ශ්‍රි ලංකාවේ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් මිලානෝ නගරය පුරා කෑලෑ පත්තර ගෑසු අයට විරුද්ධව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යලය ඉතාලි පොලිසියට පෑමිණිලි කළේය.
තානාපති කාර්යාලයේ නිල මුද්‍රා හා එහි නිලධාරින්ගේ අත්සන යොදා ගනිමින් හොරට ලියවිලි පරිවර්තනය කරන්නේ යැයි කියන පුද්ගලයෙකුට විරුද්ධව හා ඔහුට හසු වු යමකු වෙතොත් ඒ පිළිබදව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ උප තානාපතිනි රාණි බුලත්වෙල මහත්මියට පැමිණිලි කරන ලෙසට කැලෑපත්තරයේ සටහන් කොට තිබිණි.
රාණි බුලත්වෙල කියා සිටියේ රාජ්‍ය ලාංඡනය පවා යොදා ගනිමින් කළ මෙම පහත් ක්‍රියාවට එරෙහිව තමන් ඉතාලි පොලිසියට පැමිණිලි කල බවය. ඉතාලියේ රෑදි සිටිමේ බලපත්‍රය අවුරුදු හතරට අඩු ශ්‍රි ලාංකිකයින්ට ලංකාවෙන් නිකුත් කළ රියෑදුරු බලපත්‍රයක් තිබේ නම් එම රියෑදුරු බලපත්‍රය රෝමයේ තානාපති කාර්යාලය මගින් පරිවර්තනය කැර ඉතාලි රියැදුරු බලපත්‍රයක් ලබා ගැනිමට හැකි බවත් මෙම පරිවර්තනය පවා මිලානෝ නගරයේ හොරට සිදු කරන බවට තමාට පැමිණිලි ලැබුණු බවත් ඒ පිලිබදවද සොයා බැලිමට තමා ඉතාලි පොලිසියට දැන්වු බවත් බුලත්වෙල එසෑණට පෑවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඇහැව්වමයි තානාපතිලා මේ වගේ දේවල් (කැලෑ පත්තර) ගැන තමන් ඉන්න රටේ පොලිසියට කියනවා. (නදී)
ඉතාලි ගියත් ජන්ම ගති අත්හරින්න බැහැ. පිහි ඇනුම්, කැලෑ පත්තර, හොරකම් ආදිය දිනපතා අහන්න ලැබෙනවා.(නදී)
ඉතාලියේ ඉන්නවා එක්තරා පක්ෂයකට කඩේ යන මෙහි ඇති තාප්ප, බිත්ති පෝස්ටර් අලවා කැත කරන අමනයෝ රැලක්. ඒ අය හිතන්නේ නෑ ඒ කැත කරන්නේ රටේ නම කියලා.(නදී)
ලුම්බිණි ඔබ මේක ඇහුවේ පලවෙනි පාරට වෙන්න ඇති. එහෙත් තානාපති කාර්යාලය ගෙන ඇත්තේ හොඳ පියවරක්. මෙවැනි වංචා කාරයන් නිතිය හමුවට ගෙන ආයුතුය . මේවා ඉතාලියේ වුනාට වෙන රටවල වෙන දේවල් නෙමේ. ලංකාදීප පුවත් පත කියවන අපට නිතර අසන්නට දකින්නට ලැබෙනවා ඉතාලියේ පාතාලය ගැනත් හොරු වංචා කාරයන් ගැනත්. මේවා තුරන් කර ලංකාවේ කිර්ති නාමය ආරක්ෂා කල යුතුය . මුදලට රට පාවා දෙන සිංහලයන් මෙහි බොහෝ සිටිති.(නදී)
කෙනෙකු මැරීමට එක අදහසක් වුවත් සෑහෙනවා. වහාම පරික්ෂා කර රටට වින කරන පිරිස් අල්ලා දැඩි දඩුවම් පමුනුවන්න.(නදී)
ඉතාලියේ සිටින එක්තරා සිංහල කොටසක් රටේ නම විකුණමින් වංචා කරන බව මමත් අසා තිබෙනවා . ලලිත් මහතා කිවාසේ ඔවුන් මිනිසුන් නොව අමනයන්ය. අද මෙහි ලාංකිකයන් කරන දේවල් නිසා අප ලංකාවේ කියා කීමත් ලැජ්ජය. . එමෙම්ම අපි ඉන්නේ ඉතාලියේ කියා කීමත් ලජ්ජා සහගතය . මේ අමනයන්ගේ වැඩ නිසා. (නදී)
