(අජිත්ලාල් ශාන්තඋදය, රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කා)
සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ්බාරයට පත් කෙරුනේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරි වයි.එම්.පී බණ්ඩාර, හිටපු ලේකම්වරයෙකු වු සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර සහ හිටපු විෂය ලිපිකරුවෙකු වු විතාරණගේ අමල් තුෂාර යන තිදෙනාය.
2016 සහ 2017 වර්ෂ සදහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ විවිධ ව්‍යාපෘතිවලට යෙදවීමේදී ව්‍යාපෘති 77කට අදාලව, රුපියල් 7,16,45,226.32ක මුලදල් වංචා කිරිම සම්බන්ධයෙන් 2023 ජනවාරි 20 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බමුණුආරච්චිගේ චාමර ප්‍රේමනාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව පැමිණිලි කරතිබුණි.
රුපියල් 71645226.32ක මුදලක අලාභයක් සිදුකිරිම,එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූඨ ලේඛන සකස් කිරිම,පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අතඅඩංගුවට ගෙන තිබුණි.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්
Laksman Wednesday, 02 April 2025 01:56 PM
දැන් මැතිවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් ඇත්තටම පළාත් පාලන ආයතන රටට විශාලම බරක් වෙනවා එක් ආයතනයක හිටපු කෙනෙක් හැටියට තාක්ෂණ නිලධාරි සැපයුම් නිලධාරි ගබඩාභාරකරුවන් කියන්නේම හොරුම තමයි එනිසා දැන්වත් ඔය ආයතන වෙනුවට යෙදීමට පහසු අඩුම වියදම් විකල්ප තියෙනවා... ඒවා ක්‍රියාවට නංවා ඔය දූෂිත ආයතන වසාදැමීමට කටයුතු කළොත් 90% ක් පමණ ජනතා මුදල් නාස්තිය වළක්වන්න පුළුවන් වේවි...!
CC Wednesday, 02 April 2025 02:25 PM
මේ ආයතන අහෝසි කලයුතුයි කියන මානසිකත්වය ජනතාවට ඇතිවී තිබෙන්නේ හිටපු දූෂිත ප්‍රෝඩාකාරී හොර තක්කඩි දෙශපාලුවන් හා දූෂිත නිලධාරීන් කරන ලද ක්‍රියාවන් නිසා ඇතිව ඇති ප්‍රතිඵල හා බලපෑම් අවබෝධ වීම නිසයි.නමුත් මේ ආයතනවල රාජකාරී හරියට යෙදවුව හොත් මේ රට ගොඩනැගිය හැකියි.ඒ සඳහා වංචා වැලැක්වීමේ සුදුසු පද්ධති යාන්ත්‍රණ ස්ථාපනය කලයුතුයි.ඕනි හොරෙකුට හොරකම් කල නොහැකි පද්ධති ගෙන ආ යුතුයි.
ගමේ එකාලා Wednesday, 02 April 2025 04:04 PM
රටේ පළමු පුරවැසියා පටන් වැඩිහරියක් හිටියේ හොර දූෂිත දේසපාලුවෝ ? රට මේ තරමට හරි තිබුනු එකත් පුදුමයි?