IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘ඇවන්ගාඩ් සභාපතිට/ගෝඨාට එරෙහි සාක්කි ප්‍රබලයි “

               නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගිනි අවි ආනයනය, වලංගු බලපත්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ ළඟ තබා ගැනීම, එම වැරදි කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේ ඇවන්ගාඩ් සභාපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු පස් දෙනකුට එරෙහිව නඩු පැවරීමට සාධාරණ කරුණු ඇතැයි අතිරේක සෝලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිට වාර්තාවක් මගින් නිර්දේශ කර ඇත.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංඛ සේනාධිපති, එහි අධ්‍යක්ෂ මංජුල කුමාර යාපා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී එම් එස් ජයරත්න මහත්මිය සහ රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව නඩු පැවරීම සඳහා බැලූ බැල්මට ශක්තිමත් සාක්කි ඇති බව නවරත්න මහතාගේ වාර්තාවේ දැක්වේ.

ඇවන්ගාඩ් අවි ගබඩාව සම්බන්ධයෙන් රහස් පොලිසියේ පරීක්ෂණ ගොනුව අධ්‍යයනය කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තම නිර්දේශ සහිත වාර්තාව නීතිපතිට බාර දී ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ එම පස් දෙනාට එරෙවි නඩු පැවරිය හැකි බව බණ්ඩාර මහතා සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ   අපරාධ මගින් උපයාගන්නා කළු සල්ලි නීත්‍යනුකූල කිරීම සඳහා නීත්‍යනුකූල ව්‍යපාරයන්හි යෙදීම සම්බන්ධයෙන් ද මෙම පිරිසට එරෙහිව වත්කම් සොයා ගත් ආකාරය ගැන පරීක්ෂණ පවත්වන ලෙස ද අතිරේක සොලිස්ටර් ජනරාල් නිර්දේශ කර ඇත.

මෙම පස්දෙනාට එරෙහිව ප්‍රභල සාක්කි ඇති බව තමාගේ   මතය හෙයින් තම නිර්දේශ සමඟ එකඟ වන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට උපදෙස් දෙන ලෙස ද වසන්ත නවරත්න බණ්ඩාර මහතා නිදේශ කර තිබේ.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ නීත්‍යනුකූල නොවන බව කියන පාවෙන අවි නැව් ව්‍යපාර හා එම අවි හා උණ්ඩ ගබඩා කර ඇති ගබඩා තහනම් කර ඒවායේ භාරකාරත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරා වාණිජ නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා අවි හා උණ්ඩ සැපයීමේ ව්‍යාපාරය දිගටම ගෙන යන ලෙස නාවික හමුදාවට පවරන ලෙස ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා නිර්දේශ කර ඇත.

ගාලු වාරායේ නැංගුරම්ලා ඇති මහනුවර නැවේ නීත්‍යනුකූල නොවන අවි හා උණ්ඩ තිබූ බව රහස් පොලිසිය දැන්වීයැයි ඔහු සඳහන් කරයි.

ඒ ගැන සෝදිසි කරද්දී ඒකේ 47, රයිෆල් හා වෙනත් යුද අවි ආයුධ 3000කට වැඩි ප්‍රමාණයක් ද, වෙඩි උණ්ඩ හත් ලක්ෂයක් ද තිබූ බවත්, නැවේ නීත්‍යනුකූල අයිතිකරු වන ලංකා ශිපිං සමාගම එම නැව ඇවන්ගාඩ් සමාගමට බදු දී ඇති බවත්, එම අවිවල අයිතිය භාරකාරත්වය හා පාලනය මුළුමනින්ම ඇවන්ගාඩ් සමාගම සතු බවත් රහස් පොලිසිය හා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ඒවා ගණන් ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටි බවත් නවරත්න මහතා සඳහන් කර තිබේ.

IMG_20151117_223618

(ඡායාරූප ලහිරු හර්ෂණ)

IMG_6830 copy IMG_8275 copy IMG_8682 copy



අදහස් (0)

‘‘ඇවන්ගාඩ් සභාපතිට/ගෝඨාට එරෙහි සාක්කි ප්‍රබලයි “

ඉන්දික Monday, 30 November 2015 12:36 PM

නීතිය කියන්නේ මිනිස්සු විසින් හැදු දෙයක් මිසක් උඩින් වැටිච්ච දෙයක් නෙමෙයි, එක රටේ යහපතට යොදවපු බවක් දැන් පෙනෙන්න නැහැ. (ර)