තානාපති සේවය වෙනත් නගරවලට ගෙනියන මුවාවෙන් මුදල් උපයන ක්‍රමයක් හදපු කලින් හිටපු තානාපතිවරයෙකුට පින් සිදුවෙන්න මේවා සුලබ සිදුවීම් වේවි.හොරු රැලක් තමයි මේ සියලු දේට මුල.රානිලත් තව එහෙම කෙනෙක් පමනයී. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලාපොරොත්තු වෙන්න. (ස)
අයියෝ ඉතාලියන් පුවතක් නැතිනම් ලංකාදීප නෙව්ස් වලිනුත් වැඩක් නැහැ. මේවා දැකලා තමයි හිනාවෙලා දවස ගෙවන්නේ.(නදී)
රතුපස්වල මිනී සිංහලෙන් ඉතාලියේත් විකුනපු රතු මල්ලිලට ඕවත් වැඩද.. මල්ලි ඕවත් වැඩද.....?////(නදී)
ඕක තමයි මම කිව්වේ සල්ලි ටිකක් අත ගෑවෙන කොට තමන් කවුද කියලා අමතක වෙනවා. අපේ ගමේ රස්තියාදු ගහපු ගංජා ඔස්තාර් කෙනෙක් ඉතාලි ගිහින් විශ්වාස කරන්න බැරි තරමේ මුදල් සම්භාරයකුත් කන්ටේනර් එකක බඩුත් අරන් ඇවිත් සල්ලි හසුරුවා ගන්න බැරුව පවුලත් අවුල් කරගෙන දැන් ආයෙත් ගංජා ගහ ගහ පාරේ බෝක්කු කාණු උඩ වාඩිවෙලා ඉන්නවා. ඔය වගේ අය තමයි ඕවා කරනවා ඇත්තේ. (ස)
ඉතාලියේ ශ්‍රී ලංකා උපතනාපතිවරු කියක් ඉන්නවාද? අප බොහෝ රටවල ඉන්න උප තාතානාපතිවරු පත්තරවලට ප්‍රකාශ නිකුත් කරන බව දැක නැහැ. හැබැයි ළගදි ඉඳලා මොනවා හරි ලකුණු දාගන්න බලන අය එහාට ඇවිල්ල වගෙයි. පව් ආශාවනේ. ඔය තනතුරු ගන්න කොතරම් මහන්සියක් වෙලා අවුරුදු ගනනක් කඩේ ගිහිල්ල මහන්සිත් ඇතිනේ. (නදී)
ඉස්සර ලාංකිකයෝ ඉතාලි ඇවිත් අවංක රැකියාවක් කර යමක් හම්බ කර ගත්තා ඉතාලි ජාතිකයන් ශ්‍රී ලාංකිකයන් අතර ශ්‍රී ලාංකිකයන් අවංක විනය ගරුක මිත්‍රශීලි ජාතියක් වශයෙන් හොඳ නමක් දිනා ගෙන තිබුනණා. දැන් ඒවා සේරම විනාශ වෙලා තිබෙන්නේ ලංකාවේ ඉන්න හොරු , වංචාකාරයෝ , පාතාලයෝ සහ උන්ට රැකවරණ සපයපු හොර දෙසපලකයෝ ඉතාලියේ සැරිසරන්න පටන්ගත්තට පස්සේ , දැන් ශ්‍රී ලංකාවේ මිනිහෙකුට ඉතාලියේ රැකියාවක් ලබාගන්න හරිම අමාරුයි. (ස)
මමත් මෙම දැන්වීම මිලානෝ ශාන්ත අගෝස්තිනෝ ප්‍රදේශයේදී දැක්කා. මමත් හිතුවේ මෙය තානාපති කාර්යාලයේ දැන්වීමක් කියලයි. මේ නිවැරදි කිරීම කල බුලත්වෙල මහත්මියටත් ලංකාදිපෙටත් ස්තුතියි.(නදී)
ඉස්සර ෆියට් කාර් කිව්වම අපි දන්නේ ඉතාලිය. දැන් ලංකාවෙන් විදේශ ගතවූ හොරු තක්කඩි වංචා කරුවන් පාතාලයන් නුගතුන් ඉන්න රට කිව්වම අපට සිහියට නැගෙන්නේ ඉතාලියමය . කාලයත් සමග එම රට වෙනස් වූ හැටි.(නදී)
ඔක්කොම මේ රටේද? ලාංකික සින්හලයෝනේ, ඉතින් කෝ අර ජාත්‍යාලයෙන් කතා කොරන වීර වගේ අය,මේවට නැද්ද අදහස්.(නදී)
සුබ අනාගතේ...? (නි)