අයි. පී. එල්. තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධාන විධායක නිලධාරී ගුරුනාත් මෙයියප්පන් මහතා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම නිසා වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් ගුරුනාත් මෙයියප්පන් මහතාට තහනමක් පනවා තිබේ.
අයි. පී. එල්. තරගාවලියේ සංවිධායකයන් වන ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තහනමට ලක්කරන ලද මෙයියප්පන් මහතා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේම සභාපතිවරයා වන එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය.
ඒ අනුව අද (26 වැනිදා) රාති‍්‍රයේදී මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියේ අවසන් තරයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල සමග සිටීමට මෙයියප්පන් මහතාට අවස්ථාව නොලැබෙනු ඇත.
”ගුරුනාත් මෙයියප්පන් මහතා මුම්බායි පොලිසිය විසින් රඳවාගනු ලැබීම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පරිපාලන නිලධාරියෙක්”
”කණ්ඩායමේ බලය ලත් නිලධාරියෙක් හැටියට ඔහු කණ්ඩායම සම්බන්ධයෙන් කළ යුතු දේ තිබෙනවා. ඒත් අයි. පී. එල්. මෙහෙයුම් නීති රීති වගේම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්ධන නීති රීති සහ ඉදිරියේදී ඔහු මුහුණ දිය යුතු පරීක්‍ෂණ පිළිබඳවත් සිතා බලමින් අදාළ පරීක්‍ෂණ අවසන් වන තුරු කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සම්බන්ධයෙනුත් කිසිදු කාර්යයකට සහභාගි විය නොහැකි ආකාරයේ තහනමක් ඔහුට පැනවීමට තීන්දු කර තිබෙනවා” යයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග්දේල් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර තිබිණ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් ලොක්කාගේ බෑණාට තහනමක්