IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඇය සරලයි, ඒ සරලකමට මං ආදරෙයි

    SAN_5230 

 

ආදරයයි-කැස්සයි හංගන්න බැරි දෙයක් ලූ. තාරුණ්‍යයේ දක්ෂ රංගන ශිල්පියෙකු වන හර්ෂණ බෙත්මගේ ගෙන් ආදරය කරන්නෙ කාටද කියලා ඇහුවාම, එයා කාටවත් ඒ ගැන කිව්වෙම නැහැ. ඒත් හැමෝම වගේ එයාගේ යාළු මිත‍්‍රයින් මේ ගැන දැනගෙන හිටියලූ. කවුද හැබෑවටම හර්ෂණගෙ පෙම්වතිය? එළැඹෙන වසරේ මේ දෙදෙනා විවාහයටත් සූදානම්ලූ.

 


මේ දිනවල විකාශය කෙරෙන රවින්ද්‍ර විජයරත්නගේ දියණියෝ (රූපවාහිනිය), කුටු කුටු මාමා (ITN), සුදන්ත තිලකසිරිගේ ‘සඳ දියවර’ (ITN) යන නාට්‍ය සහ රන්ජන් ප‍්‍රසන්නගේ සුජාතා (සිරස) නාට්‍ය සමග ආලින්දයට පැමිණෙන හර්ෂණ තම සෑබෑ ජීවිතයේ පෙම්වතිය ගැන සඳැල්ල කතාබහට කීවේ මෙලෙසිනි.

 

SAN_5227


button අද ඔබගේ මේ පෙම්වතිය ගැන හැමෝම කතා වෙනවා නේද?
ඔව්. ඇත්තටම ඇයත් රංගන ශිල්පිනියක්නෙ.

 


button ඇයි ඇයට හිත ගියේ?
ඇය ගොඩාක් හොඳ කෙනෙක්. ඇය මට ආදරෙයි. සෑහෙන දේ ගැන තේරුම් ගැනීමේ අවබෝධය ඇයට තියෙනවා.

 

SAN_5220
button ඒ ආදරවන්තිය හමුවූ හැටි කිව්වොත්?
ඇය හඳුනාගත්තේ ළමා කාලයේ සිටමයි. අවුරුදු 15කට විතර පෙරදී ඇය රූපවාහිණි ළමා වැඩසටහන්වලට සහභාගි වුණා. එදා අපි දෙන්නාම ළමා නළු නිළියන් ලෙස කටයුතු කළා. ඒ ඇසුර ”මුතුහර, අතුරු මිතුරු, රන්සිත් යාය” දක්වා විහිදී ගියා. පසුව දෙදෙනාගේම අධ්‍යාපන කටයුතු එක්ක ඒවා නතර වෙලා ඇය කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියා. පසුව ආයෙත් අපි හමුවුණේ තුරුණු වියේදීයි. අපි දෙන්නාගෙ ආදර කතාව පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.

 


button ගෙවල් දෙකේ වැඩිහිටියන් දන්නවද?
ඔව්, ඔක්කොමලාගේ ආශිර්වාද ගත්තා.

 


button දැන් මංගල උත්සවයට ද ලැහැස්ති වෙන්නේ?
ලබන අවුරුද්දෙදි විවාහ උත්සවය ගන්න සූදානම් වෙනවා. තවම දින නම් යොදාගෙන නැහැ.

 


button එදා පුංචි කාලයේ දී ඔබ හිතුවද ඇය කවදාහරි මේ විදියට පෙම්වතිය සේ හමුවේවි කියලා?
කොහෙත්ම නෑ.

 

SAN_5234
button ඇය කෙරෙහි හිත යන්න විශේෂම හේතුව.
මොකක්ද හුරු පුරුදු කමක් තිබුණා. ක්ෂේත‍්‍රයේ සිටියදීත් දෙන්නාට දෙන්නාගේ තේරුම් ගැනීමේ අවබෝධය තිබුණා. ඇය තේරුම් ගන්න සංකීර්ණ නැහැ. ඇය මම වගේම සරලයි. මේ වගේ සංකීර්ණ සමාජ වටපිටාවක සරල වීම අසීරු දෙයක්. ඒත් අපි දෙන්නාම හරි සරලයි. මං ඒකට කැමතියි.

