ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 62 වැනි සංවත්සරය මොන්සා නගරයේදී පසුගියදා සැමැරණි.
මොන්සා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාඛාවේ සභාපති ක්‍රිස්ටිද සොයිසා මහතා ඇතුළු පිරිස උත්සවය සංවිධානය කළේය.
මිලානෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාවේ ප්‍රධාන ලේකම් ඩෙරික් අසොක හෙට්ටිආරච්චි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය. ප්‍රචාරක ලේකම් විපුල මෙන්ඩිස්ද මේ සදහා සභාගි විය.
සග වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය පෙරටු කොට බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලොකයේ ප්‍රථම අගමෑතිනිය බිහි කිරිමට සමත් වු පක්ෂයක් බවත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පක්ෂයත් රටත් ලබා ඇති දියුණුව ගෑන ප්‍රධාන දේශනය පවත්වමින් අශෝක හෙට්ටිආරච්චි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දියුණු නම් මෙහෙ මොනවා අහනවද? (නි)
කබ්රාල්, මයිත්‍රී, විපක්ෂේ අය කොහොමත් මේවා දක්කිදී වැඩි කැමැත්තක් නැහැ. මොකද සන්ධානේ රැස්වීම් වලට ඉදගන්න හරි කට්ටිය ඉන්නවා. නමුත් විපක්ෂයේ රැස්වීමක් පවත්වන්න වත් කට්ටිය නැහැ.(නදී)
ජෝයි ඩයස්-අපොයි ඔව් මේ අය තමයි යුද්දෙට වැඩ කරේ. මේ අය ඉතාලියේ මොන්සා ගමේ සිට තමයි යුද්දය දිනෙව්වේ. (නදී)
මෙතන ඉන්නේ පාතාලයෙකුට සම්බන්ධ කට්ටියක් ඉන්නවා. ඔවුන්ගේ උත්සාහය රජයෙන් මෙම දාමරික මිනීමරුවාට සමාවක් අරන් දෙන්න බව කාටත් දැන් පැහැදිලියි.(නදී)
නිකමට අහන්නේ මොකටද ලෝකේ වටේ ම සමරන්නේ (දී)
සුබ පැතුම්. හලෝ ක්‍රිස්ටි නියමයි. ඔය ගැන ආඩම්බරයි. මගේ සුබ පැතුම් බාරගන්න. මම කොස්ගොඩ නදුන්ගේ මස්සිනා (දී)
මේ වගේ මිනිස්සු ටිකක් හරි ඉන්න නිසා තමයි රටේ පොදු වැඩවලදි මෙන්ම යුද්ධය කාලේදි ඇසට නොපෙනුන විශාල සේවයක් රට වෙනුවෙන් කරගන්න ලැබුනේ... ඒ ඒ අංශවල තතු දන්නෝ දනිති.යුරෝපය පුරා විසිරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාලයට මාගේ ප්‍රණාමය. (නි)
මේ අයගේ පිටුපස තිබෙන ඡායාරූප ටික බලන්න. (නි).
මෙවැනි පාලනයකින් තොර දේවල් වලින් සිදු වන්නේ ලංකාවේ පරණම සිංහල පක්ෂයක් විහිලුවට ලක්වීමයි. (නි)
පුළුවන් නම් කියන්න ඔය ඡායාරූප වල ඉන්න ස්ත්‍රිය කවුද කියලා. මෙය පාඨකයන්ට භාරයි. (නි)
ස්ටේජ් එක විතරක් ෆොටෝ අරගෙන තිබෙන්නේ මෙතන හයදෙනෙක් විතරක් පුටු වල වාඩි වෙලා හිටපු නිසා වෙන්න ඇති. මේ අය මේවට කවුරුත් එනවටත් වැඩි කැමැත්තක් නැහැ (නි)
කෝ සෙනග, මෙයාලා විතරද ඉදලා තියෙන්නේ.(නදී)
ඔය වගේ පස් හය දෙනා ඉන්න ශ්‍රී .ල .නි .ප ශාකා පැරිසියේත් තියෙනවා . පිස්සු ඩබල් මල්ලි (අ)
මෙහි කියවෙන 'මිලානෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාඛාව' කවදද කවුරුද මේ 'මහප්පරානේ' පටන්ගත්තේ? ශ්‍රී ලංකා මැති ඇමති වරුනි මේ නම් ගහ ගැනිල්ල ගැන සොයා බලා යම් ප්‍රමිතියක් පනවන්න. (දී)
මෙහි සභාපති ඔබට අවන්කවම කියන්න පුලුවන්ද ඔබ කොස්ගොඩ නදුන් පාතාලයාගේ කිට්ටුවන්තයෙක් නොවන බව? එසේනම් ධර්මවික්‍රම ෆේස්බුක් එකේ සාක්ෂි ඇති ඔබ ඔහු සමග කුළුපගව සිටින හැටි. ශ්‍රී ල නි ප සාමාජිකයිනි මෙය බලන්න. (දී)
ලංකාවේ දේශපාලනය ගැන නිසි අවබෝධයක් ඇති නිසායි ඔය වගේ දේවල් සංවිධානය කරන්නේ. ඔබලාගේ ප්‍රයත්නයට මගේ සුබ පැතුම්! (නි)
ලන්ඩන් වල ශ්‍රීලනිප ශාඛාව වගේමයි (නි)
මෙම සමිති වලට පක්ෂයේ අනුමැතිය තිබෙනවද? (නි)
නිල්මිනි, මේ වලට සෙනඟ එන්නේ නැ. මේ අය කරන දේකුත් නෑ. කරන එකම දේ තමයි ලංකාවෙන් ඇමති කෙනෙක් හෝ පලා හෝ පාර්ලිමෙන්තු මන්ත්‍රීනෙක් ආවිට පස්සෙන් දුවන එක. නැත්නම් සාමාන්‍ය අයට කෑමකට ආරාධනය කොට බිල බෙදන්න තමයි. (ස)
තිබෙන ඡායාරූප මදිද නිල්මිණි? (නි)
නිල්මිණි, මටත් ඕකම හිතුනා පොටෝ ටික බලද්දී. ඉතාලියේ කුලී කාරයෝවත් නැද්ද දන්නේ නැහැ.(නදී)