ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි පී.එස්. ප්‍රර්ථනා ප්‍රනාන්දු (29) මොන්තොර්සෝ විලක ගිළෙමින් සිටිය දී ඉතාලි පොලිස් නිලධරයකු විසින් බේරා ගන්නා ලදී. හොඳටම වතුර පෙවී සිටි ප්‍රනාන්දුට පිහිනන්නට බැරි බවත් බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටියදී ඔහු විලට වැටී ඇති බවත් ඔහු වහාම හෙලිකොප්ටරයකින් පෙන්කියරා රෝහලට රැගෙන ගිය බවත් කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම දේ තමයි අරාබි කාරයෝ වගේ නාන්නේ නැතුව සුවද විලවුන් විතරක් ගාලා ඉන්න එක
කිසි කතාවක් නෑ, තව අවුරුදු සියයක් ආයු වැඩි වුනා , මරුවාගෙන් බේරිලා ගොඩ එන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? පෙර ආත්මේ ලොකු පින්කමක් කරලා ඇති.. මොනවා උනත් ප්‍රවේසමෙන්, ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා ..
ලංකාවේ ඉන්න හුග දෙනෙක් කෘතගුණ නොදන්න අය නිසා ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ පොලිසිය කරපු හොද දේවල් ගැන මතකයක් නෑ
මම පොලිස් නිලධාරියෙක්.. පළමුවෙන්ම කියන්න ඕන මගේ ආචාරය මැරණු නිලධාරියට, එත් ලංකාවෙ අපේ අයගෙ අදහස් දැක්කම ඒගොල්ලන්ගෙ දැනුම ඉතා අඩු පිරිසක් බවයි පේන්නෙ.. පොලිසියෙ පැවැත්ම පෙන්නුම් කරන්නෙ සමස්ථ ශ්‍රී ලාංකික සමාජයේ තියෙන පිරිහීම..
p polite = ආචාරශීලී o obediently = කීකරැ L loyalty = පක්ෂපාත i intelligence = බුද්ධිමත් c critical = තීක්ෂ්ණ E educated = උගත් හොයල බලන්න මේ දේවල් වලින් කොච්චර ප්‍රතිශතයක් අපේ පොලිසියට තියෙනවාද කියලා..
ඉතාලි පොලිසිය ලෝකෙ තෙියන හොදම පොලිස් ආයතනවලින් එකක්. ඉතාලියෙ ඉන්න ඕනම කෙනෙක් ඒ ගැන දන්නවා.. නීතිය කාටත් එකයි. සමාන්‍ය ජනතාවටත් කතා කරන්නෙ බොහොම වැදගත් විදිහට..
ආචාර්යතුමා ළගදි මොනවා හරි කාල තියෙනව..යන්නෙ කොහෙද මල්ලෙ පොල්..
ඉතිලි පොලිසියෙ ඉන්නෙ නියම මහත්වරැ. නියම මිනිස් අයිතිවාසිකම රකිනව.. අපේ අය හෑල්ලු කරනවා නෙමේ.. නමුත් එයයි ඇත්ත.. ඒකට හේතුව අපේ පාලකයෝ නීතිය ගනන් ගන්නෙ නැති කම..
ඉන්දියන් පොලිසියට වඩා ලංකාවෙ පොලිසිය ටිකක් හොදයි.. මම ඉන්නෙ ඊශ්‍රායලයේ.. මෙහෙ නීතිය කාටත් එකයි.. ලංකාවෙ පොලිසියටත් මේ රටවල් ආදර්ශයක් වේවා..!!
කරන්න දෙයක් නැහැ ආචාර්යතුමා. පිටරට ගිහිං ඉන්න ගොඩක් අයට ලොකු ඒ රටවල තියෙන දේ පමණයි.. අපේ දෙයක් අගේ කරන්නෙ නැහැ. අපේ පොලිසිය 100% හොදයි කියනවා නෙමෙයි.. නමුත් අපේ පොලිසියෙත් නීතිගරැක ගොඩක් අය ඉන්නවා..
කැකිරාවෙ කෙල්ලන්ගෙ කොදු ඇට කැඩුවෙත් ඔය අයි පීල තමයි..
ආචාර්යතුමා, ඔබතුමා ලංකාවේ පොලිසියකට ගිහින් තියෙනවද, අඩු ගානේ පැමිනිල්ලක පිටපතක් ගන්නවත් ?
උගත් කමට රස්සාව අරන් දේශපාලනයට වැඩ කරනවා...ලංකාවේ පොලීසියයි ඉන්දියාවේ පොලීසියයි දෙකම එකයි...
ලෝකේ දියුණු රටවල පොලිසිය පගාවට වැඩකරන්නේ නැහැ. බලු වැඩ කරන්නෙත් නැහැ . ආචාරියතුමා හැමදාම ඔයා අනාගන්නව බලු වැඩකරන පොලිසිය අපේ සහෝදරයෝ වෙන්නේ කොමද ? ඔබත් හොරකම් කරන පගාව ගන්න කෙනෙකු නේද ?
ලංකාවේ පොලිසිය කවදාවත් හොද තත්ත්වයකට ගන්න බෑ
විපතේදී පිහිටවීමට ජාති භේදයක් නැත .උතුම් නිලධාරීන් හට අපගේ ප්‍රණාමය
ලාල් කිවුවේ ඇත්ත
ජාති, ආගම්, කුල නොබලා මනුස්සකම ලෝකයට පෙන්වාදුන් පොලිස් නිලධාරියාට ගරු කරමු....
ලාල් ඔබ හරි
ශ්‍රී ලාංකික පොලිස් සේවය ඇගයීමට ලක් කරන්න???ආචාර්යතුමා මෙලෝ හසරක් නැතුව පොලිසියට ප්‍රතිචාර දෙන්න යන්නේ.
