දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පුන් පොහෝදා (22) දංගෙදර උත්සව ශාලාවකට රැස්වී මත්පැන් සාදයක් පැවැත්වූහ.
පළාත් සභා මන්ත්‍රී සංසදය නමින් ගොඩනගාගත් රැස්වීමකදී මත්පැන් බිව් බව ආණ්ඩු පක්ෂයේම පන්ත්‍රීවරු පිරිසක් කියති.
පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා මෙසේ කීවේය.
ඔව් අපි පෝය දවසේ මත්පැන් බීවා. එදාට සියලූම බාර් වහලා. නමුත් කලින් දවසේ ඇරලා තියෙනවා. අපි කලින් දවසේ ගත්තා (බෝතල්) සාදයේදී මත්පැන් බිව්වා. පෝය දවස කියලා මත්පැන් නොබී ඉන්න කියා කවුරුවත් කියා නැහැ. බුදු දහම යනු දර්ශනයක්. එහි තියෙනවා ප්‍රමාදයට හා මදයට හේතුවන දේ පානය කරන්න එපා කියා. නමුත් අපි කාර්ය බහුලයි. අපිටත් විවේකයක් විනෝදයක් අවශ්‍ය වෙනවා. මතට තිත කියා රජයෙන් ගෙනයන වැඩ පිළිවෙලේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ හෙරොයින්, කසිප්පු වගේ දේවල් සමාජයෙන් ඉවත් කිරීම. සාදයකදී මත්පැන් පානය කරන්න එපා කියා කවුරුවත් කියන්නේ නැහැ. අපි බීලා පිස්සු නැටුවේ නැහැ. පෝය දවසේ බොන්න හොද නෑ කියන්නේ සමාජ මතයක් විතරයි. ඒක අපිට අදාල නැහැ.
මෙවර රැස්වීමේ සඳහා වියදම් පළාත් සභා මන්ත්‍රී කේ.පී.අමරපාල මහතා ගෙනි. ඔහු මෙසේ කීවේය.
අපි මේක කරන්නේ බොහොම අමාරුවෙන්. සල්ලිත් නැතිව ලාවට කරන දෙයක්. මන්ත්‍රීවරුන්ගේ රැස්විමෙන් පස්සේ කෑම කනවා. ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් මත්පැන් දෙන්න වෙනවානේ. ඒ නිසා කලින් අරගෙන ටිකක් සූදානම්ව තියාගත්තා. පෝය දවසේ කරපු නරක වැඩක් කියලා හිතන්න එපා.
අමාත්‍යවරුන් සහභාගී නොවන මන්ත්‍රී සංසදයේ රැස්වීමක් පමණක් වුව ද ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යවරු ද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ පළාත් සභාවේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ද රැස්වීමෙන් පසු පැවැත්වෙන සාදයට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි ප්‍රශ්නය තියෙන්නේ පෝයට බාර් වහලා තියෙද්දී බීපු එකනේ. අපි ඒකට මෙහෙම කරමු.පෝයට බාර් ඇරලා බෝර්ඩ් එකක් ගහමු ''ප්‍රමාදයට හා මතයට හේතුවන පානයන් බිම හොඳ නැත'' කියලා.ප්‍රශ්නේ ඉවරයි. (නි)
නින්දා සහගත ලජ්ජා නොමැති මහජන ඡන්දයෙන් පත් වන මෙවැනි අයට කුමක් කියමිද නොදන්නේය. මන්ද කිව යුතු දෙය මෙ පුවත් පතේ පල කිරීමට නොහැකිය.(නදී)
කෝප වන්නේ ඇයි පෙම්බර මිතුරෝ? ඉක්මන් කෝප හොද නැහැ මගේ මිතුරෝ.(නදී)
කව්ද මේ කචල් දාන්නේ! (නි)
අපේ අලුත්ම පිස්සු බඩු 2 සත්‍යපාල හා වීර කෝ ඔය දෙන්නගේ අදහස්.(නදී)
පෝය දවසේ මත්පැන් බීමේ වරදක් මම නම් දකින්නේ නැහැ. (නි)
