
රංජිත් රාජපක්ෂ
ඉඩම් කැබලි ලබා දෙන බව පුද්ගලයන් 70වකගෙන් පමණ මුදල් ලබා ගත් ඉඩම් ප්රතිසංස්කරණ කොමිශන් සභාවේ ක්ශේත්ර නිළධාරි ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි හැටන් වැඩ බලන මහේස්ත්රාත් ඒස්.රාම්මූර්ති මහතා නියෝග කළේය.
සැකකරු නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිසන් සභාවේ සේවය කරන කාලයේදි නෝර්වුඩ්, හැටන් සහ හැටන් රුවන්පුර යන ප්රදේශවල ඉඩම් කැබලි ලබා දෙන බවට හැටන් දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්රසයේ හිටපු නාගරික මන්ත්රීවරයකු සම්බන්ධ කර ගනිමින් පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පමණ මුදල් ලබා ගෙන ඇතැයි අධිකරණයේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd