IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉතිහාසයේ බලගතුම සන්ධානය තව සති දෙකකින්

(අංජුල මහික වීරරත්න)

 රට ගොඩනගන ඉතිහාසයේ  බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද කරුණානායක මහතා කීය.

කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන්  ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි ද කරුණානායක මහතා පැවසීය.

නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමි කර ගන්නේ යැයි ද රවී කරුණානායක මහතා කීය.

 



අදහස් (22)

ඉතිහාසයේ බලගතුම සන්ධානය තව සති දෙකකින්

Sonu Sunday, 09 June 2024 04:21 PM

මෝඩ, අනුවණ හැත්ත කොතරම් බලගතුම සන්ධාන හැදුවත් මේ රටේ තවමත් ඇත්තේ ජනතා ඡන්ද බලයයි. ඡන්දයක් තියලා බලන්නකෝ මොකක්ද බලගතුම කියලා බලමු...

:       36       96

සමන්තMonday, 10 June 2024 01:08 AM

ඔව්, බලමු. කව්ද දිනන්නේ කියලත් බලමු. එදාට තමයි ඔය ජේ.වී.පී. එකේ වෛරී දේශපාලනය කරන උන්ට තරු පේන්නේ. ඔව්. ඇත්තටම බලමු.

:       0       0

මංගල Sunday, 09 June 2024 04:33 PM

ඉස්සරවෙලාම එක ලේකම් කෙනෙක් පත්කරගෙන හිටියා නම් හොඳයි. 1994 ඉඳන් දේශපාලන පළිගැනීම් වලට ලක්වෙච්චි එජාපය එපා වෙච්චි පාක්ෂිකයින් බලන් ඉන්නවා රනිල් ආපු ගමන් වෙන කෙනෙකුට කතිරේ ගහන්න. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...

:       19       55

Kalutara MAHA Karu Sunday, 09 June 2024 04:50 PM

සන්ධාන කන්නද? නුඹලා තියාගනිල්ලා...!

:       11       57

Prabha Sunday, 09 June 2024 05:34 PM

කියන කෙනාගේ පැටිකිරියෙන්, හරියට සංධානෙ හැටි හිතාගන්න පුළුවන්...

:       10       59

සිල්වා Sunday, 09 June 2024 05:40 PM

මොනතරම් ලොකුම සන්ධාන හැදුවත් ඡන්ද නම් බලාපොරොත්තු වෙන්න එපා...

:       14       52

රංබොඩ Sunday, 09 June 2024 05:47 PM

ඔව් ඔව් සංධාන හරි, මොකක් හරි අටවගෙන මිනිසුන් රවටලා බලේට ඇවිත් හොරා කාගෙන යන්න හැර බඳිනවා දැන්. මේ කතාව ඕනෑම පක්ෂයක අයට පොදුයි. එකෙක්වත් විශ්වාස නෑ ඡන්දය දාන්නෙත් නෑ.

:       12       40

Buddika Sunday, 09 June 2024 06:13 PM

රෙද්ද තමයි. මොවුන් මොන සංධාන හැදුවත් මිනිස්සු නම් මොවුන්ට ඡන්දෙ දෙන්නේ නෑ. වෙන පක්වෂලින් මිනිස්සු අරන් කරන්න හදන්නේ අපිට මෙන්න ඉන්න පිරිස් කියලා පෙන්වන්න. ඒත් මන්ත්‍රීවරුන් පිල් මාරු කළාට මිනිස්සු ඔවුන් පස්සේ ගිය කාලේ ඉවරයි. මේ රටට හරියන්නේ සජිත් ප්‍රේමදාස. jvp එක කරන්නේ දැන් unp එකට කඩේ යන පිරිසක්... දැක්කනේ විලිලැජ්ජා නැතිව ITN එකට ගියේ රෙදි නැතිව...

:       35       53

Ruwan De Silva Sunday, 09 June 2024 06:18 PM

මහ බැංකුවෙන් කොල්ල කාපු සල්ලි මදිද? තවත් හොරකම් කරනවා ලැජ්ජා නැද්ද? මම නම් ඩොලර් මිලියන 10-20 හොරකම් කරා නම් ඇමරිකාවට ගිහින් ජීවත්වෙනවා. ඔබලාට නම් හේන මදි වඳින්න...

:       3       32

හුසේන්, ගාල්ල Sunday, 09 June 2024 06:18 PM

ඔය බයිලා නවත්තලා වහාම ඡන්දයක් තියන්න කියන්න, ලොක්කාට. එතකොට අපි දන්නවා ඔය හැත්ත බුරුත්තම එළවන හැටි..

