IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇසළ පෝදා පස්වැනි සික පදය කඩති

දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පුන් පොහෝදා (22) දංගෙදර උත්සව ශාලාවකට රැස්වී මත්පැන් සාදයක් පැවැත්වූහ.

පළාත් සභා මන්ත්‍රී සංසදය නමින් ගොඩනගාගත්  රැස්වීමකදී මත්පැන් බිව් බව ආණ්ඩු පක්ෂයේම පන්ත්‍රීවරු පිරිසක් කියති.

පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා මෙසේ කීවේය.

ඔව් අපි පෝය දවසේ මත්පැන් බීවා. එදාට සියලූම බාර් වහලා. නමුත් කලින් දවසේ ඇරලා තියෙනවා. අපි කලින් දවසේ ගත්තා (බෝතල්)   සාදයේදී මත්පැන් බිව්වා. පෝය දවස කියලා මත්පැන් නොබී ඉන්න කියා කවුරුවත් කියා නැහැ. බුදු දහම යනු දර්ශනයක්. එහි තියෙනවා ප්‍රමාදයට හා මදයට හේතුවන දේ පානය කරන්න එපා කියා. නමුත් අපි කාර්ය බහුලයි. අපිටත් විවේකයක් විනෝදයක් අවශ්‍ය වෙනවා. මතට තිත කියා රජයෙන් ගෙනයන වැඩ පිළිවෙලේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ හෙරොයින්, කසිප්පු වගේ දේවල් සමාජයෙන් ඉවත් කිරීම. සාදයකදී මත්පැන් පානය කරන්න එපා කියා කවුරුවත් කියන්නේ නැහැ. අපි බීලා පිස්සු නැටුවේ නැහැ. පෝය දවසේ බොන්න හොද නෑ කියන්නේ සමාජ මතයක් විතරයි. ඒක අපිට අදාල නැහැ.

මෙවර රැස්වීමේ සඳහා වියදම් පළාත් සභා මන්ත්‍රී කේ.පී.අමරපාල මහතා ගෙනි. ඔහු මෙසේ කීවේය.

අපි මේක කරන්නේ බොහොම අමාරුවෙන්. සල්ලිත් නැතිව ලාවට කරන දෙයක්. මන්ත්‍රීවරුන්ගේ රැස්විමෙන් පස්සේ කෑම කනවා. ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් මත්පැන් දෙන්න වෙනවානේ. ඒ නිසා කලින් අරගෙන ටිකක් සූදානම්ව තියාගත්තා. පෝය දවසේ කරපු නරක වැඩක් කියලා හිතන්න එපා.

අමාත්‍යවරුන් සහභාගී නොවන මන්ත්‍රී සංසදයේ රැස්වීමක් පමණක් වුව ද ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යවරු ද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ පළාත් සභාවේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ද රැස්වීමෙන් පසු පැවැත්වෙන සාදයට පැමිණ සිටියහ.

 



අදහස් (0)

ඇසළ පෝදා පස්වැනි සික පදය කඩති

සමන් Thursday, 25 July 2013 11:56 PM

පෝයදාට නිවාඩු දීලත් පන්සල් යන්නැති අය ඉන්නවනේ. කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

හේමන්ත Friday, 26 July 2013 12:04 PM

මේ කට්ටියට නැවත ඡන්දෙ දීල පෝයට තැබෑරුම් වහන නීතිය අයින් කරවා ගන්න පුළුවනි. පාසල් යන දහම් පාසැල් යන තමන්ගේ දරුවන්ටත් අපහාස කරන පිං නැති පියවරු.(නදී)

:       0       0

මොහෙමඩ් Friday, 26 July 2013 12:59 AM

මෙවැනි නිගන්ටයන් පත් කරන ජනතාවම මේවාට පිලිතුරු දිය යුතුය. පළාත් සබා මන්ත්‍රී ක්‍රමය අහෝසි කරන තුරු අපේ රට සැමදා මෙවැනි නුගත් පහත් පන්තියේ අයගේ තුප්පහි සංස්කෘතිය රජයනු ඇත.(නදී)