අනේ සාදු මෙහෙම වෙලා මදි.......
අනේ ආචාර්ය තුමෝ....ඔබ කවදාවත් ඉතාලියට ඇවිත් තියනවද ....ඉතාලි පොලිසිය කියන්නේ නිතිය සාදාරණය අකුරටම රකින කාගෙවත් බලපෑම් වලට යටත් නොවන ආයතනයක්. ස්වදේශිකයටත් විදේශිකයටත් ,පොහොසතාටත් දුප්පතාටත් නිතිය නිතියමයි.ඒ අය පගාවට වැරදී කරුවන් නිදහස් කරන්නේද නැත. අප රටේ පොලිසිය ගැන නම් හැමදාම ඇහෙන්නේ වැරදිමය.මෙහි ඇති අනෙකුත් අදහස් දිහා බැලුවහම එය වඩාත් පැහැදිලි වේ. ඔබ හැමදාම කියන්නේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" කථාය.
ලාල් ගලබඩ ඉතාලියේ සිට... හිතවතුනි , ඉතාලියේ මේ දිනවල ඉතා අදික රස්නයක් තිබෙන බැවින්,හුගක් අය වැව් අශ්‍රිතව ඉන්නට පෙලබෙන බැවින්,අධික රස්මියෙන් මිදීමට,ජලය නෑමට යනවිට වඩාත් ප්‍රවේසම් කාරී වන්න.ඇල්කොහොල් අදික රස්මිය ඇති දිනවලදී මාරයාට අතවනන හිතවතෙකි."ප්‍රවේසම් වන්න" රැවුලත් බේරාගෙන කැදත් බොන්න ,ස්තුතියි.
ප්‍රර්ථනා හෙලිකොප්ටෙරෙනුත් ගියා එහෙනම් ඉතාලියේදී ? නියමයි ..මොකක් උනත් ඒ පොලිස් නිලධරයන්ට අපගේ ප්‍රණාමය .!!
ලාල් ගලබඩ ඉතාලියේ සිට... හිතවතුනි , ඉතාලි පොලිසිය කියන්නේ, ඉතාලියේ සියලුම රාජ්‍ය ආයතන වලින් ප්‍රමුක තැන තියෙන ආයතනයකි.ඔවුන්ගේ සේවය පළමුවත්,දෙවනුවත්,තෙවනුවත්,මහජනයාටය.රටේ ජනාධිපති ටත් ,පාර්ලිමේන්තුවටත් වඩා ඉහල විස්වාසයක් ඇති ආයතනයක් බව ගෞරවයෙන් මතක් කරමු.මේ බව ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් තුමාටද මා මීට පෙර දන්වා ද ඇත.අවාසනාවකට අපේ රටේ එවැනි ආයතනයක් නොමැති එක කණගාටුවකට කරුණකි.
මොනවත් ඕනෙ නෑහෑ,ආචාර්ය තුමගේ නොනාව පොඩ්ඩක් පොලිසියට ඈරලා බලන්නකො පොලිසියෙ ඉන්නෙ මොනවාගෙ අයද කියලා. පොලිසියෙ ඉන්නෙ ඉතා හොද ටික දෙනෙක් විතරයි.
මුහුදේ ගිල්වා මැරෙනකම් ගැහුවා....
මතකද මුහුදේ ගිලිලා මැරෙනකල් ගැහුවා .
මේක ලංකාවේ පොලිසියට හොද ආදර්ශයක්
විදේශික පොලිස් නිලධාරියෙකු කරන ලද සේවය ඇගයීමත්,ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන් කොපමණ හොඳ කළත් හැමදාම ඔවුන් අතින් සිදුවූ සුළු අතපසුවීම් මහ ලොකුවට ඉස්සරහට දාගෙන මදිපුංචිකම් කිරීම මිස කරන සේවයට ඇගයීම් කවදාවත් හිමිවෙන්නේම නැත.නමුත් කොපමණ කට්ටක් කාගෙන වුවද තමන් කරන සේවය මධ්‍යස්ථව සාමාන්‍ය මහ ජනතාවට ඉටු කිරීම පොලිසියේ කාර්යභාරයයි.මම සමස්ත ශ්‍රි ලාංකික මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පොලිසිය කියන්නේ ඔයාලගේ මිත්‍රයින්,නෑදෑයන්, සහෝදරයින් සහෝදරියන් කියලා හිතලා ක්‍රියාකරන්න කියලයි.නමුත් මේ රටේ සමහර අය නම් හිතන්නේම පොලිසිය ඒ අයගේ හතුරෝ තරහකාරයෝ කියලමයි.ඒත් ඔයාලට යම්කිසි කරදරයක් සිදුවුනාම මුලින්ම පිහිටට ඉන්නෙත් පොලිසියම බව මතක තියා ගන්න.මෙලෝ හරක් නැතුව අම්ම මෝ නැතුව පොලිසියට බනිනවා.එත් බලන්න ඕන යම්තම් ගෑනියි මිනිහයි රණ්ඩු වුනාම කෙලින්ම ගෑනි හරි මිනිහා හරි නවතින්නේ පොලිසියේ.මම මේ කියන්න උත්සාහ කලේ කොපමණ බැන්නත් අපේ රටේ සාමාන්‍ය මහ ජනතාවට පොලිසියෙන් තොර ලෝකයක් නැතිබව පෙන්නන්නයි.ඒ නිසා කරුණාකර අපේ නිලධාරියෙක් අතින් වන සේවයද ඇගයුමට ලක් කරන්න කියලා මම ඔබලාගෙන් දයාබරව සෙනෙහසින් කාරුණිකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි !!!