 


button දෙදෙනාගෙම වෘත්තිය රඟපෑම විතර ද?
ඔව්, දෙන්නාගෙම ප‍්‍රධාන දායකත්වය ලබා දෙන්නෙ රඟපෑමට. ඉදිරියේදී අපි දෙන්නාගේම ව්‍යාපාරයක් අරඹන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අලූත්ම විදියට, අමුතු විදියට කරන ඒ වැඬේ ගැන අපි මේ අවුරුද්ද අවසානයට පෙර ප‍්‍රකාශ කරනවා.

 


button ඔබගෙ අම්මාට මේ පෙම්වතිය ගැන කිව්වාම ඇය මොනවද කිව්වේ?
කුඩා කාලයේ ඉඳලාම අපේ පවුල් දෙකේ අය දැනගෙන හිටියා. ඇත්තටම කිසිම ප‍්‍රශ්නයක් වුණේ නැහැ.

SAN_5260

 


button ඇය ඔබට ආදරය ප‍්‍රකාශ කිරීමට පෙර. වෙනත් නිළියන්ගෙන් ආදර යෝජනා ලැබී තිබුණා ද?
කිසිම කෙනෙක්ගෙන් එහෙම ආදර යෝජනා ඇවිත් තිබුණේ නැහැ. පාසල් කාලයේ දී නොදැනුවත්කමට වූ බොළඳ ආදරයක් මට තිබුණා. මට හමු වූ කෙනා තමයි ඇය.

 


button කවුද මේ ඇය?
ඇය ඇයම තමයි මේ.

 


button එහෙම නම් ඔබ දෙපළගේ ඉදිරි ගමනට අපේ සුබ පැතුම්!
ගොඩක් ස්තූතියි!


හැඩගැන්වීම් සැලෝන් (Charmin) අරුණි සෙව්වන්දි

SAN_5217sadun-gamage



අදහස් (0)

ඇය සරලයි, ඒ සරලකමට මං ආදරෙයි

ධනුෂ්ක Friday, 04 September 2015 04:24 AM

අඟුරු සිත්තම් නාට්‍යයේ ඇයගේ රඟපෑම් අති විශිෂ්ටයි (අ)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Monday, 24 August 2015 09:11 PM

වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා! (නි)

:       0       0

පුබුදු Monday, 24 August 2015 11:53 AM

පැහැදිලි අනාගතයක් මේ දෙන්නටම තියෙනවා. මගේ සුබපැතුම්. (නදී)

:       0       0

චතු Saturday, 12 September 2015 03:11 AM

හෙඳට ගැලපෙන දෙදෙනෙක් (අ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 August 2015 01:22 PM

දෙන්නගෙම රඟපෑම් හොඳයි ගැලපෙනවා (බ)

:       0       0

චතු Saturday, 12 September 2015 03:14 AM

සුභ අනාගතයක් (අ)

:       0       0

මනෝජ් Saturday, 29 August 2015 04:45 AM

මම නම් මුලින්ම දැනගත්තා හර්ෂණගේ පෙම්වතිය වොල්ගා බව (නදී)

:       0       0

මාලිනි Monday, 24 August 2015 01:36 PM

වාසනා වේවා !!!! (හේ)

:       0       0

ධාරංග Monday, 24 August 2015 03:16 PM

මේ ළමයි දෙන්නම දක්ෂයි (හේ)

:       0       0

කුමාරසිරි Thursday, 17 September 2015 07:53 AM

සුභ අනාගතයක් (ම)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 25 August 2015 07:14 AM

කොළඹ අහස ටෙළියේ එම්බාම් කරුවාගේ දුව හැටියට රඟපාන වොල්ගාගේ රඟපෑම් ඉතාමත්ම තාත්විකයි. නංගිට මගේ සුභ පැතුම්...!(නදී)

:       0       0

සිංහ Monday, 31 August 2015 01:58 PM

මනෝජ් කියන බොරු (අ)

:       0       0

සුපුනි Tuesday, 08 September 2015 04:22 AM

අක්කත් රගපාන්නේ දියණියෝ ටෙලිනාට්යේ නේද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1776 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1794 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1346 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1391 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1987 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 816 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14572 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site