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි (නි)
මතට තිත නේ . එකනේ.(නදි)
අනේ සාධු! (නි)
ඔබ හරියට හරි මොහමඩ්. අන්‍ය ආගමිකයෙක් වෙලත් ඔබට තියන හැඟීම අපේ දේශපාලුවන්ට නැහැ. බලන්න දෙන ආදර්ශ. (නි)
අනිත් ඒවත් හරියට නොරකින එකේ අන්තිම එක කැඩුහම මොකද වෙන්නේ(නි)
අපේ රටේ වැඩි දෙනෙකුට තැනක් නොතැනක් නැහැ. කිසි දෙයක වැරද්දක් දකින්නෙත් නැහැ. සත්තු වගේ හිතුන දේ හිතුන දවසට හිතුන තැන කරනවා. සමාජය මේ තරම් පිරිහෙන්න හේතුව තමයි මේ.(නදී)
මෙහෙමත් මිනිස්සු(නි)
දේශපාලනයට එන්න නම් හොද අධ්‍යාපන සුදුසුකම් බැලිය යුතුයි (නි)
වීර, ඔයත් මෙතන ඉදල මාට්ටු උනාද ? කෝ ඔයාගේ කිසිම සද්දයක් නැහැ නේ අද.(නදී)
කන්න ඕනෑ වුනාම කබරගොයත් තලගොයා වෙනවලු.ඒක ඉතින් කාටත් පොදුයි. නමුත් වරද එතන නොවෙයි.ඉරිදා හතරම නිවාඩු. සිකුරාදා කෑම විවේකයට අමතරව තව පැයක්.මේවා නීතියෙන්ම අනුමත කරලා තිබෙන්නේ ආගමික වතාවත් සදහා.එය එම ආගම් වල අයට අනිවාර්ය කරලා තිබෙනවා, එය එයාආ බොහොම හොදින් පිළිපදිනවා හරි ආඩම්බරයි. බෞද්ධයන්ට එහෙම අනිවාර්ය කරලා නැහැ ,නමුත් සතර පෝයට ආගමික වතාවත් වල යෙදෙනවා .පුර පොහොය වැදගත් කොට සලකනවා. එනිසයි එය නිවාඩු කරලා තියෙන්නේ. එක දිනක්වත් ආගමික වතාවත් වල යෙදෙන්න. එය එසේ විය යුතුයි කියලා නියමයක් නැහැ. (නි)
මෙවැනි නිගන්ටයන් පත් කරන ජනතාවම මේවාට පිලිතුරු දිය යුතුය. පළාත් සබා මන්ත්‍රී ක්‍රමය අහෝසි කරන තුරු අපේ රට සැමදා මෙවැනි නුගත් පහත් පන්තියේ අයගේ තුප්පහි සංස්කෘතිය රජයනු ඇත.(නදී)
දැන් බුදු දහම විනාශ වෙලා තියෙන්නේ. (නදී)
මේ අදහස් ටික කෙනෙකුට මාව වරදවා තේරුම් ගැනීමට ඉවහල් වෙන්න පුළුවන්. එයාලට නිවාඩු නැත්තේ ඇයි කියලත් මම කිව්වා නායකයෝ ආදර්ශ මත් විය යුතුයි කියලත් කිව්වා.(නදී)
දේශපාලකයෝ කියන්නේ ආදර්ශමත් චරිත කියලා අපි හිතන් ඉන්න එකයි වරද. (ස)
ලංකාව ධර්මද්දීපය කිව්වට ඇත්තටම බැලුවම තිරිසන් අපායක් වගෙයි. කියන තරමක් කියන්නේ බොරු , කරන තරමක් කරන්නේ හොර වැඩ , තියෙන තරමක් තියෙන්නේ පන්සිල් නැති පන්සල්....මෙහෙව් රටකට දෙවියන්ගේවත් බුදුන්ගේවත් පිහිටක් ලැබෙයිද?(නි)
කෝ අර සේනාව? බොරුවට බුද්ධගයාවට කෑ ගහපු අය කෝ? ඔක්කොම බොරු බයිලා. පුලුවන් නම් මේවට කතා කරලා නවත්තලා පෙන්නන්න. (නි)
මැර බලයෙන් දේශපාලනය කරනකොට මේවා තමා ප්‍රතිපල. (නි)
බොහොම කණගාටුයි(නි)
මේ කට්ටියට නැවත ඡන්දෙ දීල පෝයට තැබෑරුම් වහන නීතිය අයින් කරවා ගන්න පුළුවනි. පාසල් යන දහම් පාසැල් යන තමන්ගේ දරුවන්ටත් අපහාස කරන පිං නැති පියවරු.(නදී)
වසන්ත, බුද්දාගමේ නැති දේට ගිනිතියා ගන්නවා, සදහන් කර ඇති දේ පැහැර හරිනවා. මේවා මට තේරෙන්නේ නැහැ අනේ. (නි)
