IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


’’ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික්’’ ගැන ජ’පුරෙන් අලුත් පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ )

ස්පුට්නික්  සහ ඇස්ට්‍රාසෙනිකා  එන්නත්වල ශක්තිය මැන බැලීමේ විශේෂ පරීක්ෂණයක් අලුතින් ඇරඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන  අංශයේ ප්‍රධානී ආචාර්ය  චන්දිම ජීවන්දර  මහතා පවසයි.

ඇස්ට්‍රාසෙනිකා  එන්නතේ  පළමු මාත්‍රාව ලබාගෙන  සති 12 ක් යනතුරු පුද්ගල ශරීරයන් තුළ ඉහළ ප්‍රතිශක්තියක්  ගොඩ නැගෙන බව මුලදී කරන  ලද පරීක්ෂණවලදී තහවුරු වී  තිබූ බවත් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 16 කදී ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති ප්‍රමාණය  තහවුරු කරගැනීම සඳහා මෙම නව පරීක්ෂණය ආරම්භ කළ බවත් ඔහු ප්‍රකාශ කරයි.

අස්ට්‍රාසෙනිකා  එන්නත ලබාගෙන සති 16ක් යනතුරු ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්නේ නම්  දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ඔවුනට තව කාලයක් සිටිය හැකිවනු ඇතැයිද   ජීවන්දර  මහතා  සඳහන් කරයි.

මෙයට අමතරව ස්පුට්නික්  එන්නත සම්බන්ධයෙන්ද තවත් පරීක්ෂණයක් ආරම්භ කළ බව කී ආචාර්යවරයා එම එන්නත ලබාගෙන මාසයකින්,මාස තුනකින් සහ වසරකින් ප්‍රතිශක්තිය ශරීරයන්හි  ගොඩනැගෙන ප්‍රමාණය තහවුරු කරගැනීම එහි අරමුණ බව ද ප්‍රකාශ කළේය.

ස්පුට්නික්  එන්නත ලබා ගත් පුද්ගලයන් 500 දෙනකුගෙන්  ලබාගත් සාම්පල  සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය අද  ආරම්භ කළේය.

ස්පුට්නික්  එන්නතේ  පළමු මාත්‍රාව පමණක් ප්‍රමාණවත්දැයි  තහවුරු කරගැනීමද මේ පරීක්ෂණයේ තවත් අරමුණක් බව ආචාර්ය චන්දිම ජීවන්දර  මහතා පැවැසුවේය.

 



අදහස් (6)

’’ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික්’’ ගැන ජ’පුරෙන් අලුත් පරීක්ෂණයක්

Saman Friday, 04 June 2021 10:28 AM

අනුන් කරපු දෙයක ඇද හොයන එක සුපිරි හැකියාව අපිට තියෙන නිසා වැක්සීනයේ අඩුපාඩු මහාචාර්යවරු නියමෙට පෙන්වාදෙයි

:       2       20

සිරිබිරිස් Friday, 04 June 2021 10:49 AM

ඔය කියන පරීක්ෂණ ඔක්කෝම කරලා තියෙන්නේ ඕවා හදපු කට්ටිය... බොරුවට ලකුණු දාගන්න නේද යන්නේ අරයගෙන්...

:       2       16

de silva berlin Friday, 04 June 2021 12:20 PM

හරි නිගමනයක් දෙන්න අවම වශයෙන් 40000ක පමණ පිරිසක් සහභාගී කරගෙන මාස 06ක් වත් ගතවෙනවා. මේ ගොල්ලෝ කියන්නේ එන්නත් මගින් ප්‍රසිද්ධ කළ දේවල්...

:       1       10

sanka Friday, 04 June 2021 01:11 PM

ස්පුට්නික් එක හොඳයි කියයි අනිත් ඒවාට වැඩිය... වැඩියෙන් ගහගන්න පුළුවන් එක ගණනේ පරීක්ෂණ කරන්න.

:       1       3

Sri Lanka Friday, 04 June 2021 04:09 PM

වෙනත් රටවල මාසයක් ඇතුළත 2ම විද්දා. ලංකාවේ මොකක්ද චෙක් කරන්නේ? ඊළඟ ඡන්දය එනකම් අදින්නද හදන්නේ?

:       0       5

chandima Monday, 07 June 2021 05:14 AM

ඔන්න ඔන්න ඉතින් අලි මැද්දට ගිහින් තැලෙන්න හදනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 173 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 103 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 198 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 221 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 71 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 457 1

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 35 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site