(සුජිත් හේවාජුලිගේ)

ගොවියාගේ පුතාට රටේ භාරකාරීත්වය ලබා දුන්නද අද ගොවි ජනතාව හාමතේ අන්ත අසරණව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩියේ පොළ අසල පැවති ගොවි හමුවකදීය

පසුගිය ජනාධිපතිවරණ දෙකේදී ගොවි ජනතාව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට පත් කර ගත්තද, ගොවි ජනතාවට ලබාදුන් පොරොන්දු කඩ කර ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ගොවීන්ට අවශ්‍ය බිත්තර වී, පොහොර, ඉන්ධන සහ වල්නාශක මිල ඉහළ ගොස් ඇති බවත් ඒවායේ ගුණාත්මකභාවය සහ මිල සම්බන්ධයෙන් ද නිසි නියාමනයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය