IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇවිදින්න බැරි හේතුව රේගුව සොයා ගනී

රුපියල් විසි හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් කැබලි හයක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අළුයම අත්අඩංගුවට ගත් බව  රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි. ඔහු රන් කැබිලි තුන බැගින් කොටස් දෙකක් වන සේ ගම් ටේප් පටිවලින් ඔතා  ගුද මාර්ගයේ සගවා තිබූ බව රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් පන්සිය පනහකි.

සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත සහකාර රේගු අධිකාරී අසංග පෙරේරා විසින් සැකකරුව පරීක්ෂා කර පසුව එක්ස් කිරණ පරික්ෂනයකට භාජනය කොට මෙම රන් කැබලි හය ඉවතට ගෙන ඇත.

සැකකරු අද අළුයම  එකට පමන ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබිලිව් 252 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති බව රේගුව කියයි.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සැකකරුට රුපියල් පනස්දහසක දඩයක් නියම කොට එම රන් කැබලි රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ. ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන්  රේගු අධිකාරී පරාක‍්‍රම ජිනදාස, සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ඒ.ඞී.පී පෙරේරා, අසංග පෙරේරා, තුසිත අධිකාරම්, කසුන් ගමගේ, නිෂාද් රණසිංහ, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කරති.

 

 



අදහස් (0)

ඇවිදින්න බැරි හේතුව රේගුව සොයා ගනී

ස්ටැන්ලි Thursday, 05 September 2013 03:04 PM

මේ දවස් වල රේගුවේ නිලධාරීන්ට ගුද මෙහෙයුම් වැඩිවෙලා.(නදී)

:       0       0

ධම්ම Thursday, 05 September 2013 03:16 PM

පකිස්තානයේ පෙෂාවර් ප්‍රදේශයේ ගිය කෙනෙක්ද දන්නේ නැහැ? (නි)

:       0       0

උපාලි Thursday, 05 September 2013 03:20 PM

එන්න එන්නම බර වැඩිවෙනවා. දැන් කිලෝ බාගෙත් පැනලා. අහස් යාත්‍රාවේ ගිනියන්න දෙන්නේ කිලෝ විස්සනේ. ඒ ගානට එනකල්ම බර දාන්න පුරුදුවෙයි වගේ. රන් කැබලි දාගත්ත කෙනෙකුගේ ගමන් විලාශය දැක්වෙන ආදර්ශ වීඩියෝ එකක් හොයාගන්න නැද්ද? ගමන් විලාශ උගන්වන පුහුණු පන්තියක්වත් දාගන්න. (නදී)

:       0       0

අමල් Thursday, 05 September 2013 03:36 PM

මේක මාර වැඩක්නේ දැන් හැමෝම ගුද මාර්ගයට හොද වටිනාකමක් දෙනවා වගේ, ඔතනින් දාලා ගෙනියන රත්තරන් වලින් හදන ආබරණ සුවදද ?(නදී)

:       0       0

පුබුදු Thursday, 05 September 2013 03:43 PM

ජනතාවට තෑගි දෙනව නම් ඔනා තරම් ඔත්තු දේවි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 September 2013 10:55 PM

නිරෝෂන් කටාර්,ඇත්තටම බන්දුල පෙරේරාට තියෙන්නේ පුදුම පිස්සුවක්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 05 September 2013 11:00 PM

දැනට අවුරුද්දකට කලින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නැගුවා එල්.ටී.ටී.ඊ.යෙන් අල්ලාගත් රත්තරන් කොපමණද?ඒවට මොකද වුණේ කියලා?පිළිතුර රත්තරන් කිලෝ 50 ක් අල්ලා ගත්තා.ඒවා මහා භාණ්ඩාගාරයට බාර දෙමින් තිබෙනවා කියලයි.දැනට අවුරුදු 4 ක් ගෙවුණා. දැන් කොපමණ භාර‍දී තිබෙනවද? (නි)

:       0       0

වරුණ Thursday, 05 September 2013 03:45 PM

දැන් කට්ටිය ගුද මාර්ගේ අදායම් මාර්ගයක් කරගත්ත මදිවට ප්‍රවාහන කටයුතු සදහාත් යොදා ගන්නවා අනේ අනිච්චන් දුක්කේ පස්සට ගිය කලක්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 September 2013 11:01 PM

අපේ රටේ දේශප්‍රේමී නායකයන්ගේ වාසනාවට කැළණි ගගෙන් මතු වුණ රත්තරන් තවමත් මතු වෙනවද? (නි)

:       0       0

මංජු Thursday, 05 September 2013 03:50 PM

රේගුවේ මහත්තුරු මේ දවස්වල බලන්නෙම මරු තැන්. කට්ටිය ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන නේද?(නදී)

:       0       0

දිසානායක Thursday, 05 September 2013 03:50 PM

මාරයි පස්ස පැත්තට ගිය කළක්.(නදී)

