අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණය 50% පහල වැටේවි , ලංකාවේ ටුවරිස්ට් බෝර්ඩ් එකට ඔවුන්ට වගේ ලෝකේ පුර විහිදුන ප්‍රචාරක ජාලයක් නැහැ , එහෙම කලොත් එක හරියට ගොටගේ රසායනික පොහොර තහනම වගේ වේවි , මේ වෙනකම් සංචාරක වියපාරේ කරගෙන ගියේ පුද්ගලික අංශය , ටුවරිස්ට් බෝර්ඩ් එක කරපු මගුලක් නැහැ , පුද්ගලික අංශයට කරගෙන යන ආකාරයටම කරගෙන යන්න හරින්න , ලංකාවේ ටුවර්සම් වලට ආණ්ඩුව අත දමලා ඒක විනාශ වුනොත් අපි සියලුදෙනාටම බඩගින්නේ ඉන්න වෙනවා ,
ගුණරත්න Thursday, 03 April 2025 01:52 PM
අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වාහන උන් තමා දැන් ආණ්ඩුවේ ඉන්නේ. ඇමරිකාව තමන්ගේ ප්‍රතිපත්තිය ගැන කල්තියාම කිව්වා, එත් අපේ සිංහල විතරක් ලාවට දන්නා වාචාල නිකම්මු කාලේ කාදමමින් හිටියා මිසක් සාකච්ඡාවක් වත් පවත්වල අපේ වාසියට වැඩ කරගන්න හිතුවේ නැහැ.
[email protected] Thursday, 03 April 2025 03:14 PM
කැමති වුවත් නැතත්, ඇමරිකා එක්සත් ජනපදය අපගේ විශාලතම අපනයන වෙළඳපොළයි. ඇමරිකානු රජයට අත්‍යවශ්‍ය නොවන අය සඳහා පැකේජ සහ වැටුප් ඉවත් කිරීමට DOGE නිර්දේශ කළේය. USAID අතහැර දමා, WHO වෙත ආධාර ලබා දීම සහ තවත් බොහෝ දේ. ට්‍රම්ප් ප්‍රායෝගික ජනාධිපතිවරයෙක් වන අතර, අපගේ නිෂ්ඵල කතා කරන නායකයින් ගැලරියට සෙල්ලම් කරන ආකාරයට වඩා වෙනස් ය. ඔබට EU හෝ මැද පෙරදිග වෙනත් තැනක නිමි භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට සිදු නොවන්නේ නම්, විරැකියාවේ රැල්ලක් අපේ රටට පහර දෙනු ඇත. අනුර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉගෙන ගත යුතුය, එසේ නොමැතිනම් අපි කිසිදා නොවූ විරූ ලෙස දුක් විඳිනු ඇත.
බද්රානි Thursday, 03 April 2025 03:59 PM
අනුර කුමාර මහත්තයෝ, දැන් ඉතින් මෙතන බොරුවට කමිටු පත්කරලා තියන තුට්ටු දෙකත්, කාට හෝ පුජා කර ගන්න වෙලාවේ, කල යුතුව තිබුනේ, ට්‍රම්ප් දිගට හරහට බදු වැඩිකිරීමට සැරසෙන විට, අපි ඊට කලින්, ඇමරිකානු ආනයන මත අය කරන බදු අඩු කළා නම්, ට්‍රම්ප් මහතාගේ කරුණාව හිමිකරගන්නා තිබුනා...අපිට කොහෙද ඉතින් එහෙම, දුරදිග හිතා වැඩකරන, දුරදක්නා නායකයෝ..? අනික ඉතින් අපිට නිදහස් වෙළඳ ගිවිසුම් ඇලජික්නේ...අනික ඉතින් එහෙම නම්‍යශීලී ප්‍රතිපත්ති අපට නැහැනේ ලෝකෙටම ලොක්කෝ, කෙරුමෝ අපි තමයි කියල හිතාගෙනනේ අපි වැඩ කරන්නේ..
නිමල් පෙරේරා Thursday, 03 April 2025 07:02 PM
ජාත්‍යන්තරය කළමනාකරණ කරන එක වේදිකා වල මයික් පලන තරම් ලේසි නෑ කියලා දැන්වත් මේ රටේ හැට අට ලක්ෂෙ චන්දදාසල දැනගන්න ඕන. ඉංග්‍රීසි භාෂාව ඕන නෑ රට හදන්න කියපු අයටත් මේවා තේරුම් ගන්න දැන්වත් පූළුවන් ද? මේ තමයි පැහැදිලිවම රාජ්‍ය තාන්ත්‍රික නොහැකියාව. යුද්ධය තිබුණ කාලෙවත් මෙහෙම ඇමරිකාව බදු පනවලා ආර්ථික ප්‍රහාර එල්ල කළේ නෑ. බොරු කියන්න කයිවාරු ගහන්න විතරක් පුළුවන් අය බකන්නිලාගෙන ඉන්නවා හැර මොනවා කරන්නද?
