IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඉතාලි කෝටිපතියා ආරක්ෂක ලේකම්ට ලියයි

යූරෝ දෙලක්ෂ පනස් දහසක් (රුපියල් හාර කෝටි විසි දෙලක්ෂයක්), රන්බඩු, දියමන්ති හා රොලෙක්ස් ඔරලෝසුව ආදිය ඉතාලියේ තම නිවෙසින් සොරාගෙන ශ්‍රී ලංකාවට ආබව කියන තම සේවකයකු වූ ශ්‍රී ලාංකිකයා සොයා එම මුදල් හා භාණ්ඩ ලබාදෙන ලෙස ඉතාලියේ බ්‍රේසියා නුවර කෝටිපති ව්‍යාපාරිකයකු වන මහාචාර්ය අයිවන් ලෝසියෝ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. සිය නීතිවේදී ජී.ඞී. කුලතිලක මහතා මගින්ද ඔහු මේ ඉල්ලීම කැර ඇත. ඒ අනුව මේ ගැන පරීක්ෂණ පවත්වන ලෙස වයඹ නියෝජ්‍ය පොලිස්පතිට දන්වා ඇත. වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා මෙම පරීක්ෂණ සඳහා පත්කර ඇතැයි දැනගන්නට ඇත. කොළඹ ඉතාලි තානාපති කාර්යාලය මගින්ද ඉතාලි ව්‍යාපාරිකයා ආරක්ෂක ලේකම්ට මේ බව දන්වා ඇත. දියමන්ති එබ්බවූ මුදු, තම මවගේ දියමන්ති මාලය පමණක් නොව ලිපිගොනු හා යතුරු කැරැල්ල පවා තම හිටපු සේවකයා විසින් සොරකම් කරන ලදැයිද ඒ නිසාම තම ව්‍යාපාරය බිඳ වැටුණේ යයිද ඉතාලි ව්‍යාපාරිකයා ආරක්ෂක ලේකම්ට කියා ඇත. ගෝඨාභය ජයලත් වික‍්‍රමසිංහ හෙවත් තරිඳු ලොකුගේ යන නම්වලින් පෙනී සිටි මොහු දැනට මාරවිල මහේස්ත‍්‍රාත් උසාවියේ දැඩි අප කොන්දේසි මත මුදාහරිනු ලැබ සිටියි. මේ සිද්ධියෙන් පසු ඉතාලි ව්‍යාපාරිකයා විසින් ශ්‍රී ලාංකික සේවකයෝ දස දෙනෙක් ඉවත් කරනු ලැබූහ. මාරවිල පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කර ඇත්තේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් නොවේ. ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණීම හා ව්‍යාජ ලේඛන සම්පාදනය කිරීම සම්බන්ධයෙනි. මේ නඩුව දෙසැම්බර් 17 වැනිදාට කල්තබා ඇත. සොරකම් කළ තම භාණ්ඩ හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බවද ඔහු කියා ඇත. මේ සොරකම මුලින්ම හෙළි කළේ ලංකාදීප පත‍්‍රය හා ලංකාදීප වෙබ් අඩවියයි.



අදහස් (0)

ඉතාලි කෝටිපතියා ආරක්ෂක ලේකම්ට ලියයි

කුමාරි Sunday, 25 November 2012 10:37 PM

ඉතාලි යන අයගේ වතගොත විමසලා බැලුවහම තේරෙනවා මෙහෙම වෙන එකේ එච්චර පුදුමයක් නැහැ කියලා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 25 November 2012 10:43 PM

ඇයි මේ තරම් සිංහල අය රටේ නම කන්නේ? (නි)

:       0       0

පනා‍ගොඩ Sunday, 25 November 2012 11:39 PM

මේ හොරාව අල්ලලා හිරේට යවමු. (නි)

:       0       0

මනෝ Monday, 26 November 2012 01:01 AM

පව් අසරණ මනුස්සයා, මහත්තයෝ ,මොකාක් හරි උදවුවක් කරන්න පුළුවන් නම් කරලා දෙන්න

:       0       0

ප්‍රියන්ත Monday, 26 November 2012 01:01 AM

මහ මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

සිසිර Monday, 26 November 2012 02:41 AM

ආරක්ෂක ලේකම්තුමනි, පොලිස්පතිතුමනි, මොහුව අල්ලා උපරිම දඩුවම් දී ලංකාවේ නම රැකගන්න. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 26 November 2012 03:54 AM