:       0       0

පිටිගල Friday, 06 September 2013 12:10 PM

ඕක මහා වැඩක්යැ. ලගදී කව්ද කාන්තා පාර්ශ්වයේ කෙනෙක් ජංගම දුරකතනයකුයි මොනවද පැකට් බර ගානකුයි කොහෙද හංගා ගෙන යද්දී අහු උනා කියල මම දැක්ක පත්තරේක තියෙනවා. අහු නොවෙන්න තව මොන මොනවා ගෙනියනවා ඇතිද? දැන් මේක මෝස්තරයක් වෙලා, (නදී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Thursday, 05 September 2013 03:56 PM

අපේ රේගුවට ගොඩක් වැඩ මේ දිනවල. ඔවුන්ට පැවරී තියන රාජකාරියට වඩා වෛද්‍ය ජොබ් එකත් කරන්න වෙලා. නරකද දොස්තර වැඩත් කරානම්.(නදී)

:       0       0

ටිකිර බංඩා Thursday, 05 September 2013 03:57 PM

ඔන්න ලංකාවට රත්තරන් සුනාමියක් ඇවිත්. දිගට හරහට රත්තරන්.කට්ටියගේ කරල පැහිලා.(නදී)

:       0       0

ටකිරි බංඩා Thursday, 05 September 2013 03:58 PM

මේ රේගවෙන් අල්ල ගන්න රත්තරන් ටොන් දාස් ගානකට මොකද වෙන්නේ?(නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 05 September 2013 04:01 PM

ඉස්සර යුද්ධ කාලේදී හැම දාම අපි දැක්කේ එල්.ටී.ටි යේ සගවපු රත්‍රන් ගොඩ ගන්නවා. ඒ වගේම ප්‍රබාකරන් නන්දි කඩාල් වලින් පැනලා යන්න යද්දිත් රත්‍රන් ටොන් සිය ගානක් සහ යුරෝ, ඩොලර් කෝටි ගානක් අරන් යන්නී ලැහැස්ති කරලා තිබුනේ. ඒ අල්ල ගත්ත ඒවට මොකද වුනේ? (නදී)

:       0       0

පද්මසිරි Thursday, 05 September 2013 11:56 PM

මේ මාර්ගයත් සුපිරි ප්‍රවහාන හා ආදායම් මාර්ගයක් වෙලානේ. තව ටික කාලයක් යද්දී අධිවේගී වේවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

බමුණු Thursday, 05 September 2013 04:02 PM

ගුදම් වල බඩු තිබෙනවා වගේ කියමන් හැදුනේ මෙනිසා වෙන්න ඇති.(නදී)

:       0       0

ප්‍රේමකුමාර Thursday, 05 September 2013 04:15 PM

උසාවියෙන් නිදහසට කරුණු ඇහුවොත් මෙයා කියයි කවුදෝ බලහත්කාරයෙන් මෙයාව පැහැරගෙන ගිහින් රත්තරන් කෑලි තියලා මොනවාදෝ කලා කියලා.(නදී)

:       0       0

චන්දි Friday, 06 September 2013 12:21 AM

අනේ මේ .., ඔය මහත්වරු මොනවා කරල හරි ඔය දේවල්නම් අල්ලගන්න ,,ඒ ගැන ඔබලාට තුති .''ඒත්'' මේ සමහරක් අය අන්නාසි ගෙඩියක් වත් ගේන්න දෙන්නේ නැහැ මැදපෙරදිග ඉන්න සියලුම දෙනා (අරාබි ජාතිකයින්) පොඩි ළමයා පවා ලංකාවේ අන්නාසි වලට හරිම ආසයි. ඒ නිසා කරුණාකර ඒවා නිසි පරිදි පරික්ෂා කර ගෙන ඒමට දෙන්න.(නදී)

:       0       0

අසංග Thursday, 05 September 2013 04:19 PM

කල්මුනේ පැත්තෙනම් අනිවාර්යෙන්ම අර අහවල් අයනේ....ඒ අයට හොඳට පුරුදුයි මේ වගේ වැඩ කරලා.(නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Friday, 06 September 2013 12:22 AM

බන්දුල ඔබ ගුද මාර්ගයෙන් කතා කරන ප්‍රතිචාර දමන කෙනෙක් වගේ.(නදී)

:       0       0

රුවන් Thursday, 05 September 2013 04:20 PM

මමත් කැමති ස්වේඡාවෙන්ම ගුවන් තොටේ මේ අංශයේ සේවය කරන්න.(නදී)

:       0       0

පිටිගල Friday, 06 September 2013 12:39 PM

ටිකිරි බන්ඩෝ, ඔය ඇත්තද? ටොන් ගානක්? ඉතින් අපේ රට දුප්පත් නැහැනේ. (නි)