:       3       35

Pankumburage Sunday, 09 June 2024 06:21 PM

හොරු එක්ක මොන සංධානද?

:       3       41

Nilantha Sunday, 09 June 2024 08:00 PM

මෙයා කරන්නේ තාම රට හදන එක, ඇත්තටම වෙන්නේ මොවුන් හැදෙන එක..

:       0       0

Sriyal Sunday, 09 June 2024 08:12 PM

ඔවුන් සියල්ලෝම යැපෙන්නන්ය. රට ගොඩනැගීමට ඔවුන් කිසිවක් නොකරයි.

:       0       0

සෙනෙවිරත්න Sunday, 09 June 2024 08:21 PM

සජිත්ගෙ අය බයවෙලා, මොකද සජිත්ගෙන් පලුවක් ගලවා ගන්නවා මේ අය මොකද බැඳුම්කර සල්ලි ති⁣යෙනවා... ඒවා විසිකරලා මුදල් වලට කෑදර සජිත්ගෙ අය බාගන්නවා.. එහෙම නැතත් සජිත් එක්ක ලැජ්ජාවක් නැතිව එක මග යන්න බැරි අයත් මෙයාලාට එකතුවෙයි. සජිත් නෑවේ වාදෙන් පැනලා ගිය දවසේ... මම තමයි දන්නේ මාත් එක්ක හරිහරියට වැඩ කරන්න කාටවත් බැරිය කියලා.. මෙන්න කමිටු ඉස්සරහට දානව වාදෙට බයේ... කවුරු මොනසෙල්ලම් දැම්මත් මාලිමාව දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙන එක නතර කරන්න බැහැ.

:       0       0

Nimal 1 Sunday, 09 June 2024 08:29 PM

රටේ බැංකු සහ ධනය තවත් කොල්ලකන්නද? නැවතත් ඔබලාව මේ රටට අවශ්‍යම නැහැ.

:       0       0

රංගේ Sunday, 09 June 2024 10:49 PM

මෙයා හීනෙන් බයවෙලාද කොහෙද දොඩවනවා...? තවම ජීවත් වෙන්නේ 2022 ට කලින්ද?

:       0       0

ගමේ එකාලා Sunday, 09 June 2024 11:24 PM

ඉතිහාසයේ බලගතුම දූෂිත සන්දානය තමා හදන්ඩ වෙන්නේ? .මීට කලින් බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත කාලකන්නි දේසපාලුවෝ කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි .

:       0       0

ගමේ එකාලා Monday, 10 June 2024 02:27 AM

ඔය කියන කෙහෙල් මල් සන්ධානය හදන්න මෙච්චර කල් බලාගෙන හිටියේ ඇයි? මහ බැන්කු බැඳුම්කර හොරුන්ගේ සන්දානය නම් මරු? කිසිම ජනවරමක් නැති ආසනයෙනුත් පැරදුණු එකා හදන සන්ධානේ ගැන කවර කතාද?

:       0       0

Chandima Monday, 10 June 2024 03:36 AM

කොහොමටත් කාක්කෝ අනතුරකදී එකට එකතු වෙනවා.මොනතරම් එකතු උනත් නායකයා අර පරණ පප්පම තමා නේද ?

:       0       0

බණ්ඩා Monday, 10 June 2024 07:33 AM

මේ ජේ.වී.පී. මිනීමරු සෙට් එකට තරු පෙනෙයි, ඡන්ද ප්‍රතිඵල ආව දවසට. එතකම් අපි මේ බලා ඉන්නේ...!

:       0       0

වීර Monday, 10 June 2024 12:34 PM

අම්මෝ ඇමෙරිකාවට බය වෙලා... අනේ ඔය සංවිධානෙ අටවගෙන හිරේ පලයං... කොරපු ජාතික අපරාද වලට..

:       0       2

anton Monday, 10 June 2024 01:02 PM

මේ සඳහා පොස්ට් කළ ප්‍රතිචරවත් බලන්න. ආර්ථික විෂයය සම්බන්ධයෙන් හ්පංද මොලයක්, නමුත් දේශපාලන වශයෙන් ගොඩ නාග ගත ප්‍රතිරූපය රින. ඡන්දයක් දිනන්න හොඳ නම් මෙතුමාව මාධ්‍යයෙන් ඈත්කරලා තබන්න නෙත්නම් තියෙන ඡන්දත් අඩු වෙයි. මමත් යූන්පී කාරයෙක්. ලංකාවේ මිනිසුන් දේශපාලනික වශයෙන් බුද්ධිමත් නොමැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3602 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2242 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site