නම නම් එයාට හොද වැඩියි. (නි)

:       0       0

සිල්වා Monday, 26 November 2012 04:24 AM

මේ හොරාව දේශපාලඥයින්ගෙන් ආරක්ෂා කරගන්න වෙයි. (නි)

:       0       0

ගයාන් Sunday, 25 November 2012 01:55 PM

ලංකාවට තමයි අපහසය

:       0       0

මාරසිංහ Sunday, 25 November 2012 01:53 PM

ආයේ කතා කරලා වැඩක් නැහැ. මේක ලංකාවනේ. (නි)

:       0       0

මාලා Sunday, 25 November 2012 02:01 PM

ඔන්න ලංකාවේ වැඩ ... මේ තරම් පල් හොරුන්ටත් ඇප දුන්නා එහෙනම (ස)

:       0       0

වරුණ Sunday, 25 November 2012 02:02 PM

ලංකාවේ නම නැති වෙනවා

:       0       0

චුලන්ත Sunday, 25 November 2012 02:04 PM

පුළුවන් උදවුවක් කරන්න

:       0       0

සමන් Saturday, 01 December 2012 08:00 PM

ලංකාවේ නාමය විනාස කර මොහුට යහපතක් නොවේවා .(ස)

:       0       0

ජීවන් Sunday, 25 November 2012 01:59 PM

වෙන රටකනම් ඔහොම ඇප ලැබෙයිද .(ස)

:       0       0

ජානක Sunday, 25 November 2012 02:14 PM

පිහිටක් බලාපොරිත්තුව

:       0       0

අජිත් Monday, 26 November 2012 06:36 AM

ඒ මනුස්සයා 100% සාධාරණයි

:       0       0

ශිරෝ Saturday, 01 December 2012 01:24 PM

අනේ මෙහෙමත් මිනිස්සු..! ලංකාවෙ නමත් කනවා...!(නු)

:       0       0

අමිල Sunday, 25 November 2012 02:25 PM

පිහිට වෙන්න

:       0       0

ෂිරාශ් Sunday, 25 November 2012 02:35 PM

අනේ ලංකාවට නම් එන්න එපා මහත්තයෝ. (නි)

:       0       0

කසුන් Sunday, 25 November 2012 03:28 PM

ඔන්න සිද්ධිය යටගහන්න නම් හදන්න එපා. (නි)

:       0       0

ඉරේෂ් Sunday, 25 November 2012 03:30 PM

රටේ නම කනවට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

නිශාන්ත Sunday, 25 November 2012 03:43 PM

උසාවි වල මෙච්චර නඩු තියෙද්දී කොහොමද පිටරට ගියේ? (නි)

:       0       0

ෆර්හා Sunday, 25 November 2012 03:43 PM

හොරා නිදහස් වෙයි සමහරවිට. (නි)

:       0       0

සුසන්ත Sunday, 25 November 2012 03:44 PM

මෙහෙම අයට බේරිලා ඉන්න දෙන්න එපා. (නි)

:       0       0

සුසිල් Sunday, 25 November 2012 04:03 PM

ලෝක හොරෙක්නේ. (නි)

:       0       0

ටිරාන් Sunday, 25 November 2012 04:15 PM

කරුණාකර ඔහුට ලංකාවේ නම වෙනුවෙන්වත් උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)

:       0       0

ලීල් Sunday, 25 November 2012 04:36 PM

ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන්නේ මෙහෙම කට්ටියට වෙන්න ඇති. (නි)

:       0       0

හේරත් Sunday, 25 November 2012 04:50 PM

දෙයියනේ! මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? (නි)

:       0       0

මාලිංග Sunday, 25 November 2012 04:50 PM

කර ගන්න දෙයක් නැති කමටනේ

:       0       0

මාරසිංහ Monday, 26 November 2012 09:04 AM

සිසිර ඔය හොරාව අල්ලලා නිදහස් කරලත් ඉවරයි (ස)

:       0       0

චෝලා Monday, 26 November 2012 09:11 AM

ඇයි දෙයියනේ මේ වගේ හොරු අල්ලන්නේ .....කොහෙමත් නිදහස් වෙන එකේ ඇයි අල්ලන්නේ (ස)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Sunday, 25 November 2012 05:04 PM