:       0       0

සමන් Monday, 30 November 2015 12:45 PM

මේ කරුණු ගැන මදත් සිතන්න. මෙම නැව් ආරක්ෂණ සේවය නීති විරෝධී නොවන බව පළමුවම පිළිගෙන තිබේ. එහෙයින් එය නාවුක හමුදාව යටතේ පවත්වාගෙන යාමට අවසර දී තිබේ. මෙම අවි විදේශීය නැව් වලට අයත් බැවින් ඒවා ලියාපදිංචි අවිද නැද්ද යන්න පිළිබදව සොයා බැලීමට අවශ්‍ය වී නැත. ඇවන්ගාඩ් ආයතනය මෙහි භාරකාරත්වය දැරූ අතර එය ශ්‍රී ලංකා ගොඩබිමින් බැහැරව ගාලු වරායට ආසන්නව ලංකා රජයේ මුහුදු සීමාව තුල පවත්වාගෙන ගොස් ඇත. එවකට ආණ්ඩු බලය දැරූ රජයේ ආරක්ෂක ලේකම් වරයාට මෙතරම් නීතිවිරෝධී අවි ආයුධ ප්‍රමානයක් කුමකටද? ඔවුන්ට නීත්‍යනුකූලව අවි ආයුධ ගෙන්වීමට බලයක් ද තිබුනි. අපරාධ කරන්නට නම් පාවෙන අවි ගබඩාවක්ම පවත්වාගෙන යා යුතුද? (ර)

:       0       0

සනා Monday, 30 November 2015 12:48 PM

මේක රටේ අදායම වැඩි කරගන්න කල හොද බුද්දිමත් වැඩක්.... ලැබෙන අදායම් රජයට නම් පටන් ගත් විදිය ගැන ඉස්පිලි පාපිලි හොයන්නේ මොකටද.... (ර)

:       0       0

මොහාන් Monday, 30 November 2015 01:27 PM

නීතිය කාටත් පොදුවිය යුතුයි කියන අයගෙන් අහන්න තිබෙන්නේ, ඔය නීතිය ආණ්ඩු පක්ෂයට බලපාන්නේ නැද්ද කියලයි (නි)

:       0       0

කිත්සිරි Monday, 30 November 2015 01:25 PM

එහෙනම් ඉක්මණින් මේ ගැන ක්‍රියාත්මක වෙන්නනේ තියෙන්නේ (නි)

:       0       0

බණ්ඩාර Monday, 30 November 2015 01:32 PM

ඇවන්ගාර්ඩ් ගැන හීනෙන් කියවනවා... ජනතාවගේ බඩගින්නත් වෑහෙනවා.... ලංකාවේ ලොකු ගැටලුව මේ වෙනවා.... (නි)

:       0       0

සුපුන් Monday, 30 November 2015 01:45 PM

අපිට මොන මොන කතා කිවුවත් අපි දන්නවා සිද්ධවෙන දේවල් (නි)

:       0       0

කිංග්ස්ලි Monday, 30 November 2015 01:46 PM

ගෝඨාට අපි කවදත් පක්ෂයි. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ප්‍රසන්න Monday, 30 November 2015 01:53 PM

ජනතාව වන අපි සැමදා ගෝඨාභයගේ පැත්තේ. (නි)

:       0       0

අරුණ Monday, 30 November 2015 01:57 PM

දැන් ඊළගට වෙන්නේ මොකක්ද?(හේ)

:       0       0

සම්පත් Monday, 30 November 2015 02:02 PM

දැන් ඉතින් මොනා කරන්නද?(හේ)

:       0       0

මහේෂ් Monday, 30 November 2015 02:35 PM

එදා ෆොන්සේකාව හිරේ දාපු එකත් වැරදි, ඒ වගේම ගොඨාභයව හිර කරන්න හදන එකත් වැරදි. (හේ)

:       0       0

රන්ජිත් Monday, 30 November 2015 02:58 PM

වරදක් කරලා වසන්කරන්න බැහැ. කවදාහරි නීතියෙන් දඬුවම් විඳින්න වෙනවා (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 30 November 2015 02:56 PM

එතකොට නීතිය කාටත් පොදුද? (නි)

:       0       0

සඳුන් Monday, 30 November 2015 03:18 PM

රටේ සාමාන්‍ය ජනතාවට බොරු කරමින් කරගෙන යන දේවල් නිසා විනාශවෙන්නේ අපේ රට ජාතිය සහ රටට සේවය කළ මිනිසුන්ගේ අභිමානයයි. එම අයගේ ශක්තියයි. (නි)