:       0       0

සරෝජ් Friday, 26 July 2013 01:01 AM

නින්දා සහගත ලජ්ජා නොමැති මහජන ඡන්දයෙන් පත් වන මෙවැනි අයට කුමක් කියමිද නොදන්නේය. මන්ද කිව යුතු දෙය මෙ පුවත් පතේ පල කිරීමට නොහැකිය.(නදී)

:       0       0

අබ්දුල් Friday, 26 July 2013 12:10 PM

වසන්ත, බුද්දාගමේ නැති දේට ගිනිතියා ගන්නවා, සදහන් කර ඇති දේ පැහැර හරිනවා. මේවා මට තේරෙන්නේ නැහැ අනේ. (නි)

:       0       0

මාධව Friday, 26 July 2013 12:13 PM

කෝ එතකොට අපේ අර හාමුදුරු‍වෝ? (නි)

:       0       0

සුමනසිරි Friday, 26 July 2013 07:57 PM

අනේ පාල, ඔයාට ඕනෑ දෙයක් සාදාරණීකරනය කරන්න පුළුවන්. ඒත් බොදු දර්ශනය ගැන මේ විදියට කියනකොට රටේ ජනතාවට ‍තේරෙනවා ඔයා කවුද කියලා (නි)

:       0       0

ගුනේ Friday, 26 July 2013 03:59 AM

කෝප වන්නේ ඇයි පෙම්බර මිතුරෝ? ඉක්මන් කෝප හොද නැහැ මගේ මිතුරෝ.(නදී)

:       0       0

අසේල ඕමානය Thursday, 25 July 2013 06:21 PM

මේ වගේ අයව රජ කරවපු අපිද එතකොට වැරදිකාරයෝ?මතට තිත කියන එකත් බලය ඇති අයට අදාළ නොවන දෙයක්ද? ඇත්තටම මේ ධර්මදිපය කියලා කියන රටද? මේවට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? (නි)

:       0       0

ප්.ඩ් ගුණවර්ධන Thursday, 25 July 2013 06:24 PM

ඇට නැති දිව කොහොමද හසුරුවන ආකාරය .... (නි)

:       0       0

මොහමඩ් Thursday, 25 July 2013 06:25 PM

ධර්මද්වීපයේ වෙන දේවල්? අනේ සාධු! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 26 July 2013 04:57 AM

කව්ද මේ කචල් දාන්නේ! (නි)

:       0       0

අරුණ Thursday, 25 July 2013 06:32 PM

දැන් මොකටද එතකොට තිත...? (නි)

:       0       0

අරුසියා Friday, 26 July 2013 05:32 AM

අපේ අලුත්ම පිස්සු බඩු 2 සත්‍යපාල හා වීර කෝ ඔය දෙන්නගේ අදහස්.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 26 July 2013 06:03 AM

පෝය දවසේ මත්පැන් බීමේ වරදක් මම නම් දකින්නේ නැහැ. (නි)

:       0       0

විදානගේ Thursday, 25 July 2013 06:35 PM

පිරිත් නුල් ගැටගන්න කෙනෙක් ආවේ නැද්ද ? (නි)

:       0       0

සදුනි Thursday, 25 July 2013 06:37 PM

මේ ගොල්ලෝ කරන දේවල් වල හැටියට ඕක සුලුදෙයක්...... (නි)

:       0       0

ඩයස් Thursday, 25 July 2013 06:36 PM

මේ මන්ත්‍රීවරු හරි, අන්න ඔහොම ඇත්ත කිවුවම අපිටත් සන්තෝෂයි. ඔබතුමාලගේ සංසදේට මටත් ආරාධනා කළා නම් ,දඩ මස් ටිකකුත් අරන් මාත් එනවා. ජයවේවා. (නි)

