රුපියල් විසි හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් කැබලි හයක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි. ඔහු රන් කැබිලි තුන බැගින් කොටස් දෙකක් වන සේ ගම් ටේප් පටිවලින් ඔතා ගුද මාර්ගයේ සගවා තිබූ බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් පන්සිය පනහකි.
සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත සහකාර රේගු අධිකාරී අසංග පෙරේරා විසින් සැකකරුව පරීක්ෂා කර පසුව එක්ස් කිරණ පරික්ෂනයකට භාජනය කොට මෙම රන් කැබලි හය ඉවතට ගෙන ඇත.
සැකකරු අද අළුයම එකට පමන ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබිලිව් 252 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති බව රේගුව කියයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සැකකරුට රුපියල් පනස්දහසක දඩයක් නියම කොට එම රන් කැබලි රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ. ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී පරාක‍්‍රම ජිනදාස, සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ඒ.ඞී.පී පෙරේරා, අසංග පෙරේරා, තුසිත අධිකාරම්, කසුන් ගමගේ, නිෂාද් රණසිංහ, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල ඔබ ගුද මාර්ගයෙන් කතා කරන ප්‍රතිචාර දමන කෙනෙක් වගේ.(නදී)
අපරාදේ! ඔය මනුස්සයාගේ නෝනව යවන්නනේ තිබුණේ (නි)
ප්‍රියාන්, ඔයා හරි. එහෙනම් කිලෝ එකක්ම ගෙනියන්න බලයි (නි)
පුංචි ටිකිරි දන්නා දේවල්? ප්‍රබාකරන් සමග මෙයත් කලපුවෙන් පැනලා යන්න හිටියා වගේනේ කතා කරන්නේ.රත්තරන් ටොන් සිය ගානක්? එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ. (නි)
මේ බන්දුල පෙරේරා ගේ ගුද මාර්ගය පරික්ෂා කර ගත හොත් හොදයි. ඔහුට අමාරුවක් ඇත.(නදී)
නිරෝෂන් කටාර්,ඇත්තටම බන්දුල පෙරේරාට තියෙන්නේ පුදුම පිස්සුවක්. (නි)
දැනට අවුරුද්දකට කලින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නැගුවා එල්.ටී.ටී.ඊ.යෙන් අල්ලාගත් රත්තරන් කොපමණද?ඒවට මොකද වුණේ කියලා?පිළිතුර රත්තරන් කිලෝ 50 ක් අල්ලා ගත්තා.ඒවා මහා භාණ්ඩාගාරයට බාර දෙමින් තිබෙනවා කියලයි.දැනට අවුරුදු 4 ක් ගෙවුණා. දැන් කොපමණ භාරදී තිබෙනවද? (නි)
අපේ රටේ දේශප්‍රේමී නායකයන්ගේ වාසනාවට කැළණි ගගෙන් මතු වුණ රත්තරන් තවමත් මතු වෙනවද? (නි)