:       0       0

පිටිගල Monday, 30 November 2015 03:29 PM

හැකිවුණාට කරන්නේ නැහැනේ. (නි)

:       0       0

විජය Monday, 30 November 2015 03:44 PM

අනේ කොච්චර හොඳද මේ උදවියට ගා තිබෙන මඩ සෝදාගෙන තමන්ගේ නිර්දෝෂීබව උසාවිය ඉදිරියේ ඔප්පූ කරන්න අවස්ථාවක් ලබා දීම ගැන රජයට ගොඩක් ස්තුතියි! පගා දුන්නේ කවුද, ගත්තේ කවුද මේවා ඔක්කොම හොයලා බලලා මඩ සෝදාගමු නේද? (නි)

:       0       0

රතන Monday, 30 November 2015 06:29 AM

දැන්වත් ඔය පළිගැනීම නතර කරනවාද අපට තේරෙනවා මෙයාලා කරන්න යන දේවල් අසාද් කුමරු එන්නේ නිකන් නෙවෙයි. (බ)

:       0       0

සේන Monday, 30 November 2015 04:47 PM

මේ රටේ පාලකයන් විසින් කරන ලද අපරාධ වලට නීතිය හරියට ක්‍රියාත්මක කිරීමට නම් සුද්ද අපිට අපේ පාලනයක් කර ගන්න කියල අපිට භාර දීපු දවසේ ඉඳලම පටන් ගත යුතුය. නීතිය සැමට සැමදා සමානව ක්‍රියාත්මක කල යුතුය. යහපාලනයේ සැබෑ අරුත නිරාවරණය වන්නේ එවිටය. (රේ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 30 November 2015 05:10 PM

රටේ අදායම කොහොම වෙතත් එයාලගේ ආදායමනම් වැඩි කරගෙන ඇයි. ඒකනේ අද හැම කෙනාලඟම අවි ආයුධ තියෙන්නේ (රේ)

:       0       0

ප්‍රියන්ත Monday, 30 November 2015 07:10 AM

රටේ නීතිය සැමට පොදු විය යුතුය. වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් කළ යුතුය. සාමාන්‍ය ජනතාවට එය ආදර්ශයක් වේවි.(ම)

:       0       0

බමුණුසේන Monday, 30 November 2015 06:16 PM

මෙම ආයතනය ශ්‍රී ලාංකික සමාජය ගොඩනැඟීමට අවශ්‍ය මුදල් සමාජයට පිළිගත හැකි අයුරින් සිදුකර ඇත. සිදුව ඇති වැරදි සමාජයට එතරම් බරපතල නොවේයැයි අපේ හැඟීමයි. මොවුන්ට දඬුවම් කිරීමට අපේ මුදල් සහ කාලය නාස්ති කිරීම සමාජය දකින්නේ අනවශ්‍ය දෙයක් ලෙසටය. එහෙයින් කරුණාකර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, හොර දේශපාලුවන්, දැව ජාවාරම්කරුවන්, ඖෂධ ජාවාරම්කරුවන් වැනි සමාජය සූරාකන ලේ මාපිලුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රථමයෙන්ම කළයුතුව ඇත. (නි)

:       0       0

කුමාර Monday, 30 November 2015 06:30 PM

සිද්ධවෙන දේවල් ගැන මහජනතාව වශයෙන් අපිට දුකයි (නි)

:       0       0

විජිත් Tuesday, 01 December 2015 09:08 AM

කළගුණ සැළකීම කියන්නේ එකක්, දුෂිතයන්ට දඬුචම් දීම කියන්නේ තව එකක්. මට නම් මේ ලංකාවේ නොවෙයි ලෝකයේ කොහෙවත් ඉන්න දේශපාලුවන් එක් කෙනෙක්වත් ශතයකටවත් විශ්වාස නැහැ. යුද්ධය ජයගන්න " ගෝඨාභය රාජපක්ෂ " මහත්මයා දායකත්වයක් දුන් බව අපි කවුරුත් හොඳින්ම දන්නවා. නමුත් අපි කාටවත් කියන්න බැහැ " ගෝඨාභය නිසයි යුද්ධය දිනුවේ " කියලා. (නි)

:       0       0

රසින්ත Monday, 30 November 2015 06:31 PM

හැමෝම ලියා තිබෙනවා වැරදි කළ අයට දඬුවම් දෙන්න ඕනෑ කියලා. හැබැයි යුද්ධය අවසන්කරන්න මෙතරම් මහන්සි වුණ ආරක්ෂක ලේකම්ව අත්අඩංගුවට ගන්න තමා වලිකන්නෙ. අනේ මෙහෙමත් කෙළෙහිගුණ නොදන්නා රටක අපි ඉපදුනානෙ හැබෑටම....! (නි)