:       0       0

සුරේන් Friday, 26 July 2013 06:17 AM

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Friday, 26 July 2013 06:17 AM

මතට තිත නේ . එකනේ.(නදි)

:       0       0

හියුමන් Friday, 26 July 2013 06:17 AM

අනේ සාධු! (නි)

:       0       0

ප්.ද ගුණවර්දන Thursday, 25 July 2013 06:40 PM

අර මින්නේරියේ දේශපාලකතුමෙක් නැතිවුණ දුකටද දන්නේ නැහැ බීලා තියෙන්නේ (නි)

:       0       0

ගාමිණී Friday, 26 July 2013 06:59 AM

ඔබ හරියට හරි මොහමඩ්. අන්‍ය ආගමිකයෙක් වෙලත් ඔබට තියන හැඟීම අපේ දේශපාලුවන්ට නැහැ. බලන්න දෙන ආදර්ශ. (නි)

:       0       0

කිරන් Thursday, 25 July 2013 06:45 PM

දකුණු පළාත් සභාවේ මූලධර්මවාදියෝ නැහැ කියල "හොඳ" පණිවුඩයක් දීලා තියනවට අමතරව 13 වන ව්‍යවස්ථා සංශෝදනය යටතේ ජාතික ව්‍යවස්ථාවේ ලියවිලා නැති ඕනෑම ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය නොකර ඉන්න පළාත් සභාවලට පුළුවන් බවත් පෙන්නලා දීලා තියනවා. (නි)

:       0       0

මිත්‍රා Friday, 26 July 2013 07:06 AM

අනිත් ඒවත් හරියට නොරකින එකේ අන්තිම එක කැඩුහම මොකද වෙන්නේ(නි)

:       0       0

මාදවී Friday, 26 July 2013 07:08 AM

අපේ රටේ වැඩි දෙනෙකුට තැනක් නොතැනක් නැහැ. කිසි දෙයක වැරද්දක් දකින්නෙත් නැහැ. සත්තු වගේ හිතුන දේ හිතුන දවසට හිතුන තැන කරනවා. සමාජය මේ තරම් පිරිහෙන්න හේතුව තමයි මේ.(නදී)

:       0       0

දුමින්ද Friday, 26 July 2013 02:00 PM

පෝය දවසට මදුරුවො තලන්නෙ නැති කී දෙනෙක් ඉන්නවද? එදාට අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්නෙ නැති කී දෙනෙක් ඉන්නවද? කාමයෙහි වරදවා හැසිරෙන්නෙ නැති කී දෙනෙක් ඉන්නවද? බොරු නොකියන කී දෙනෙක් ඉන්නවද? කවුරුවත් බීපු එකකට කෑ ගහන්නෙ.බුදු දහම තියෙන්නෙ තමන්ට හැදෙන්න. අනුන්ව හදන්න නෙමෙයි. (ස)

:       0       0

සිරි Friday, 26 July 2013 07:13 AM

මෙහෙමත් මිනිස්සු(නි)

:       0       0

මාධවී Friday, 26 July 2013 07:17 AM

දේශපාලනයට එන්න නම් හොද අධ්‍යාපන සුදුසුකම් බැලිය යුතුයි (නි)

:       0       0

ලාල් Friday, 26 July 2013 02:06 PM

බීල බීල මහ රෑ ගිහිල්ලා බෝක්කු වල හප්පගන්නවා. ඊට පස්සේ මේක දකින සමහරක් පාටකයෝ නිවන් සැප පතනවා. (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 25 July 2013 07:06 PM

ඉතින් වෙන මොන කතාද? 'පෝය නිසා එදාට ගන්නේ නැතුව කලින් අරන් තියාගත්තා.' මරු කතාව. (නි)

:       0       0

අර්ෂා Friday, 26 July 2013 07:49 AM

වීර, ඔයත් මෙතන ඉදල මාට්ටු උනාද ? කෝ ඔයාගේ කිසිම සද්දයක් නැහැ නේ අද.(නදී)

