
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව කළ මුහුදු ආරක්ෂණ සේවයට ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති ෙෙවද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසුවේ ඒ පිළිබඳ ලියැකියැවිලි එම විමර්ශන ආයතනවලට ළඟදීම බාර දෙන බවයි.
ඇවන්ගාඩ් පෞද්ගලික සමාගම මෙම සේවාවට එක්කර ගැනීමෙන් රජයට විශාල මුදලක් අහිමිවී ඇති බවත් එ් පාඩුව කොපමණදැයි සොයා බලාගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළේය.
නාවික හමුදාව මේ කටයුතුවලින් ඉවත් වුණේ ඇයිදැයි යන්න ගැනද පුලුල්ව කරුණු සොයා බලන බව කෝප් කමිටු සභාපතිවරයා කීවේය.
රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගිය බදාදා කැඳවා මේ ගැන දීර්ඝව සාකච්ඡා කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු ආරක්ෂණ සේවය 2009 දී ආරම්භ කලේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. පසුව එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය විසින් එය 2012 දී අවන්ට් ගර්ඩේ සමාගමට බර දුන්නා. අදායමෙන් 15% ක් ශ්‍රී ලංකා රජයට දෙන පොරොන්දුව මත. පසුව එවකට නාවුක හමුදාපති වශයෙන් කටයුතු කල අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් රජයට ලැබෙන එම අදායම් ප්‍රතිශතය 3% දක්වා අඩු කරලා, 2014 දී ඔහු විශ්‍රාම යාමෙන් අනතුරුව, ඇවන්ට් ගර්ඩේ හිමිකරු වන නිස්සංක සේනාධිපති විසින් දැවැන්ත වැටුපකට සහ විශාල වරප්‍රසාද ප්‍රමාණයක් සමගින්, ඔහුගේ සමාගමට බඳවා ගත්තා. ඉස්සෙල්ලම අත් අඩංගුවට ගතයුත්තේ අද්මිරාල් ජයනාත් කොළඹගේ යි.
මා විසින් හිටපු නාවුක හමුදාපති ජයනාත් කොළඹගේ මහතා පිළිබඳව පළකරණ ලද ඉහත ප්‍රකාශය පිළිබඳව ගැටළු සහගත තත්වයක් ඇති බැවින්, එය ඉවත් කරන ලෙස ලංකාදීප කතෘ තුමාගෙන් කාරුණිකව ඉල්ලන අතර, ඒ පිළිබඳව මාගේ කණගාටුව ප්‍රකාශ කරමි.