IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉතාලි ලක් පාතාලෙට වැඩි ආයුෂ නෑ

ඉතාලියේ මිලානෝ නුවර කේන්ද්‍ර කරගනිමින් සිදුවන ලක් පාතල ක්‍රියාකාරකම් පිළිබඳ විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගේ අවධානය යොමුව තිබේ.

ඔහු එසැණට පැවසුවේ විදෙස්ගත සාමකාමී ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් කරන තොරතුරු අනාවරණය කරන මාධ්‍යවේදීන්ට තර්ජන කරන හොර තක්කඩින් ගැන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සකච්ඡා කොට ඉතා ඉක්මණින් ඔවුන්ට විරුද්ධව සුදුසු පියවරක් ගන්නා බවයි.

ඉතාලි පොලිස් පරීක්ෂණ සඳහාද විදේශ අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය එක්ව සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව ඒ මහතා එසැණට පැවසීය.



අදහස් (0)

ඉතාලි ලක් පාතාලෙට වැඩි ආයුෂ නෑ

සොයිසා Monday, 03 June 2013 12:19 AM

මෙහේ අයගෙන් ඇහුවනම් හොයල දෙවි .මොකද මේගොල්ලෝ එයාගේ ගොලයෝනේ .(අ)

:       0       0

තබුක් සිල්වා Monday, 03 June 2013 12:54 AM

ඉතාලි වල පාතාලය මඩින්න පියවර ගන්න සැලසුම් කරනවා වගේ ,ලංකාවෙත් පාතාලය තුරන් කරන්න බලධාරින්ගේ ඇස් අරුනොත් නරකද? (නි)

:       0       0

බන්ටු Monday, 03 June 2013 01:03 AM

මේක පළවෙනි දවසෙ දාපු වෙලාවෙත් අදාළ මැරයන්ගෙ නම් ගම් කට්ටිය හෙළි කළා. ඒත් තාම විමර්ශන විතරයිනේ, ප්‍රතිපලයක් නැහැනෙ (නි)

:       0       0

නඳුන් -කොස්ගොඩ Monday, 03 June 2013 01:18 AM

කරන්න පුලුවන් දේවල් කරලා බලමු එහෙනම් .... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 03 June 2013 01:27 AM

මේ ප්‍රශ්නය සති දෙකක විතර ඉදන් සාකච්ඡා වෙනවා. නමුත් ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රිකව නිල වශයෙන් ඉතාලි රජයෙන් මේ වෙනතුරු මේ පාතාලයන් ගැන ක්‍රියා කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මිලානෝ ලාල් Monday, 03 June 2013 02:08 AM

මෙහෙ පොලිසිය එක්ක ඒ සෙල්ලම් බැහැ. (නි)

:       0       0

අසෝක මිලානෝ Monday, 03 June 2013 02:17 AM

පාතාලයෝ පුළුවන් නම් එන්නකෝ වෙනිසියා පැත්තට, අපි කවුද කියලා පෙන්නන්න. (නි)

:       0       0

දිනුෂ Monday, 03 June 2013 02:36 AM

හොරාගේ අම්මගේන පේන අහන්න යන්නේ. අපි හැමෝම දන්නවන් මෙයාලා ඉතාලි අවේ කොහොමද කියලා.(නදී)

:       0       0

වජිරා Monday, 03 June 2013 03:37 AM

පාතාලයට වැඩි ආයුෂ නැහැ (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 03 June 2013 12:54 PM

