IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඇස්ට්‍රාසෙනිකා දෙක ගන්න අයට ප්‍රමුඛතාවය

(සුජිත් හේවාජුලිගේ)

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ලබන සෙනසුරාදා ලැබුණු පසු එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට සිටින පිරිසට විශේෂ ප්‍රමුඛත්වය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට සිටින පිරිස පන්ලක්ෂ හතළිස් දහසක් පමණ වන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ අය බව සෞඛ්‍ය අංශ පවසයි.

ලබන සෙනසුරාදා දිවයිනට ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ප්‍රමාණය හත් ලක්ෂ විසි අට දහස් හාර සිය හටකි.

මේ එන්නත් ලැබෙනුයේ ජපානයේ පරිත්‍යාගයක් වශයෙනි.

මේ අතර කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් දින තුනකදී ලබා දී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .

ඒ අනුව පුද්ගලයින් 417,815 දෙනෙකුට ඊයේ (28) දිනයේදී එන්නත්කරණය සිදුකර ඇත.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ඊයේ (28) දිනයේදී ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්ෂ හතළිස් හතර දහස් හාර සිය පනස් අටකි.

දෙවන මාත්‍රාව තිස් දෙදහස් දෙසිය විසි අට දෙනකුට ලබාදී ඇත.

 



අදහස් (0)

ඇස්ට්‍රාසෙනිකා දෙක ගන්න අයට ප්‍රමුඛතාවය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 2 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 147 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 543 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 1553 1

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


දොස්තර ෂාෆි නිදහස්
2024 නොවැම්බර් මස 06 849 4

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 416 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 426 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site