:       0       0

ධනුජ Monday, 30 November 2015 06:51 PM

අපි නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම දේ (නි)

:       0       0

රමේෂ් Monday, 30 November 2015 08:47 AM

අනේ මෙහෙමත් නාටක!. කාට පෙනෙන්නද මේවා රඟ දක්වන්නේ!. (ම)

:       0       0

නිශාන්ත Monday, 30 November 2015 11:05 PM

අපිට දැන් හැමදේම තේරෙනවා (නි)

:       0       0

උපාලි Monday, 30 November 2015 08:50 AM

"රතන" නිතිය කාටත් පොදුයි නේ ඉස්සර වගේ නැහැනේ නේ ඒ හින්දා මේ ගොල්ලන්ට පුළුවන් උසාවි ගිහින් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න. (ම)

:       0       0

දිලිප් වික්‍රමරත්න Monday, 30 November 2015 11:09 PM

බලලා මල්ලෙන් එළියට පැන ඇත. යුද්ධයෙන් පසු එකදු බෝම්බයක් හෝ අපේ පොළොව තුළ නොපිපිරීමේ වගකීම නොපිරිහෙලා ඉටුකළ ඔහු හිරේ දැමිය යුතුමය. අවීචි මහා නරකාදියක් වූ කොළඹ ලස්සන කිරීමේ බරපතල විපාකයට ඔහු වන්දි ගෙවිය යුතුමය. අහෝ ලාංකිකයිනි! (නි)

:       0       0

කිත්සිරි Tuesday, 01 December 2015 12:50 AM

වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

යටවත්ත Tuesday, 01 December 2015 12:50 AM

අනේ මන්දා මොනවා කියන්නද කියලා මේවට? (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Monday, 30 November 2015 09:03 AM

රටේ නීතිය සැමට පොදු විය යුතුය අතර වතුර ඉල්ලුවිට , උපාධිධාරින් පාරට බැස රක්ෂා ඉල්ලුවිට, තවත් මෙවැනි ඉල්ලීම් ඉල්ලනවිට උණ්ඩයෙන් පිළිතරු දුන් සියල්ලටම තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි. එය පලි ගැනිමක් නොව, රටේ නීතියයක් ඇතිබව ජනතාවට වගේම ලොවට ද ආදර්ශයක් වේවි .(ම)

:       0       0

තිලකසිරි Tuesday, 01 December 2015 01:13 AM

මෙයාලගෙ අරමුණ මොකක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

අමල් Tuesday, 01 December 2015 01:17 AM

වැරදි කළා නම් දඬුවම් දෙන්න ඕනෑ. යුද්ධය කළා කියලා ඒවාට රටේ නීතිය අමතක කරන්න බැහැනේ. එහෙම කරනවා නම් මුලින්ම සමාව දෙන්න තිබුනේ සරත් ෆොන්සේකාට. (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 30 November 2015 09:04 AM

නිදහස් වුණ කොටින්ගේ හිර ගෙවල් ටික පුරවන්නත් ඕනිනේ ..... (ම)

:       0       0

ජගත් Monday, 30 November 2015 09:27 AM

හැමදෙනාටම සාධාරන නීතියක් ඕන. වෙනසක් නැතුව දඩුවම් දෙන්න ඕන. මොකද හැමෝටම එක නීතියක් ඕන නැත්නම් කවදාවත් ලංකාවට දිවුණුවක් වෙන්න බෑ අනිත් රටවල් වගේ... (ර)

:       0       0

නිමල් ලාලිත Tuesday, 01 December 2015 02:23 AM

අමල්ගේ කතාව ඇත්ත. සරත් ෆොන්සේකාට කළේ බලවත් අසාධාරනයක්. ඔහුගේ කටට එදාත් බ්රේක් තිබුනේ නැහැ. නමුත් දැන් සිදුවන්නේ වෙනත් දෙයක් (නි)

:       0       0

ජනක Tuesday, 01 December 2015 02:27 AM

මමත් ඔය ගෝඨාභය මහත්තයාට කරන දේවල් වලට කැමති නැහැ. ඒ මහත්තයා රටට කළ සේවය ගැන හිතලා, එයාගෙන් රටට වැඩක් ගන්න බලන්න. (නි)

:       0       0

නිමල්ලලිත Monday, 30 November 2015 09:38 AM

නිතිය කාටත් පොදු විය යුතුයි. නමුත් ක්‍රියාත්මක වීමත් පොදු විය යුතුයි. (ර)

