යාපනයේ මාදගල් ශ්‍රී ලංකා මුහුදු සීමාවට හොරෙන් ආ ඉන්දියා ධීවරයන් 19 දෙනකු හා ධීවර යාත්‍රා පහක් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කයිට්ස් පොලිසියට භාර දී ඇත.
ධීවරයෝ කයිට්ස් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
යාපනයේ මාදගල් ශ්‍රී ලංකා මුහුදු සීමාවට හොරෙන් ආ ඉන්දියා ධීවරයන් 19 දෙනකු හා ධීවර යාත්‍රා පහක් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කයිට්ස් පොලිසියට භාර දී ඇත.
ධීවරයෝ කයිට්ස් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ලේසියෙන් බේරෙන නිසා එන්න ඇති. නීතිය තදින් ක්‍රියාත්මක කරන්න (නි)
එක ධීවරයට රුපියල් ලක්ෂය බැගින් සහ ධිවර යාත්‍රාවට රුපියල් ලක්ෂ 10 බැගින් දඩ ගැහුවා නම් මේ ප්‍රශ්නය නිකම්ම විසදේවි (නි)
මේකට නම් මොනවාම හරි කරන්න ඕනෑ (නි)
ද සිල්වා,ඔබේ අදහස නම් මරේ මරු (නි)
දේශසීමා උල්ලංගනය කරන ධීවර බෝට්ටු රාජසන්තක කරන්න. (නි)
දෙන්න උපරිම දඩුවම්. ලලිතා අක්කට දැනෙන්න.(නදී)
අන්න නියමයි ද සිල්වා බෙර්ලින්, තව මුදල් වැඩි කළත් කමක් නැහැ. මොන බලපෑම ආවත් සල්ලි ගෙව්වේ නැත්නම් නිදහස නැහැ. හරියට රිසානාට මොන බලපෑම් ආවත් නිදහස දුන්නේ නැහැ වාගේ (නි)
ලොකු අයියා නොඑයි කියල ඉක්මණට නිදහස් කරයි (අ)
වරක් අපෙ ජනාධිතිතුමා කීවා වගෙ මෙය ධීවරයෝ මුහුදු සීමාව ගැන බලනවාට වඩා මාළුවා පස්සෙ පන්නන කට්ටියක්ද දන්නෙ නැහැ. එහෙම නැති නම් උවමනාවෙන්ම ජයලලිතගෙ චන්ඩි පාට් දානවා. (ස)
උතුරු මුහුද ආරක්ෂා කර ගන්න ඒ ප්‍රදේශයේ ඉන්න දෙමළ ධීවරයන්ගේ උදව් ඕනේ . නමුත් ඒ අය ඉන්දියන් ධීවරයන් ගැන කිසිම කතාවක් නෑ වගේ ම දකුණේ ධීවරයන් උතුරු මුහුදේ රස්සාව කරන එකට විරුද්ධ වෙනවා. මේ සිංහල පත්තරේ අදහස් දාන දෙමළ උදවියත් මේ ප්‍රශ්නෙදි නිහඞයි . එකෙන් පෙන්නේ මේ රට හා රටේ සම්පත් රක ගැනීම සිංහලයාට අයිති දෙයක් හැටියට සලකන බවයි. (ස)
මේවට අලුතින් තර්ක විතර්ක කරකර ඉන්න අවශ්‍ය නැහැ.ජාත්‍යන්තර නීති තිබෙනවා. ආණ්ඩුවට කරන්න තිබෙන්නේ දඩමුදල ටිකක් වැඩි කරන්න. ඊට පස්සේ පොලිසියට කරන්න තිබෙන්නේ නීති කඩන අයව අධිකරණයට ඉදිරිපත් කරන්න.අධිකරණයට තිබෙන්නේ නඩු අසා වැරදිනම් දඩුවම් දෙන්න. ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික බලපෑම් ආවොත් කියන්න තිබෙන්නේ අධිකරණයේ කටයුතු වලට බලපෑම් කරන්න විදේශ කටයුතු අමාත්‍යංශයට නොහැකි බව දන්වන්නයි. දඩ ගෙවන්න වෙනකොට ධීවරයෝ මෙහෙ එන එකක් නැහැ (නි)
අපේ ධීවරයන්ට සළකන විදියටම ඔවුන්ටත් සළකන්න ඕනෑ (නි)