Sameera Thursday, 03 April 2025 08:46 PM
ඇමතිවරුන් හැමදාම ගිහින් තානාපතිනිය සමග මොනවද සාකච්ඡා කලේ?
Don perea Friday, 04 April 2025 01:36 AM
මේකාට මේවා තේරෙන්නේ නෑ... හැබැයි ගොන්නුන්ට කතා කරන්න දන්නවා
sakra Friday, 04 April 2025 04:34 AM
ගෝටා අනාගත්තටත් කලින්ම මෙයත් අනාගන්න හැඩයි. වලටම පෙරලිලා තිබුණු බස් එක යස අගේට කජු සීයා ගොඩගනිමින් තිබුන. කොහෙද එක මිටට කෙලව ගන්න අපේ අයටත් පුදුම අමාරුවක්නේ තිබුනේ. දැන් ඉතින් සීයා පස්සෙනුත් හිනාවෙනවා ඇති . දිර්ඝකාලින සැලැස්මක් යටතේ රට ගෙනියන්න හදපු හැම වෙලාවේදීම ඒක කණපිට ගහන්න පුදුම අමාරුවක් තමයි අපේ උන්ට තිබුනේ .
Damith Friday, 04 April 2025 05:07 AM
පචමල්ල කරේ තියාගෙන හතරදිබ්බාගේ ඕපාදූප කිය කියා රවුම් ගැහුවා. දන්නෙම නැතුව ඕන දේවල් මඟහැරුනා.
de silva Friday, 04 April 2025 09:45 AM
භාද්‍රනිගේ අදහස අනුමත කරන අතර රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්න නම් භාණ්ඩ සහ සේවා , ඉදිකිරීමේ කර්මාන්තය සහ අනෙක් කර්මාන්ත වලට අමුද්‍රව්‍ය වලට ගහන බද්ද අඩුකලයුතු බවත් , රටවල් අතර නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කල යුතු බවත් සදහන් කරමි ,
R.T.Sarath Friday, 04 April 2025 09:53 AM
booking.com එක ක්‍රියාත්මක වන්නේ ඕලන්දේ හෝ සිගපුරුවේ සිට අන්තර්ජාලය හරහා , ඔවුන්ට මම දන්නා තරමින් ලංකාවේ කාර්යාලයක්වත් නැහැ ඔය වගේ දෙයකට බදු ගහන්න ලංකාවට පුලුවන්ද ? කෙටියෙන් කියනව නම් ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වෙන youtube එකට හෝ googel සමාගමට හෝ චැට්GPT එකට බදු ගහන්නේ කොහොමද ? ඒවා බ්ලොක් කලොත් අපේ ආර්ථිකයට වෙන පාඩුව කුමක්ද කියල දන්නා කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුලුවන්ද ?
sanath Friday, 04 April 2025 10:31 AM
ට්‍රම්ප්ගේ බදු ගැන සොයන්න ඉස්සෙල්ල අපේ රටේ බදු සාධාරණ ද කියල සොයලා බලන්න කමිටුවක් පත් කරන්න. සමහර රටවල ගහන්නේ ඍජු බදු , සමහර රටවල වක්‍ර බදු , අපේ රටේ ඍජු බදු වක්‍ර බදු යන දෙකම ගහනවා . එක නිසා තමා ලංකාවේ ජිවන වියදම ඉහල ගිහින් තිබෙන්නේ , සහල් කිලෝ එකට ගහන 50% බද්දෙන් පටන්ගත්තම වාහන වලට ගහන 200%-400% අතර බද්ද දක්වා සෑම භාණ්ඩයකටම නොසහෙන බද්දක් ගහනවා , මේ බදු සල්ලි වලින් කරන්නේ අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් වැඩිපුර සිටින අකාර්යක්ෂම රජයේ සේවකයෝ නඩත්තුව , වසරකට රුපියල් කොටි 20,000 - 30,000 විනාශ කරන ශ්‍රී ලන්කන් වැනි රජයේ ව්‍යාපාර නඩත්තුව , දිනකට කිසිම ගුවන්යානයක් නොඑන මත්තල ගුවන් තොටුපල වැනි ව්‍යාපෘති නඩත්තු කිරීම වැනි නිෂ්පල දේවල් , රජයේ රෝහල් වල බෙහෙත් නැහැ නමුත් අපි ෆාමසියෙන් ගන්න බෙහෙත් කරලටත් බදු , කරුණාකර මේ තීරු බදු අඩු කරන්න , මිනිස්සු හැමදාම මේ විකාර අනුමත කරන එකක් නැහැ
Lalla Friday, 04 April 2025 11:16 AM
කෝ දැන් ජුලි චන්ග් ? තව ලොකු පාටියක් දෙමුද එයාට