මේ සදහා සාධාරන පිළිවෙතක් වහාම අනුගමනය කරනු මැනවි. මේ එක් වංචනික පුද්ගලයා නිසා එරට තවත් ලාංකිකයන් දස දෙනකු පමණ රැකියා භංගත්වයට පත්වී ඇත. මෙය සුළුපටු දෙයක් නොවන බව කාටවුවද පෙනෙනු ඇත. විශේෂයෙන් "යූරෝ දෙලක්ෂ පනස් දහසක්" නොහොත් (රුපියල් හාර කෝටි විසි දෙලක්ෂයක්)" යනු අතිවිශාල මුදල් සම්භාරයකි. නිවෙස් හිමියා එරට කෝටිපති ධනකුවේරයෙකු වුවත්, සොරකම සුළුවට තැකිය නොහැකිය. මින් අවමානයක් ඇතිවන්නේ අපගේ මේ උතුම් රටටමය.

:       0       0

චූලා Monday, 26 November 2012 09:16 AM

ඇයි මේ අයව අල්ලන්නේ ? ඇල්ලුවත් නිදහස් වෙන එකනේ (ස)

:       0       0

ජයන්ත Monday, 26 November 2012 09:17 AM

ඒ මනුස්සයාට ඉවසා ගන්නා බැරි තරම් දුක ඇති

:       0       0

ලලිත් - කටාර් Sunday, 25 November 2012 05:09 PM

නීතිය හරිහැටි ක්‍රියාත්මක කර ලංකාවේ නම රැකගත යුතුයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 25 November 2012 05:46 PM

පිහිට වෙන්න

:       0       0

ජනක් Sunday, 25 November 2012 06:07 PM

එයා ගම විතරක් නෙමෙයි, රටත් කාලයි ඇවිත් තියෙන්නේ. (නි)

:       0       0

හිල්මි Sunday, 25 November 2012 06:16 PM

කන්න දීපු අත හපාකන අපේ කට්ටිය ඔහොම වැඩ කරන එක ගැන එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සුනිල් Sunday, 25 November 2012 06:19 PM

අයියෝ සල්ලි

:       0       0

වීරසිංහ Monday, 26 November 2012 09:51 AM

මෙහේ එන්න එපා මහත්තයේ , ඔබතුමාව අල්ලල මරලා දාවි මෙහේ ඉන්න පෝරිසාදයෝ ටික (ස)

:       0       0

ප්‍රදීප් Sunday, 25 November 2012 06:39 PM

මොහුව අල්ලා දී අපි අපේ රටේ නම බේරාගනිමු. (නි)

:       0       0

සේනක Friday, 30 November 2012 06:15 AM

අනේ මන්දා

:       0       0

නිමල් Sunday, 25 November 2012 07:46 PM

අනේ හොදයි

:       0       0

ලසන්ත Monday, 26 November 2012 10:38 AM

මේ තරම් මුදලක් අරන් එනකොට රේගුවෙන් අහු වෙනවා (දී)

:       0       0

ඉශාන් Monday, 26 November 2012 10:36 AM

ලංකා නාමය නැත්තටම නැති උනා මෙවන් වැඩ නිසා (දී)

:       0       0

අමර Monday, 26 November 2012 10:43 AM

මොනවා කරන්නද

:       0       0

අජිත් Monday, 26 November 2012 10:58 AM

අයියෝ සල්ලි

:       0       0

ශාන්ත Sunday, 25 November 2012 08:36 PM

අවුරුදු 10කටවත් හිරේට දාන්න ඕනෑ. (නි)

:       0       0

පෙරේරා Sunday, 25 November 2012 08:39 PM

කොහොමවුණත් හොරකමට දැඩි දඩුවම් දෙන්න. (නි)

:       0       0

අරුණ Sunday, 25 November 2012 08:39 PM

ලංකාවේ නම ඉවරෙටම ඉවරයි. (නි)

:       0       0

චම්න්ද Monday, 26 November 2012 11:47 AM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියල බැලුවනම් හරි...පව් අර මනුස්සයට......(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 624 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 1453 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1886 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 241 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 921 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 1027 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39361 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25658 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1133 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 390 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site