ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ බෙල්වෙදේරේ මාවතේ අවන් හලක ශ්‍රි ලාංකිකයෙක් (36) බිමත්ව එහි හිමිකරුට කරදරකිරිම සහ නොමනා හැසිරීම නිසා අත්අඩංගුවට ගනු ලැබීය.
එහි පැමිණි පොලිස් නිලධාරින්ගෙන් එක් අයෙකුට අතින් සහ පාදයෙන් පහරදී තවත් පොලිස් නිලධාරියෙකුගේ කරපටියෙන් අල්ලා තදකර ඇත. පහරකෑ පොලිස් නිලධාරියා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම රැකියාව කරන්නේ ඔය කියන නගරයේ පොලිසියේ භෝජනාගාරයේ. මේ පුවත දැකලා මම පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙකුගෙන් ඇහුවා. මිනිසුන් ඇතිකරගන්න ගැටුම් නම් ඕනෑතරම් තියනවා එනිසා මතක නැහැ කිව්වා. පොලිස් නිලදාරියට ගහපු එක අහද්දී හැමෝම හිනා උනා. (නදී)
මේ වගේ අය නිසා තමයි ලංකාවේ නම යන්නේ. (ස)
ජිනේෂ්, ඔබගේ අදහස ඔබ සද්ද නැතුව දාගන්න. ඔබට බලන්න බැරි අදහසක් තියනවනම් , එක ඇරලා අනිත් ඒක කියවන්න. පණ්ඩිත වෙන්න හදන්න එපා. ඉතාලි පොලිස් කාරයෙකුට ගහපු නිසයි මම එහෙම ඇහුවේ. (ස)
ඔහොම අය මොනලෝකයේ හිටියත් ඔහොම තමා. (ස)
අනිත් අයට ඇගිල්ල දික් කරන්න කලින් ඔබ කවුද කියල හිතන්න. පළමුව ඔබ සංවර වෙන්න. එතකොට අපි දන්නවා සංවර වෙන්න. හරිද? (ස)
ඔයා ගමේ නම කෑවා,අර බීලා ලෙඩ දාපු කෙනා රටේ නම කෑවා. (අනේ අම්මපා මෙහෙමත් කෑමක්) (ස)
මම මෙහෙම කිවුවම සමහරුන්ට රිදේවි.තොප්පිය හරි නම් දාගත්තට කමක් නැහැ.බොහෝ බටහිර රටවල් වලට සරණාගතයන් හැටියට හෝ වෙනත් මානුෂික හේතුන් මත පුද්ගලයන් රට ඇතුලට [මව් රටේ පොලිස් වාර්තා සහ අනිකුත් බොහෝ සුදුසුකම්] ගන්නේ පරික්ෂා කිරීමකින් අනතුරුවයි.මම හිතන විදියට ඉතාලියේ සිදු නොවන්නෙත් එයයි.ඒ නිසයි ඉතාලියට මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ.අනිකුත් බටහිර රටවල ශ්‍රී ලාංකිකයන් යම් යම් දේවල් වලට සම්බන්ධ වුනා කියලා කලාතුරකින් අපිට අහන්න ලැබුනත්, ඉතාලියේ ඉන්නා ශ්‍රී ලාංකිකයන්ගේ මෙවැනි සිද්ධීන් මාසයකට එකක්වත් අපට අහන්න ලැබෙනවා.එයට හේතු කාරණා වන්නේ මා ඉහත කී කරුණුයි.