ඉන්දුනීසියාවේ ආපන ශාලාවක පාරිභෝගිකයන් සඳහා වැසිකිළි බඳුන්වල ආහාර පිළිගැන්වීමේ අලුත් තේමාවක් හඳුන්වා දී ඇත.
සෙමරන්ග් හි ජම්බාන් ආපන ශාලාවේ එසේ සිය පාරිභෝගිකයන් සඳහා කුඩා වැසිකිළි බඳුන්වල හොදි, සුප්, කොක්ටේල් ආදිය දමා ඒවා මේස මත තබා උණුසුම් ලෙස පිළිගැන්වේ. ආහාර ගැනීම සඳහා අමුත්තන්ට මේස වටා වාඩිවීමට තබා ඇත්තේ ද වැසිකිළි පෝච්චිය. සිත්ගන්නාසුලු පුටු ආකාරයට ඒවා සකසා ඇත.
එම ආපන ශාලාව විශාල මුදලක් ගෙවා කලින් වෙන් කරගත් සුළු පිරිසක් පමණක් සඳහා වෙන්කර ඇතැයි ද කියති.
ආපන ශාලාවේ හිමිකරු බුඩි ලක්සෝනෝ උත්සාහ කරනුයේ සනීපාරක්ෂාව හා වැසිකිළි පාවිච්චි කිරීමේ වටිනාකම කියා දීමට බව පවසා ඇත. ඉන්දුනීසියාවේ වැසියන් ඉහළ දරිද්‍රතාවයකින් පෙළෙන අතර බොහෝ පිරිසක් එළිමහනේ මළ පහ කිරීමට පුරුදුව සිටිති.
ඉස්ලාම් ආගමික නායකයන් පවසන්නේ එම ආපන ශාලාව නුසුදුසු හා ඉස්ලාම් නීතියට පටහැනි එකක් බවයි. එහි ඇති ආහාර පාන ඉතා පිරිසිදු තත්ත්වයේ ඒවා බව ආපන ශාලා හිමිකරු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට මොනවා වෙලාද ? (බ)
අපේ රටේ හෝටල් බොහොමයක ආහාර සකසන්නේ වැසිකිළිය අසළ බව රහසක් නොවේ. (නි)
හොඳ අලුත් අත්හදා බැලීමක් (නි)
අනේ! අසරණ සතුන්ව පණපිටින් පුච්චන අයට වැසිකිළි පෝච්චියේ කෑම නොවෙයි අසුචි වුණත් කයි (නි)
ඉස්සර මිනිසුන් කුඹුරු වැඩ කරනකොට බත්, හොදි මාළු උයාගෙන කුඹුරට ගෙනියනවා. ඉතින් ඒ ගොවියෝ නියරට හරි කමතට හරි ඇවිත් කනවා. එකට කියන්නේ ඇඹුල කියලා. දවසක් ඒ ගෙදරට අලුතෙන් පිස්පොච්චියක් ගෙනවිත්. පරිප්පු දාලා යවන්න එකක් නැතුව, අනේ මේක අලුත් එකක්නේ කියලා හොඳට සෝදලා එ්කට දාලා යැව්වලු. කවුරුත් අනිත් ජාති මිසක් පරිප්පු නම් කෑවේ නැතිලු. (නි)
මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ. මෙහි තිබෙන්නේ අලුත් දෙයක්. මෙහි කෑම පිරිසිදු බැවින් පාරිභෝගිකයන් යනවා. ලංකාවේ කොළඹ සහ ජනාකීර්ණ නගරවල හෝටල් වල කෑම සාදන්නෙත් බොන්න දෙන්නෙත් වැසිකිළි මිශ්‍ර වතුර බව පසුගිය දිනක මම දැක්කා (නි)
මට නම් හරිම අප්‍රසන්නයි (නි)
බඩගින්නේ මැරුනත් මම නම් මේකෙන් බෙදාගෙන කන්නේ නැහැ (නි)
අසුචි අසුබ ලකුණක් නොවේ මේවා කාල පුරුදු වෙලා ඉන්න එක කෝකටත් හොඳයි (ම)
අනුර, පාර්සල් කරලද නැත්නම් ටින් වල දාලද එවන්න ඕනෑ? (නි)