ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලුස්කොනිට අධිකරණය විසින් නියම කැරැණු වසරක සමාජසේවා මෙහෙවර ආරම්භකරමින් බෙරලුස්කොනි පසුගිය දා මිලානෝ නුවර මානසික ආබාධිත රෝගීන් සිටින සක්‍ර ෆාමිලියා දී චෙසානෝ බොස්කොනේ රෝහල වෙත පැමිණයේය.
හිටපු අග්‍රාමාත්‍ය බෙරලුස්කොනි තමාට අයත් රූපවාහිනි නාළිකාවක සිදු වු අයතා මුදල් ගනුදෙනුවකට වරදකරු වී අධිකරණය මගින් වසර තුනක සිරදඩුවමක් හිමිවිය.
ඔහුගේ වයස පිලිබඳව සානුකම්පිතව බැලු ඉතාලි අධිකරණය එම සිරදඬුවම වසරක සමාජ සේවා කටයුත්තකට හැරවිය.
මානසික ආබාධිත රෝගීන් සිටින රෝහලට පැමිණෙන ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍යවරයා එහි සිටින රෝගීන්ගේ ඇප උපස්ථාන පිරිසිදු කිරීමේ කටයුත්තේද නියැලිය යුතුය. ප්‍රථමදින සමාජසේවා කටයුත්තට නියැලීම සදහා මානසික රෝහලට පැමිණි අග්‍රාමාත්‍යවරයාට ලොව නන්දෙසින් පැමිණි මාධ්‍යවේදීන් රැසක් හමුවිය. වැඩේ හොදට ගියා නමුත් වැඩිය කතා කරන්න බැහැ. බෙරලුස්කොනි මාධ්‍යට එසේ පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ නීතිය කාටත් එක සමානයි. ඒකට අපේ රටේ.... ? (ස)
ඉතාලියේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)
අමතක වුණේ එහෙම නැද්ද? (නි)
කුඩු කන්ටේනර් ගෙනා අයට.....? (නි)
මානසික රෝගීන් අලුත් රෝගියා ගැන සතුටුවේවි (නි)
අපේ අයට එහෙම දඩුවම් ලැබෙන්නේ නෑ. ඉතාලියේ එහෙම වුණෘට මේක ලංකාවනේ. (ස)