යූරෝ දෙලක්ෂ පනස් දහසක් (රුපියල් හාර කෝටි විසි දෙලක්ෂයක්), රන්බඩු, දියමන්ති හා රොලෙක්ස් ඔරලෝසුව ආදිය ඉතාලියේ තම නිවෙසින් සොරාගෙන ශ්‍රී ලංකාවට ආබව කියන තම සේවකයකු වූ ශ්‍රී ලාංකිකයා සොයා එම මුදල් හා භාණ්ඩ ලබාදෙන ලෙස ඉතාලියේ බ්‍රේසියා නුවර කෝටිපති ව්‍යාපාරිකයකු වන මහාචාර්ය අයිවන් ලෝසියෝ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. සිය නීතිවේදී ජී.ඞී. කුලතිලක මහතා මගින්ද ඔහු මේ ඉල්ලීම කැර ඇත. ඒ අනුව මේ ගැන පරීක්ෂණ පවත්වන ලෙස වයඹ නියෝජ්‍ය පොලිස්පතිට දන්වා ඇත. වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා මෙම පරීක්ෂණ සඳහා පත්කර ඇතැයි දැනගන්නට ඇත. කොළඹ ඉතාලි තානාපති කාර්යාලය මගින්ද ඉතාලි ව්‍යාපාරිකයා ආරක්ෂක ලේකම්ට මේ බව දන්වා ඇත. දියමන්ති එබ්බවූ මුදු, තම මවගේ දියමන්ති මාලය පමණක් නොව ලිපිගොනු හා යතුරු කැරැල්ල පවා තම හිටපු සේවකයා විසින් සොරකම් කරන ලදැයිද ඒ නිසාම තම ව්‍යාපාරය බිඳ වැටුණේ යයිද ඉතාලි ව්‍යාපාරිකයා ආරක්ෂක ලේකම්ට කියා ඇත. ගෝඨාභය ජයලත් වික‍්‍රමසිංහ හෙවත් තරිඳු ලොකුගේ යන නම්වලින් පෙනී සිටි මොහු දැනට මාරවිල මහේස්ත‍්‍රාත් උසාවියේ දැඩි අප කොන්දේසි මත මුදාහරිනු ලැබ සිටියි. මේ සිද්ධියෙන් පසු ඉතාලි ව්‍යාපාරිකයා විසින් ශ්‍රී ලාංකික සේවකයෝ දස දෙනෙක් ඉවත් කරනු ලැබූහ. මාරවිල පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කර ඇත්තේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් නොවේ. ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණීම හා ව්‍යාජ ලේඛන සම්පාදනය කිරීම සම්බන්ධයෙනි. මේ නඩුව දෙසැම්බර් 17 වැනිදාට කල්තබා ඇත. සොරකම් කළ තම භාණ්ඩ හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බවද ඔහු කියා ඇත. මේ සොරකම මුලින්ම හෙළි කළේ ලංකාදීප පත‍්‍රය හා ලංකාදීප වෙබ් අඩවියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිර ඔය හොරාව අල්ලලා නිදහස් කරලත් ඉවරයි (ස)
අවුරුදු 10කටවත් හිරේට දාන්න ඕනෑ. (නි)
කොහොමවුණත් හොරකමට දැඩි දඩුවම් දෙන්න. (නි)
ලංකාවේ නම ඉවරෙටම ඉවරයි. (නි)
ඉතාලි යන අයගේ වතගොත විමසලා බැලුවහම තේරෙනවා මෙහෙම වෙන එකේ එච්චර පුදුමයක් නැහැ කියලා. (නි)
ඇයි මේ තරම් සිංහල අය රටේ නම කන්නේ? (නි)
මේ හොරාව අල්ලලා හිරේට යවමු. (නි)
පව් අසරණ මනුස්සයා, මහත්තයෝ ,මොකාක් හරි උදවුවක් කරන්න පුළුවන් නම් කරලා දෙන්න
මහ මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
ආරක්ෂක ලේකම්තුමනි, පොලිස්පතිතුමනි, මොහුව අල්ලා උපරිම දඩුවම් දී ලංකාවේ නම රැකගන්න. (නි)
නම නම් එයාට හොද වැඩියි. (නි)
මේ හොරාව දේශපාලඥයින්ගෙන් ආරක්ෂා කරගන්න වෙයි. (නි)
ඒ මනුස්සයා 100% සාධාරණයි
අනේ හොදයි
ඇයි දෙයියනේ මේ වගේ හොරු අල්ලන්නේ .....කොහෙමත් නිදහස් වෙන එකේ ඇයි අල්ලන්නේ (ස)
ඇයි මේ අයව අල්ලන්නේ ? ඇල්ලුවත් නිදහස් වෙන එකනේ (ස)
ඒ මනුස්සයාට ඉවසා ගන්නා බැරි තරම් දුක ඇති
මෙහේ එන්න එපා මහත්තයේ , ඔබතුමාව අල්ලල මරලා දාවි මෙහේ ඉන්න පෝරිසාදයෝ ටික (ස)
මේ තරම් මුදලක් අරන් එනකොට රේගුවෙන් අහු වෙනවා (දී)
ලංකා නාමය නැත්තටම නැති උනා මෙවන් වැඩ නිසා (දී)
මොනවා කරන්නද
අයියෝ සල්ලි
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියල බැලුවනම් හරි...පව් අර මනුස්සයට......(ස)
අනේ මන්දා
අනේ මෙහෙමත් මිනිස්සු..! ලංකාවෙ නමත් කනවා...!(නු)
ලංකාවේ නාමය විනාස කර මොහුට යහපතක් නොවේවා .(ස)
මෙහෙම අයට බේරිලා ඉන්න දෙන්න එපා. (නි)
ආයේ කතා කරලා වැඩක් නැහැ. මේක ලංකාවනේ. (නි)
ඔන්න ලංකාවේ වැඩ ... මේ තරම් පල් හොරුන්ටත් ඇප දුන්නා එහෙනම (ස)
ලංකාවේ නම නැති වෙනවා
පුළුවන් උදවුවක් කරන්න
වෙන රටකනම් ඔහොම ඇප ලැබෙයිද .(ස)
පිහිටක් බලාපොරිත්තුව
පිහිට වෙන්න
අනේ ලංකාවට නම් එන්න එපා මහත්තයෝ. (නි)
ඔන්න සිද්ධිය යටගහන්න නම් හදන්න එපා. (නි)
රටේ නම කනවට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
උසාවි වල මෙච්චර නඩු තියෙද්දී කොහොමද පිටරට ගියේ? (නි)
හොරා නිදහස් වෙයි සමහරවිට. (නි)
ලංකාවට තමයි අපහසය
ලෝක හොරෙක්නේ. (නි)
කරුණාකර ඔහුට ලංකාවේ නම වෙනුවෙන්වත් උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන්නේ මෙහෙම කට්ටියට වෙන්න ඇති. (නි)
දෙයියනේ! මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? (නි)
කර ගන්න දෙයක් නැති කමටනේ
මේ සදහා සාධාරන පිළිවෙතක් වහාම අනුගමනය කරනු මැනවි. මේ එක් වංචනික පුද්ගලයා නිසා එරට තවත් ලාංකිකයන් දස දෙනකු පමණ රැකියා භංගත්වයට පත්වී ඇත. මෙය සුළුපටු දෙයක් නොවන බව කාටවුවද පෙනෙනු ඇත. විශේෂයෙන් "යූරෝ දෙලක්ෂ පනස් දහසක්" නොහොත් (රුපියල් හාර කෝටි විසි දෙලක්ෂයක්)" යනු අතිවිශාල මුදල් සම්භාරයකි. නිවෙස් හිමියා එරට කෝටිපති ධනකුවේරයෙකු වුවත්, සොරකම සුළුවට තැකිය නොහැකිය. මින් අවමානයක් ඇතිවන්නේ අපගේ මේ උතුම් රටටමය.
නීතිය හරිහැටි ක්‍රියාත්මක කර ලංකාවේ නම රැකගත යුතුයි. (නි)
පිහිට වෙන්න
එයා ගම විතරක් නෙමෙයි, රටත් කාලයි ඇවිත් තියෙන්නේ. (නි)
කන්න දීපු අත හපාකන අපේ කට්ටිය ඔහොම වැඩ කරන එක ගැන එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
අයියෝ සල්ලි
මොහුව අල්ලා දී අපි අපේ රටේ නම බේරාගනිමු. (නි)