ඇල්ල වැල්ලවාය මාර්ගයේ 34 කණුව චන්දන ඇල්ලට නුදුරු ප්‍රදේශයේ එක් මංතීරුවක් මීටර් 30ක් පමණ දුරක් නාය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වැස්ස තවමත් ඇති හෙයින් එම මාර්ගයේ ගමන් කරද්දී සැලකිලිමත් වන්නැයි පොලිසිය රියදුරනට උපදෙස් දෙයි.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 34 කණුව චන්දන ඇල්ලට නුදුරු ප්‍රදේශයේ එක් මංතීරුවක් මීටර් 30ක් පමණ දුරක් නාය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වැස්ස තවමත් ඇති හෙයින් එම මාර්ගයේ ගමන් කරද්දී සැලකිලිමත් වන්නැයි පොලිසිය රියදුරනට උපදෙස් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පෙනෙන ගොඩනැගිල්ල බොහොම අනතුරුදායක තත්ත්වයක තියෙන්නේ පෙනෙන විදිහට. (නි)
මේ අනවසර ඉදිකිරීම් වහාම ඉවත්කළ යුතුයි (නි)
පෙනෙන විදිහට අපේ පොලිස් මහත්තුරු අකුරටම රාජකාරිය කරන තැනක් වෙන්න ඕන මෙතන. වන්ගුවයි තනි ඉරයි දෙකම තියනවා. බැරිවෙලාවත් ඉර යන්තම් කැපුනොත් රියදුරාගේ පර්ස් එක නාය යනවා. ඉතින් එහෙම වැදගත් තැනක් මෙහෙම නාය යන එකත් අහන්න දෙයක්ද? කෙසේ වෙතත් හැකි පමණ ඉක්මනින් පිළිසකර කලයුතු ස්ථානයක්. එසේ නොමැති වුවොත් මෙම ස්ථානයේ විශාල අනතුරක් සිදුවිය හැකියි. (දී)
ලංකාවේ කොහොමත් දැන් සිද්ධ වෙන්නේ මේ වගේ ගිලා බහින වැඩම තමයි (දී)
කුසුම්, ඔයා ඔය කියන ජාතියේ නිලධාරීනුත් ඇති. ඒත් අපේ රටේ බොහෝ රියැදුරන්ට මාර්ග නීති ගැන වගේ වගක් නෑ. කිසිම ඉවසීමක් නැති, තමන්ගේ ගමන ගැන විතරක් හිතන මහ කාළකන්නි රියැදුරන් පිරිසක් අපේ රටේ ඉන්නේ. අද ගොඩාක් රිය අනතුරු වෙන්නේත් ඔය හේතුවෙන්. (ස)
මේ වගේ පාරවල් හදද්දිම මෙහෙම අනතුරු අනාගතේ වෙයි කියල හිතලා එහෙම නොවෙන්න පාර අයින බැමි දමල ගස් කොලන් හදල ශක්තිමත් කල යුතුයි කියල මම හිතනවා. (දී)
චන්දන ඇල්ලෙන් නාලා ... බැම්ම කඩාගෙන වැටිලා... (ස)
අනේ අර පෙනන අනිත් කඩවලට මොකුත් කරදරයක් නැද්ද අහිංසක ජනතාව කොහෙ කියල ? (ස)
ළඟදි කෑගල්ල කිට්ටුවදී සුදු ඉර කැපුනා කියලා මමත් අහුවුණා. ඒත් අපේ පොලිස් මහත්වරු දෙන්නා රුපියල් 1500ක් අරගෙන, මට ගිහින් එන්න කිව්වා. (නි)
ලුම්බිණි 2014-05-06 06:33:06....මම නම් ඒවගේ පොලිස් මහත්වරුන්ට සලකනවා මොකද උසාවි දැම්මම කොච්චර රස්තියාදු වෙන්න වෙනවද? අනිත් පැත්තෙන් පෙරකදොරුවන් ලේ උරාබොන්න බලාගෙන ඉන්නවා. මේ ක්‍රමෙන් ලාබයි කොච්චර කාලෙ ඉතුරුවෙනවද? (නදී)
ඇල්ල පාර හැදුනේ මගේ මතකය හැටියට 70 දශකයේදී ලංකාවේ තිබුණු සම්පත් උපයෝගී කරගෙන හමුදා සෙබළුන් විසින්. අද වගේ පිටරටින් ගෙන්නලා "කන්න සුත්‍රය" අනුව නොවෙයි ඒ හැදුවේ 70 දශකයට ගැළපෙන විදියට. එය සාර්ථකයි. අති විශිෂ්ටයි. නමුත් ඊටපස්සේ පාර අලුත්වැඩියා කළා මිසක් නවීන රථ වාහන වලට, අධික බරට ඔරොත්තු දෙන විදියට නවීකරණය වුණේ නැහැ. දැන් දැන් පාරවල් නාය යන්නෙත්, ගිලා බහින්නේත් ඔය කාරනය නිසයි. (නි)
ගාම්, ඔබ හරි. මේක ඔය කියන කාලේ අපේ රටේ හදපු හොඳම පාරක්. නඩත්තුවක් නවීකරණයක් හරි හැටි නොකර අපි ඒක පාවිච්චි කෙරුවා. උඩ රට දුම්රිය පාරටත් වැඩි කල් නොගොස් මේ විදිහේ විපත්ති වෙන්න හොඳටම ඉඩ තියනවා. මෙහෙම වෙන එකට සමහරු නම් කැමති ඇති. රෙපෙයාර් කිරිල්ලේදී හොඳ කොමිස් පාරක් ගහන්න පුලුවන්නේ.(නදී)
මෙතන මම පුද්ගලිකව දන්නා තැනක් .මිට කලිනුත් ඔය වගේම ඔතන ලොකුවට කඩාගෙන ගියා . ඒ වෙනකොට ඔය රෙස්ටුරන්ට් එක (ගොඩනැගිල්ල ) හදන්න පටන්ගත්තා විතරයි.ඊට පස්සේ ඇල්ල වැල්ලවාය මාර්ගය සංවර්ධනය කරලා අලුත්වැඩියා කරනකොට ඔතන විශාල බැම්මක් බැදලා පස්පුරවල අයිත් පාර හැදුවා . ඔතන තියන ගොඩනැගිල්ල මම දන්නා තරමට අනවසර එකක් . ඕක තියෙන්නේ ඇල්ල රක්ෂිතය තුල අනවසරයෙන් අල්ල ගත්තු තැනක . ඔය ඔක්කොම විස්තර කලින් පාර කඩාගෙන ගියපු කාලෙදිම වගේ රුපවාහිනී ඇතුළු මාධ්‍ය මගින් එකේ අනවසර බව හා අවදානම් බව රටටම පෙන්නලා දුන්නා .එත් ටික කාලයක් ගොඩනැගිල්ලේ වැඩ නැවතිලා තිබිල ටික කාලෙකින් අයිත් වැඩ පටන් ගත්තා .දැන් ඒ අය එක තව තව වටේට විශාල කරගෙන යනවා . හෙට මොනවා වේවිද දන්නේ නෑ .... (දී)
කුසුම්,ඔයා කිවුවේ නම් මසුරන් වටින කතාවක් (නි)
කුසුම්ගේ කතාව නම් සහතික ඇත්ත (නි)
මට පෙනෙන විදියට බැම්ම ශක්තිමත් නැහැ. පුරවලා තියන්නේ හොඳ පස් නෙමෙයි. අනවසර ඉදිකිරීම් නැවැත්විය යුතුයි. (නි)