IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉන්දීය රූමතියෝ බෙන්තොට වැල්ලේදී

දිවයිනට පැමිණි ඉන්දීය රූ රැජිනියෝ දින පහක්  බේරුවල සිනමන් බේ හෝටලයේ ගත කොට විවධ   ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අනතුරුව කොළඹට පැමිණියහ.

දේශීය ආහාර පාන සහ චිකිත්සක ක්‍රම  පිළිබ‍්දවද එහිදී ඔවුහු අවබෝදය ලබාගත් අතර ශ්‍රී ලංකාවේ ඉපැරණි සටන් ශිල්පයක් වන අංගම්පොර පිළිබදවද උගත්හ.

ඓතිහාසික ගාළු පුරවරයෙහිද සංචාරය කළ ඉන්දීය රූමතියෝ බෙන්තොට මුහුදු   වෙරළටද ගියහ.

ඔවුන්ගේ  දසුන් ලොවට පෙන්විමට ඉන්දීය මාධ්‍යවේදීන්  රැසක් ද  පැමිණ සිටියහ.

  ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ සමාප්තියට පෙර  මාර්තු   16 රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී  දැවන්ත විලාසිතා ප්‍රදර්ශනයක්  පැවැත්වේ.

ඉන්දීයා  ප්‍රසිද්ද මෝස්තර නිරූපන ආයතනයක් වන ‘අවිරාටේ‘ විසින් එය සංවිධානය කරයි.

මෙම වැඩසටහන සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මගින් සංවිධානය කර ඇත.



අදහස් (0)

ඉන්දීය රූමතියෝ බෙන්තොට වැල්ලේදී

චාමින්‍ද Sunday, 16 March 2014 01:24 PM

ගැහැණුන්ගේ‍ ලස්‍සන අැස්‍ දෙකෙන්‍ දැකලා සතුටු වෙන්‍න බැරි මිනිස්‍සු. භූමි තෙල්‍ ගැවුනු ගැරඩි වගේ‍ දගලනවා. මෙි ගොල්‍ලන්‍ට කියන්‍න තියෙන්නෙ සිගිරි අප්‍සරාවන්‍ටත්‍ රෙදි අන්ද වන්‍න කියල.(දී)

:       0       0

චාලි Monday, 17 March 2014 10:41 AM

නියමයි! (නදී)

:       0       0

දයානන්ද Friday, 21 March 2014 07:57 AM

නිරුවත් කියන්නේ මොකටද? (නදී)

:       0       0

එඩි දයාරත්න ඔස්ට්‍රලියා Saturday, 15 March 2014 01:46 PM

මට හිතෙන විදියට බටහිර රූ මැතියන් හොදයි (දී)

:       0       0

සොත්ති Saturday, 15 March 2014 01:51 PM

විලිසන්ගෙ නැති ගෑනු. (දී)

:       0       0

සුසන්ත \ Saturday, 15 March 2014 02:19 PM

වෙඩි තියන්න ඕනේ මේ අයට (දී)

:       0       0

අනු Saturday, 22 March 2014 08:40 AM

නිරූපිකාවෝ කියන්නේ මේ අයටද? (නදී)

:       0       0

හේමන්ත Saturday, 15 March 2014 02:20 PM

හෙළුව නොපෙන්වා ලස්සන වෙන්නම බැරිද? ආපු අතක් බලාගෙන ඉක්මනින් තොලොංචි වෙන්න හොදා. (දී)

:       0       0

අසෝකා Saturday, 15 March 2014 02:22 PM

මිටවඩා කොච්චර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවද? එත් ඉතින් මේ ඉන්දියාවේ රුප සුන්දරියෝනේ! (දී)

:       0       0

ප්‍රියන්ත විජේරත්න Saturday, 15 March 2014 02:28 PM

නෝදකින් මේවගේ අසික්කිත ගෑනු . මේවා බලලා අපේ කොල්ලෝ අහිංසක ගෑනු ළමයින් දුෂණය කිරීමට තැත් නොකරයිද (දී)

:       0       0

මංජු Saturday, 15 March 2014 02:30 PM

තමාගේ නිරුවත් බව පෙන්වලා සල්ලි උපයන ජරා ගැහැණු (දී)

:       0       0

හංසිකා Monday, 17 March 2014 12:17 PM

මීට වැඩිය අපේ අය හැඩයි නේද? (නදී)

:       0       0

රත්නසිරි Saturday, 15 March 2014 02:53 PM

කාන්තාවන් තමන්ගේ හෙළුව ප්‍රදර්ශනය කරමින් ප්‍රස්ද්ධ ස්ථාන වල සිටීම හරිද,පිරිමින් කීදෙනෙක් ඉදිරියේද මේ ප්‍රදර්ශනය කරන්නේ කාන්තා සංවිධාන වලට මේවා පෙන්නේ නැහැ ඉන්දියාවේ දුසින් ගණන් ගැහැණු දුෂණය වෙන්නේ මේ නිසා වෙන්න ඇති (දී)

:       0       0

ලක්මාල්\ Sunday, 16 March 2014 04:11 PM

කෝ අපේ සංස්කෘතිය සදාචාරය ගැන කියන කට්ටිය ? (දී)

:       0       0

ශානි Saturday, 15 March 2014 03:05 PM

ඉන්දියාවේ කිසිම දෙයක් ලංකාවට ඕනේ නෑ. (අ)

:       0       0

ධම්ම Saturday, 15 March 2014 03:18 PM

මේ ආවේ වෙන මොකකට ද අපි නොදන්නා ඉන්දියාව. (අ)

:       0       0

රන්ජන් ඉන්දියාව Saturday, 15 March 2014 03:25 PM

මම හිතන්නේ ඉන්දියවේ මේවට අවසර නැතිව ඇති....ඒ නිසා වෙන්න ඇති ලංකාවට එවන්න ඇති...(අ)