මේ මාර්ගයත් සුපිරි ප්‍රවහාන හා ආදායම් මාර්ගයක් වෙලානේ. තව ටික කාලයක් යද්දී අධිවේගී වේවිද දන්නේ නැහැ.(නදී)
අනේ මේ .., ඔය මහත්වරු මොනවා කරල හරි ඔය දේවල්නම් අල්ලගන්න ,,ඒ ගැන ඔබලාට තුති .''ඒත්'' මේ සමහරක් අය අන්නාසි ගෙඩියක් වත් ගේන්න දෙන්නේ නැහැ මැදපෙරදිග ඉන්න සියලුම දෙනා (අරාබි ජාතිකයින්) පොඩි ළමයා පවා ලංකාවේ අන්නාසි වලට හරිම ආසයි. ඒ නිසා කරුණාකර ඒවා නිසි පරිදි පරික්ෂා කර ගෙන ඒමට දෙන්න.(නදී)
රුවන් ලංකාවේ නෙමෙයි ඕස්ට්‍රේලියාවට සහ ඇමරිකාවට ඇතුල් වෙනකොට සමහර වෙලාවට එයාලට සැක හිතුනොත් මෙයිට වඩා හොද ක්‍රමයකට බලනවා.(නදී)
එතකොට ඔය ගුවන් තොටුපල ඇතුලේ සේවකයන් අතින් වෙන හොරකම් අල්ලන්නේ කව්ද..? (නි)
මට ඕකට හොඳ මොළයක් ආවා. පිටරට යන අයගේ ඒ පස්සට මැහුමක් දෙකක් දාලා ඇරියා නම් හරි. (නි)
අසංග,ඒ ගැන නුඹට ඇති ප්‍රශ්නය මොකක්ද? (නි)
මේ මාස 6 ට අල්ල ගත්තු රත්තරන් ටොන් ගනන් ඇති රටේ දුප්පත් අසරණ මිනිසුන්ට කන්න බොන්න දීලා ගහන බදු නැති කරලා සහනයක් දෙන්න. දුප්පත් මිනිසුන්ට සහනාදාර දෙන්න. ඒත් කොහෙද ගසා කෑමනේ මුල් තැනටම තියෙන්නේ.(නදී)
මේ රත්තරන් මහා භාන්ඩාගාරයට බාර දීම කොයි හැටි වෙතත් භාන්ඩාගාරයේ තිබෙන රත්තරන් ටොන් ගානක් සෞදි කෝටි පතියෙකුට විකුණුවා කියලා අර්තර්ජාලයේ නම් ගම් ඇතිවම සදහන් කරලා තිබුනේ.(නදී)
එල්.ටී .ටී.ඊ. එක අහිංසක දෙමල ජනතාවගෙන් උදුරාගත් රත්තරන් කිලෝ 200 වසර 2 කට පස්සේ කිලෝ 110 ට බැස්සා. සිල් ගන්න බැරි ජරා පස්සක් ඇති මිනිහෙක් ඔය රත්තරන් ටික පස්ස දොරෙන් රත්තරන් වාහනයක ට පටවල ඒ කට හරියන්න රත්තරන් වාහන ආයතනය පවර ගත්ත කියල තමයි මිනිස්සු කියන්නේ. අර නෝනත් රත්‍රන් ටික කලාපයේම තවත් රටකට අරගෙන ගිහිල්ල දැන් ජයට එහෙ රත්රන් බිස්නස් කරනවා කියන්නේ. ගුද වාහිනිය දැන් රත්තරන් ප්‍රවාහනය කරන ජනප්‍රියම අවයවය වෙලා වගේ පෙනෙන්නේ. අනේ මන්ද කවුරු ඇත්ත කියනවා ද කියලා.(නදී)
ඕක මහා වැඩක්යැ. ලගදී කව්ද කාන්තා පාර්ශ්වයේ කෙනෙක් ජංගම දුරකතනයකුයි මොනවද පැකට් බර ගානකුයි කොහෙද හංගා ගෙන යද්දී අහු උනා කියල මම දැක්ක පත්තරේක තියෙනවා. අහු නොවෙන්න තව මොන මොනවා ගෙනියනවා ඇතිද? දැන් මේක මෝස්තරයක් වෙලා, (නදී)
ටිකිරි බන්ඩෝ, ඔය ඇත්තද? ටොන් ගානක්? ඉතින් අපේ රට දුප්පත් නැහැනේ. (නි)