:       0       0

පිටිගල Thursday, 25 July 2013 07:08 PM

මන්ත්‍රීතුමාගේ තර්කය උසාවියකට ගැලපෙන එකක්. නමුත් මන්ත්‍රීතුමා සදාචාරයට අපේ ආගමට හෝ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. මට හිතෙන්නේ ඔබතුමා මෝඩකම ප්‍රදර්ශනය කරලා කියලයි.සමාජ මතය අපට අදාළ නැහැ කියලා කියන්නේ කොහොමද? පෝය දවසට බාර් තැබෑරුම් වහන්න කියන රජයේ ප්‍රතිපත්තිය ඔබලාට අදාළ නැහැ එහෙනම්? තව කයිවාරුත් ගහනවා,ලජ්ජා නැතුව (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 25 July 2013 07:19 PM

ඒක හරි. එයා පස්වැනි සික පදය කියන්නේ නැහැ කරලා පෙන්නුවා.ඉස්සරලම බලන්න ඕනෑ මේගොල්ලෝ සික පදය කියවනවද කියලා. මොනවා වුනත් රටට හොඳ ආදර්ශයක් දුන්නා. (නි)

:       0       0

වසා Thursday, 25 July 2013 07:25 PM

ප්‍රදර්ශනාත්මක සිල් රැකීමට වඩා එළිපිට තමන් කැමතිදේ කරන එක වරදක් නැහැ.මේකෙ කියන විදියට පෝය දවසට සිල් රැකලා අනෙක් දවස් වලට කැඩුවහම හරි.බොන්නෙ නැත්නම් නොබී ඉන්න.බොනවා නම් අනුන්ට වදයක් නැතුව ඕනෑ දවසක බොන්න.බොරු සිල් රැකීමට වඩා ඒක හොඳයි. (නි)

:       0       0

ටෙනිසන් Friday, 26 July 2013 08:12 AM

කන්න ඕනෑ වුනාම කබරගොයත් තලගොයා වෙනවලු.ඒක ඉතින් කාටත් පොදුයි. නමුත් වරද එතන නොවෙයි.ඉරිදා හතරම නිවාඩු. සිකුරාදා කෑම විවේකයට අමතරව තව පැයක්.මේවා නීතියෙන්ම අනුමත කරලා තිබෙන්නේ ආගමික වතාවත් සදහා.එය එම ආගම් වල අයට අනිවාර්ය කරලා තිබෙනවා, එය එයාආ බොහොම හොදින් පිළිපදිනවා හරි ආඩම්බරයි. බෞද්ධයන්ට එහෙම අනිවාර්ය කරලා නැහැ ,නමුත් සතර පෝයට ආගමික වතාවත් වල යෙදෙනවා .පුර පොහොය වැදගත් කොට සලකනවා. එනිසයි එය නිවාඩු කරලා තියෙන්නේ. එක දිනක්වත් ආගමික වතාවත් වල යෙදෙන්න. එය එසේ විය යුතුයි කියලා නියමයක් නැහැ. (නි)

:       0       0

ෆ්‍රැන්සි Thursday, 25 July 2013 07:23 PM

පව් එතුමන්ලා හැමදාම ජනතාවට සේවය කරනවා. එක දවසක් පොඩ්ඩක් විනෝද වුනාට දොස් කියන්න එපා. (නි)

:       0       0

ලාල් ජකර්තා Thursday, 25 July 2013 07:30 PM

මතට තිත කියමින් උදේ හවස කෑගහන බෞද්ධ රටේ,කොහොමද අපේ දේශපාලුවන්ගේ වැඩ.හොදට බීලා දඩමස් බයිට් ඵකට අරගෙන ආශ්චර්යට යන ගමනේ වැනි වැනී යමු. (නි)