:       0       0

චන්දි Friday, 06 September 2013 12:46 AM

එතකොට ඔය ගුවන් තොටුපල ඇතුලේ සේවකයන් අතින් වෙන හොරකම් අල්ලන්නේ කව්ද..? (නි)

:       0       0

ප්‍රියා Thursday, 05 September 2013 04:49 PM

ඒක තමයි මහා භාන්ඩාගාරේ පැත්තේ මහා ගඳක් එන්නේ. දැන් තමයි තේරුනේ.(නදී)

:       0       0

ජයසූරිය Thursday, 05 September 2013 05:03 PM

මිනිහට ඇවිදින්න බැරිව ගියේ ගුද මාර්ගය හරහා කොල බොක්කට යන කම් බඩු පටෝපු හින්දා වෙන්නැති. අම්මප රත්තරන් ගෙනියන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?(නදී)

:       0       0

ගමා Friday, 06 September 2013 01:57 AM

මට ඕකට හොඳ මොළයක් ආවා. පිටරට යන අයගේ ඒ පස්සට මැහුමක් දෙකක් දාලා ඇරියා නම් හරි. (නි)

:       0       0

සිල්වා Thursday, 05 September 2013 05:31 PM

රුවන් ලංකාවේ නෙමෙයි ඕස්ට්‍රේලියාවට සහ ඇමරිකාවට ඇතුල් වෙනකොට සමහර වෙලාවට එයාලට සැක හිතුනොත් මෙයිට වඩා හොද ක්‍රමයකට බලනවා.(නදී)

:       0       0

සෙන්තිල් Friday, 06 September 2013 04:10 AM

අසංග,ඒ ගැන නුඹට ඇති ප්‍රශ්නය මොකක්ද? (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 05 September 2013 05:59 PM

අපරාදේ! ඔය මනුස්සයාගේ නෝනව යවන්නනේ තිබුණේ (නි)

:       0       0

සංජු Thursday, 05 September 2013 06:23 PM

ප්‍රියාන්, ඔයා හරි. එහෙනම් කිලෝ එකක්ම ගෙනියන්න බලයි (නි)

:       0       0

ටිකිරි බංඩා Friday, 06 September 2013 07:45 AM

මේ මාස 6 ට අල්ල ගත්තු රත්තරන් ටොන් ගනන් ඇති රටේ දුප්පත් අසරණ මිනිසුන්ට කන්න බොන්න දීලා ගහන බදු නැති කරලා සහනයක් දෙන්න. දුප්පත් මිනිසුන්ට සහනාදාර දෙන්න. ඒත් කොහෙද ගසා කෑමනේ මුල් තැනටම තියෙන්නේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 06 September 2013 07:48 AM

මේ රත්තරන් මහා භාන්ඩාගාරයට බාර දීම කොයි හැටි වෙතත් භාන්ඩාගාරයේ තිබෙන රත්තරන් ටොන් ගානක් සෞදි කෝටි පතියෙකුට විකුණුවා කියලා අර්තර්ජාලයේ නම් ගම් ඇතිවම සදහන් කරලා තිබුනේ.(නදී)

:       0       0

ස්වර්ණා නාලිනී Friday, 06 September 2013 07:55 AM

එල්.ටී .ටී.ඊ. එක අහිංසක දෙමල ජනතාවගෙන් උදුරාගත් රත්තරන් කිලෝ 200 වසර 2 කට පස්සේ කිලෝ 110 ට බැස්සා. සිල් ගන්න බැරි ජරා පස්සක් ඇති මිනිහෙක් ඔය රත්තරන් ටික පස්ස දොරෙන් රත්තරන් වාහනයක ට පටවල ඒ කට හරියන්න රත්තරන් වාහන ආයතනය පවර ගත්ත කියල තමයි මිනිස්සු කියන්නේ. අර නෝනත් රත්‍රන් ටික කලාපයේම තවත් රටකට අරගෙන ගිහිල්ල දැන් ජයට එහෙ රත්රන් බිස්නස් කරනවා කියන්නේ. ගුද වාහිනිය දැන් රත්තරන් ප්‍රවාහනය කරන ජනප්‍රියම අවයවය වෙලා වගේ පෙනෙන්නේ. අනේ මන්ද කවුරු ඇත්ත කියනවා ද කියලා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 05 September 2013 07:09 PM

පුංචි ටිකිරි දන්නා දේවල්? ප්‍රබාකරන් සමග මෙයත් කලපුවෙන් පැනලා යන්න හිටියා වගේනේ කතා කරන්නේ.රත්තරන් ටොන් සිය ගානක්? එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ. (නි)

:       0       0

නිරෝෂන් කටාර් Thursday, 05 September 2013 07:50 PM

මේ බන්දුල පෙරේරා ගේ ගුද මාර්ගය පරික්ෂා කර ගත හොත් හොදයි. ඔහුට අමාරුවක් ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1143 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1162 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 191 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2039 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32287 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site