:       0       0

කුමාරි අමරජීව Saturday, 15 March 2014 03:27 PM

නිරුවත පෙන්නන ලැජ්ජාවක් නැති ගෑනු (දී)

:       0       0

ඩුබායි Saturday, 15 March 2014 04:16 PM

කෝ ලංකාවේ සංකෘතිය බොහොම ලස්සනයිනේ දැන් ලංකාවේ ලමිස්සියොත් පටන්ගනී මේවගේ අදින්න (දී)

:       0       0

නුවන් Saturday, 15 March 2014 04:39 PM

ඉන්දියාවේ මළ ජරා වාහන,බයිසිකල් මදිවට තව මෙයාලත් ගෙනල්ල. (දී)

:       0       0

රන්ජිත් Saturday, 15 March 2014 04:40 PM

මේ අයව ලංකාවට ගෙන්නුවේ ඇයි (දී)

:       0       0

අමිල ඩුබායි Saturday, 15 March 2014 05:01 PM

මේක කිසි වැඩක් නැති දෙයක්

:       0       0

පින්ක් Saturday, 15 March 2014 05:15 PM

ගැහැණු දුෂණය වෙන්නේ ඔවුන්ගේම වරදින් කියන්න තරම් අපේ මිනිස්සු බංකොලොත්ද? මරා දැමීමට ලක් වෙන්නෙත්, හොර මැර කම් වලට ගොදුරු වෙන්නෙත්, පැහැර ගැනීම්, වධ විඳීම් වලට ගොදුරු වෙන්නෙත්, ළමා අපචාර වලට ගොදුරු වෙන්නෙත් ඒ අයගෙම වරද නිසාද? මේ ඔලුවෙන් හිටගත් තර්ක වලට අනුව රටට නීතියක් අවශ්‍ය නැහැ. ඇයි මේ තරම් අපේ මිනිස්සු මෝඩ? (අ)

:       0       0

පිටගල Saturday, 15 March 2014 05:56 PM

මේවා සංවිධානය කරන අයගේ තරම පේනවා.ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි කියනවනේ. (අ)

:       0       0

ෂානක Monday, 17 March 2014 02:43 PM

ඉන්දියාව මෙච්චර ලංකාවට කෙස් දාන මුන් මොකට මෙහෙට ගෙන්නේ ගත්තා ද කිසිම දෙයක් කියලා දෙන්ඩ හොදනේ (අ)

:       0       0

ඇසළ Saturday, 15 March 2014 06:44 PM

කිට්ටුවක පලා බබෙක් ඉදල නැහැ වගේ. (අ)

:       0       0

ලෝචනා Saturday, 15 March 2014 09:25 PM

සගිස්කුතිය වලපල්ලට ගියාවේ (දී)

:       0       0

කවින්ද Monday, 21 April 2014 11:37 PM

ඉන්දියාවත් ඉවරකරලා ලංකාවත් කන්න ඇවිත් ඉන්න.......(ස)

:       0       0

රීටා Monday, 17 March 2014 04:53 AM

ලෝකේ ගොඩක් රටවල පිරිමින්ට ප්‍රසිද්ද ස්ථාන වල උඩුකය නිරුවස්ත්‍රව ඉන්න තහනම්. හේතුව ගැහැණු පිරිමි සමානාත්මතාවය රැකිම සඳහා කියලා. ගැහැනුන්ට උඩුකය නිරාවරණය කරන්ට හැකියාවක් නැති නිසා පිරිමින්ටත් ඒ අයිතිය නීතියක් හරහා නැති කරලා.(නදී)

:       0       0

ශීලා Monday, 17 March 2014 04:54 AM

ගැහැණුන්ගේ ඇදුම ගැන කතා කරන ලංකාවේ කුහක පිරිමි ඉන්නවා උඩුකය නිරුවත්ව. කාගෙන් අවසර අරන්ද ඒ.(නදී)

:       0       0

තිලා Monday, 17 March 2014 07:41 AM

අංගම්පොර ලංකාවට ආවේනික හදහන් බලල උගන්වන සටන් ක්‍රමයක් කියලා තමයි ගොඩක් ඕක උගන්වන අය කියන්නේ. මෙතන ඉන්න අයගෙත් හදහන් බලල වෙන්න ඇති උගන්නන්න ඇත්තේ නේද? (නදී)

:       0       0

ශාන්ති Sunday, 16 March 2014 12:05 AM

ඇත්තෙන්ම මේ ගැහැනුන්ට ලැජ්ජාව කියන එක පොඩ්ඩක් වත් නැද්ද (අ)

:       0       0

මොහොමඩ් මුබීන් Monday, 17 March 2014 07:56 AM

ඔක්කොම ලස්සනයි.(නදී)

:       0       0

ධර්මපාල Sunday, 16 March 2014 12:36 AM

මටනම් මේක දකිනකොට මතක් වෙන්නේ දැනට මස කිහිපයකට පෙර ලංකාවට ආව ප්‍රංශ රූප සුන්දරියෝ ටික ,,, බලන්න ලෝකයේ කොයිතරම් විලාසිතා තිබෙන රටක ඉදලා පැමිණියත් මේ ඉන්දියාවේ රූප සුන්දරියෝ වගේ නිරුවතින් දැගලුවේ නැහැ ,,,, ලංකාවේ සංචාරය කරපු හැම තැනකදීම (අ)

:       0       0

මංජු Sunday, 16 March 2014 08:47 AM

ලස්සන කෙල්ලෝ ලංකාවෙත් ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 112 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 15 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 621 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 630 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13475 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3313 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19739 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site