IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉන්දු ලංකා පාලමේ කතා ඔක්තෝබරයේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් පාලමකින් යා කිරීමේ  ඩොලර් බිලියන 5.19ක් (රුපියල් බිලියන 736.65) වැය වන ව්‍යාපෘතිය පිළිබඳ නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් බව  ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරී ප්‍රකාශ කොට ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කර සිටියි.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි අතර කිලෝමීටර් 22ක් දිගැති ගොඩබිම් පාලම ඉදිකිරීම පිළිබඳ මෙම  ව්‍යාපෘතිය ගැන දෙරටේ විදේශ ලේකම් මට්ටමේ සාකච්ඡා මුලින් ආරම්භ කරන බව ඉන්දීය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාරි මහතා ප්‍රකාශ කොට ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මුහුදු පාලමකින් සහ මුහුද යටින් ඉදිකෙරෙන උමං මාර්ගයකින් සමන්විත ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයීමට ආසියා සංවර්ධන බැංකුව දැනටමත් ඉදිරිපත් වී ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් පසුගිය දා ඉන්දියාවේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ අතර, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය ඇතුළත් සාක් කලාපය ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ගැනීම තම අදහස බව ඔහු කීවේය.

ඉදිරියේදී සාක් කලාප සම්බන්ධතා මාර්ගය මියන්මාරය සහ තායිලන්තය දක්වා ද දීර්ඝ කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා. එමෙන්ම එම මාර්ගය ඔස්සේ නිදහස් වාහන ගමනාගමනය සඳහා අනෙකුත් රටවල් සමඟ දැනටමත් ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව ද එක්වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

 

 



අදහස් (0)

ඉන්දු ලංකා පාලමේ කතා ඔක්තෝබරයේ

ලාල් Tuesday, 22 September 2015 09:28 AM

මේක නිෂ්ඵල ආයෝජනයක්. ඊට වැඩිය හොඳයි කලින් තිබුනා වගේ නැව් සේවාවක් දැම්මානම්. (බ)

:       0       0

මෙන්ඩිස් Tuesday, 22 September 2015 09:41 AM

ඉන්දියාවේ බුද්ධි අංශ සහ චින්තකයින් එම රජයට උපදෙස් දෙනු ලබන්නේ ඉක්මනින් ශ්‍රී ලංකාව එම රටට සම්බන්ද කිරීමට පාලමක් සකස් කරන ලෙසයි. ඔවුන් දකින්නේ මෙම අවස්තාව රත්තරන් මොහොතක් බවයි. මේ මොහොතේ චීනය ලංකාවත් සමග දුර්වල අධියරකින් සිටින බැවින් ඔවුන් කඩිමුඩියේ වැඩේට සුදානම්. මේ සඳහා ඔවුන් ලංකාවෙන් අවසර නැතිව ආසියානු බැංකුවෙන් ණය ගැනීමට සියලුම විදි විධාන සකසා තිබේ. මෙය අපගේ ඉතිහාසයේම නොසිදු දෙයක්. අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක්වීම වැළක්විය නොහැක. (අ)

:       0       0

බින්ධු Tuesday, 22 September 2015 09:45 AM

නැව්වලින් ගියත් සිංහලයින්ට තමිල්නාඩුවේ පිළිගැනීමක් නැත. මෙම පාලම නිසා දැනට ශ්‍රීලන්කන් ගුවන්සේවයේ සතියකට 50 කට අදික ඉන්දියාව සම්බන්ධ වෙන ගුවන් සේවාවට බොහෝ පාඩු වෙන බව ඒකාන්තය. (හේ)

:       0       0

ප්‍රසන්න Tuesday, 22 September 2015 10:16 AM

අනේ දෙවියනේ ඔය පාලම හදන්න ඉඩ දෙන්න එපා ,මෙහෙ ඉන්න ඉන්දියන් අය ලංකාව ගැන හිතන් ඉන්න විදිය එයාලගේ කථා වලින් තේරෙනවා ,තව ලංකාවේ හිටපු කොටි ත්‍රස්තවාදී බහරෛන් වල ඉන්නවා එයාල පරාජය පිළිගන්නෑ (බ)

:       0       0

වෙදගේ Tuesday, 22 September 2015 11:14 AM

කලින් මුහුදෙන් පිහිනල ඇවිත් කරන කරදරය වගේ නොවේ පාලමක් දැම්මොත් ඔක්කොම ඇවිල්ල මේරට විනාශ කරාවි ලිපිකරු පත්වීම් 200 ට මිලියන දෙකයි දසමදෙකක් අයදුම් පත් ආවලු (අ)

:       0       0

අමිල Tuesday, 22 September 2015 11:25 AM

ඕක දැම්මහම ඉන්දියන්කාරයන්ට ඇර වෙන රටවලට කිසිම සෙතක් වෙන්නේ නැහැ (නි)

:       0       0

දිනේෂා Tuesday, 22 September 2015 11:28 AM

ප්‍රසන්න කියපු දේ හරි. මමත් වැඩ කරන්නේ බහරේන් වල (නි)

:       0       0

මහානාම - කඳාන Tuesday, 22 September 2015 12:08 PM

මෙය ශ්‍රී ලංකාව අනාගතය , ආර්ථිකය , ආරක්ෂාව පිලිබද ප්‍රස්නයක් . (හේ)

:       0       0

නාමල් Tuesday, 22 September 2015 12:54 PM

තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ 4 වෙනි ධනවත්ම ප්‍රාන්තය... චෙන්නායි, බැන්ගලෝර්, ත්‍රිචී, කොචින් වැනි දකුනු ඉන්දීය නගරවල ලෝකේ බහුජාතික සමාගම් සියල්ලකම වාගේ ශාඛා තියෙනවා.. සීපා ගිවිසුම අත්සන් කරලා මේ පාලම දැම්මට පස්සේ විශේසයෙන්ම උතුරේ තරුණයින්ට දකුණු ඉන්දියාවේ රැකියා අවස්ථා හිමිවේවි.(හේ)

:       0       0

සිල්වා බර්ලින් Tuesday, 22 September 2015 01:15 PM

කරුණාකාර මෙම පාලම හැදීම සීපා ගිවිසුම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි කාරණා කිහිපයක් එකතුකොට ජනමත විචාරණයක් පැවතිය යුතුය (බ)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 22 September 2015 03:07 PM

මීට වඩා කරන්න වෙන ඵලදායී දෙයක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 280 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 194 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1100 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 961 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 191 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1219 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site