ඉතාලියේ ලංකා පාතල සාමාජිකයන් ගැන තොරතුරු ලබා දීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන් දුන් දුරකතන අංකයට එරට ලාංකික පාතාල සමාජිකයින් ගැන තොරතුරු ගලා එන බවත්, ඒ පිළිබඳ විමර්ශනය කිරිමට වෙනම නිලධාරියෙක් පත්කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශ ආරංචි කියයි.
මිලානෝ නුවර ජිවත්වන අහිංසක මිනිසුන්ට නොයෙක් බලපෑම් කරන ලංකාවෙන් පැමිණ සිටින පාතාල සාමාජිකයන් ගැන ලංකාදීප එසැණ පසුගියදා අනාවරණය කළේය.
මැති ඇමතිවරුන්ගේ ද ආරක්ෂක ලේකම්ගේ ද හිතවත්කම් කියමින් අනිසි බලයක් පෙන්වමින් ඔවුන් විවිධ මැර ක්‍රියා කරන බව කියති.
මේ පිළිබදව එසැණ කළ විමසීමෙදී ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ එවැනි පාතාලයන් පිළිබදව තොරතුරු වෙතොත් 0094112396072 ලබා දෙන ලෙසයි.
පාතාල යැයි කියා ගන්නා කිහිප දෙනකු මිලානෝ නුවර ශ්‍රි ලාංකිකආපන ශාලාවකට පැමිණ තරුණියකට බලහත්කාරකම් කිරිමට සැරසුණු විට ආපන ශාලා හිමිකරු එයට විරුද්ධව ඉතාලි පොලිසියට පැමිණිලි කළේය.
පොලිසිය පැමිණීමට පෙර අපනශාලා හිමිකරුට තර්ජනය කළ පාතාලයන් පැනගොස් ඈත.
ස්විස්ටර්ලන්තයේ සිට ඉතාලි සංචාරයකට පැමිණි ශ්‍රි ලාංකික තරුණිය ආපනශාලාවට පැමිණි මොහොතේ දී ඔවුන්ගේ අඩත්තෙට්ටම්වලට ලක්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ අයගේ නම් සහ විස්තර ටිකක් කවුරු හරි පල කරනවද? (නි)
කොස්ගොඩ නදුන් නම් මෙහෙ ඉඳන් ගොඩක් බෞද්ධ වැඩ කටුතු මෙහෙය වනවා අපි දන්නා තරමට. නදුන්ගේ සීයා ගම්මුලදෙනි කෙනෙක්. මිත්තනිය විදුහල් පතිනියක් 1987 19 පහල නදුන් මහත්තය දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ දක්ෂතම මලල ක්‍රීඩකයා. නදුන් කියන්නේ රිච්මන්ඩ් එකෙන් උසස් අධයාපනය ලබල විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ලෙස සේවය කරන කාලේ මම හදුනා ගත්තේ 1998 පොතුවිල් කදවුරේදී. හුලංනුගේ කඳවුර 1997 කොටින්ගෙන් බේරාගත්තේ නදුන් මහත්තයාගේ ප්‍රදානත්වයෙන්. එදා සෙබළුන් 16ක් දිවිපිදුවා දන්නා කට්ටිය දන්නවා. නදුන් මහතාට අවාසනාවට ආපු ප්‍රදේශයේ සතුරන්ට මුහුණදීමට ලංකාවේ එවකට සිටි ප්‍රසිද්ද චණ්ඩින්ගේ පිහිට පතන්නට සිදු උනා. එකෙන් තමයි ඔහුගේ නම කැත උනේ. නදුන්ගේ එකම සොහොදරය උතුරු යුරෝපයේ පින්ලන්තයේ පුරවැසියෙක්. නදුන්ගේ පරම්පරාවේ ගුවන් නියමුවෝ වෛද්‍යවරු ඉන්නවා බොරුනම් පේස්බුක් එකේ චෙක් කරන්න. නදුන් මහත්තය 2005 සිට ලංකාවෙන් පිට ජීවත් වන්නෙක්. බොරුනම් මේවා ඔබලාගේ හික්කඩුව අම්බලන්ගොඩ ප්‍රදශයේ අයගෙන් විමසා බලන්න. . මොහුගේ නම ගම විකුණා ගොඩක් අය යැපෙනවා.(නදී)
කෝ පිටිගල මයා? කෝ ඔයා අද බයිලා කියන්නේ නැද්ද? (නි)
පිටිගල, එන්නකෝ පැරිස් (නි)
අයින් කරමු චණ්ඩි ටික (දී )
සෝඩ බෝතලේ කැඩුවා වගේ පටන් ගනීවි.අන්තිමට නඩුව ඉල්ලා අස්කර ගනීවි.කාරණය අපිටම අමතකයි.හැමෝම දිනුම්.ප්‍රශ්න හැමදාමත් තිබුන තැනමයි. (නි)
කොස්ගොඩ නදුන් පැරිස් වල ඉන්න වයස 18.20 ළමයින්ගෙන් ගුටි කාල ඉතාලි ගියේ. මීගමුව පැත්තෙ තව චන්ඩියෙක් පැරිස් වලට ලගදි ඇවිත් ඉන්නවා ලගදිම ඵයත් කනවා. අපි ඵයාවත් ඉතාලියට ඵවන්නම් කිරි දීල හදා ගන්න.(නදී)
මේවට අවශ්‍ය පියවර ගන්න බැරි තරම් ඉතාලි රජය ඇයි උනන්දු නොවන්නේ? එහෙම නැත්නම් ඔහේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට උනන්දුවක් නැද්ද? (නි)
මේ දේවල් ඉතාලි විතරක් නෙමෙයි, මැද පෙරදිගත් හුගක් සිද්ධ වෙනවා.මෙයාලා බොහෝ දෙනෙක් ලංකාවේ අපරාධ විමර්ශන අංශයට අවශ්‍ය අය. මුදල් වියදම් කරලා රේගුවටත් රජයටත් හොරෙන් පැනපු අය.මෙයාලගේ දාමරික ක්‍රියා ගැන ලංකාවේ අපරාධ විමර්ශනයත් දන්නවා.මෙයාලට නිසි දඩුවම් දිය යුතුව තිබියදී හොරට රටින් පැනලා ඉන්නේ.සමහරු එහෙ ඉඳගෙන ලංකාවේ අපරාධ මෙහෙයවනවා!මේ සෑම දෙයකටම දේශපාලකයෝ,පොලිසියේ ඉහල නිලධාරිනුත් සම්බන්ධ වෙලා ඉන්නවා!මේ ගැන දැනුවත් කිරීම පිලිබඳ ලංකාදීපයට ස්තුතිය පුදකරන අතර රටේ නාමය කෙලසන මේ ව්‍යසන හැකි ඉක්මනට නැතිකර දමන ලෙස ආරක්ෂක අමාත්‍යංශයට දන්වා සිටිමි. (නි)
ඉතාලි ශ්‍රී ලාංකිකයෝ ඇයි බියගුළු වෙලා ඉන්නේ? ලංකාවේ නිතිය වල් වැදුනට ඔය රටේ පොලිසිය නිතිය රකිනවා. ඇයි පොලිසිය දැනුවත් කරන්නේ නැත්තේ? අනික ලංකාවේදී ඉස්තාලය ඇරලා අශ්වයින්ට යන්ට ඇරලා දැන් ඉතාලි පොලිසියෙන් අල්ලාගන්ට හදනවා. ලංකාව ගැන ඇත්තටම ලැජ්ජයි (නි)
මේවගේ දේවල් නිසා ලංකාව වෙනත් රටවල් හමුවේ හෑල්ලු වෙනවා මිසක් ගෞරව ලබන්නේ නැහැ. මේවා නවත්වන්න ලේසි නැහැ. එහෙත් දැඩි උත්ොහයක් අරන් මේවා මර්දනය කිරීම අනාගතයට වටිනවා. (නි)
ලංකාරාමය සහ දන්සල අතර සම්බන්දයක් නැහැ මම දන්නා තරමටනම්.(නදී)
සමහර පාතාලයන් හැංගිලා ඉතාලි පොලිසිය මගින් ප්‍රශ්ණ කිරීම නිසා හා නිවාස අඩස්සියේ තැබීම නිසා.(නදී)
ගිය පාරත් ලංකාදීප පලකරන ලද ලිපියකට (රුවන්තක-මිලානෝ) යන නමින් අදහස් දැක්වීමක් කර තිබෙන බව දුටුවෙමි.එහි සදහන්ව තිබුනෙ මිලානෝ සිංහලයන්ගෙ කොන්ද පනනැති කතාවක්.රුවන්තක යන නමින් මිලානෝ වෙන කෙනෙක් සිටින බව මම අසා නැත.කරුණාකර අනුන්ගෙ නම් වලින් තොරව තමන්ගෙ නමින්ම අදහස් දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලමි.මිලානෝ සිටින සිංහලයන්ගෙ කොන්ද ගැන කතාකරන්න කලින් තමන්ගෙ නමින් පෙනී සිටින්නවත් උත්සාහ කරන මෙන් ඉල්ලමි. මෙහි අදහස් දක්වා ඇති බොහෝ අය මිලානෝ දන්නා හදුනන අයයි.ඔවුන්ගේ නම් යොදා ඔවුනොවුන් කෙටවීමෙන් සියුම් සතුටක් ලබන පිරිසගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මෙවන් ක්‍රියා නැවත නොකරන්න කියලයි. කෙනෙකුට යම් දෙයක් කීමට ඇත්නම් එය ඔහු විසින්ම පවසන්න ඉඩ හරින්න. (නි)
නදුන් දැන් හොඳට ඉන්න බව ලංකාවේ විතරක් නොවේ මුළු ලෝකෙම දන්නවා. කප්පන් ගන්නවා කියන කතා සමුපුර්ණ බොරු. හැදෙන උන්ට හැදෙන්නවත් දෙන්නේ නැති සිංහල ජාතියක් ලාංකිකයන් කියන්නේ. වෙලා තියෙන්නේ ඒ මිනිහා එක්ක හැම වෙලාවේම කොල්ලෝ 20 ක් 30 ඉන්න එක තමයි.(නදී)
නදුන් කඩේ දානකම්ම හිටියද කට්ටිය මේවා හොයන්න. ඔයාල මේවා ලියන්නේ ලංකාවේ අපේම අයට නේද ? (නි)
මිලානෝ ශාන්ත අගෝස්තීනු ලංකික කඩ අවට ගැවසෙන ස්ත්‍රී දූෂණ, මංකොල්ල සහ කප්ප්පම් ගැනීම් වලට ලංකා පොලිසියට අවශ්‍ය මෙම පුද්ගලයන්ගෙන් මිලනොහී සිංහල ප්‍රජාවට විශාල හානියක් සිදුවේ. පිටරටවලට පවා ගොස් අපරාධකරුවන් ඇල්ලු රණවිරුවනි මොවුන්ව කුදලාගෙන යන්න.(නදී)
මේ අපරාධ කරුවන්ව ඉතාලි පොලිසියට අල්ලලා දෙන්න එපා. ඉතාලි හිර ගෙවල් මේ පාතාලයෝන්ට සැප වැඩියි. අද හෙටම ලංකාවට අරන් යයි හංගලා තියෙන ආයුධ පෙන්නන්නත් එක්කම. (නි)
නදුන් පාඩුවේ ඉන්නවා මිලානෝ වල. මේ ඉර්සියාවට ලියන දේවල්. මන් හොඳට ඉන්න බව මුළු ලෝකෙම දන්නවා. හැදෙන එකෙකුටවත් හැදෙන්න දෙන්නේ නැහැ සිංහලයෝ නම්. නැති පාතාලයක් මවනවා මිලානෝ වල. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් අපිට පිස්සු මේවා බලල කට පියාගෙන ඉන්නේ නැති නිසා.(නදී)
මිලානෝ මිනිස්සු ලාංකිකයන් සවුත්තු කරන්නේ මේ පහුගිය කාලේ කරපු උන්මයි. මෙහි ඇති පාතාලයක් නෑ (ස)
ඔව් ඔව් මේ පාතාලයාට හැදෙන්න දෙන්න ඕනෑ තමයි (නි)
බොරුවට ආරක්ෂක ලේකම්ට කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද එයාම තමයි උන්ව රට පැටෙව්වේ. ඔහෙ ඉන්නව ප්‍රදීප් මාමා කියලා කෙනෙකුත් එයාව මරල මුහුදට දාන්න අරන් යද්දි තමයි ඔය බේරල රට පටවලා තියෙන්නේ.(නදී)
පිටිගල මිලානෝ, මුන්ව කුදලාගෙන යන්න ඔබේ උගත් වැදගත් අදහස් අවශ්‍යයි. (නි)
මෙහෙමයි ලංකාදීප ඉතාලිය කියන්නේ ඉස්සර ලංකාවට ගොඩක් උදව් කරපු රටක්. එයාල යූරො කලාපයට එක්වුණාට පස්සේ ආර්ථිකය ගොඩක්ම වැටුන. ඉස්සර ලංකාවේ ගොඩක් කට්ටටිය ඉතාලියෙන් සල්ලි හම්බකරගෙන ලංකාවේ මහා විශාල මාලිගා ගැහුවා. වෙන්නපුව, මීගමුව, බලපිටිය, අම්බලන්ගොඩ හරියට ඉන්නවා ඉතාලි ගිහිපු පවුල්. නමුත් අදනම් ඉතාලිය කියන්නේ හරිම දුක්මුසු තැනක්. හරියට සෞදි අරාබිය වගේ. වෙනසකට තියෙන්නේ නිදහසක් තියෙන එකී. හරියට ලංකාවේ කට්ටිය බයිසිකල් තියන් ඉන්නවා කවුරුහරි කෙනෙක් එනකන් දතක් ගලවන්න අරක්කු ටිකක් බොන්න. දැන් හරියට ඉතාලියේ විරැකියාව. ගොඩක් අයට රැකියා නැහැ. මොකද හැම කෙනාම දැන් ඉතාලි යන නිසා. ඒ වගේම දැන් ඉතාලිය ලංකාවේ පාතාලේ උන්ගේ රජදහනක් වෙලා. ලංකාවේ හිටපු ගොඩක් පාතාලේ කට්ටිය ඉතාලියට පැනගත්තා. සමහර ඉතාලියේ කසාද බැදලා දරුවෝ එක්ක පොඩි බිස්නස් එකක් කරගෙන ජීවත් වෙනවා. සමහරු තමයි ලංකාවේ අහිංසක මිනිස්සු බිය වද්දගෙන සල්ලි ගන්න ගමන් හරි ජරා වැඩ කරන්නේ. ඔව් ඒගොල්ලෝ ගොටභයාගේ නම විකුනනවා. ඕල්කට් කියන පාතාලේ එක්කෙනාගේ මාමා ප්‍රදීප් ඉන්නෙත් මිලාන්. ඒ වගේම කොස්ගොඩ නදුන් ධර්මවිච්ක්රම ඉන්නෙත් මිලාන්. මෙයාලා කරන්නේ කප්පන් අරන් ලංකාවේ පොත්වලට බැර කරගන්නවා. ඉස්සරවගේ මිල්ල ලීරා හම්බවෙන කාලේනම් ප්‍රශ්නයක් නැහැ. ලාංකිකයෝ අතේ ගොඩක් සල්ලි තිබ්බා. දැන් ඉතාලිය කියන්නේ දුක්බර ජීවිතයක්. සීතලට විදින දුක දන්නේ ඉතාලියේ වැඩකරන කට්ටිය විතරයි. නමුත් පාතාලේ වැඩ අනුමත කරන්න බැහැ. එතකොට කතාවෙන්නේ ලංකාවේ නමයි. මම ප්‍රදීප්ටයි නදුන්ටයි අබියෝග කරනවා පුළුවන් නම් සිසිලියා, සර්දිනිය, ගිහිල්ල