ආඥාදායකත්වය අභිබවා ප්‍රජාතන්ත්‍රවාදය කවර මොහොතක හෝ ස්ථිරවම ජය ගන්නා බව ඉන්දියාවේ ඓතිහාසික බල පෙරළියෙන් පෙනෙන බව එක්සත් ජාතික පක්ෂය, ඉන්දියාවේ නායකත්වයට පත් නරේන්ද්‍ර මෝඩිට සුබ පතමින් එජාපය පවසයි.
ස්වාධීන මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, අධිකරණය, මාධ්‍යය යන සියලු ප්‍රජාතන්ත්‍රික යාන්ත්‍රන ඉන්දියා මැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලය පෙන්වීමේ ප්‍රබල හේතුවක් වූ බව සුපැහැදිලියැයි ද එජාපය කියයි.
ඉන්දියාවේ ජයග්‍රහණය පෝක් සමුද්‍ර සන්ධියෙන් පිටත පිහිටි රටවලට ද විශේෂයෙන් ශ්‍රී ලංකාවට ද අදාළ බව එජාපය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය ගන්නකම් හැමදෙනාම ඔහොම තමයි ඉතින්. (නි)
පළමුව කලේ භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් අද්වානි අස්වෙලා මෝඩි ගේ නායකත්වය යටතේ ඡන්දයටඉදිරිපත් වීම. ඒ ලංකාවේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ (දිල්)
සුනිල් රියාද්, 77-94 කාලේ යුද්ද දෙකක් රටේ තියෙද්දී ජනතාවට මේ තරම් බරක් නැතුව මහවැලිය,ගම් උදා ව්‍යාපාර , නිදහස් වෙළද කලාප, ඇගලුම් කම්හල්, නොමිලේ පාසල් පොත් සහ ඇදුම්,ජන සවිය වගේ දේවල් කලේ ඔයාගේ බාප්පද? (දී)
තිලක්, ඔබ හරි. මේගොල්ලෝ හරියට කියන්නේ ඔය කියන යාන්ත්‍රණ තිබුනානම් දිනනවා වගේ. අනිත් එක යූ.එන්.පී. කාලේ චන්දෙ කරපු හැටි අපි දන්නවනේ!!! (දී)
මොන යාන්ත්‍රණය තිබුනත් බහුතර කැමැත්ත කියන යාන්ත්‍රණය නැත්නම් කට්ටිය හැමදාමත් ඔතන තමයි.පැහැදිලිව මේ රටේ එහෙම යාන්ත්‍රණයක් නැහැ කියලා පෙනී පෙනී අනෙක් යාන්ත්‍රණ ගැන කතා කරනවා. (නි)
බලමු දැන් පාඩම් ඉගෙනගනියිද කියලා (නි)
ආඥාදායකත්වය අභිබවා ප්‍රජාතන්ත්‍රවාදය කවර මොහොතක හෝ ස්ථිරවම ජය ගන්නා බව වඩාත්ම සිහි කල යුතු වන්නේ ඕක කියපු එජාප නායකයාම තමයි මට පෙනෙන විදිහට (ස)
මම අහන්නේ අැයි ලංකාවේ මැතිවරණ කොමිෂම, පොලිස් කොමිසම, ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන්නේ.... ... (ස)
ප්‍රකාශය සියයට සියයක් ඇත්ත.නමුත් මෙවැනි ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂය කළ එකට මම කැමති නැහැ (නි)
ලංකාව පාඩමක් ඉගෙනගන්නවා නම් දැන් කාලය හොඳටම ඇති (නි)
ඉන්දියාවේ ආඥාදායක පාලනයක් තිබුනේ නැහැ. කලට වෙලාවට ඡන්ද තියෙනවා. මම දන්න විදියට අඩු ගණනේ විධායක ජනපති ක්‍රමයක්වක් නැහැ (නි)
ඇත්තටම දැන් මේ කියලා තියෙන දේ වලංගු වෙන්නේ කාටද? (නි)
අපිට නම් කවුරුත් එකයි (නි)
සමහරු දන්නේ නැතුව ඇති ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියලා. ආසියාවේ ආශ්චර්යවත් එකම රට ලංකාව! (නි)
අනේ අපේ අය ඉගෙනගන්න පාඩම්.... (නි)
පාඩම් නම් ඉතින් අපි කොතෙක් ඉගෙනගන්න ඇද්ද? (නි)
ඡන්ද දිනන්න සාමාන්‍ය මිනිසුන්ගේ වැඩි කැමැත්ත වටහාගන්න ඕනෑ. නැතුව කොමිෂන්, ජිල්මාට් ගැන කතා කළාට වැඩක් නැහැ. (නි)
තම පක්ෂයට සාධාරණය මුලින්ම කල යුතුයි.(නදී)
නැවත ආසන මට්ටමේ පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාදුන්නොත් ඔබතුමා කියන සියලු යාන්ත්‍රණයන් අපට ලැබේවි. (නි)
මම නම් කියන්නේ මොන කොමිෂන් සමඟ තිබ්බත් ප්‍රතිපලයේ වෙනසක් වෙන්නේ නැහැ. (නි)
අනේ අපි නොදන්නවායැ කාගෙ කාගෙත් කෙරුවාවල් ගැන? (නි)
ඕනෑම රටකට අවශ්‍ය වන්නේ අවංක පාලනයකි. (නි)
බලය නැතිකොට ඔහොම කිවුවට ඔබතුමාලා වඩා වෙනස් යමක් කළාද? (නි)
නරකද ඔය කියන කරන ටික පක්ෂය තුළින්ම ආදර්ශයක් විදියට රටට පෙන්නුවොත්? (නි)
කට්ටියක් හීන දැක, දැක යනවා.එහෙත් එහෙ එහෙම වුණත් මෙහෙ එහෙම වෙන්නේ නැහැ. කවුරු මොනව කිවුවත් හුඟක් දෙනෙකුට 77 - 94 සහ 2001 - 2002 කාලය අමතක නැහැ. සංසන්දනාත්මක වෙනස තේරෙනවා. (නි)
හොඳ අදහසක්. ස්වාධීන ආයතන වගේම ,දක්ෂ මිනිසුන්ට තැන දුන්නොත් දිනන එක අමාරු නැහැ. පළමුව එකමුතුව. දෙවනුව සුදුස්සාට සුදුසු තැන. තරුණියන්ටත් තැන දිය යුතුමයි. (නි)