IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇඹිලිපිටියේ ධනුෂ්ක පැරිස් යයි

‘‘සියල්ලට ප්‍රථම මිනිස්කම‘‘ තේමාව ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ අසරණ ජනයාගේ සුබ සාධන ව්‍යාපෘතියකට ආධාර පිණිස පැරීසියේ මීගමු සංවිධානය 14 වැනි වරටත් ඉදිරිපත් කරන සීතල උදුවප් මහේ නත්තල් අසිරිය, සමඟ පසුගියදා ප්‍රථම ස්ථානය ජයගත් ශ්‍රී ලංකාවේ දෙරණ ගී තරුව වූ එම්.ජී ධනුෂ්ක ගී ගයන නත්තල් සංගීත ප්‍රසංගය දෙසැම්බර් මස 21 වැනි ඉරු දින සවස තුනට පැරිස් කලාප අංක 20හි රූ ඩෙ බැනියොලේ අංක 124 හී පිහිටි කතෝලික දේවස්ථාන ශාලාවේදි පැවැත්වීමට යයි.

එහිදි ඔහු ඇම් ඇස් ප්‍රනාන්දුගේ බයිලා ද ඉදිරිපත් කිරීමට නියමිතය.

පෘතුගීසි ආගමනයත් සමග ඔවුන්ගේ වැඩ සදහා යොදාගත් අප්‍රිකා කළු ජාතික වහලූන්ගේ එකතුවත් 16 වැනි සියවසේ දි ශ්‍රී ලංකාවේ කපිරිඤ්ඤා සංගීතයේ ආරම්භය ලෙස ඉතිහාසයට එක්වී ඇත. අප්‍රිකා කළු ජාතික රටක් වන සෙනෙගාලයේ ඈත පිටිසර ගමක් බයිලා යනුවෙන් හැඳින්වෙයි. බයිලා ආගමනය ශ්‍රී ලංකාවේ ස්ථාපනය වන්නේ එලෙසය. හැටේ හා හැත්තෑව දශකයේ ලංකාදීපයේ සුපතල වොලී බැස්ටියන් බයිලා පියාගේ ආභාෂයෙන් පරිනාමයවී පසුකල බයිලා චක්‍රවර්ති නමින් හැදින්වු ගායකයන් අතර ඇම් ඇස් ප්‍රනාන්දු ගායකයාට හිමිවුයේ සුවිශේෂි ස්ථානයකි. ඔහුගේ  බොහෝ ගීත යන්හි පද රචනා හා සංගීතය ඔහුගේම ස්ව නිර්මාණයෝය. හිටිවන හා වාද බයිලා සදහා ඔහු අති දක්ෂයෙකි.   එදා බයිලා ගීතයෙන් සැමගේ සිත පිනවූ ඔහු අපෙන් සදහටම වෙන්වී ගොසිනි. එනමුදු ශ්‍රී ලංකාවේ බයිලා චක්‍රවර්ති ලෙස ජනප්‍රිය ඇම් ඇස් ප්‍රනාන්දුගේ ගී ඇඹිලිපිටියේ එම් ජී ගේ හඬින් මෙදා පැරීසියේදි රස විඳීමට පැරීසියේ රසිකයන්ට අවස්ථාව ලැබී ඇත්තේය.

පැදුරු පාටිය යනු විසිවන සියවසේ සාජ්ජේ මව් පාර්ශවයෙන් පරිනාමය වී නුතන ලෝකයේ වැඩෙමින් පවතී. ඡෝගිය හා බජව් යනු එම පවුලේම සමාඡිකයෝය. පොල්කටු , ටින් බෙලෙක්ක , උණ බට හඬින් ඇරඹුණ සාඡ්ඡේ මැඩ්ලින්  එකෝඩියන් හා ඩොල්කි සංගීත ඔස්සේ අද වනවිට ඉලෙක්ට්‍රොනික විජ්ජා හඬ සමග සැදැව, පාටිය , ෆන් එක , සොමිය , රාත්‍රිය ආදි ලෙස ගීත ලෝලින්ගේ හදවතට ඇතුළුවී ඇත්තේය. ධනුෂ්කගේ සංගීත ප්‍රසංඟය ඊට සමීපවෙතියි රසිකයෝ සිතති.

පැරීසියේ කලා ආයතන ඉදිරිපත් කරන අනර්ග සංස්කෘතික නර්තන, යෞවනයේ පොපියන සංගීත රටා සමගින් පැරීසියේ එවර් ෂයින් සංගීත කන්ඩායමේ සංගීතයෙන්ද එදින සැඳෑව රසවත් කිරීමට නියමිතය.

https://www.youtube.com/watch?v=Mmp-08SoxaI

s

 

 

 

 



අදහස් (0)

ඇඹිලිපිටියේ ධනුෂ්ක පැරිස් යයි

ජිත්මල් Friday, 19 December 2014 02:20 PM

මහත්තයෝ චින්තක අනුන්ට කෙල හලන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්නවද කරුණා කරලා ඔයාට තාලයකට අත්පුඩියක් වත් ගහන්න පුලුවන්ද ?(අ)