:       0       0

ජනක Tuesday, 01 December 2015 02:24 AM

රසින්ත, මමත් හරියට දුක්වෙනවා මෙවන් මිනිසුන් ඉන්න සමාජයක ඉපදීම ගැන. (නි)

:       0       0

රමේෂ් Tuesday, 01 December 2015 02:35 AM

මේවට කලින් බලන්න ඕනෑ අර කියපු ඖෂධ පනතට මොකද වුණේ කියලා. මතට තිතට මොකද වුණේ කියලා. දුම්වැටි අවම කිරීමට දරපු කෑගැහිල්ලට මොකද වුණේ කියලා. මේ රටට ආදායමක් එන දේ නතර කරලා, රටට හානිකර දේවල් පවත්වාගෙන යන්න උත්සාහ කරනවාද කියලා. (නි)

:       0       0

යසපාල Tuesday, 01 December 2015 02:46 AM

කමක් නැහැ. මරබියෙන් පිරි විශාලා නුවරක්ව තිබුණු රටක මිනිසුන්ට හෙටක් ගැන හිතන්න මරබිය නැතිකර දුන් එකට කළගුණ සළකන්න, රට බේරාගත් ගෝඨාභය මහත්තයා සිරභාරයට ගන්නාතුරුයි අපිත් මේ බලාගෙන ඉන්නේ. මෙහෙම රටක ඉපදුනු අපි අපිටම ශාපකර ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 01 December 2015 03:46 AM

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්.... (නි)

:       0       0

වල්ගම Tuesday, 01 December 2015 03:52 AM

සාක්කි ප්‍රබල නම් නීතියට අනුව කටයුතු කරන්නනේ තියෙන්නේ (නි)

:       0       0

කුලතිලක Tuesday, 01 December 2015 03:51 AM

මෙය පළිගැනීමක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමක් පමණි (නි)

:       0       0

සම්පත් Monday, 30 November 2015 10:09 AM

වැරද්දක් කරලා නැත්නම් ඇයි බය ? පක්ෂ වැඩක් නැ රට ගැන හිතන්න. වැරදිනම් වැරදියි කියන්න බය වෙන්න ඕන නෑනේ. (ර)

:       0       0

ඉන්ද්‍රා Monday, 30 November 2015 10:28 AM

අනිවාර්යෙන් පරීක්ෂණයක් කල යුතුයි. (ර)

:       0       0

සමන් Monday, 30 November 2015 10:28 AM

රටේ නීතියට උඩින් කිසිවෙකු සිටිය යුතු නැත. රටක විනය රැකීමට තරාතිරම නොබලා වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුය. (ර)

:       0       0

රකිත් Tuesday, 01 December 2015 04:23 AM

යුද්ධය අවසන් කළ පළියට රටේ නීතියට පටහැනිව කටයුතු කිරීමට කාටත් අවකාශ ලබා දියයුතු නැත. යුද්ධය අවසාන කිරීමේ ගෞරවය ලබාදෙන අතරම රටේ නීතිය උල්ලංඝනය කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු කළයුතුය. නැත්නම්, යුද්ධය අවසන් කළා යැයි කියමින් ඕනෑම කෙනෙකුට ඕනෑම වැරදි වැඩක් කරන්න පුලුවන්ද? (නි)

:       0       0

රතන Monday, 30 November 2015 11:27 AM

මෙහි අදහස් දාන අය අලුත ඉපදුන අයද.? (ර)

:       0       0

කුසුම් Monday, 30 November 2015 11:44 AM

උපාලි කොහොමද දන්නේ දැන් හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා.? (ර)

:       0       0

ඉන්දික Tuesday, 01 December 2015 05:36 AM

ප්‍රියන්ත, නිමල්ලලිත, ඔයාලා හීනෙන් දොඩවනවද ? මතක නැද්ද මහින්ද සහ ගෝඨාභයලා එන්න කලින් මේ රටේ නීති දෙකක් තිබු බව? (බෝම්බ, තුවක්කු නීතිය තදින් බලපැවතුනා) එය පොදු නීතියක් බවට පත්වුණේ එයාලගේ එඩිතර ක්‍රියාන්විතයෙන් පස්සේ. ‍ගෝඨාභයලා නොහිටියා නම් ඔයාලට මේ රටේ පොදු නීතියක් ගැන හිතන්නවත් ඉඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 52 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1380 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 873 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1458 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1118 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2568 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20733 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19613 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site