ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට සිංගප්පුරුවේ හා ජර්මනියේ වෛද්‍ය ප්‍රතිකාර ගැනිමට වසරකට අවසර දිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) තීන්දු කළේය.
වසරක් වැනි කාලයකට එසේ අවසර දිම දැඩි ලෙස විරුද්ධ වන බව අල්ලස් හා දුෂණ විමර්ශන ජනපති කොමිසම කියා සිටියේය.
රජයේ මුදල් කෝටි ගණනින් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා ඇත.
රුපියල් ලක්ෂ 50 ක අමතර ශරීර ඇප තුනක් ද මත විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින මහේස්ත්‍රාත් ඇපකරුවන් ලෙස බිරිඳ හා ඔහුගේ සහෝදරයා හා බිරියගේ සහෝදරයකු අත්සන් කළ යුතු බවත් නියෝග කළේය.
ජායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි මේ ඉස්පිරිතාල ගානේ පෝළිමේ ඉන්නේ බෙහෙත් ගන්න. මේ කවුරුවත්ම ලංකාවෙන් බෙහෙත් ගන්නේ නැහැනේ. (නි)
ප්‍රතිකාර ගන්න ? අවුරුද්දක්? (අ)
යහපාලනය ගැන අපිට ඇත්තේ කළකිරීමකි (නි)
රටවල් 175 කින් හොඳම ආරක්ෂක සමාගම වූ ඔබට සුබ පැතුම්! ලංකාවේ සෞඛ්‍ය ඇමතිත් රට යනවා නම් බෙහෙත් ගන්න අනෙක් අය ගියාම මොකද (නි)
මොකද එයාලට ලංකාවෙන් බෙහෙත් ගන්න බැරි? (නි)
අපි නොදන්නා ලංකාවේ නීතිය! (නි)
ගිහින් ඉක්මණට එන්නත් කියමු නේද? (නි)
දැන් උසාවි ගැනත් අපේ හිතේ කිසිම විශ්වාසයක් නැහැ (නි)
මම නම් තරයේම විරුද්ධයි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හිටියා කියලත් ඉතින් අවුරුද්දක් නෙමෙයි අවුරුදු 10ක් ගියත් අල්ලන හොරෙක් නැහැනේ. (නි)
විනිමය චෝදනා තිබෙන අයට විදෙස් ගත වීමට ඉඩ සැලසීම ඉබ්බා දියට දමනවා වැනි වැඩකි. (ම)
රජයේ මුදල් කෝටි ගණනින් අවභාවිතා කළ කෙනෙකුටත් අවුරුද්දක් වැනි කාලයකට පිටරටවල යන්න අවසර දෙනවා නම් බඩගින්නට බතල අල ගලවපු එකාට බරපතල වැඩ ඇතුව හිරේ දාන එක මොනතරම් අසාධාරණද? (නි)
අපේ රට කවදාවත් ගොඩයන්නේ නැහැ කියන එක මොනවට පැහැදිලි කරනවද. (නි)
මේ තරම් සල්ලි කොහෙන්ද? මේජර් කෙනෙකුට කොහෙන්ද මෙතරම් ධනයක්? රාජපක්ෂලාව කොහොම අමතක කරන්නද ඉතින්? (නි)
අද රටේ නීතිය සමහර බලවතුන්ට ඉතාමත් නම්‍යශීලියි වගෙයි. මහා පුදුමයක්. කාට කියන්නද? (නි)
ලොකු කාලයක්.(හේ)
මේ ඔක්කම මහා ලෙඩ්ඩුනේ. (අ
ප්‍රතිකාර සඳහා යන වියදම දරනු ලබන්නේත් රජයෙන්ද? අනේ සාධු! රණවිරුවන්ට සලකන එක යුතුකමක්නේ! (අ)
රටට ගිය කාලයක් (හේ)
පැරණ ගණු දෙනු ටික එකතු කරගන්න කාලය වැඩිත් එක්ක (හේ)
මේක බොහොම භයානක තීන්දුවක් එල්ලවී තිබෙන බරපතල චෝදනාවලට පිළිතුරු දීම සඳහා මේ චුදිතයා ආපහු සිය මව් රටට ඒවිද ? සිංගප්පුරුවේ හා ජර්මනියේ තිබෙන්නේ එකම ක්රමයේ වෛද්‍ය ප්රතිකාරද ?මොකද්ද මෙයාට හැදිලා තියෙන මහ ලෙඩේ ?බෙහෙත් ගන්න කියා ලොකු ලොකු චුදිතයෝ රට යන එක දැන් කලාවක් වෙලා තියෙනවා !!! (ම)