කප්පන් ගන්න කියල. කන පුපුරන්නයි කන්න වෙන්නේ. නදුන් ප්‍රදීප් චන්ඩි නෙවෙයි. බොරු නොකර ඉන්න කියන්න. ලංකාවේ නමගිය ඇමතිලා ඉතාලි ගියාම මේ කට්ටිය එක්ක විනෝද වෙනවා. ඉතින් එයාල ඇමතිලගේ නම් විකුණා විකුණා ඉන්නවා. මේ ක්‍රමයේ අවසානයක් තියෙන්න ඕනි. නැත්නම් වැඩක් නැහැ. අපේ මිනිස්සුන්ට ලංකාවේ හිටියත් කප්පන් ගෙවන්න ඕනා. ඉතාලි ගියත් කප්පන් ගෙවන්න ඕනා. හැමදේටම විනයක් තිබිය යුතුයි. නදුන්ලා ප්‍රදීප්ලා මුල අමතක කරන්නේ නැහැ. ලංකාවේ කරපු නරක වැඩේ අපුරුවට ඉතාලියේ ඉදන් කරගෙන යනවා. මෙය සත්‍ය කතාවක්. කරුණාකර පලකරන්න. (නදී)
බලු නැට්ට වගේ. කොහේ ගියත් හැදෙන්නේ නැති පවුකාරයෝ ටිකක්.ලැජ්ජයි (නි)
මෙයට නැවත ප්‍රචාරයක් දීම ගැන ලංකාදීපයට ස්තූතිවන්ත වෙමි. දැනටමත් විශාල පිරිසක් මේ පිළිබඳව නිසි පියවර ගෙන යමින් පවතිනවා. විශේෂයෙන්ම ආරක්ෂක හමුදාවල සේවය කරන තම හිත මිත්‍ර නෑදෑ මාර්ග වලින් මේ අයගේ ඡායාරූප පවා දැනටමත් යවා තිබෙනවා. (නි)
මෙම 'පාතාලයින්' පිළිබඳව දැක්වූ ක්ෂණික අවධානය පිළිබඳව ආරක්ෂක ලේකම්තුමාට ස්තූතිවන්ත වන අතර සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි පමණ මොවුන්ගේ ඡායාරූප, වීඩියෝ, සහ සියලු තොරතුරු ඉහත අංකයට කතා කර දන්වන ලෙසයි. (නි)
මෙම පාතාලයන් ආරක්ෂක ලේකම් ඇතුළු විවිධ ඇමති වරුන්ගේ නම් බොහොම 'තාත්විකව' (බොරු නොවන) ආකාරයට භාවිතා කරනවා. මෙහි සිටින තවත් 'අපතයෝ' පිරිසක් මේ අයට ඇප උපස්ථාන කරනවා.(නදී)
නිලදාරියෙක් පත්කිරීමෙන් පලක් නැහැ මම හිතන්නේ. ඉතාම ඉක්මනින් නිලදාරීන් පිරිසක් යවා ඉතාලි පොලිසියේ සහය ලබාගෙන මොවුන් අත්අඩංගුවට ගත යුතුයි. ඒ වගේම මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ නාමයට කැළලක් බව ශ්‍රී ලංකා බලදාරින් තේරුම් ගත යුතුව ඇත (නි)
ලේක්කෝ ගලබඩගෙන් මේ පිළිබඳව වැදගත් සංවාදයකට අදහස් අවශ්‍යයි. (නි)
මොවුන් ඉතා ඉක්මනින් ලංකාවට කුදලා යවන්න ඕනෑ. නැත්නම් මෙහෙ හිරේ ගියොත් සැප වැඩියි. ලංකාවට ගිය ගමන් ආයුධ හොයන්න එක්කරගෙන යන්න ඕනෑ. (නි)
ශාන්ත අගෝස්තීනු අවට සිංහල කඩ හිමියන්ට මොවුන් හරිම හිසරදයකි. කාලා බිල නොගෙවනවා සේම කඩ හිමියා ඔවුන්ට බීමට විස්කි ද සැපයිය යුතුය. (නි)
