අල්ලස් කොමිසම විසින් ගොනු කැර තිබෙන නඩු දෙකකට අදාළව ඇවන්ට්ගාඩ් සභාපති හා විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පුරුවට යෑමට අවසර දෙන ලෙස ඉල්ලා මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (18) ඉදිරිපත් විය.
එම මෝසම ඔක්තෝබර් 26 වැනි දා සලකා බැලිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දොස්තරලා නැද්ද? රටේ සල්ලි නේද පිටරට ඇදෙන්නේ. මොකද මේවා නවත්තන්න බැරි? කතා කලොත් පෞද්ගලික රෝහල් වෙද විදුහල් සුපිරි පැලැන්තියක් හදාගෙන සිංගප්පුර යන්න.(හේ)
වරෙන්තු හීන පෙනෙනකොට මේ අය ලෙඩ වෙනවා. (ර)
ජයන්ත, වියදම් කරන්නේ එයාගේ පෞද්ගලික මුදල්නම් ඒක එයාගේ කැමැත්ත. එංගලන්තේ, ඇමෙරිකාවේ වගේ සෞඛ්‍ය සේවය දියුණු රටවල අය පවා වෙන රටවල ගිහින් බෙහෙත් ගන්නවා එයාලගේ කැමැත්තට. අපි විරුද්ධ වෙන්න ඕන මැති ඇමතිලා අපේ සල්ලිවලින් පිටරට රෝහල්වලට යනවට. වෙනත් මිනිහෙක් එයාගේ පෞද්ගලික මුදලින් රට යනවා නම් ඒක එයාගේ කැමැත්ත. හැබැයි අපේ රටෙත් ඒ තරම්ම හොඳ සෞඛ්‍ය සේවයක් හැදීම මැති ඇමැතියන්ගේ වගකීම. ඉතින් එයාලටනම් ඒ වගකීම පහර හැරලා තමන්ගේ ලෙඩට බෙහෙත් ගන්න රට යන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. (අ)
ජාත්යනතරව පවා නොයෙකුත් සම්මාන ලබාගත්, රටට අති විශාල විදේශ විනිමයක් ගෙනා, රණවිරුවන්ට රැකියා දුන් අගනා ව්‍යාපාරයකට කල විනාශයක මහත - පෞද්ගලික කෝන්තර නිසා! ඉතින් එහෙවු වුණාම ලෙඩ වෙන එකත් පුදුමයක්ද? හැබැයි ඉතින් පහුගිය රජය කොතලවලටත් කරේ ඕකම තමයි. (අ)
කෙනෙකු නව ව්‍යාපාර ආරම්භ කර රටේ ප්‍රගතියට අත දීම හොඳ දෙයක්.. නුමුත් මොවුන් සිදුකර තිබෙන්නේ නීතියට පටහැනිව අසා දාරණ ලෙස පොහොසතුන් බවට පත් වීමක් .. අසාධාරණ පොහොසත් වීම තුළ ගැබීවී තිබෙන්නේ තනිකරම වංචාවක් ... එමගින් සිදුවන්නේ ඔවුන් එලෙස උපයන සම්පත් ඔවුන් තුළම රඳවා තබා ගෙන කෝටිපතියන් වීම මිස රටේ ආර්ථිකය ට සුභ සිද්ධියට එම සම්පත් ගලා ඒමක් සිදු නොවීමයි.මොවුන් මෙම ව්‍යාපාරය නීතියට අනුකුලව පවත්වා ගෙන ගියානම් මොවුන්ට නී නිමය ගැටලුවකට මහුණ දෙන්න වෙනවාද? (අ)
ඇයි එයාලට මෙහෙ බෙහෙත් අල්ලන්නෙ නැද්ද? (නි)
චානක, කරුණාකර නොදන්නා දේවල් කතානොකර ඉන්නවා නම් හොඳයි (නි)
සල්ලි තියෙනවනම් පිට රට ගිහිල්ල බෙහෙත් ගන්න පුළුවන් . මේ රටේ හිඟන ඉස්පිරිතාලවලට මොකටද යන්නේ . ඔය හිඟන ඉස්පිරිතාල තියෙන්නේ මේ රටේ මෝඩ මිනිස්සුන්ට යන්න . (ම)