ආණ්ඩුවේ වගකිවුතු නිලධාරීන් සහ පොලිසියේ බුධි අංශය පුවත්පත් බලනෙම නැද්ද? මේවා ලෝකය හිනස්සන විහිලු කතා. උසාවියට අවශ්‍ය වරෙන්තුකරුවන් අල්ලන ආරක්ෂක ලේකම් අවශ්‍ය වෙන්නේ නැහැ. පොලිසියට පුලුවන් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තුකරු අත්අඩංගුවට අරගන්න ඉල්ලීමක් කරන්න. ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙන්නේ එම ක්‍රමයි. ඉතාලිය බොහොම කැමැත්තෙන් මේ ගොල්ලව භාර දෙවි ? අපරාද කාරයෝ දන්නවා එහෙම ඉල්ලීමක් ලංකාවේ ආණ්ඩුවෙන් එන්නේ නැති බව. එමනිසා මොවුන් නිදහසේ හැසිරෙනවා ව්‍යාපාර කරනවා. සමහරු ඉතාලියේ සිට ගෝලයන් හරහා ලංකාවේ කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරවනවා , මංකොල්ල ´සංවිධානය කරනවා . මෙය ඉතාම භයානක තත්වයක් මේවයේ ප්‍රතිපල අපිට තව අවුරුදු 5 විතර බලාගන්න පුලුවන්න්.(නදී)

:       0       0

උපාලි Monday, 03 June 2013 04:12 AM

ඒ කට්ටිය මෙහාට ගෙන්වාගන්න. අපේ පුරප්පාඩු ගොඩක් ඇති වුනා ලඟදි. (නි)

:       0       0

උදය Monday, 03 June 2013 04:39 AM

මම නම් හිතන්නේ ලංකාවේ විදෙස් අමාත්‍යංශයට විදේශිකයන් ගැන දැනුම අඩු බවයි. ඒකනේ කිසිම විකල්පයක් එකම විදෙස් තානාපති කෙනෙක් හරහාවත් ජිනීවා ප්‍රශ්නයේදී එන්නේ නැත්තේ. දැන් ඔය ඉතාලිය කියන්නේ මාෆියා රජ දහන. අපේ තක්කඩි ටික ලංකාවේ දී අල්ලගන්න බැරිව දැන් ඉතාලියේදී ඔය මිනිස්සුන්ව කීයටවත් අල්ලන්න ලුළුවන් වෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 03 June 2013 01:10 PM

ප්‍රභාකරන් මුලින් කලේ ඉන්දියාවෙන් හොර බඩු ගෙන්වීම වැනි සුළු අපරාධ. ඔහු වරෙන්තු තිබෙන විට ඉන්දියාවට පැන්නා. එල්.ටී.ටී එක මුලින් පොඩි මාෆියා සංවිධානයක්. බලන්න ඔවුන් රටට කල විනාශය. ඔහු ඒවා කලේ දැනට අවුරුදු 35 විතර උඩදී , දැන් තාක්ෂනය දියුනුයි. ඒ දවස් වල ප්‍රභාකරන් මර්දනය කළ නම් මෙපමණ විනාශයක් නැහැ. මේ පාතාලයෝ ඉදිරියට ලංකාවේ ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

පෙරේරා Monday, 03 June 2013 06:19 AM

කෝ ඉතින් තවම අරයව අල්ලගන්න බැරිවෙලා නේ. ඕවා නිකන් කයිවාරු විතරයි.(නදී)

:       0       0

නිල්මිණි Monday, 03 June 2013 01:21 PM

ලැසි ඔයාගේ කතාව හරි. නමුත් මෙහෙ හිරගෙවල් හරියට හෝටල් වගේ. මේවා මෙයාලට හොද වැඩියි. මලයාසියා හිරේට තමා මෙයාලව අරින්නේ ඕනෑ (නි)

:       0       0

මොහමඩ් Sunday, 02 June 2013 06:02 PM

ඉතාලි වල සිටින බොහෝ දෙනෙකු ගැන සොයන්න වෙනවා. (නි)

:       0       0

මුරුගන් Monday, 03 June 2013 08:18 AM

ඉතාලි ඉන්න පාතාලයෝ අල්ලන්න කලින් උන්ට උදවු කරන ඇත්තෝ අල්ලලා ඉන්න.(ස)

:       0       0

තෙෂාන් Sunday, 02 June 2013 06:03 PM

ඇයි එහෙට එස් ටී එෆ් යවන්න බැරි? (ත)

:       0       0

සර් යුනිට් ඉතාලි Sunday, 02 June 2013 06:12 PM

අපි සිටින තුරු පාතාලයන්ට නටන්න දෙන්නේ නැහැ (ත)