මේකෙන් වෙන්නේ වැදගත් විදියට රටේ ජීවත් වන සියලු ශ්‍රී ලාංකිකයන් දිහාත් ඉතාලි රජය සහ ඉතාලි ජාතිකයනුත්, බැලීමට පුරුදු වන්නේ වපර ඇසින් සහ හොඳ නරක සියල්ලන්ටම ශ්‍රී ලාංකිකයන් යන ලේබලය ඇලවීමෙනි. "කිසිම සත්වයකු උපතින් වසලයකු නොවේ, එවැනි තත්වයකට යම් කෙනෙකු පත් වන්නේ, තැනැත්තා කුඩා කාලයේ සිට හැදී වැඩෙන පරිසරය අනුව සහ ආශ්‍රයට වැටෙන නරක හිත මිතුරන් නිසාය".මම මේ අදහස ලිව්වේ ඉරිසියාවකට කුහක කමකට නෙවෙයි.තිත්ත ඇත්ත කීමට පමණයි. (ස)
පාටලී .. ඔබ නිවැරදිය කියල මට හිතෙනවා. මේ වගේ මිනිස්සු නිසා "හදාපු වදාපු අම්මා අප්පා බැනුම් අහනවා." පමණයි. (අ)
හිල්මි, අල්විස්, පාටලී ඉතාලියේ විතරක් නෙමේ පිටරට වල ඉන්න හැමෝටම අපහාස කරන්න බලාගෙන ඉන්න ඔබලාට හැදිලා තියන අසනීපය අපට තේරෙනවා. පිටරට තානාපති කාර්යාල ගැන මුකුත් කියන්න බැරිද? (නදී)
අනේ මන්ද, අදහස් දුටුවම හිතෙනවා ඔක්කොම බීලා ද කියල.(ස)
ප්‍රියංකා ඔබ ඉතාලියේ පොලිස් නිළධාරින්ගෙන් මෙය ඇසුවේ සිංහලෙන්ද ? ඔවුන්ට නොතේරුන නිසා සිනහ වන්නට ඇති. ඔබගේ ප්‍රතිචාරයට මටත් සිනා ගියා , (අ)
අපේ රටට සාමය සතුට සදරණය සහනය යොමුවේවා (අ)
මොකක් හරි දේශපාලන සම්බන්දයක් ඇති කෙනෙකු වෙන්න ඇති. නැතිනම් මෙහෙම ප්‍රසිද්ධියේ ගුටි කෙලියක යෙදෙන්න සාමාන්‍ය කෙනෙකුට පිටරටකදී අදහසක් එන්නේ නැහැ. ලංකාවේ බල පුළුවන්කාරකම් මතක් වෙන්නේ ඇති. (නදී)
එක්කෙනෙක් නම් තොප්පිය දාගෙන වගේ. (නදී)
සුසිර" මාත් ඉන්නේ ලංකාවෙන් පිට සහ මට තවත් රටවල් 2ක පුරවැසි බව තියෙනවා.අනික ලංකාදීප කියවන්නේ ඔබ වගේ අය විතරක් නෙමයි, සිංහල දෙමළ සහ ඉංග්‍රීසි වලට අමතරව මට තව භාෂා තුනක් පිලිබඳ හොඳ දැනීමක් තියෙනවා,මම කියවන එකම පුවත්පත ලංකාදීප විතරක් නෙමයි ඔබ හිතන් ඉන්නවට වඩා ලෝකේ හරි විශාලයි. (අ)
හිල්මි ඔබට ලංකාවේ පුරවැසිකම තවත් පුරවැසි කම් දෙකක් තියෙනවා කියන නිසා අපිට දැනගන්න කියන්න බලන්න ඒ රටවල් මොනවද කියා.(නදී)
නාලක බස්නායක මට සමාවෙන්න, මට කොහෙත්ම උවමනාවක් තිබුනේ නැහැ මේ වගේ සුළු දේවල් නිරාවරණය කරලා පොරක් වෙන්න. (ස)
නුවන්, ඉතාලි පොලිසිය බොහොම ආචාරසම්පන්නයි. නැතුව ඔබ කියන කෙනාට ගහන්න බැරිකමට නොවේ. (නි)
පොලිස් නිලධාරියෙක් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන්න තරම් ගහන්න පුළුවන්ද බීමත් පුද්ගලයෙකුට? (නි)
