කල්මුණේ තරුණයන් හය දෙනකු ඉතාලි හා ප්‍රංශයට යවන බව කියා රුපියල් 76 ලක්ෂයක් වංචා කළැයි කියන ව්‍යාපාරික ජෝඩුවක් රාජගිරියේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මුල් දවසේ ගුවන් තොටුපළටම රැගෙන ගොස් ව්‍යාජ හේතුවක් පෙන්වා ආපසු ඔවුන් හරවා යවන මෙම ජෝඩුව ඉන් පසු නොයෙක් බොරු කියමින් ඔවුන් මුලාවේ දමා ඇතැයි ද පොලිසිය කියයි.
දෙදෙනාම නිමි ඇදුම් කර්මාන්තයක් කරන බව ද පිරිමියා දේශීය වෛද්‍යවරයකු බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පස් දෙනෙකුත්.(නදී)
කොච්චර කිව්වත් මෝඩ මිනිස්සු අහුවෙන එකනේ පුදුම (නි)
ලංකාදීප පුවත් තුලින් අසන්නට ලැබෙන සෑම නරක ක්‍රියාවකදී වෙන්නප්පුවේ කෙනෙක්ද කියා විමසන සොයුරු සොයුරියනි ,ඔබලාගේ තර්කය පදනම් විරහිත බව මෙමගින් ඔප්පු වෙනවා නොවේද .එමනිසා අපි ගම නොව කරන ලද වැරදි ක්‍රියාව හෙලා දකිමු .දරිද්‍රතාවයෙන් පෙලෙන අය මෙවැනි කපටින් හට අසුවීමේ සම්භාවිතාව ඉහලයි .මාව රට එවපු ඒජන්ට් එදා මටත් කපටි කමක් කලානම් අද මමත් මේ බෝට්ටුවේම තමයි. (නි)