ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු ඉතාලි නාපොලි නුවර සිදුකළ කන්ටෙනර් මගඩිය එසැණින් අනාවරණය කිරිමත් සමග එවෑනි ජාවාරම් කරුවන් පිළිබද තොරතුරු රෑසක් එසෑණට වර්තා වේ. ශ්‍රී ලංකාව සදහා යැවිමට බාර දෙන භාණ්ඩ අඩංගු පෙට්ටි වල වටිනා භාණ්ඩ සොරා ගැනීම බහුලව සිදු වෙතියි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් කියති. එවැනි ශ්‍රී ලාංකිකයකු ඉතාලියේ සිටින නගරයද සදහන් කරමින් එසැණට පැමිණිළි කැර ඇත. මෙම පුද්ගලයාට එරෙහිව තලංගම හා කඳාන පොලිසිවලට පැමිණිලි කැර ඇත. එයට අමතරව ඉතාලි නිති මගින්ද කටයුතු කිරිමට එම පිරිස සුදානමින් සිටි. ඔහුගේ කන්ටෙනර් ප්‍රවහානය කරන සමාගම පවසන්නේ අදාල පුද්ගලයා තම ආයතනයටද යුරෝ හාරදහසක (රුපියල් ලක්ෂ 684000) ගෙවිමට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එසැණ පුවත් වලින් උදව්වක් ඉල්ලන්නේ... ඒ නම පත්තරේ පළ කරන්න. එතකොට කට්ටියට එකතුවෙලා මොනවා හරි කරන්න පුළුවන්. නැතුව ඉතාලියේ කිසිම ලියවිල්ලක් නැතුව මොනවත් කරන්න අමාරුයි (නි)
මේක අද ඊයේ කතන්දරයක් නෙමෙයි. ගොඩාක් කල් එකක්. ගොඩක් කල් ඉදල මේ වැඩේ කරන්නේ. දැන් තමුන් කරපුවා මතක් වෙනවා ඇති (දී)
ඉතාලියේ ඉන්න මෝඩ ලාංකිකයෝ සල්ලි වෙනුවෙන් ඕනෑ දෙයක් කරයි. (නි)
ඉතාලියේ ඉන්න ලංකාවේ කන්ටේනර්කාරයෝ බහුතරය හොරු. (නි)
ඔය නාපොලි වල යතුරුපැදි හොරෙන් ගන්න ලංකාවේ පුද්ගලයෙක් ගැන මම දන්නවා (නි)
බඩු භාරදුන් කාර්ගෝ සේවයේ නම පවසන්න (නි)
'හොරු සමග හෙළුවෙන්' වගේ (නි)
හොර වැඩ කරලා තමන්ගේ ළමයින්ට කන්න දෙන්නේ අපේ දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි (නි)
මොවුන් හරි හොරු. අන්තිමට මිනිස්සුන්ගේ බඩුත් නැහැ. සල්ලිත් නැහැ (නි)
මමත් බඩු වගයක් යවලා සල්ලිත් දුන්නා. තවම බඩුත් නැහැ. සල්ලිත් නැහැ. දැන් අවුරුද්දකටත් වැඩියි. මොවුන්ට කවදා හරි ශාප වෙනවා (නි)
මේත් වෙන්නප්පුවේ කෙනෙක්ද? (නි)
ඉතාලියේ වෙරෝනා නගරයේත් ඉන්නවා මෙහෙම අය. තාත්තයි පුතයි තමයි එකතුවෙලා කරන්නේ (නි)
ඉතාලියේ කන්ටිනර් එකක් ලංකාවට එන්නේ කාගෝ ආයතනයකට අත්තිකාරමක් දී ලොකු 40 කන්ටිනර් එකක් යාඩ් එකකට පලමුව ගාල් කරගන්නවා.ඊලගට කරන්නේ අවංක සේවය ගෙදරටම බඩු බාර දෙනවා කියලා පෝස්ටර්,ලීෆ්ලට් බෙදා හරිනවා.රෑට රෑට වෑන්වලින් කතා කරපු අයගේ බඩු අදිනවා.අනේ අහිංසක මිනිස්සු බඩු දෙනවා.නම්ගහලා කෑලි ගානට නොම්බරත් දානවා.කන්ටිනර් එක පිරුනාම රස්සවල් නෑති කොල්ලෝ ටිකක් අරන්ගිහින් සෑමන්වගේ පෑක් කරනවා.කොල්ලන්ට ගානක් අතමිට මොලවා බොන්නත් අරන් දෙනවා.අඩුව පුරවන්න ලංකාවේ ව්‍යාපාරිකයන්ට කතාකර එයාලට ඕනා බඩුත් දාගන්නවා.ඊගාවට කරන්නේ යුරෝ 3000,4000 ලොකු මෝටර් සයිකල් හොරුන්ගෙන් යුරෝ 200,300 අරගෙන කෑලි ගලවලා වෙනවෙනම පෑක් කරනවා.හොරකම් කරන ජංගම දුරකතන ඉතාම අඩු මුදලට ගන්න පිරිස් ඉන්නවා.ඒවත් දානවා.බඩු දාන ශ්‍රී ලාංකිකයන්ගෙන් කියුබික් මීටරයකට යුරෝ 150,180 අතර මිලක් ගන්නවා.සමහර අය බඩු මනින්නේත් හොරටයි.ඊගාවට ඉතාලි රජයෙන් දෙන වෑට් වලින් ආපසු ගතහෑකි පත්තූරා සල්ලිත් අරගන්නවා කන්ටිනර් එක යවනකොට.ඒක යවන්නේ ලංකාවට නිවාඩු යන අයගේ ගුවන් ගමන් බලපත්‍ර 4,5ක් උපයෝගි කරගෙන එයාලගේ නමට.බඩුදාන ගොඩක් අයට ලංකාවේ කඩ දාගෙන ඉන්නේ.මිනිස්සු දාන බඩු කෑලි වලට කඩලා කෑලි ගාන වෑඩිකරලා බඩු පෙට්ටියක් දෙකක් හොරකම් කරලා කඩවලට දාගන්නවා.ඉතාලියේ ඉදලා ලංකාවට කතා කරලා අහනවා බඩු ආවද කියලා අනේ ලංකාවෙ ඉන්න අයකියනවා ඔව් පුතේ කෑලි 10 හරි කියලා. දාපු කෙනා ලංකාවට නිවාඩුවට ඈවිත් බලනකොට තමා දන්නේ තමාම දාපු බඩු කෑලි කරලා ,වෙනත් පෙට්ටි දෙකක් පිල්ලි ඈරලා කියලා .උදා. පොටෝ ප්‍රේම් එකක් දෑම්මොත් ඒක එක කෑල්ලක්නේ..නමුත් කන්ටිනර් දාන හොරා ඒක ගලවලා ලීපටි 2ක 2ක එකට බෑදලා කෑලි දෙකකට බාර දෙනවා. එයාගේ හොද බඩු පෙට්ටියක් හොරකම් කරනවා.මා දෑනුවත්ව නාපොලි නගරයේ ඔය ව්‍යාපාරය හරියට කරන්නේ දෙදෙනයි.නම් වශයෙන් කීමට අවශ්‍ය නෑත නාපොලි නගරයේ වෑඩි පිරිසක් ඔවුන්ව දනී.මෙය විස්තරාත්මකව ලීවේ නාපෝලි නගරයේ ලංකාවට බඩු එවන අහිංසක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි.මීට පෙරද නාපොලිනගරයේ සිදුවෙන වංචා පිලිබදව සයුරෙන් එතර තීරයේ ලිපිකීපයක් පලකර වංචාවන්ට හසුවුවන් රෑස්කර ඔවුන්ගේ විස්තර රහස් පොලිසියට බාරදී අධ්‍යක්ෂ තුමාවද දෑනුවත් කලෙමි.එම කර්ත්‍යව්වයේදී ඈන්ටනි රන්සිංහ මහතා හා මිතුරු කෑලගේ සහයෝගය අගේකොට සලකමි.(අ)