:       0       0

කුවෛට් ලෙනින් Friday, 26 July 2013 08:24 AM

හරි හරි ප්‍රශ්නය තියෙන්නේ පෝයට බාර් වහලා තියෙද්දී බීපු එකනේ. අපි ඒකට මෙහෙම කරමු.පෝයට බාර් ඇරලා බෝර්ඩ් එකක් ගහමු ''ප්‍රමාදයට හා මතයට හේතුවන පානයන් බිම හොඳ නැත'' කියලා.ප්‍රශ්නේ ඉවරයි. (නි)

:       0       0

රනා Thursday, 25 July 2013 07:43 PM

ආදර්ශමත් මන්ත්‍රීවරු පිරිසක්.. ජනතාවනි ලබන වතාවෙත් මේ අයම පත්කරගන්න. ජයවේවා.....(අ)

:       0       0

මිලාන් Friday, 26 July 2013 08:34 AM

දැන් බුදු දහම විනාශ වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

ටෙනිසන් Friday, 26 July 2013 08:36 AM

මේ අදහස් ටික කෙනෙකුට මාව වරදවා තේරුම් ගැනීමට ඉවහල් වෙන්න පුළුවන්. එයාලට නිවාඩු නැත්තේ ඇයි කියලත් මම කිව්වා නායකයෝ ආදර්ශ මත් විය යුතුයි කියලත් කිව්වා.(නදී)

:       0       0

දර්ශන Thursday, 25 July 2013 07:57 PM

රටේ පිළිගත් ප්‍රමීතීන් පිට යාම හෙලා දකිමි,චන්දෙ දී ජනතාව නියම තාක් සීරුවක් දෙයි (දී)

:       0       0

සෑම් Friday, 26 July 2013 03:15 PM

ගෙදර ගෙනල්ල තියාගෙන තනියම බිව්වත් ඉවසන්න පුළුවන්. පාටි ධාන එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ. (ස)

:       0       0

ගලබොඩ Thursday, 25 July 2013 08:15 PM

ඔවා දෙණු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට ..(අ)

:       0       0

අමිල Thursday, 25 July 2013 08:16 PM

ඒ මිනිස්සුන්ට ඕන හින්ද බිව්වා.බීම ඇත්තටම හොඳ දෙයක් නෙවේ.අපි දැනගන්න ඕන නොබී ඉන්න.මොකද අපි බබාල නෙවේනේ කවුරුවත් කිව්වට බොන්න..තම තමන්ගේ දරුවන්ට මේ බොන ආදර්ශ දෙන්න හොඳ නෑ.ඇත්තටම ජරාවට පත්වෙලා යන අපේ මේ ශරීරය අපි මොකටද තවත් ඉක්මනින් විනාශ කරන්න හදන්නේ? (අ)

:       0       0

ශාන්ත ලාල් Thursday, 25 July 2013 08:19 PM

මේ වගේ අදහස් ඇති වැදි බන කියන මන්ත්‍රීවරුන්ට හරියන කතාවක් යනවා මනුෂ්‍යත්වයෝ කියලා.(නදී)

:       0       0

ඇසළ Thursday, 25 July 2013 08:20 PM

රට පාලනය කරන අය දුව දුව කරයි නම් අපි හිටගෙන කරට පව් නැත. ලබන සැරෙත් මේ මැට්ටෝ ටිකටම වටිනා ඡන්දය දීල පත් කරගන්න. සැමට තෙරුවන් සරණයි කිව්වේ ඉස්සර දැන් සැමට බෝතල් සරණයි.(අ)

:       0       0

සුදත් Friday, 26 July 2013 09:26 AM

දේශපාලකයෝ කියන්නේ ආදර්ශමත් චරිත කියලා අපි හිතන් ඉන්න එකයි වරද. (ස)