කෝ එතකොට අපේ අර හාමුදුරුවෝ? (නි)
පෝය දවසට මදුරුවො තලන්නෙ නැති කී දෙනෙක් ඉන්නවද? එදාට අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්නෙ නැති කී දෙනෙක් ඉන්නවද? කාමයෙහි වරදවා හැසිරෙන්නෙ නැති කී දෙනෙක් ඉන්නවද? බොරු නොකියන කී දෙනෙක් ඉන්නවද? කවුරුවත් බීපු එකකට කෑ ගහන්නෙ.බුදු දහම තියෙන්නෙ තමන්ට හැදෙන්න. අනුන්ව හදන්න නෙමෙයි. (ස)
බීල බීල මහ රෑ ගිහිල්ලා බෝක්කු වල හප්පගන්නවා. ඊට පස්සේ මේක දකින සමහරක් පාටකයෝ නිවන් සැප පතනවා. (නි)
ගෙදර ගෙනල්ල තියාගෙන තනියම බිව්වත් ඉවසන්න පුළුවන්. පාටි ධාන එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ. (ස)
අනේ පාල, ඔයාට ඕනෑ දෙයක් සාදාරණීකරනය කරන්න පුළුවන්. ඒත් බොදු දර්ශනය ගැන මේ විදියට කියනකොට රටේ ජනතාවට තේරෙනවා ඔයා කවුද කියලා (නි)
රටේ පිළිගත් ප්‍රමීතීන් පිට යාම හෙලා දකිමි,චන්දෙ දී ජනතාව නියම තාක් සීරුවක් දෙයි (දී)
ඇට නැති දිව කොහොමද හසුරුවන ආකාරය .... (නි)
ධර්මද්වීපයේ වෙන දේවල්? අනේ සාධු! (නි)
දැන් මොකටද එතකොට තිත...? (නි)
පිරිත් නුල් ගැටගන්න කෙනෙක් ආවේ නැද්ද ? (නි)
මේ ගොල්ලෝ කරන දේවල් වල හැටියට ඕක සුලුදෙයක්...... (නි)
මේ මන්ත්‍රීවරු හරි, අන්න ඔහොම ඇත්ත කිවුවම අපිටත් සන්තෝෂයි. ඔබතුමාලගේ සංසදේට මටත් ආරාධනා කළා නම් ,දඩ මස් ටිකකුත් අරන් මාත් එනවා. ජයවේවා. (නි)
අර මින්නේරියේ දේශපාලකතුමෙක් නැතිවුණ දුකටද දන්නේ නැහැ බීලා තියෙන්නේ (නි)
දකුණු පළාත් සභාවේ මූලධර්මවාදියෝ නැහැ කියල "හොඳ" පණිවුඩයක් දීලා තියනවට අමතරව 13 වන ව්‍යවස්ථා සංශෝදනය යටතේ ජාතික ව්‍යවස්ථාවේ ලියවිලා නැති ඕනෑම ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය නොකර ඉන්න පළාත් සභාවලට පුළුවන් බවත් පෙන්නලා දීලා තියනවා. (නි)
ඉතින් වෙන මොන කතාද? 'පෝය නිසා එදාට ගන්නේ නැතුව කලින් අරන් තියාගත්තා.' මරු කතාව. (නි)
මන්ත්‍රීතුමාගේ තර්කය උසාවියකට ගැලපෙන එකක්. නමුත් මන්ත්‍රීතුමා සදාචාරයට අපේ ආගමට හෝ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. මට හිතෙන්නේ ඔබතුමා මෝඩකම ප්‍රදර්ශනය කරලා කියලයි.සමාජ මතය අපට අදාළ නැහැ කියලා කියන්නේ කොහොමද? පෝය දවසට බාර් තැබෑරුම් වහන්න කියන රජයේ ප්‍රතිපත්තිය ඔබලාට අදාළ නැහැ එහෙනම්? තව කයිවාරුත් ගහනවා,ලජ්ජා නැතුව (නි)
ඒක හරි. එයා පස්වැනි සික පදය කියන්නේ නැහැ කරලා පෙන්නුවා.ඉස්සරලම බලන්න ඕනෑ මේගොල්ලෝ සික පදය කියවනවද කියලා. මොනවා වුනත් රටට හොඳ ආදර්ශයක් දුන්නා. (නි)
