සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත් කැරුණ ජාතික සෞඛ්‍ය සතිය නිමිත්තෙන් කොළඹ ජාතික අක්ෂි රෝහල සංවිධාන කළ ”ලෝක ග්ලූකෝමා පා ගමන” 2014 කොළඹදී අද උදෑසන පැවැත්විණ.
සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ පා ගමන පැවැත්විණි.
ඇස් පරීක්ෂා කිරීමේ නව සායන කාමරයක්ද විවෘත කැරිණි. රෝගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප‍්‍රයෝජනය සඳහා අලූතින් ඉදිකිරීමට නියමිත ආපන ශාලාවට ද මුල්ගල් තැබීය.
විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මියගේ සී ඩී එම් පෞද්ගලික ආයතනයේ පරිත්‍යාගයක් ලෙස අක්ෂි රෝගීන්ගේ ප‍්‍රයෝජනය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පීඩනය මැනීමේ උපකරණයක් පරිත්‍යාග කෙරිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ‍්‍රඩ් කුමාරසිරි, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වන චරිත් ෆොන්සේකා, ඒ. එල්. ධර්මරත්න, මානෙල් පැස්කුවල්, මංගලා ගමගේ, කපිල බන්දුතිලක, මංගල ධනපාල යන මහත්ම මහත්මීහුද ජාතික අක්ෂි රෝහලේ ඵලදායිතා ප‍්‍රවර්ධන හෙද නිලධාරිනී නදී රාජකරුණා මෙනවිය ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට දායක වූහ.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇස් රෝහලේ පා ගමන
රොෂාන් ප්‍රනාන්දු Friday, 14 March 2014 08:41 AM
මේවට පාගමන් ගිහිල්ල හරියන්නේ නැහැ.ඉස්පිරිතාල වලට අවශ්‍ය උපකරණ ලබා දෙන්න ඕන.ග්ලුකෝමා රෝගීන්ගේ ඇස් පරික්ෂා කිරීමට අවශ්‍ය මැෂින් රජයේ රෝහල් වල නැහැ ,දුර පළාත් වල අයත් කොළඹ එන්න ඕන ඇස් පරික්ෂා කිරීමට . (ත)