(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍රකාශ කළේය.
ඩොජ් යනු ෆෙඩරල් අංශය මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා ජනපති ට්‍රම්ප් පිහිටවූ ආයතනය වන අතර එහි ප්‍රධානීත්වය ලොව අංක එකේ ධනවතා වන ඊලෝන් මස්ක් විසින් හොබවනු ලබයි.
අරමුදල් යෙදවීම නාස්තියක් යැයි සැලකූ ගෝලීය ව්‍යාපෘති 199 ක් නවතා දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බවත් අසියා ශාන්තිකර කලාපයේ යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් තිබෙන බවත් ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය. එළෙස නවතා දැමූ මෙරට ව්‍යාපෘති දෙකෙන් එක් ව්‍යපෘතියක් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම පිළිබඳව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් අනෙක සන්නිවේදනය පිළිබඳ වැඩමුළු පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් ඩොජ් ආයතනය පැවැසුවේය.
මෙලෙස ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් යෙදවීම නාස්තියක් ලෙස සැලකෙන ව්‍යාපෘති 199 නතර කිරීමට ඩොලර් මිලියන 250 ඉතිරි වන බවද ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමෙරිකාවේ අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් නවතයි
යෝගා Friday, 14 February 2025 05:38 AM
ඔය ගමන්ම මාලිමාවේ ගෝඩ් මදර්වත් ආපහු ගෙන්නගන්න. එයා කරන්නේ රට විනාශ කරන්න බළලුන් ලවා කොස් ඇට බෑවීම
ලක්වැසියෙක් Friday, 14 February 2025 06:42 AM
ඔය කියන ව්‍යාපෘති අපි ඉල්ලපුව නම් වෙන්න බැහැ, ඒවයින් රටට වැඩක් උනා කියන්නත් බැහැ, හැබැයි අපි පාසල් කාලෙ ඇදිහැස කියල සඳහන් පෙට්ටිවල බිස්කට් දුන්න ඒකත් ඔය ඇමරිකන් අධාර, ඒවගේ ඒව නතර කරන එක දුප්පත් රට වලට හානිකරයි, ලෝකෙ සම්පත් අනුව ධනවත් වෙලා ඉන්න අය දුප්පත් රටවලට අධාර කරන එක යුතුකමක්, යුක්රේන ,මැදපෙරදිග යුද්ධ වලට ඩොලර් පොම්ප කිරීම මුදල් නාස්තියක් වගේ පේන්නෙ නැද්ද ඔය මහත්මයට? මැදපෙරදිග සාමය ඇතිකරන්න නොහැකි වී ඇත්තෙ ඊශ්‍රායලයෙ මුරන්ඩුකම, ඒ ඇමරිකන් මූල්‍ය අධාර නිසා, ඉරානයට සමිභාදක, ඒ හේතුවෙන් අපි වගේ රටවල අපනයට තහනම් ඒව පේන්නෙ නැද්ද?
nanda Friday, 14 February 2025 07:06 AM
ට්‍රම්ප් ජනාධිපතිතුමා බලයට පත්වෙලා පසුවුණු කෙටි දින කීපය තුළ තීරණාත්මක තීරණ සැලකිය යුතු සංඛ්‍යාවකට අත්සන් තැබීමෙන් ඔහුගේ කාර්යක්ෂමතාවය මනාව පෙන්නුම් කරනවා.
රට වැසියා Friday, 14 February 2025 11:04 AM
අපේ රටට කිසියම් මුදලක් අහිමි වීම කණගාටුයි. නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා තම රටට දෙන "නායකත්වයට" ගරු කළ යුතුයි. අපේ රටේත් ඒ වගේ "නායකයෙක්" බිහි වේවා කියා බලාපොරොත්තු වෙමු. අපේ රටේ ආණ්ඩුවට රාජ්‍ය පාලනය කර ගැනීමට නොහැකි වෙමින් ඇත..! අපේ රටටත් මේ ආකාරයේ ඩෝජ් (Department of Government Efficiency) ආයතනයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.
වික්‍රම විදුර Friday, 14 February 2025 04:00 PM
යෝගා ඇමරිකාවෙන් කීයක් හරි ණයට අරං හරි ඔබලාව නාවන්න බේරෙ ඇල වගේ කක්කා ඇලක් හදන්න ඕනෑ... බේරේ ඇලේ ගුටි කකා ඔච්චර නාලත් මොවුන්ගේ මොලේ කලඳක් පෑදිලා නෑ යෝගා..
වසඅබේ Saturday, 15 February 2025 01:23 PM
ආධාර වටිනවා, ඒත් ඒවා මුවාවෙන් රටරට වල සංස්කෘති වෙනස් කිරීමට තැත් කිරීම් නුසුදුසුයි. ට්‍රම්ප් එය දැන් කටයුතු කිරීම සතුටුයි.