:       0       0

මංජු Sunday, 02 June 2013 06:54 PM

වැලිකඩ සුදානම්.(නදී)

:       0       0

ලසී තාබ්‍රෙව් හැගැල්ල, කොස්ගොඩ Sunday, 02 June 2013 06:52 PM

මම නම් හිතන්නේ මෙච්චර වෙලා ගන්නවා පරක්කු වැඩියි කියලා. මෙහෙම අපරාදකරුවෙක් අත් අඩංගුවට ගන්න හරි ලේසියි. දැන් මේ විෂය සති 2ක් ඉදන් සාකච්ඡා කරනවා. නමුත් කිසි ප්‍රගතියක් නැහැ. මේ සදහා විය යුත්තේ මෙයයි. මුලින්ම ශ්‍රීලංකා විදේශ කටයුතු අංශය ඉතාලියේ විදේශ කටයුතු අංශයෙන් සහ අභ්‍යයන්තර කටයුතු අංශයෙන් නදුන් සහ අනෙකුත් කට්ටිය අත් අඩංගුවට ගැනීමට අවසර ගත යුතුයි. පසුව ලංකාවේ ආරක්ෂක අංශයේ හතර දෙනෙක් විතර මිලාන් යවා ඉතාලි පොලිසියේ සහයෙන් මොවුන් අල්ලා ශ්‍රීලංකාවට ගෙන ආ හැක. මගේ අදහස නම් මේ අපරාධකාරයෝ ලංකාවේ සිර ගෙවල් වල නොතැබිය යුතුය. එය මොවුන්ට විශාල සහනයක් වන නිසයි. එනිසා මේ අපරාධ කාරයෝ ඉතාලියේ සිරගෙවල් වල දැමිය යුතුයි. ඒසදහා ඉතාලියේ උසාවි වල සහයත් ගත යුතුයි. නමුත් එය එතරම් ලේසි දෙයක් නොවෙයි. එනිසා අපි හොද සැලසුමක් ඇතිව මෙය කලයුතුයි.(නදී)

:       0       0

නාලක Sunday, 02 June 2013 07:23 PM

ඉතාලි ගියාය කියලා වැඩි වෙනසක් නැහැ අපේ කට්ටිය (දී)

:       0       0

ගාමිණී Sunday, 02 June 2013 07:41 PM

ඉතාලියේත් පාතාල තියෙනවාද (දී)

:       0       0

දිසානායක Sunday, 02 June 2013 07:44 PM

අමුණුගම මහත්තයෝ ලංකාවේ නිලධාරීන් සමග සාකච්ඡා අවශ්‍ය නැහැ කියලයි මම නම් කියන්නේ. ඔබතුමා තානාපති මට්ටමින් ඉතාලි ආරක්ශක අංශයට මේ ගැන පැමිණිලි කරන්න (නි)

:       0       0

රංග Sunday, 02 June 2013 07:49 PM

පාතාලයට කොහොමටවත් ආයුශ එපා

:       0       0

ශාන්ති Sunday, 02 June 2013 08:10 PM

ඒක හොදයි

:       0       0

තිලක් Monday, 03 June 2013 03:08 PM

ලංකාවේ නම නැති කරනවා (දී)

:       0       0

ආශා Sunday, 02 June 2013 08:34 PM

මේවා නැති කරන්න ඕනේ

:       0       0

ලලිත් Sunday, 02 June 2013 08:44 PM

හරි හරි බලමුකෝ වැඩත් කතාව වගේමද කියලා. (නි)

:       0       0

ඔබිනාමුනි මිලානෝ Sunday, 02 June 2013 08:53 PM

කරුණාකර ඉතාලියේ සිටින සියලුම පාතාලයන් සහ ඔවුන්ගේ හෙන්චය්යන්ගේ විස්තර හැකි පමණ මේ පිටුවට ලියන්න. (ත)

:       0       0

කෝලිත Sunday, 02 June 2013 09:43 PM

ලංකාවේ නම විනාශ කරනවා

:       0       0

කොස්ගොඩ Monday, 03 June 2013 11:42 AM

අපි මෙයා එක්කයි කවදත්...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 229 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 539 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 398 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 311 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 211 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site