ඔන්න ලංකාවට රත්තරන් සුනාමියක් ඇවිත්. දිගට හරහට රත්තරන්.කට්ටියගේ කරල පැහිලා.(නදී)
පකිස්තානයේ පෙෂාවර් ප්‍රදේශයේ ගිය කෙනෙක්ද දන්නේ නැහැ? (නි)
එන්න එන්නම බර වැඩිවෙනවා. දැන් කිලෝ බාගෙත් පැනලා. අහස් යාත්‍රාවේ ගිනියන්න දෙන්නේ කිලෝ විස්සනේ. ඒ ගානට එනකල්ම බර දාන්න පුරුදුවෙයි වගේ. රන් කැබලි දාගත්ත කෙනෙකුගේ ගමන් විලාශය දැක්වෙන ආදර්ශ වීඩියෝ එකක් හොයාගන්න නැද්ද? ගමන් විලාශ උගන්වන පුහුණු පන්තියක්වත් දාගන්න. (නදී)
මේක මාර වැඩක්නේ දැන් හැමෝම ගුද මාර්ගයට හොද වටිනාකමක් දෙනවා වගේ, ඔතනින් දාලා ගෙනියන රත්තරන් වලින් හදන ආබරණ සුවදද ?(නදී)
ජනතාවට තෑගි දෙනව නම් ඔනා තරම් ඔත්තු දේවි.(නදී)
දැන් කට්ටිය ගුද මාර්ගේ අදායම් මාර්ගයක් කරගත්ත මදිවට ප්‍රවාහන කටයුතු සදහාත් යොදා ගන්නවා අනේ අනිච්චන් දුක්කේ පස්සට ගිය කලක්.(නදී)
රේගුවේ මහත්තුරු මේ දවස්වල බලන්නෙම මරු තැන්. කට්ටිය ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන නේද?(නදී)
මාරයි පස්ස පැත්තට ගිය කළක්.(නදී)
අපේ රේගුවට ගොඩක් වැඩ මේ දිනවල. ඔවුන්ට පැවරී තියන රාජකාරියට වඩා වෛද්‍ය ජොබ් එකත් කරන්න වෙලා. නරකද දොස්තර වැඩත් කරානම්.(නදී)
මේ දවස් වල රේගුවේ නිලධාරීන්ට ගුද මෙහෙයුම් වැඩිවෙලා.(නදී)
මේ රේගවෙන් අල්ල ගන්න රත්තරන් ටොන් දාස් ගානකට මොකද වෙන්නේ?(නදී)
ඉස්සර යුද්ධ කාලේදී හැම දාම අපි දැක්කේ එල්.ටී.ටි යේ සගවපු රත්‍රන් ගොඩ ගන්නවා. ඒ වගේම ප්‍රබාකරන් නන්දි කඩාල් වලින් පැනලා යන්න යද්දිත් රත්‍රන් ටොන් සිය ගානක් සහ යුරෝ, ඩොලර් කෝටි ගානක් අරන් යන්නී ලැහැස්ති කරලා තිබුනේ. ඒ අල්ල ගත්ත ඒවට මොකද වුනේ? (නදී)
ගුදම් වල බඩු තිබෙනවා වගේ කියමන් හැදුනේ මෙනිසා වෙන්න ඇති.(නදී)
උසාවියෙන් නිදහසට කරුණු ඇහුවොත් මෙයා කියයි කවුදෝ බලහත්කාරයෙන් මෙයාව පැහැරගෙන ගිහින් රත්තරන් කෑලි තියලා මොනවාදෝ කලා කියලා.(නදී)
කල්මුනේ පැත්තෙනම් අනිවාර්යෙන්ම අර අහවල් අයනේ....ඒ අයට හොඳට පුරුදුයි මේ වගේ වැඩ කරලා.(නදී)
මමත් කැමති ස්වේඡාවෙන්ම ගුවන් තොටේ මේ අංශයේ සේවය කරන්න.(නදී)
ඒක තමයි මහා භාන්ඩාගාරේ පැත්තේ මහා ගඳක් එන්නේ. දැන් තමයි තේරුනේ.(නදී)
මිනිහට ඇවිදින්න බැරිව ගියේ ගුද මාර්ගය හරහා කොල බොක්කට යන කම් බඩු පටෝපු හින්දා වෙන්නැති. අම්මප රත්තරන් ගෙනියන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?(නදී)