ප්‍රදර්ශනාත්මක සිල් රැකීමට වඩා එළිපිට තමන් කැමතිදේ කරන එක වරදක් නැහැ.මේකෙ කියන විදියට පෝය දවසට සිල් රැකලා අනෙක් දවස් වලට කැඩුවහම හරි.බොන්නෙ නැත්නම් නොබී ඉන්න.බොනවා නම් අනුන්ට වදයක් නැතුව ඕනෑ දවසක බොන්න.බොරු සිල් රැකීමට වඩා ඒක හොඳයි. (නි)
පව් එතුමන්ලා හැමදාම ජනතාවට සේවය කරනවා. එක දවසක් පොඩ්ඩක් විනෝද වුනාට දොස් කියන්න එපා. (නි)
මතට තිත කියමින් උදේ හවස කෑගහන බෞද්ධ රටේ,කොහොමද අපේ දේශපාලුවන්ගේ වැඩ.හොදට බීලා දඩමස් බයිට් ඵකට අරගෙන ආශ්චර්යට යන ගමනේ වැනි වැනී යමු. (නි)
ආදර්ශමත් මන්ත්‍රීවරු පිරිසක්.. ජනතාවනි ලබන වතාවෙත් මේ අයම පත්කරගන්න. ජයවේවා.....(අ)
මේ වගේ අයව රජ කරවපු අපිද එතකොට වැරදිකාරයෝ?මතට තිත කියන එකත් බලය ඇති අයට අදාළ නොවන දෙයක්ද? ඇත්තටම මේ ධර්මදිපය කියලා කියන රටද? මේවට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? (නි)
ඔවා දෙණු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට ..(අ)
ඒ මිනිස්සුන්ට ඕන හින්ද බිව්වා.බීම ඇත්තටම හොඳ දෙයක් නෙවේ.අපි දැනගන්න ඕන නොබී ඉන්න.මොකද අපි බබාල නෙවේනේ කවුරුවත් කිව්වට බොන්න..තම තමන්ගේ දරුවන්ට මේ බොන ආදර්ශ දෙන්න හොඳ නෑ.ඇත්තටම ජරාවට පත්වෙලා යන අපේ මේ ශරීරය අපි මොකටද තවත් ඉක්මනින් විනාශ කරන්න හදන්නේ? (අ)
මේ වගේ අදහස් ඇති වැදි බන කියන මන්ත්‍රීවරුන්ට හරියන කතාවක් යනවා මනුෂ්‍යත්වයෝ කියලා.(නදී)
රට පාලනය කරන අය දුව දුව කරයි නම් අපි හිටගෙන කරට පව් නැත. ලබන සැරෙත් මේ මැට්ටෝ ටිකටම වටිනා ඡන්දය දීල පත් කරගන්න. සැමට තෙරුවන් සරණයි කිව්වේ ඉස්සර දැන් සැමට බෝතල් සරණයි.(අ)
ඉදිරි මැතිවරණ වලින් පරදින බව දන්නා නිසා ,දුකට කරපු දෙයක්, (අ)
මේ මන්ත්‍රීලා විතරක් නෙවෙයි රටේ බොහෝ තැන් වල වෙන දෙයක් ඕක.පෝය දවසකට දියඇලි වගේ ප්‍රසිද්ධ තැන්වල සුලබයි. ප්‍රතිචාර දාපු අය බබාලද කොහෙද? (අ)
මෙයාල බලයෙනුත් මත් වෙලා සුරාවෙනුත් මත්වෙලා පීඩිත ජනතාව හාමතින් මත් වෙලා .(අ)
මේ කියන සිද්දිය කොයි රටේද වෙලා තියෙන්නේ? අපේ හෙළ දෙරණේ නම් වෙන්න බැහැ... (දී)
මේවගේ පදවි දරන මන්ත්‍රීවරු කර ඇත්තේ ලොකු වරදක්. මට පුදුම ජනාදිපති නිහඬව ඉන්නේ ඇයි කියලා. පිටිගලගේ කතාව හරියටම හරි.(නදී)
ෂෙරීෆ් මේක වෙලා තිබෙන්නේ අපේ ලංකාවේ. අපි බලා ගෙන ඉමු. ලස්සනයිනේ.(නදී)
අපි ඉතින් දේශප්‍රේමී ජනතාවනේ බඩගින්නේ මලත්. බෝම්බ පිපිරිලා මිනිස්සු මැරෙන්නේ නැහැනේ දැන්. මට නම් පිස්සු වගේ.(නදී)
ඡන්දය දිනපු දාට තවත් පදම් වෙයි.(නදී)
අදහස් දාලා තියෙන අයගෙන් අහන්නේ, ඇයි කොහේහරි කියලා තියනවද පෝය දවසේ ටිකක් ගත්තහම පව් වැඩි වෙනවා. අනිත් දවස්වල පව් සිද්ද වෙන්නේ අඩුවෙන් කියලා (නි)
පෝයදාට නිවාඩු දීලත් පන්සල් යන්නැති අය ඉන්නවනේ. කියලා වැඩක් නැහැ.(නදී)