ඉන්දියාවේ ආරක්ෂක උපදේශක ශිව ශංකර් මිනන් ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා අද දහවල් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියහ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව එම පිරිස හෙලිකොප්ටරයකින් කොළඹ බලා පිටත් වූහ.
ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඇතුළු මෙරට ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධගයාවට ආරක්ෂාව සපයාගන්න බැරි මෙයා මෙහෙට එන්නේ අල තම්බන්නද?මෙයාව එක්ක එන්න බ්රේක් නැති වාහනයක් යවන්න. (අ)
ගරු ජනාධිපති තුමනි, ජෙ ආර් එයාලගේ ලනු කෑවා වගේ ඔබතුමා නම් ඔය උගුල් වලට අහු වෙන්න එපා.(නදී)
ඒ අහවල් එකකටද?.(නදී)
මොනවට එනවද මන්දා ?ටොයිලට් යන්න එන්න ඇති මගේ හිතේ. එහෙ පහසුකම් අඩුයිනේ.(නදී)
කොටි හෙවනැලි වලට ලංකාවේ ඉඩක් නැති නිසා දැන් ඉන්දියාවේ ඉදන් වැඩ පටන් ගන්න හදනවද දන්නේ නැහැ.(නදී)
නරකද ෆොන්සේකා මහත්තයත් හම්බවෙලාම ගියානම්. ඉන්දියාවෙ ඉන්න ත්‍රස්තවාදියෝ ටික විනාශ කරන හැටිවත් ඉගෙනගෙන බුද්ධගයාව වත් රැකගන්න බැරි වුන එකේ අපේ එස්.ටී.එප් එකක් වත් ඉල්ලගත්තනම් හොදයි මයෙ හිතේ.(නදී)
අපිට රට කරන්න වෙලා තියෙන්නේ ඉන්දියාව කියන විදියට වගේ දැන් (දී)
ඉන්දියාවේ කොටි පුහුණු කිරීමට ඉඩ දුන්නු මේ ගොල්ලන්ගෙන් අපි මොන උපදෙස් ගන්නද? මේ ගොල්ලන්ව ජෙනරල් ෆොන්සේකාගෙන් උපදෙස් ගැනීම සඳහා යවන්න. (දී)
මොහු ලංකාවට එන්නේ බුද්ධගයාවේ බෝම්බ පිපිරීම සම්බන්ධව කතා කිරීමට නොවේ යැයි හැගේ. ඉන්දියාවට ලංකාවට ඇඟිලි ගැසීමට ඇති අයිතිය කුමක්ද? (දී)
මෙයාල අපිට විරුද්දව ඡන්දෙත් දීල ... එනවනේ ලජ්ජා නැතිව , උපදෙස් දෙන්න. ජනාධිපති තුමෝ , මෙයාලව හරවල යවන්න. අපේ රටේ ප්‍රශ්ණ අපිම විසදා ගන්නම් කියන්න ..? යුද්ධයක් පරජාජ කරලා රටේ ජයග්ග්‍රහණය ලැබූ ඔබ තුමාට කාගෙවත් උවැටන් ඕනෑම ..නැහැ.? විශේෂයෙන් ඉන්දියාවේ ...? (අ)
තමන්ගේ රටේ බෝම්බ පිපිරෙනකොට අනුන්ගේ රටවලට යනවා උපදෙස් දෙන්න. ඕක තම මෝඩයන්ගේ හැටි. තමන්ගේ රට රැකගන්න බැරුව දැන් අමරුවේ වැටිලා ඉන්නේ. පන්නන්න ඕනේ ඉදලෙන් ගහලා.(නදී)
මෙයාල එන්නේ නම් හොදකට නෙවෙයි ඉන්දියාව අපට ඉන්න කුහක යාලුවෙක් (අ)
එයට කියන්න මෙහෙ එන්න කලින් තමන්ගේ රටේ එන්න ජනතාවගේ ආරක්ෂාව සලසන්න කියල අපේ රටේ ආරක්ෂාව හා පාලන අපිට කර ගන්න පුළුවන් කියන්න. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වෙන මිනිස්සු කොහොමද අනෙක් රටවලට අවවාද හා උපදෙස් දෙන්නේ ඕව හොදය ඉන්දියාවේ එන්න මෝඩයන්න්ට (අ)
මට පෙනෙන්නේ නම් ලංකාවෙන් උපදෙස් අරන් යන්න වගේ එන්නේ. (නි)
