නිව් මෙක්සිකෝ ජනපදයේ ආණ්ඩුකාර ධුරය සඳහා පැවැති මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ හිටපු නගරාධිපති ග්‍රෙග් හල් පරාජය කරමින් ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.

ලගූනා පුවෙබ්ලෝ රතු ඉන්දියානුවන්ගෙන් පැවැත එන තැනැත්තියක වන හැලන්ඩ්, 2018 දී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට තේරී පත් වූ ප්‍රථම ස්වදේශීය ඇමෙරිකන් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු වූ අතර, පසුව ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙස පත්වෙමින් ඇමෙරිකානු කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූ ප්‍රථම ස්වදේශීය ඇමෙරිකානුවා බවට ද පත්වූවාය.