IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇස් අල්ලා ලෙඩ දාගන්න එපා

(මහනුවර දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න)

ඇස් රතුවී කදුළු ගැලීම බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයකි. මෙවැනි  ඕනෑම තත්ත්වයක් බොහෝවිට ඇස්ලෙඩ ලෙස සලකනු ලබයි. එහෙත් ඇස් රතුවීම විවිධ හේතු නිසා සිදුවෙයි. ඇතැම් වෛරස් ආසාධන නිසා සිදුවන ඇස් රතුවීම වෛද්‍ය ප‍්‍රතිකාර නොකළද සුවවී යා හැකියි. නමුත් සමහර ඇස් රතුවීම් සඳහා අනිවාර්යයෙන්ම ප‍්‍රතිකාර කළ යුතුයි. ඉබේම සුවවන ඇස් රතුවීම සහ වෛද්‍ය ප‍්‍රතිකාර අත්‍යවශ්‍ය ඇස් රතුවීම සාමාන්‍ය ජනතාවට වෙන්කර ගත නොහැකි බැවින් සෑම ඇස් රතුවීමකටම වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
ඇතැම් ඇස් රතුවීම් සම්බන්ධ රෝගී තත්ත්වය වහා හ`දුනාගෙන ක්‍ෂණික ප‍්‍රතිකාර ලබා දීමත් විශේෂඥ අක්‍ෂි වෛද්‍යවරයකු වෙත යොමු කිරීමත් අවශ්‍ය වුවත් රජයේ රෝහලක සේවයේ නියුතු  ඕනෑම වෛද්‍යවරයෙකු වෙතින් ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් සුවකළ නොහැකි අතුරු ආබාධ ඇති වීම වැළැක්විය හැකිය.
ඇස් රතුවීම සඳහා හේතු වන ප‍්‍රධානම හා බහුලව දැකිය හැකි තත්ත්වය වන්නේ අක්‍ෂි පටල ප‍්‍රදාහයයි. මීට අමතරව ට‍්‍රැකෝමා කළු ඉංගිරියාවේ ඇතිවන තුවාලල ග්ලූකෝමා සහ ඇසට තුවාල සිදුවීම වැනි තත්ත්වය නිසාද රතු ඇස් ඇතිවිය හැකිය. තවද අනතුරුදායක සම්ප‍්‍රදායික ඖෂධ ලෙස සලකන ද්‍රව්‍ය භාවිතයෙන්ද ඇස් රතු විය හැකිය.
අක්‍ෂි පටල ප‍්‍රදාහය යනු ඇසේ උඩු හා යටි පියන් ඇතුල් පැත්තෙන් ආවරණය කරන හා ඇසේ සුදු ඉංගිරියාව ආවරණය කරන ශ්ලේෂ්මල පටල ප‍්‍රදාහයට ලක්වීමයි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් වේදනා රහිත වුවත් ඇතැම් විට වැලිකැටයක් ඇස තුළට ඇතුලූ වූ ආකාරයේ දැනීමක් ඇතිවිය හැකියි. මේ සමගම ඇසෙන් කදුළු ගැලීම හා කබ ඇතිවීම යන දෙකම හෝ ඉන් එකක් ඇතිවිය හැකිය.
අක්‍ෂි පටල ප‍්‍රදාහය විවිධ හේතු නිසා ඇතිවෙයි. වෛරස ආසාධන හා ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන අක්‍ෂිපටල ප‍්‍රදාහය මින් ප‍්‍රධාන වෙයි. මෙයින් වඩා බහුල ලෙස වෛරස නිසා ඇතිවන අක්‍ෂි පටල ප‍්‍රදාහය දැකිය හැකි අතර එය ඉතා ඉක්මනින් පැතිරී යයි. එන්ටරෝවෛරස් හා ඇඩිනො වෛරස් යන වෛරස්   කාණ්ඩ නිසා අක්‍ෂි පටල ප‍්‍රදාහය ඇතිවේ. මෙහි ශීඝ‍්‍රයෙන් පැතිරීමේ හැකියාව නිසා ඇතැම් විට වසංගත තත්ත්ව ඇතිවීමේ හැකියාවක් පවතී. වෛරස නිසා ඇතිවන අක්‍ෂිපටල ප‍්‍රදාහයේදී සෑම විටම ඇස්දෙකම රෝගී වන අතර කදුළු ගැලීම ඇස් රතුවීම ඇස් පියන් ඉදිමීම හා ඇසේ වැලි කැට වැනි හැඟීමක් ඇතිවීම වැනි රෝග ලක්‍ෂණ ඇති වේ. ඇතැම් විට ආලෝකය බැලීමට අපහසුවීම හා පෙනීම බොඳවීම වැනි ලක්‍ෂණ ඇතිවිය හැකිය. මෙම රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් දින 5x-10 ක් පමණ කාලයක් තුළ සුව වන අතර බොහෝවිට විශේෂ ඖෂධීය ප‍්‍රතිකාර අවශ්‍ය නොවේ. එහෙත්් දෙවනුව ඇතිවිය හැකි බැක්ටීරියා ආසාධන වැළැක්වීම සඳහා ප‍්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම ප‍්‍රයෝජනවත් වේ. එසේම ඇස් පවිත‍්‍රව තබා ගැනීමෙන් රෝගය ඉක්මනින් සුවකරගැනීමට උපකාරී වේ. එසේම ඇතැම් වෛරස නිසා ඇතිවන අක්‍ෂි පටල ප‍්‍රදාහයන් සඳහා විශේෂ ප‍්‍රතිකාර අවශ්‍ය වේ. එමනිසා මේ සඳහා තීරණ ගැනීමට අනිවාර්යයෙන් වෛද්‍යවරයකුගේ සහය ලබාගත යුතුය.