දානවා නම් දාන්න නියම පුද්ගලයෙක්ගේ නමක් මම කියන්නද?ඔන්න මිනිස්සු (නි)
බුද්දික කියන්නේ බඩු බෙදන්න ඉස්සෙල්ලම බාර දුන්න කෙනා බඩු පෙට්ටි කඩල බඩු අරගෙන බුද්දික දෙන්න තියෙන සල්ලි දෙනකන් ඒ බඩු බ්ලොක් කරගෙන ඉන්නවා කියල (අ)
අනේ! ඔය වගේ හොරු ගොඩක් ඉතාලියේ ට්‍රේවිසෝ නගරයේත් ඉන්නවා.ලංකාවේ රේගුවෙන් ගත්තා කියලා ඔවුන් ගෙදර බඩු කඩලා ගන්නවා. මට ඒවගේ වැඩක් අතටම අහු වුණා. මේක කරපු අය ගැන මම වගකීමකින් කියන්නේ. මගේ බඩු ගොඩක් නැති වුණා (නි)
තැපෑලෙන් යවන බඩු, දුම්රියෙන් යවන බඩු, පිටරට සිට එවන බඩු අතරමගදී නැතිවීම අප රටේ සාමාන්‍ය දෙයක්. ඒ ගැන පැමිණිලි කළත් වැඩක් වන්නේ නැහැ. අපටම තමා පාඩුව. (නි)
ඔය කෙනා හික්කඩුවේ බු.......කියලා කෙනෙක්.ඉතාලියෙන් ලංකාවට බඩු එවපු අය මේ ගැන හොයලා බලන්න.මෙයා අතේ බඩු එව්වොත් නම් බුදු සරණම තමා (දී)
මමත් බඩු දැම්ම ......... එකෙන් ඒ බඩුත් නැති වෙලා හරි විස්තරයක් දාන්නකෝ අපිටත් පොලිසියට පැමිණිලි කරන්න (දී)
ප්‍රන්සේත් ඉන්නව ඔයිට වඩා ලොකු කම්බා හොරෙක් නම ...... එයත් වැඩිකල් යන්නේ නැහැ සංස්කෘතික හමක් පොරවගෙන ඉන්නේ. ගම බදුල්ලේ (දී)
එක තමයි හැමෝටම කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් චිට්ය් එකට එන්න කියලා කවදාවත් කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නැති එකම නගරය. මම ඒ ගැන දන්නේ අවරුදු 15ක් එහෙ හිටිය නිසයි. (දී)
ඔය පල් හොරා මගේ සිංහල අවුරුද්දට යවපු කෑම බඩු ජුලි මාසේ අන්තිම දුන්නේ ඔක්කොම බඩු කුණු කරලා . (දී)
ඔයාලා අනාවරණය කෙරුවෙ ලංකාවෙන් ඇවිල්ලා බයික් හොරකම් කරලා ලංකාවට පටවන ජාවාරමක් ගැනනේ. ඒ වැඩේ කෙරුව කෙනාගෙ නම අනාවරණය කෙරුවත් ඒක පලකරලා තිබ්බෙ නම් නැහැ. ............ ඉතාලියෙ දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා ජීවිතේ යම් මට්ටමකට ගෙනාපු කෙනෙක් තමයි. ඒ උනාට අවාසනාව ආවේ හොරකම පස්සෙ යන්න ගිහින් තමයි. එකපාර සල්ලි ගොඩක් හොයන්න පටන් ගත්තා. දැන් අන්තිමටම රහස් පොලිසිය පස්සෙන් පන්නනවා. ....... පටන් ගත්තු බයික් හොරකම තමත් කීප දෙනෙක් අත්හදා බලන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ලංකාවටත් පැටෙව්වා එයාලා මිනිස්සුන්ගෙ බඩු පෙට්ටි ලංකාවට දාන වැඩේ පටන් ගත්තේ ඒ අස්සෙන් මේ බයික් බිස්නස් එක කරන්න පුළුවන් නිසා. හැබැයි ................. කලින් එයාට අත්දැකීම් සපයපු කීපදෙනෙකුත් මේ නාපොලියෙ උන්නා. ඉතිං එයාලාට මිනිස්සුන්ගෙ බඩු පෙට්ටි වලින් වැඩක් නෑ වැඩක් තියෙන්නෙ බයික්. ඉතිං අපේ මිනිස්සු ඒ කින්ද මන්ද දන්නෙ නැතුව පැරිෂුට් කාරයන්ට බඩු පෙට්ටි භාර දෙනවා. අන්තිමටම වෙන්නෙ මොකද හිස් පෙට්ටි ගෙවල් වලට යනවා. ඔක තමයි ඇත්ත තත්වය. ඕකෙන් වෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ මේ ව්‍යාපාරය කරගෙන ආපු මිනිස්සුන්ටත් නරක නමක් ගෑවෙනවා. (දී)
වංචාකාරි සියලු ව්‍යාපාරිකයන් හා පුද්ගලයින් නිතිය රැහැනට ගත යුතූය. (දී)
වංචනිකයන් ගෙන් ප්‍රවේසන් වෙන්න කාගේත් දැන ගැනීමට නම පළ කලානමි නේද හොඳ....? (දී)
මිලානො ඉන්න හික්කඩුවෙ බු..... තමයි මේ සෙල්ලම කරන්නෙ. කාලෙක ඉඳන් මේ වංචාව කරනවා. අපේ ගොඩක් අයගෙ බඩු වලට මෙයා වැඩේ දුන්නා. හැබැයී මේ සැරේ තමයී මෙයා වැඩ වරද්ද ගෙන තියෙන්නේ. කට්ටිය තලංගම පොලීසියෙ පැමිණිලික් දාලා. හෙට දැන් කොළඹ අපරාධ පරීක්ෂණ අංශය යටතට අරගෙන මේ ගැන පරීක්ෂණ කරනවා. පැමිණිල්ලෙ බු.....නම තියෙනවා. ඒයාව හෙට කොළඹ අපරාධ පරීක්ෂණ අංශයට ගෙන්නනවා.(දී)
නාපොලි නගරයේ ඔය වගේ දේවල් ගොඩක් සිද්ද වෙනවා. තව බයිසිකල් පවා හොරකම් කර ලංකාවට එවන කට්ටිය පවා ඉන්නවා.(අ)
මිලානෝවල ඉන්න හික්කඩුවෙ පදිංචි කොනක් තමයි මේ සෙල්ලම කරන්නෙ. ඒයා කාලෙක ඉඳන් මේ වංචාව කරනවා. අපේ ගොඩක් අයගෙ බඩු වලට මෙයා වැඩේ දුන්නා. හැබැයී මේ සැරේ තමයී මෙයා වැඩ වරද්ද ගෙන තියෙන්නේ.(නදී)
මමත් මිලාන් වල ඉන්නේ මිනිහාගේ ගේ නම කියපන් අපිටත් දැනගන්න හොර කුඩා කියල එක අපි කාටත් වටිනවා ...මොකද මගෙත් ලංකාවට යවපු බඩූ වගයක් නැති උනා
ඉතාලියේ පොලිසියට පැමිණිලි කරලා විසදුම් ලබා ගැනීම ඉතා හොඳයි. ඔවැනි දේවල් අද ඊයේ උන දේවල් නොව බඩු දාන අය ප්‍රවේසන් වීම ඉතාම හොඳයි . මින් ඉදිරියට වංචනිකයන් ගෙන් ද ප්‍රවේසන් වෙන්න .
මිලානෝ නගරයෙත් ඉන්නවා හොද හොරෙක්... අපි බඩු යැව්වාම කස්ටම් එකෙන් ගත්තා කියල උන් බඩු ටික ගන්නවා....කස්ටම් එකෙන් ගත්තත් ගන්නේ තහනම් බඩුනේ මිලානෝ වැසියනේ ප්‍රවේශම් වන්න (අ)
නමත් එක්ක දැම්මොත් කාගේත් දැන ගැනීමට හොඳයි නේද (නි)