ඉන්දීය ආරක්ෂක උපදේශක එයාලා දීපු 13 වැනි ව්‍යවස්ථාවට ආරක්ෂාව දෙන්න ලංකාවට ඇවිත්.(නදී)
දිල්ෂාන් හරිම මෝඩයෙක් වගේනේ අදහස් ලියන්නේ (නි)
යුද්දෙ දිනාගෙන උතුරට පලාත් පාලන බලය දුන්නොත් අයෙමත් යුද්ධයක් තමයි. ඒ යුද්දේ ආයුද වලින් නමි ඉවරකරන්න බැහැ. දෙමළ ජනතාවට එහෙම ප්‍රශ්නයක් තියෙනව නමි, මුස්ලිමි, සිංහල, අපටත් එහෙම ප්‍රශ්නයක් තියෙන්න එපායැ. ඉංදියාව අපි ගැන කතාකරන්නේ නැහැනේ.(නදී)
කෝ ජාතික වීරයෝ ටික! නිකම් බොරුවට ජනතාව රවට්ටන්නේ නැතිව තියන වරදාන ටික භුක්ක්ති විඳගෙන හිටියනම් මෙලොවට හොඳයි !! (අ)
අනේ එතුමා ඉන්දියාවේ හිටියත් නැහැ වගේනේ. නැත්නම් බුද්ධගයාවට ඔහොම දෙයක් කරන්න පුලුවන්ද ?? (නි)
හා හා ලොකුවට කෑගැහුවට ත්‍රස්තවාදයට හරියටම බෙහෙත් දෙන හැටි දැනගන්න ලොකු අයියටත් මෙහෙ එන්න වෙලා වගේ. (ප.ලි. විදේශ කටයුතු ඇමති ආරක්ෂක ප්‍රධානීන් ගොන්න ට ඇතුලත් වන්නේ කෙසේද?)(නදී)
ඉන්දියාව යනු දකුණු ආසියාවේ ඇමෙරිකාවට පක්ෂපාති එකම බලවේගයයි. මේ ගමන අපිට සුබදායක නොවුනත් අප රටක් වශයෙන් කෙලින් සිටිය යුතුය. (දී)
බුද්ධගයාවේ මහ බෝධි විහාරයට ආරක්ෂාවක්වත් දීගන්න බැහැනේ ඔයාලට? (දී)
බුද්ධගයා මහාබෝධි විහාරයට ආරක්ෂාව සපයන ආකාරය ගැන ඉගෙන ගන්නද දන්නෙ නැහැ ලංකාවට එන්නේ (දී)
බොදු බල සේනාව හමුවේවි ද දන්නෙ නැහැනේ ... (දී)
මෙහෙ ආරක්ෂාව හා සාමය ගැන බලන්න කලින් ඒ ගොල්ලන්ගේ රටේ අරක්ෂාව ගැන හිතුවා නම් වැදගත් වෙයි නේද? [ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ].(නදී)
මෙතුමලගෙන් උපදෙස් ගන්නේ බුද්දගයාවට ගහපු එක ගැනද?(නදී)
මේගොල්ලන්ගෙන් උපදෙස් ගන්නෙ ඇයි? අපි දෙමු ඒගොල්ලන්ට උපදෙස් (දී)
ඇයි මේ මෙයාලා මෙහේ එන්නේ? (දී)
මෙයාලට තේරුම් කරන්න ඕනෑ ආවහම ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ කොලනියක් නෙමේ කියලා. (නි)
ජයලලිතා එන්නෙ නැද්ද? උපදෙස් ටිකක් ගන්න තිබුන ආවානම්.(නදී)
මොනවා වුනත් , මොනවා කතාකලත් , අපේ රටේ නිදහසට කිසිම විදියකින් හානියක් වෙන දේවල් ක්‍රියාත්මක කරවන්න හැදුවොත් , කවුරු හෝ එඩිතර නායකයෙක් යටතේ ඕනෑම කැපවීමක් කරන්න සුදානම් (දී)
මොකටද මෙහාට එන්නේ? එනපොට හොඳ නැහැ. (දී)
13 ට විරුද්ද නිසා බෝම්බ 6-7 දාල මේ එන්නේ අපිට අවවාදයක්වත් දීල යන්නද කවුද දන්නේ නේද ? (අ)
අපි දැන් මෙයාලගේ ප්‍රන්තයක්වත් වෙලාද? හැමදාම මෙහෙනෙ. (දී)
ගිය සැරේ කොටින්ව පුහුණු කලා වගේ මේ සැරේ මුජහිදීන් පුහුණු කරන්නද ප්ලෑන් එක.(නදී)
මට පුදුමේ ඇමරිකන් විරෝදියෝ ටික ඉන්දියාවට බයද....කියල බලු කෙදිරියක්වත් නැහැනේ.(නදී)
මම අපේක්ෂා කල දෙය හරි එහෙමනම්. ලංකාවත් ඉන්දියාවත් එකතුවෙලා වැඩ කලොත් ප්‍රශ්නයට හොඳ විසඳුමක් ගත හැකියි. (නදී)