පාසල් 250ක පමණ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පවත්වන ඇසළ මහා පෙරහර මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටිය මහානාම විද්‍යාලයය ඉදිරිපිටින් ආරම්භ විය.
ඒ සඳහා සිසුහු 15000කට අධික පිරිසක් සහභාගී වෙති.
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු මහත්වරු ආරාධිතයෝ වූහ.
සංස්කෘතික අංගයක් ලෙස පෙරහරක් පැවැත්වීම හොඳ වැඩක් බවත්, බොහෝ පාසල්වල පාසල් මට්ටමින් එවැනි පෙරහර පවත්වන බවත්, මෙතරම් සිසුන් පිරිසක් කොළඹට ගෙන්වා සිසුන් පීඩාවට පත් වන අයුරින් පෙරහරවල් පැවැත්වීම ගැන තම ගුරු සංගමය එකඟ නොවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මේ දිනවල වාර විභාගය පැවැත්වෙද්දී ඔවන් කොළඹට ගෙන්වා ඇති බවත්, වැස්ස නිසා සිසුන් පීඩාවට පත්ව ඇති බවත් ස්ටාලින් මහතා කිවේය.
මේ පෙරහරට වැස්සෙන් බාධා ඇති විය.
(ඡායාරූප සුරංජිත් පෙරේරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට පවතින්න වැස්ස්ස නිසා ළමයින්ට කැස්ස, උන සෙම්ප්‍රත්‍යාව බොහොම තද බල ලෙස හැදෙන්නවා , සමහරවිට රෝහල්වල නවත්වන්න වෙන්නව (අ)
ළමයින් ලෙඩ වෙයිද දන්නේ නෑ (අ)
මේ දවස් වල පාසල් වල වාර විබාගත් තියනවා නේද? (නි)
පෙරහැර හොඳයි, මොකටද මේ එහාට මෙහාට පනින දෙශපාලකයින් ගේන්නේ. (අ)
වැස්ස ඉතින් ස්වභාවික දෙයක්නේ.(අ)
පළාත් හැටියට මේ වගේ දේවල් මතුවට කරන්න බුද්ධිය පහල වේවා. (අ)
අපේ මිනිස්සුත් ඉතින් කවදද මොනවා කළත් ඒ කරන දේක හොදක් දැක්කේ? (නි)
ළමයින්ට විභාග තියන මේ දවස්වල මේ වගේ දේවල් කරන්න ඉස්සෙල්ලා දෙවරක් සිතා බැලුවා නම් නේද වඩා හොඳ? (නි)
වෙලාවට වැස්ස එක හොදයි. නැත්නම් කකුල් පිච්චෙනවා (නි)
ප්‍රශ්න පත්‍ර අවුල ලිහාගන්න තවම බැරිවුනා. ඒ අස්සේ මේ පෙරහැරවල් යනවා මහා වැස්සේ (නි)
හොඳ වැඩක් අපේ සංස්කෘතිය ගැන ආඩම්බර වෙන්න දැනුමක් ලබාගන්න හොඳ අවස්ථාව.(නදී)
මේක නුවර වගේ තිබ්බනම් මොකද විදේශිකයින්ටත් බලන්න තිබ්බා කොලඔ තිබ්බා කියන්නේ වාහන තදබදයක් විතරයි .අනික කොල්ලු පිටය බම්බලපිටිය සෙනග වැඩිය නැ ඔෆීස් යන අය විතරයි ඉන්නේ .අපරාදේ සල්ලි .මහන්සිය පවු ළමයි .මංත්‍රින්ගේ නම යනවා ළමයින්ගේ හම යනවා .(අ)
ඔව් බන්දුල පෙරේරා,මේ අපේ අයට මොන තරම් හොද කළත් හොදක් කියන්නේ නැහැනේ. හරියට කකුළුවෝ වගේ නේද ?(නි)
ළමයින්ව වැස්සට තෙමෙනවා. අධ්‍යාපනය අවුල් ජාලාවක්. වාර විභාග අත ලග නේද බලදාරීන්ට මොලේ නැද්ද?(නදී)