වසර 75ක මාධ්‍ය මෙහෙවරෙහි යෙදී සිටි ඇස් පියසේන (93) මහතා සිය උපන් ගම වන අලුත්ගම දර්ගානගරයේ මීගම දේවගොඩ දී උපහාර ලැබීය.
පුවත්පත් කලාවේදියකු, ගත් කතුවරයකු, පාර්ලිමේන්තු භාෂා පරිවර්ථකයකු හා චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයකු වූ පියසේන මහතා සමස්ත ඉන්දියා ගුවන්විදුලි සේවයේ ද වැඩ කළේය.
සිංහල, ඉංග්‍රීසි හා හින්දි භාෂා ප්‍රවීණත්වයක් ඇති පියසේන මහතා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.
දේවගොඩ පුරාණ විජයාරාමයේදී පැවැති මේ උපහාර උළෙලේදී පියසේන මහතා ගමේ නෑදෑයන් හා හිතමිතුරන් ද හමු විය.
තම පොත්පත්වලින් ඉපැයූ මුදලින් රුපියල් පනස් දහසක් විහාරයේ වැඩකටයුතු වෙනුවෙන් විහාරාධිපති අනුරාධපුරයේ දේවානන්ද හිමියනට පිරිනැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිරත් කාලයක් දිවි ගෙවන්න ඔස්ට්‍රලියාවේ මෙල්බන් නුවරින් සුබ පැතුම්
වසර 75 ක් පුරාවට පෑනෙන් අසීමිත පාඨක පිරිසකට කියවන්නට සහ හිතන්නට ඉඩ හසර හෙළි පෙහෙළි කරමින් දිවි මගේ 93 වියට සපැමිණි ජේෂ්ඨ පුවත් පත් කලාවේදියානන්හට දීර්ඝ වූ ආයු සම්පත් ප්‍රාර්ථනා කරන්නෙමු.(අ)
විද්වතුනි චිරන් ජයතු (දී)
අපගේ උත්තමාචාරය ඔබට (දී)
මට පියසේන මහතා හමුවුනේ ඔහු ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය උපදේශකයකු ලෙස කටයුතු කරද්දීයි.සිළුමිණට එකල ඔහු ලියු කොලම මහත් සේ ජනප්‍රිය වුනා.ඔහු ලියු කොලම ලිපිය රැගෙන අප කතෘ මණ්ඩලයට හිමිදිරි උදයේ ඇවිත් කතා බහ කරමින් ඔහු එකල අප සමඟ සේවයකළ කතෘ සුබසිංහ මහතා පර්සි ජයමාන්න,පී.බී. ඉලංගසිංහ හා කීර්ති ගුණවර්ධනයන් සමඟ ඔහුගේ ඉන්දීයානු අත්දැකීම් අපට පවසමින් ගතකල කාලය මට සිහියට එනවා.ඔහු අපේ ප්‍රවීන ජන මාධ්‍යවේදීන් අතර ඉතා බහුල අත්දකීම් ඇති දෙස්විදෙස් වල තොරතුරු දන්නා සිංහල අප අතර දැනට ජීවත්ව සිටින විරල ගනයේ වියතෙක්.යුග පුරුෂයෙක්. වටිනා දු පුතුන් බිහිකළ පියෙක්.ඔබට චිරාත් කාලයක් ආයු ලැබේවායි පතනවා. (ස)
ඔබට අපගේ සුබ පැතුම්! චිරාත් කාලයක් අපගේ දෙස බසට තව තවත් සේවය කිරීමට නිරෝගී සුවය සහ ශක්තිය ලැබේවා! මෙල්බන්, ඕස්ට්‍රේලියා (ස)
චිරං ජයතු! (නි)
ඔබ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සන්නසට ලිපියක් ලිවීමට මා තෝරාගත් එක පිළිබදව මම එදා බොහෝ සතුටට පත්වුනෙමි. ඔබ පුවත්පත් කලාවට අමතක නොවෙන නාමයකි (නි)