මෙහිදී රෝගය ශීඝ‍්‍රයෙන් පැතීරීයාම වැළැක්වීම සඳහා නිතර අත් සබන් යොදා සේදීම සහ තුවා සහ අනෙකුත් ඇ`දුමි වෙන්කර තබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. තවද පාරම්පරික ඖෂධ ලෙස සලකන විවිධ ද්‍රව්‍ය භාවිතයෙන්ද වැළකිය යුතුය. 
බැක්ටීරියා නිසා ඇතිවන අක්‍ෂි පටල ප‍්‍රදාහය බොහෝ විට තනි ඇසකට බලපාන අතර ඇසෙන් ස‍්‍රාවය නිකුත් කිරීම සහ ඇස ඉඳිමීම වෛරස් ආසාධන වලට වඩා වැඩිවශයෙන් දක්නට හැකිය. තවද තදින් කබ ගැලීම නිසා ඇස් පිහාටු එකට ඇලී තිබිය හැකි අතර ඇසෙහි වේදනාවක්ද ඇතිවිය හැකිය. මෙහිදීද පුද්ගල ස්වස්ථතාව මෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාරද අත්‍යාවශ්‍ය වේ. ප‍්‍රතිකාර ලෙස ප‍්‍රතිජීවක භාවිතා කළ යුතු අතර ඇස් පිරිසුදුව තබාගැනීම වැදගත් වේ.
අක්‍ෂි පටල ප‍්‍රදාහය ඇති කරන අනෙක් ප‍්‍රධාන අකාරය ආසාත්මිකතාවයි. මෙහිදීද රෝගලක්‍ෂණ වේගයෙන් මතුවන අතර ඇස් කැසීම තදින් ඇතිවේ. තවද ඇස් තදින් ඉදිමිම සහ කදුළු ගැලීම ඇතිවේ.  මීට ප‍්‍රධාන හේතුව වන්නේ යම් ආසාත්මිකතා ඇතිකළ හැකි යමි ආහාරයක් ගැනීම හෝ යමි රසායනික ද්‍රව්‍යයක් ඇසට ඇතුළු වීමයි. දූවිලි, මකළුදැල් වැනි ද්‍රව්‍ය නිසාද මෙම තත්ත්වය ඇතිවිය හැකිය. තවද පාරම්පරික ඖෂධ භාවිතය සහ මසකට වැඩි කාලයක් භාවිතය සඳහා විවෘත කරන ලද ඇස් සඳහා භාවිත කරන ඖෂධ වර්ග නැවත භාවිතයෙන්ද ආසාත්මිකතා ඇතිවිය හැකිය. මෙහිදී ආසාත්මිකතාව ඇතිකරන ආහාරය හෝ ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් තත්ත්වය උග‍්‍ර අතට පත්වීම වළක්වාගත හැකි අතර වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමද අත්‍යාවශ්‍ය වේ.  මෙහිදී ඇස් කැසීමෙන් වැළකී සිටීමද ඉතා වැදගත් වේ.
ඇසෙහි කළු ඉංගිරියාවේ තුවාල ඇතිවිම රතු ඇස් ඇතිවීමට හේතුවෙයි. බැක්ටීරියා, දිලීර, වෛරස් හා ඇකැන්තමීබා වැනි ආසාධන නිසා මෙම තුවාල ඇතිවිය හැකිය. වයස මාස 06 ත් අවු 02 ත් අතර කුඩා ළමයින් අතර විටමින් ඌනතාව නිසාද මෙම තුවාල ඇතිවිය හැකිය. මෙය බරපතළ තත්ත්වයක් වන අතර කළුඉංගිරියාෙවි යලි සුව කළ නොහැකි කැළැල් ඇති විය හැකිය. මේ සඳහා හැකි ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර ගත යුතුය. ක්‍ෂණිකව ඇතිවන ග්ලූකෝමා නැමැති රෝගී තත්ත්වයද වේදනාකාරී රතු ඇස් ඇතිකරන රෝගයකි. මෙහිදී ඇසේ පීඩනය ඉහළ යන අතර ක්‍ෂණික ප‍්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ.
අනවශ්‍ය උසුළු විසුළු නිසා ඇතැම්හූ ඇස් රතුකර ගනිති. මෙලෙස රතුවන ඇස් ඉබේම සුව වුවත් රෝගී තත්ත්වය නිසා ඇති වන රතු ඇස් නිකම්ම සුව නොෙවි. ඇස් දෙක වගේ රැුක ගන්නේ ඉතා වටිනා දේවල්ය. එනම් ඇස් අන් සියල්ලන්ටම වඩා වටී. එම නිසා ඇස් රතුවීම වැනි තත්ත්වයක්  ඇතිවූ සැනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළයුතුය. එමගින් ඔබගේ ඉතා වටිනා ඇස් යළි සුවකළ නොහැකි ලෙස රෝගී වීමෙන් වළක්වා ගත හැකිය. ප‍්‍රතිකාර සඳහා ප‍්‍රමාද වීමෙන් ඇස් අන්ධවීමට පවා පූළුවන.