මෙම පාතාල සාමාජිකයින් මිලානෝ සිංහල ජනතාවට විශාල කරදරයක්. ඊයේත් නව පරපුරේ මතභේදාත්මක ගායකයෙකුත් සමඟ ගිහින් පාතාලයේ කට්ටිය 15 දෙනෙක් විතර කාලා ආපන ශාලාවට බිල නොගෙවා ගිහින්.ලංකාදීප පුවත්පතට ගොඩක් ස්තූතියි මේ පිලිබඳව තොරතුරු ඉදිරිපත් කරනවාට. (නි)
ඕව ඉතින් ඉතාලියටම හොදයි. ඇවිල්ලම බලමුද පැරිස් වලට? (නි)
ලංකාවට ගෙන්න ගත්තත් රටට හිසරදයක් නියම පාතාලයෝ. ඔයාල කොන්ත්‍රාත් එක බාරදෙන්න මාෆියා සන්විදානයට.(නදී)
මෙම පාතාලකරුවන් ඉක්මනට ලංකාවට පැනගනියි. එතකොට කිසිම කරදරයක් නැතුව දේශය පාළු කරන කෙනෙකුට සෙට් වෙලා සෙල්ලම් දාගෙන් ඉන්න පුළුවන්නේ. (නි)
ඔය මිලාන් ඉන්න ලංකාවේ අයට ලංකාවේම අය බය මොකද මේ ඉතාලියේ ලංකාවේ වගේ නෙමේ නීතියක් කියල දෙයක් තියනවා. මම ඉන්නේ වෙරෝනා මෙහෙනම් සේරටම නිතිය තියනවා.(නදී)
ඉන්දික මහත්තයෝ ආපන ශාලාවෙන් කාලා සල්ලි නොදී පැනලා යන අයමලු නේද මේ සැරේ ලංකාරාමයේ වෙසක් දන්සල දෙනවා කියන්නේ?(නදී)
ප්‍රතිචාර දාපු කවුරුත් මේ අයගෙ නම් කියල නැත්තෙ බයටද. මිලාන් නුවර සාර සීගිරි කියන කඩේට යාබදව කොස්ගොඩ නදුන් අලුතින් කඩයක් දැම්මා. ප්‍රසිද්දියෙ ඔහු ඉන්නවා. මෙහේ ඉදල කප්පම් ගන්නවා. ගෝලයොත් ඉන්නවා. කිසිම බයක් නැහැ. මේවා රජයේ උදවියට පේන්නෙ නැත්තේ ඇයි. මෙහෙට පනබේරගෙන ඇවිත් හොදින් ඉන්නව වෙනුවට තාමත් නරක වැඩ කරනවා.(නදී)
ලියා ඔයත් බොරු උපාසක වෙස් ගන්න හදන්න එපා. ඔයත් කට්ටියට සද්ද බද්ද දානවා නේ. මොකද ඔයා ගැන මිලානෝ වල ඉන්න අපි දන්නේ නැහැ කියල ද හිතන්නේ. බය වෙන්න එපා අපි දැන්ම කියන්නේ නැහැ.(නදී)
මේවා ප්‍රචාරය කිරිම සහ ආරක්ශක ලේකම් ගෝඨාභය මහතා දැනුවත් කිරිම පිලිබදච ඔබ පුවත්පතට ස්තුතිය! මේවා ගැන ඉතාලි පොලිසිය දැනුවත් කළ යුතුයි. මේ වගේ කටිටියක් කලින් හිටියා. එයාලට නම් යස පාඩමක් ඉගැන්නුවා ඉතාලි පොලිසිය මගින්. (නි)
අපේ උගතුන් වන සුසිල් මිලානෝ ,පිටිගල,ලෙක්කෝ ගලබඩ, යන අයට කරදරයක් නැත්නම් එච්චරයි. (නි)
නිලදාරියෙක් පත්කිරීමෙන් පලක් නැහැ මම හිතන්නේ. ඉතාම ඉක්මනින් නිලදාරීන් පිරිසක් යවා ඉතාලි පොලිසියේ සහය ලබාගෙන මොවුන් අත්අඩංගුවට ගත යුතුයි. ඒ වගේම මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ නාමයට කැළලක් බව ශ්‍රී ලංකා බලදාරින් තේරුම් ගත යුතුව ඇත (නි)