:       0       0

චන්දි Friday, 26 July 2013 09:53 AM

ලංකාව ධර්මද්දීපය කිව්වට ඇත්තටම බැලුවම තිරිසන් අපායක් වගෙයි. කියන තරමක් කියන්නේ බොරු , කරන තරමක් කරන්නේ හොර වැඩ , තියෙන තරමක් තියෙන්නේ පන්සිල් නැති පන්සල්....මෙහෙව් රටකට දෙවියන්ගේවත් බුදුන්ගේවත් පිහිටක් ලැබෙයිද?(නි)

:       0       0

අධිකාරි Thursday, 25 July 2013 08:59 PM

ඉදිරි මැතිවරණ වලින් පරදින බව දන්නා නිසා ,දුකට කරපු දෙයක්, (අ)

:       0       0

ප්‍රදීප් Thursday, 25 July 2013 09:12 PM

මේ මන්ත්‍රීලා විතරක් නෙවෙයි රටේ බොහෝ තැන් වල වෙන දෙයක් ඕක.පෝය දවසකට දියඇලි වගේ ප්‍රසිද්ධ තැන්වල සුලබයි. ප්‍රතිචාර දාපු අය බබාලද කොහෙද? (අ)

:       0       0

වසන්ත Friday, 26 July 2013 10:14 AM

කෝ අර සේනාව? බොරුවට බුද්ධගයාවට කෑ ගහපු අය කෝ? ඔක්කොම බොරු බයිලා. පුලුවන් නම් මේවට කතා කරලා නවත්තලා පෙන්නන්න. (නි)

:       0       0

සමීර වී. Thursday, 25 July 2013 09:20 PM

මෙයාල බලයෙනුත් මත් වෙලා සුරාවෙනුත් මත්වෙලා පීඩිත ජනතාව හාමතින් මත් වෙලා .(අ)

:       0       0

ෂෙරිෆ් Thursday, 25 July 2013 09:46 PM

මේ කියන සිද්දිය කොයි රටේද වෙලා තියෙන්නේ? අපේ හෙළ දෙරණේ නම් වෙන්න බැහැ... (දී)

:       0       0

ලීල් ගුණවර්ධන Thursday, 25 July 2013 10:00 PM

මේවගේ පදවි දරන මන්ත්‍රීවරු කර ඇත්තේ ලොකු වරදක්. මට පුදුම ජනාදිපති නිහඬව ඉන්නේ ඇයි කියලා. පිටිගලගේ කතාව හරියටම හරි.(නදී)

:       0       0

සම්සුදීන් Thursday, 25 July 2013 10:18 PM

ෂෙරීෆ් මේක වෙලා තිබෙන්නේ අපේ ලංකාවේ. අපි බලා ගෙන ඉමු. ලස්සනයිනේ.(නදී)

:       0       0

ලකී Thursday, 25 July 2013 10:34 PM

අපි ඉතින් දේශප්‍රේමී ජනතාවනේ බඩගින්නේ මලත්. බෝම්බ පිපිරිලා මිනිස්සු මැරෙන්නේ නැහැනේ දැන්. මට නම් පිස්සු වගේ.(නදී)

:       0       0

සමන් Thursday, 25 July 2013 10:37 PM

ඡන්දය දිනපු දාට තවත් පදම් වෙයි.(නදී)

:       0       0

සෑම් Friday, 26 July 2013 11:15 AM

මැර බලයෙන් දේශපාලනය කරනකොට මේවා තමා ප්‍රතිපල. (නි)

:       0       0

සෙලනි Thursday, 25 July 2013 11:21 PM

අදහස් දාලා තියෙන අයගෙන් අහන්නේ, ඇයි කොහේහරි කියලා තියනවද පෝය දවසේ ටිකක් ගත්තහම පව් වැඩි වෙනවා. අනිත් දවස්වල පව් සිද්ද වෙන්නේ අඩුවෙන් කියලා (නි)

:       0       0

උදය Friday, 26 July 2013 11:48 AM

බොහොම කණගාටුයි(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 326 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 218 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1490 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 383 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 823 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 529 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site