 



අදහස් (2)

ඇස් අල්ලා ලෙඩ දාගන්න එපා

dilu fernando Tuesday, 23 April 2019 06:20 PM

ගොඩක් වටිනවා බොහොම ස්තූතියි.....

:       0       0

ලක්ශානි Wednesday, 15 December 2021 02:59 PM

මම නුවරඑළිය ප්‍රදේශයේ... දැනට මාස 5කට කලින් විවාහවෙලා මම කුරුණෑගල ප්‍රදේශයට අවා. මගේ ඇස් වටේට තුවාල වෙනවා. ඇස් පිහාටු මතින් කබ වැනි ස්‍රාවයක් එනවා. ඇස් කසනවා. කඳුළු එනවා. තවද මගේ ඇස් වටේ බිබිලි වගේ තියෙනවා. ඒවායි වේදනාවක් ද දැනෙනවා. ඉර එළිය බලන්න අපහසුයි. හුඟාක් පායන දවස්වලට ඇස් අරින්නත් අපහසුයි. මන් ගොඩාක් තැන්වලින් ප්‍රතිකාර කළා. එ්ත් බෙහෙත් බොනකල් හොඳයි. අායේ මතුවෙනවා. මට මේ රොගය සුව කරගන්න විසඳුමක් දෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 544 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 154 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1931 1

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1288 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 570 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1356 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33294 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23892 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site