:       0       0

වජිර Friday, 19 December 2014 02:46 PM

ධනුෂ්ක, හිස් මිනිසුන්ගේ විවේචන ගැරහුම් වලට යටනොවී ඔබේ ගමන ඉවසීමෙන් හා ධෛර්යෙන් ඉදිරියටම යන්න. අටළෝදහම හැමටම පොදුබව නිතර සීතන්න. උතුම්වූ බුදුන්වහන්සේ පෙන්නාදුන් ධර්ම මාර්ගය කෙරෙහි විශ්වායෙන් ජිවිතය ගෙනයන්න එවිට ඔබට උදාවූ පිංවන්ත කාලය තවත් ලස්සන වනු ඇත. (අ)

:       0       0

මංජු Friday, 19 December 2014 03:31 PM

තමන්ගේ ගීත හදලා කියන්න..ඔබට සුබ පතනවා ධනුෂ්ක.(හේ)

:       0       0

හාමිඩ් හසන් Friday, 19 December 2014 05:43 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සුසිලා Friday, 19 December 2014 07:31 PM

ගොඩ කලකින් මට ඩාන්ස් එකක් දාන්න ප්‍රසංගයක් එනවා. මම බයිලා වලට හරි කැමතියි අනේ (නි)

:       0       0

අනිල් Friday, 19 December 2014 11:55 PM

චින්තක හරි. යම් තැනකට එන්න අනෙකුත් ගායක ගායිකාවන්ගේ ගීත ගායනය සාධාරණ වුණත් දිගින් දිගටම එසේ කිරීම හරි නැහැ. සමහරු අදාළ ගායකයා ජීවත්ව සිටියදීම අවසර නොගෙන එම ගීත ගායනා කර ආදායම් උපයා ගන්නවා. මෙය ඉතා නොහොබිනා ක්‍රියාවක්. (නි)

:       0       0

පෙරේරා Saturday, 20 December 2014 01:38 AM

චන්ද්‍රයා සූර්යයාගේ ආලෝකය විහිදනවා වගේ වැඩ කරනවාට නම් අපි අකමැතියි (නි)

:       0       0

ශකූ Friday, 19 December 2014 10:22 AM

ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

කෝසල ලියනගේ - පැරිසිය Friday, 19 December 2014 10:36 AM

එදා බයිලා චක්ක්‍රවර්ති ලෙස පිළිගත් ජනප්‍රිය ගායක එම් එස් ප්‍රනාන්දු, අපෙන් වෙන් වී ගොසින්ය. එත් මේ වන විට ඔහු ගැයූ සමහර පරණ ගී ඇසීමට නොලැබෙන තරම්ය. අද සමහරකට එම් එස් කෙනෙක් ගැන මතකත් නැත. එවැනි අවස්ථාවක එම් ජී දනුස්කගේ ගී හඬ ඇසීම ඇත්තටම ඔහුව සිහිපත් කිරීමකි. දනුෂ්කගේ ගී හඬ එම් එස් ගේ සුමිහිරි හඬ ඇසුවා හා සමානය. එය එම් එස් ප්‍රනාන්දුට කරන උතුම් ගෞරවයකි. (ර)

:       0       0

නදීක Friday, 19 December 2014 10:49 AM

මෑත කාලයේ ලංකාවෙන් පහල වූ වාසනාමවන්තය මොහුය. පින් බර කොල්ලෙක් රටට යමක් කරන්න ඔබට ශක්තිය ලැබේවා...(හේ)

:       0       0

අජිත් ප්‍රනාන්දු Saturday, 20 December 2014 05:16 AM

ඔබ ඔබගේම නිර්මාන බිහිකිරිමෙන් තමන්ගේ අනාගතය හදා ගන්න.(හේ)

:       0       0

ජගත් වික්‍රමනායක පැරිසිය Friday, 19 December 2014 11:59 AM

හිස් ටින් එකක් වගෙයි අපේ මේ පැරිසියේ ජිවිතේ මල්ලී (නදී)

:       0       0

චින්තක Friday, 19 December 2014 01:11 PM

එම් ජී දනුශ්ක ඔබට කීමට ඇත්තේ එක දෙයකි. ඔබගේම ගීත නිර්මාන බිහිකර ජනතාව අතරට ඇවිත් මුලු ලෝකයම ජයගන්න. අපි සුබ පතනවා. නමුත් එම් එස් ප්‍රනන්දු යනු ශ්‍රී ලංකාවේ සංගීත අඹරේ සදා නොමෙකෙන ගී සලකුනකි. එතුමාගේ ගීත වලින් බඩ පුරවා ගෑනීම ඔබට නොව කිසිම කෙනෙකුට සදාචාරත්මක හිමිකමක් නැත. මෙය තේරුම් ගෙන අලුත් දක්ෂ ගායකයෙකු ලෙස ඉදිරියට එන්න. නැතිනම් වෙන්නෙ මේරටේ අනිත් තරුවලට උනු දේය. ඔවුන් අතරින් එක්කෙනෙක්,දෙන්නෙක් ඇරුනහම අනිත් අය අද කොහේද? (නදී)

:       0       0

ලසිත් Friday, 19 December 2014 01:30 PM

තමන්ගේම ගීත ගයන්න මේ කාලයයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 456 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 50 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 372 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 471 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 685 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site