මෙහි නිදහස වැඩිවීම තමයි මීට හේතුව ලෙස මම දකින්නේ (නි)
තමන්ගේ අම්මව, ඉපදුන රට, ජාතිය අමතක කරලා මේ වගේ මිනිස්සු රට රාජ්ජවල ගිහිල්ල කොරන මේ වගේ නොසන්ඩාලකම් හින්දා අපේ රටේ වැදගත් කෙනෙකුටවත් "මම ශ්‍රී ලාංකිකයෙක් " කියල පිටරටකදී කියන්න බැරි වෙනවනේ. ඉතාලියේ ඉන්න මහත්තුරු මෙයා ගැන දන්නවා නම් අපට නම විතරක් කියන්න. (ස)
අපේ අය පොලීසියට පහරදීම අතින් සෑහෙන ප්‍රගතියක් ලබා තියෙනවා වගෙයි (නි)
නිදහස නොවේ, මේ ජන්මයේ වැරැද්ද. අපේ සිංහල ලේ වල තිබෙන වැරැද්ද. ඒක වෙනස් කරන්න බැහැ. බලන්නකෝ අපේ ඉතිහාසය දිහා. අයියා මල්ලි එක්ක තරහා වුනාම මල්ලි ඉන්දියාවට ගිහින් සොළී හමුදාවක් අරගෙන එනවා අයියාට ගහන්න. (නි)
වෙන්නප්පුවේ ඉන්නේ ලෝකෙටම ගහන්න පුළුවන් කොල්ලෝ!!!(දී)
බැලුවාම එහෙයි මෙහෙයි පොලොසිවල වැඩි වෙනසක් නැහැ වගෙයි (දී)
මේ වගේ අපේ රටට අපහාස වෙන දේවල් කරන අයට අපි විරුද්ධ වෙන්න ඕනෑ. ඔවුන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ (නි)
ලංකාවට එවන්න. (ස)
ඉතාලි පොලිසියට ගැහුවම ලංකාවේ මිනිස්සුන්ටද රිදිලා තියෙන්නේ? ඉතාලි පොලිසියෙන් දඩුවම් දෙන්නේ නැද්ද ඕවට? අල්විස්, ඔබ ඉතාලි පොලිසියේද වැඩ කරන්නේ? (නි)
ඒ කාලේ බිව්වම මමත් පිස්සු කෙළිනවා කියලා මගේ යාළුවො කිව්වා. හැබැයි කාටවත් ගැහුවේ නම් නැහැ.එක දවසක් නම් ඇතිවෙන්න මම කෑවා (නි)
ඉතාලි නොවෙයි කුමන පොලිසියක්වත් කෙනෙකුව නිකරුණේ අත්අඩංගුවට ගන්නේ නැහැ. වරදක් කරලා තියෙද්දී පොලිසියටත් ගහන එක හරි කියලද ඔබ කියන්නේ.? එහෙම පණිවිඩයක් ඔබ රටට දෙනවානම් ඔබ ගැලපෙන්නේ ශිෂ්ඨ සමාජයකට නම් නොවෙයි. ඔබේ අදහස ගැන නැවත කල්පනා කරන්න. (ස)
නියම දේශප්‍රේමී කොල්ලෙක්. සුද්දෙකුට නේ ගහල තියෙන්නේ. ඉතාලි පොලිසිය බලාගනී ඒ ගැන. අපි කොහොමත් ජාත්‍යන්තරයට හිස නමන්නේ නැහැ. (ස)
ඇත්තටම මේ සිද්දිය සෞදි අරාබියේ සිදු වුනානම් ලංකාවට එන එක නම් සිහිනයක් පමණයි. (ස)
නුවන් ,සජාන්, සුසිර මේ වගේ සිතුවිලි තියෙන ඔබ ගැන කණගාටුයි.
ඉතාලියේ මෙහෙම වුනේ නැත්නම් තමා පුදුමය . ඒ තරමට අපේ ලාංකිකයන් මේවට ප්‍රසිද්දයි. (ස)